ශ්රී ලංකාවේ ස්වාධීනත්වය කෙළසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කඩකිරීම් වාර්තාව සම්බන්ධවයි
Posted on September 20th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මෙ වනවිට, ශ්රී ලංකාව සම්බන්ධව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ කොමිසම සොයා බලා ඇත්තේ, ශ්රී ලංකාව තුල සිදුවෙන සියලුම ආකාරයේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව නොව, පසුගිය කාලයේ, පැවති ත්රස්තවාදයට එරෙහිව ගෙනගිය සටනේදී සිදුකරන ලද මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව බව ප්රකාශිතය. තවද, 1972 සෙප්තැම්බර් මස 17 වෙනිදා අාරම්භව 2009 මැයි මස 18 වෙනිදා‌නිම නිම කරන ලද මේ සන්නද්ධ ගැටුමේ, ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවූ‌ සියලුම ආකාරයේ මානව හිමිකම් කඩකිරී් සම්බන්ධවද කථා නොකරන මේ කොමිසම ඒ සදහා ඔවුන් විසින්ම තෝරාගන්නා ලද කාල පරාසයක් තුල සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව පමණක් බොයාබලා මේ වාර්තාව සකස් කර ඇති බවද ප්රකාශිතය. මෙම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව පරීක්ෂණය සිදුකර ඇත්තේ, ලෝකයේ ඉහලම ස්ථානයක ස්ථාපිත මුළු මහත් ලෝක ප්රජාවම නියෝජනය කරනවායයි කියනු ලබන  ජාත්යන්තර සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කොමිසම විසිනි. මේම සංවිධානය, මෙරට සිදුවූවායයි කියන මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධවූ, අවධානය යොමුකරන්නේ; වර්ෂ 2002 සිට 2011 දක්වා කාල සීමාව තුල පමණක් වීම ශ්රී ලාංකීය ජන සමාජය තරයේ ප්රතික්ෂේප කරන බව පලමුව පැවසීමට සිදුව ඇත.

මෙය අන්ධයින් රැලක් අලියාගේ වලිගයේ එල්ලී, මුළු අලියාගේ හැඩතල මේ ආකාරයෙන්යයි විස්තර කරන ආකාරයේ, මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ සිදුකරන ලද පරීක්ෂණයක වාර්තාවක් බව පවසන අප සමාජය, මේ කාල වකවානුව මේ යයි තෝරා ගැනීම තුලම පැහැදිලිව ගෙනහැර පාන්නේ මේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ භූමිකාව තුල සැගවුණ ක්රියාවලියක්ද ඇති බවයි.

මේ වාර‌්තාවට පදනම් කර ගන්නා‌ ලද කාල පරාසය අති ව‌දගත් වන අතර, එය විශාල රහස් සමූහයක් මුලු ලොවටම හඩගා කියන බව අප සදහන් කරන්නෙමු. මහින්ද රාජපක්ෂ මහතා බලය ලබා ගැනීමට පෙර වසර 3 කුත්, බලය ලබාගෙන යුද්ධය නිමකිරීම දක්වාවූ වසර 4ක කාලයත්, යුද්ධය නිම කිරීමෙන් පසු වසර 2ක කාලයත් මෙයට අඩංගුය. විශ්මිතම කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට‌ යුද්ධය නිම කිරීමට වසර 4ක් තරම් කාලයක් ගතවූ අතර, මෙම සංවිධානයට යුධ අපරාධ සම්බන්ධ වාර්තාව සකස් කිරීමට, යුද්ධය නිමවී වසර,6ක්ම ගත කිරීමට සිදුවීමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා යනු මහා ඉහල තලයක සිට මුුලු ලොවම දෙස බලා සිටින බල සම්පන්න චරිතයකි. මේ මහා බලසම්පන්න චරිතයටවර්ෂ 2002 සිට 2011 කාලය තුල මුලු ලෝකයේම බලවත්ම අපරාධ සිදුවූ රට වශයෙන් දකින්නේ මේ පුංචි ශ්රී ලංකාව වීමද විශේෂත්වයකි. මානව හිමිකම් කොමසාරිස් වරයා සිය වාර්තාවට අනුයුක්ත කර ඇති ලිපියේ මෙසේ සටහන් කර ඇත.

ජිනිවාහි (16 සැප්තැම්බර් 2015) එක්සත් ජාතීන‌විසින් ප්රකාශයටපත් කරන ලද වාර්තාවෙන් 2002 හා 2011 අතර කාලයේ, ශ්රී ලංකාවේ ගැටුමේ දෙපාර්ශආවය විසින්ම, යුධ අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්රබලව සැලකිය හැකි ආකාරයේ, බරපතල උල්ලංඝණය වීම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇත. යුක්තිය ඉටුකිරීමේ අත්යවශ්ය පියවරක් වශයෙන්, ජාත්යන්තර විනිශ්චයකරුවන්, අභිවෝදකයින්, නීතීඥයින් හා විමර්ශකයින් ඇතුලත් විශේෂ මිශ්ර උසාවියක් පිහිටුවීමට එම වාර්තාවෙන් නිර්දේශ කරයි”

මේ වාර්තාව ඉදිරිපත් කරන කොමිසම සිදුකර ඇත්තේ රටක පොලීසියක් විසින් සිදුකරන කාර්යය බව මේ වාර්තාව කියවන විට වැටහෙන අතර, ඒ පොලීසියට නඩුව ඉදිරිපත් කිරීමට උසාවියක් නැති බවත් ඒ සදහා වෙනම උසාවියක් පිහිටුවන ලෙස අපට යෝජනා කරයි. උසාවියක්, ජාත්යන්තර විනිසුරුවන් හා නීතිඥයින් ගෙනත් මේ පරීක්ෂා කරන්න යන්නේ මොනවාද?

  1. රටක නීත්යාණුකූල රජය හා එම රටෙහි අභ්යන්තරයේවූ, නීති විරෝධී ත්රස්තවාදී සංවිධානයක් අතර සිදුවූ ගැටුමකි.

2.ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රාජ්යයන් ගනනාවක්ද තහනම් කර ඇති ත්රස්තවාදී සංවිධානයක් හා ශ්රී ලංකා රජය අතර සිදුවූ ගැටුමක්ය.

  1. ඉන්දීය රජය විසින්ද තහනම් කරන ලද ත්රස්තවාදී සංවිධානයක් හා ශ්රී ලංකා රජය අතර සිදුවූ ගැටුමක්ය.

4.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බලවත් සාමාජිකයකු වූ ඉන්දියාවේ, අගමැතිවරයාව බල්ලෙක් සේ මරා දැමූ ත්රස්තවාදී සංවිධානයක් හා ශ්රී ලංකා රජය අතර සිදුවූ ගැටුමක්ය.

  1. එක්සත් ජාතීන්ගේ සාමාජික රටක්වූ ශ්රී ලංකාවේ ජනාධිපතිවරයකුවූ ආර්. ප්රේමදාස මහතාව මහා දහවල් බල්ලෙකු සේ මරා දැමූ ත්රස්තවාදී සංවිධානයක් හා ශ්රී ලංකා රජය අතර සිදුවූ ගැටුමක්ය.
  2. එක්සත් ජාතීන්ගේ සාමාජික රටක්වූ ශ්රී ලංකාව හා එම සංවිධානයේ සාමාජිකයකු නොවන ත්රස්තවාදී සංවිධානයක් හා ශ්රී ලංකා රජය අතර සිදුවූ ගැටුමක්ය.

මෙම  මානව හිමිකම් කොමිසන් වාර්තාව එක්සත් ජාතීන්ගේ මහා සංවිධානයට මහා අපකීර්තියක් එක්කොට තිබේ. තම සංවිධානයේ සාමාජික රටවල් දෙකක් අතර හට ගන්නාවූ යුධමය තත්වයන් වලකාලීමට කටයුතු කල යුතු මේම සංවිධානය, සියලුම කාර්යයන් මගහැර දමා ඇති තත්වයක් තුල රටක අභ්යන්තරයේ ජාතික වූ කාර්යයකට මැදිවී. එම ත්රස්තවාදී සංවිධානයත් තම සංවිධානයේ සාමාජික රාජ්යක් වූ ශ්රී ලංකාවත් සම තත්වයේ ලා “ශ්රී ලංකාවේ ගැටුමේ දෙපාර්ශආවය විසින්ම, යුධ අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්රබලව සැලකිය හැකි ආකාරයේ, බරපතල උල්ලංඝණය වීම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇත.” යනුවෙන් සදහන් කිරීමම මෙම සංවිධානයේ තරස්තවාදයට ඇති හිතයිෂීභාවය පිලිබිඹු කරයි.

  1. පලමුව අප ශ්රී ලාංකීය ජාතිකයින් වශයෙන් අපේ රටේ අභ්යන්තර කටයුතුවලට අත පෙවීමට සූදානම් වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට හා මානව හිමිකම් කොමිසමට අපගේ බලවත් විරෝධය පල කරන්නෙමු.
  2. දෙවන‌ුව ඔබ වාර්තාව මගින් ශ්රී ලංකා රජය හා මුලු ලොවේ බලවත් රටවල් රාශියක් තහනම් කොට ඇති LTTE සංවිධානය සම තත්වයේලා සටහන් තැබීම පිලිකුලින් යුතුව හෙලා දකිමු.

3 තෙවනුව මුලු මහත් ලෝකයේම මේ අවස්ථාවේදී ත්රස්තවාදයෙන් බැටකන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික රාජ්යන් මුහුණ දෙන බරපතල ත්රස්තවාදී උවදුරින් මිදීමට උපකාර නොකර, විනාශකර දැමූ ත්රස්තවාදී සංවිධානයකට පණදීමට දරණ උත්සහයයට අප එරෙහි වන්නෝ වෙමු.

  1. මේ අවස්ථාවේදී මුලු මහත් ලෝකයම යුධ අවධානමක සිටින බව අමතක කොට, ස්ථානයන්හි ගැටුම් නවතාලීමට කටයුතු නොකර,                     

                    ලෝකයේ ඇති විශාලම අර්බූදය තරස්තවාදය විනාශ කිරීමය යන පදනමඒ සිට කටයුතු කිරීමද හෙලා දකිමු.

 

             චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

3 Responses to “ශ්රී ලංකාවේ ස්වාධීනත්වය කෙළසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කඩකිරීම් වාර්තාව සම්බන්ධවයි”

  1. Christie Says:

    Christie Says:

    September 21st, 2015 at 6:03 am

    I browsed through the Indian Empire sponsored report. There is hardly any reference to the Indian Empire except about the Indian Ocean Tsunami and the Indian Peace Keeping Force. There is no mention about that India was directly involved with the Terrorist. Being an International organization any UN instrument should look in to the involvement of other countries in the internal affairs of the Country.

    I rang few contact numbers in Geneva and they are not prepared to listen to you, they are so busy. They want me to write to them and send them petitions etc. You need lots of money to do that and Indian Empire has a lot and they will get more later when the Sinhalese disappear from the island like in Mauritius etc.

  2. Indrajith Says:

    තලෙයිමන්නාරම හා ඉන්දියාවේ
    දනුස්‌කොඩිය අතර පාලම
    රටේ ආරක්‌ෂාවට- ආර්ථිකයට තර්ජනයක්‌
    උදය ගම්මන්පිල

    අනුර බාලසූරිය

    තලෙයිමන්නාරම හා ඉන්දියාවේ දනුස්‌කොඩි අතර ඉදිකෙරෙන පාලම අප රටෙ ආරක්‌ෂාවට, ආර්ථිකයට හා ස්‌වෛරීත්වයට තර්ජනයක්‌ බැවින් එයට අප විරුද්ධ යෑයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

    පිටකෝට්‌ටේ පැවැති එම පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (21 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.

    රටවල් දෙක අතර ඉදිකරෙන මෙම පාලම පිළිබඳව ශ්‍රී ලංකාව එකඟතාව පළකලද නැද්ද යන්න තවමත් මේ ආණ්‌ඩුව රටට හෙළිකර නැති බවත් සඳහන් කළේය.

    මෙම පාලම ඉදිකිරීමට ඩොලර් බිලියන 5.2 ක ණයක්‌ ඉන්දියාව ආසියානු සංවර්ධන බැංකුවෙන් අනුමත කරගෙන තිබෙන බැවින් ශ්‍රී ලංකාව මේ සඳහා එකඟතාවක්‌ පළකර ඇතැයි යන්න උපකල්පනය කිරීමට සිදුවන බවත් පැවැසීය.

    මෙම පාලම ඉදිකිරීමේ වාසිය දෙරටටම ලැබෙනවා නම් ණයෙන් කොටසක්‌ බාර ගන්නා ලෙස නිකමටවත් ශ්‍රී ලංකාවට ප්‍රකාශ කර නොමැති වීමෙන් පැහැදිලි වන්නේ මෙහි වාසිය ඉන්දියාවට ලැබෙන බව යෑයි ද හෙතෙම පැවැසීය.

    ශ්‍රී ලංකාව ඉන්දියාවට කිලෝමීටර් 32 ක්‌ ආසන්නයේ පිහිටියත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්‌ ලෙස කවදාවත් සැලකුවේ නැති බැවින් ශ්‍රී ලංකාවට වසර දහස්‌ ගණනක්‌ ස්‌වාධීනව සිටීමට හැකිවූ බවත් පැවැසූ ගම්මන්පිල මහතා එම සුවිශේෂී ආරක්‌ෂාව මේ හරහා විනාශ කිරීමට සූදානම් වන බවත් පැවැසීය.

    ඉන්දියාව මෙතරම් විශාල මුදලක්‌ වැය කරමින් මෙම පාලම ඉදිකරන්නේත්, සීපා ගිවිසුම අත්සන් කරන්නේත් ඔවුන්ගේ දැවැන්ත ප්‍රශ්න දෙකක්‌ වන විරැකියාවට හා දිළිඳු භාවයට විසඳුමක්‌ ලබාදීමට බවත් කීවේය.

    ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ලංකාවේ අපරාධ විමර්ශන ක්‍රියාවලිය ලංකාවේ අධිකරණ පද්ධතියට නිර්දය ලෙස පහර දෙමින් මානව හිමිකම් කොමසාරිස්‌ සිය වාර්තාව ඉදිරිපත් කරමින් කතා කළා.

    මේ අවස්‌ථාවේ ස්‌වාධීන රාජ්‍යයක විදේශ ඇමැතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය රැකෙන අයුරින් කතා කිරීමට අපේ විදේශ ඇමැතිවරයාට තිබුණා. නමුත් අපේ විදේශ ඇමැතිවරයා එම වාර්තාව අගයමින් වර්ණා කරමින් කතා කළේ. මෙවැනි දීනභාවයක්‌, යටත්ගැතිභාවයත් ශ්‍රී ලංකා ඉතිහාසයේ කවදාවත් ප්‍රදර්ශනය වෙලා නෑ.

    මේ යුද අපරාධ අධිකරණය පිහිටුවන්නේ අපේ රණවිරුවන්ට බොරු චෝදනා එල්ල කර කොටින්ගේ මනදොල සපිරීමටයි කියලා අපි නොබියවම කියනවා. මෙහි පසුබිම අපි දන්න නිසා අපි යුද අපරාධ අධිකරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. අපි රණවිරුවන් බේරා ගැනීමට වගකීමෙන් නිදහස්‌ කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

    මානව හිමිකම් කොමිසම මෙවැනි අධිකරණයක්‌ ලෝකයේ වෙනත් රටකට නිර්දේශ කර තිබේදැයි ප්‍රකාශ කරන ලෙස විදේශ ඇමැතිවරයාට මා අභියෝගයක්‌ කරනවා. ඇයි අපිට විතරක්‌ ලෝකයේ කිසිම රටකට නොසලකපු ආකාරයෙන් කටයුතු කරන්නේ. මෙවැනි අධිකරණයක්‌ පිහිටුවන්නේ නම් මුලින්ම පිහිටුවිය යුත්තේ ඇමරිකාවයි. ඇමරිකානු හමුදා ඇµaගනිස්‌ථානයට ඉරාකයට ගිහින් ඒ රටවල ජනතාව දස දහස්‌ ගණනින් මරා දැම්මා. අපේ රටේ රණවිරුවන් කළේ ත්‍රස්‌තවාදීන් අප රටේදී මර්දනය කිරීම පමණයි. ස්‌වාධිපත්‍ය තිබෙන ඕනෑම රටක හමුදාවට තිබෙන අයිතියක්‌ අපේ හමුදාව කළේ.

    පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා

    දෙමහුන් ඒකාධිපති ජනාධිපතිවරයාගේ අලුත්ම ගොදුර මමයි. සන්ධානය වෙනුවෙන් කළ මෙහෙයට තෑග්ගක්‌ ලෙස ඊළඟ පළාත් සභා මන්ත්‍රීවරයා වීමට සිටි තමාට එය ලබා නොදීමයි. පක්‍ෂයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමේ ගොදුරක්‌ බවට මා පත්ව තිබෙනවා.

    මරණ දණ්‌ඩනය ගේන්න කිව්වම ජනාධිපතිවරයා කියනවා එතුමාට කරන්න පුළුවන් නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට භාර දෙනවා කියලා. නමුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පෝරකයට යවන්නේ එතුමා කාගෙන්වත් අසා නොවෙයි.

    ජාත්‍යන්තර සබඳතා ලේකම් සුගීෂ්වර බණ්‌ඩාර මහතාද මෙයට එක්‌ විය. Divaina.

  3. Indrajith Says:

    සෙට්ටි කුලම විශේෂ බලකා කඳවුරටත් කණ කොකා හඬයි- Helabima.lk
    
    වවුනියාව, සෙට්ටිකුලම, අඩම්පන්කුලම විශේෂ කාර්ය බලකා විශේෂ කාර්ය බලකා කඳවුර හේතුවෙන් ප‍්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බව පවසමින් දෙමළ ජතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිව ශක්ති ආනන්දන් මහතා ඇතුළු ගම්වාසීන් පිරිසක් අද (20) දහවල් විරෝධතාවක නිරත වු අතර විශේෂ කාර්ය බලකා කඳවුරට විදුලිය ලබාදී ඇති විදුලි රැහැනේ ගැටුනු කාන්තාවක් ඉකුත්දා මියයාම සම්බංධයෙන් කඳවුරේ ස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නැයි වවුනියාව දිසා විනිසුරුවරයා අද (20) නියෝග කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress