මොන්ට්රියෝල් නගරයට ගිම්හානය ඇවිල්ලා
Posted on September 18th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මොන්ට්‍රියෝල් නගරයේ පටු මාවත් දිගේ
අප ඇවිද යන්නෙමු අතිනත් අල්ලාගෙන
දහසකුත් වූ මිනිස් ප්‍රාණීන් අතර
කෙනෙකු නැත ඇස ගැටෙන
තවත් දිනයක් උදාවී හිරු එලිය
සිප ගනියි කළු ගලින් කල මංමාවත්
රැගෙන එයි උණුසුම් සුළඟ
ගිම්හානයේ සම්ප්‍රාප්තිය පිලිබඳ පණිවිඩය
කහ පැහැති ටියුලිප් මල් සෙලවේ
ගිම්හාන සුළගේ තාලයට
ගයයි ගීතයක් කුරුල්ලෙකු සුමුදු විලසින්
උසැති මේපල් ගසක අත්තක සිට
නිල් අහස නරඹයි නගරයක අසිරිය
රාත්‍රියේදී රහසින් සඳුට කියා දෙන්නට
September 18th, 2015 at 5:16 pm
Maples there are
but no more Inuits
there they are
under the cobbles
Sun will rise
lighting the lives
not the lives that
under the cobbles
Sinhalese of Ceylon
will be the Inuits
in the land of
our birth