විදේශ රටවලින් ලබාගන්නා දැනුමට අමතරව දේශීය විද්‍යාඥයන්ගේ ඥාණය  රටේ සංවර්ධනයට යොදා ගැනීමට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා.- අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත – 
Posted on September 17th, 2015

මාධ් අංශය තාක්ෂණ, තාක්ෂණ අධ්යාපන හා රැකියා අමාත්යාංශය

අමාත්යාංශයට අනුබද්ධ ආයතන තුළින් සංවර්ධනයකොට ඇති යම් යම් මෙවලම් මාර්ගයෙන් විදේශ රටවලින් ලබා ගන්නා දැනුමට වඩා දේශීය විද්යාඥයින් විසින් දේශීය ඥාණය තුළින් නිර්මාණය කරන උපකරණ භාවිත කිරීම තුළින් විශාල සේවාවක් රටේ සංවර්ධනය සඳහා යොදාගත හැකි බවත්, සඳහා විදෙස් ගතවී සිටින ශ්රී ලාංකීය විද්යාඥයන් හා බුද්ධිමතුන්ට මෙරටට පැමිණ එයට දායකත්වය ලබාදීමට කටයුතු කිරීම රටේ සංවර්ධනයට ප්රබල දායකත්වයක් බව තාක්ෂණ, තාක්ෂණ අධ්යාපන හා රැකියා අමාත් ගරු සුසිල් ප්රේමජයන්ත මැතිතුමා අවධාරණය කර සිටී. අමාත්යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(17) උදෑසන මහනුවර ජාතික මූලික අධ්යාපන ආයතනයේ අළුතින් ඉඳිකරනු ලැබූ සිව්මහල් විද්යාගාරය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කර සිටියේ, අද වන විට නාසා ආයතනයේ ශ්රී ලාංකීය විද්යාඥයන් 262 ක් සේවය කරන බවයි. අපේ විද්යාඥයන් අපේ රටේ රඳවා ගැනීම සඳහා පූර්ණ අවධානය යොමුකොට සඳහා ඔවුන්ට අවශ් පහසුකම් ලබාදීමට අමාත්යාංශයට අදාළ ආයතන හරහා කටයුතු කරන බවද සඳහන් කළ අමාත්යවරයා ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාද මෙම විද්යාඥයින්ගේ සේවය අපේ රටට ලබාදෙන ලෙස ආරාධනා කර ඇති බවද පෙන්වා දුන්නේය. එමෙන්ම අපේ ආයතන තුළ දැනට ක්රියාත්මක වෙමින් සිටින විද්යාඥයින්ගේ පර්යේෂණවල ප්රතිඵල අපේ රටේ සංවර්ධනයට හා සමාජ දියුණුව සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත්, සඳහා ඔවුන්ට අවශ් ප්රතිපාදන ඇතුළු සියළු පහසුකම් ලබාදීමත්, නවක විද්යාඥයින් බිහිකිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

විද්යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා මානව සම්පත් වැඩිදියුණු කරගෙන රජයේ ආයතනවලින් පමණක් නොව විවිධ පෞද්ගලික හා විදේශ ආයතනවලින් අරමුදල් සපයාගත හැකි බවත් අද දින විවෘත කරනු ලැබූ නව විද්යාගාරය සහ පුස්තකාලය නවීන තක්ෂණික උපාංගයන්ගෙන් පරිපූර්ණ කිරීම සඳහා ක්ෂේත්රයේ ඉහළින්ම සිටින විදෙස් රටවල් වල සහය තානපති කාර්යාල හරහා ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්යවරයා සඳහන් කර සිටියේය.

අධ්යාපන ක්ෂේත්රය තුළින් ගමට තාක්ෂණය ගෙන යාමට පසුගිය කාලය තුළ විශාල ප්රයත්නයක් දැරූ බවත් එය ඉදිරියටත් ක්රියාත්මක කරන බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය. පාසල් පද්ධතියේ විෂයන් හැටියට හඳුන්වාදී ඇති තාක්ෂණ විෂය ධාරාවේ ප්රගමනය සඳහා පූර්ණ දායකත්වයක් අමාත්යාංශය හරහා ලබාදීමට කටයුතු කරන අතර එමඟින්් විද්යාත්මක ක්ෂේත්රය තුළ අපේ රටේ උගත් බුද්ධිමත් පිරිසක් බිහි කිරීමට හැකිවන බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය

පාසල් පද්ධතිය තුළ විද්යාව හා ගණිතය යන විෂයන් දෙක ප්රචලිත කිරීම සහ එහි ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා විශාල කාරය භාරයක් අමාත්යාංශයට අදාළ ආයතන මගින් ඉටුකළ හැකි බවත් ජාතික විද්යා පදනම හරහා කොළඹ අවට විද්යා මධ්යස්ථානයක් ඇති කිරීමට සාකච්ඡා කර තිඛෙන බවද සඳහන් කළ අමාත්යවරයා සඳහා මේ වන විට මූලික ව්යාපෘති ක්රියාත්මක කරමින් සිටින අතර සඳහා විශ්වවිද්යාල සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. දැනට පාසල් 600 පමණ උසස් පෙළ විද්යා විෂය ධාරාව ක්රියාත්මක වන අතර එම ගණන 1500 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඉන් විශේෂයෙන්ම දිවයිනේ ග්රාමීය ප්රදේශ ඇතුළු සෑම ප්රදේශයකටම විද්යා හා තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කළ හැකි බවද පෙන්වා දුන්නේය.

අමාත්යාංශයට සම්බන්ධ ආයතන වල පවතින වෘත්තීය ගැටළු හා වැටුප් විෂමතා පිළිබඳව සති දෙකක් තුළ සාකච්ඡා කිරීමට කඩිනමින් කටයුතු කරන බව සඳහන් කළ අමාත්යවරයා, ප්රතිපාදන ලබාගෙන හොඳ පර්යේෂණ සිදුවී තිබුණත් ඒවා පර්යේෂණ පත්රිකාවලට පමණක් සීමා වීතිඛෙන අතර ක්රියාත්මක තත්ත්වයට පත්වී නොමැති බවත් අපේ ආයතන හරහා එම පර්යේෂණ වලින් සොයාගත් ප්රතිඵල අදාළ ක්ෂේත්රවල සංවර්ධනය සඳහා ක්රියාත්මක තත්ත්වයට ගෙන ඒමට හා ඒවා සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය. සඳහා අමාත්යාංශය තුළ වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බවත් කිසිම දේශපාලන භේදයකින් තොරව, දේශපාලන පත්වීම්වලින් තොරව කටයුතු කිරීම තමාගේ ප්රතිපත්තිය බවද අමාත්යවරයා වැඩි දුරටත් අවධාරණයකොට සිටියේය.

මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම් විජයලඩ්චමී, අමාත්යාංශ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම, ජාතික මූලික අධ්යයන ආයතනයේ අධ්යක්ෂ සී. බී. දිසානායක, ලේකම් පී. එස්. වඳුරාගල යන මහත්ම මහත්මීහු මෙන්ම අමාත්යාංශ හා ආයතන නිළධාරීහු රැසක් එක්වී සිටියහ

(ඡායාරූප ඔබගේ විද්යුත් තැපෑලට යොමුකර ඇත).

 

මාධ් අංශය

තාක්ෂණ, තාක්ෂණ අධ්යාපන හා රැකියා අමාත්යාංශය

2015.09.17

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress