මහින්ද මැතිඳුන් ඇමරිකන් යෝජනාවේ භයානක කම පැහැදිළි කරයි.
Posted on September 28th, 2015

උපුටා ගැන්ම  www.mahinda.info

mahinda-rajapaksa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේධී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා විසින් අදාල යෝජනාව ගැන නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “මහින්ද මැතිඳුන් ඇමරිකන් යෝජනාවේ භයානක කම පැහැදිළි කරයි.”

  1. Independent Says:

    යුද්ධයට වගකිය යුත්තේ ප්‍රභාකරන්
    ඔහු නැති නිසා නඩු දමා පලක්‌ නැහැ
    අගමැති රනිල් වික්‍රමසිංහ

    අකිත පෙරේරා

    මෙරට පැවැති යුද්ධයට වගකිව යුත්තේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. ය බවත් ඔහු ජීවත්ව සිටියා නම් ඔහුට එරෙහිව නඩු දැමිය යුතු නමුත් ඔහු ජීවතුන් අතර නැති බැවින් අනෙක්‌ පාර්ශවයට නඩු දමා පලක්‌ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් නඩු දමා ජාතික සංහිඳියාව ඇති කිරීමට නොහැකි බැවින් කරුණාව සහ සත්‍ය පදනම් කර ගනිමින් ජාතික සංහිඳියාව ඇති කළ යුතු යෑයි මිලියන 150 ක වියදමින් නවීකරණය කරනු ලැබූ හයිඩ් පාර්ක්‌ පිටිය ඊයේ (28 වැනිදා) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව කීය.

    එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැතිවරයා මෙසේ ද කීය.

    කොළඹ මහ නගර සභාව මගින් සංවර්ධනය කරන ලද පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය (හයිඩ් පිටිය) ජනතා අයිතියට පැවරීම හා නාගරික මුද්‍රණාලය, කාය වර්ධන මධ්‍යස්‌ථානය හා වෘත්තීය සමිති කාර්යාල සහිත නව දෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ දී අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

    කොළඹ මහ නගර සභාව විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලද හයිඩ් පිටිය හෙවත් පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය අද විවෘත කරනු ලැබුවා. විශාල මුදලක්‌ වැය කොට කරන ලද මෙම සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව මා කොළඹ නගරාධිපති ඒ.ඡේ.එම්. මුසම්මිල් මහතාටත්, නගර සභාවටත් ස්‌තූතිය පළ කරනවා. මුසම්මිල් නගරාධිපතිතුමා යටතේ කොළඹ නගරයේ විශාල දියුණුවක්‌ ඇති කිරීමට හැකි වුණා. මුසම්මිල් මහතා හිටපු ජනාධිපතිතුමාගෙන් ද උදව් ලබා ගෙන, අපගේ ද උපකාර ඇතිව කොළඹ නගරය දියුණු කර තිබෙනවා. එමෙන්ම තවත් ඉදිරියට මේ නගරය විශාල දියුණුවක්‌ කරා ගෙන යා යුතුව තිබෙනවා. මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අප නගරාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ ඒ දියුණුව සඳහායි.

    කොළඹ නගර සභාව කොළඹ දියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටු කරමින් සිටිනවා. එමෙන්ම මුසම්මිල් නගරාධිපතිතුමා ජනතාව සමග සිටිනවා. පසුගිය වසර හතරක කාලය කිසිදු ප්‍රශ්නයක්‌ නොමැතිව නගර සභාව ගෙන යාම පිළිබඳව මා නගරාධිපතිතුමාට ස්‌තූතිවන්ත වනවා. සන්ධාන ආණ්‌ඩුක්‌ තිබියදී එක්‌සත් ජාතික පක්‌ෂ නගරාධිපතිවරයකු නගර සභාවේ පාලනය ගෙන යන්නේ කෙසේ දැයි බොහෝ අය ප්‍රශ්න කළා. සියලු දෙනාම එකතු කර ගෙන වැඩ කරමින් නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමට ඔහුට හැකියාව ලැබුණු අතර හයිඩ් පිටිය සංවර්ධනය කිරීමට ගත් පියවර ගැන විශේෂයෙන් ප්‍රශංසා කළ යුතුයි.

    හයිඩ් පාක්‌ පිටිය අප පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය යනුවෙන් නම් කර තිබෙනවා. මෙය දේශපාලන පොර පිටියක්‌… වමේ ව්‍යාපාරය පටන් ගත්තේ මේ පිටියෙනුයි. සමසමාජ පක්‌ෂය දියුණුවට පත් වුණේ මේ පිටියෙනුයි. සම සමාජ පක්‌ෂය ආරම්භ කළේ පිලිප් ගුණවර්ධන මැතිතුමායි. වමේ පක්‌ෂවලට තනිවම වැඩ කළ නොහැකි බවත්, ප්‍රධාන පක්‌ෂ සමග එක්‌ වී සහයෝගයෙන් වැඩ කළ යුතු බවත් පසුව පිලිප් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. සම සමාජ පක්‌ෂයේ එන්.එම්. පෙරේරා වැනි දේශපාලනඥයන් “සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්” යනුවෙන් කරන දේශන අප ඒ කාලයේ මෙහි පැමිණ අසා සිටියා. 1971 දී රෝහණ විඡේවීර රැස්‌වීම පැවැත්වූයේ මේ හයිඩ් පිටියේයි. ඡේ.ආර්. ජයවර්ධන මහතා විපක්‌ෂ නායක වී සිටි යුගයේ සිට එක්‌සත් ජාතික පක්‌ෂය ද මෙහි රැස්‌වීම් පැවැත්වුවා. පසුගිය වසර 10 දී අප විරුද්ධ පක්‌ෂයේ සිටින විට ද එක්‌සත් ජාතික පක්‌ෂය මෙහි රැස්‌වීම් පැවැත්වුවා. ඒ තුළින් මෙරට දේශපාලන වෙනසක්‌ ඇති කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ දේශපාලන වෙනස ඇති කරන්නත්, ඊට පෙර දී විවිධ ආණ්‌ඩු මාරු කිරීමටත් මේ පිටියේ පැවැත්වූ රැස්‌වීම් උපකාරී වූ බව කිව යුතුයි. මේ ඓතිහාසික භූමිය රැකගත යුතු බව අප කියන්නේ ඒ නිසයි.

    අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති වී තිබෙන වකවානුවක්‌ තුළ අප මේ ආකාරයට මෙහි රැස්‌වී සිටිනවා. එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඇතුළු තවත් පක්‌ෂ ගණනාවක්‌ එක්‌ වී ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අපට හැකි වී තිබෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්‌ෂ නායක ධුරයත්, ජනතා විමුක්‌ති පෙරමුණට විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් පිරිනැමීමට අපට හැකියාව ලැබුණා. මේ ක්‍රමය එක්‌ අතකින් විප්ලවකාරී බව කිව යුතුයි. මෙවැනි විප්ලවයක්‌ මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු වී නැහැ.

    අද අප මෙහි රැස්‌වී සිටින්නේ දේශපාලන වශයෙන් වැදගත් වූ වකවානුවකයි. එනම් ශ්‍රී ලංකාවට එල්ල වී තිබූ ජාත්‍යන්තර යුද්ධාධිකරණ තර්ජනය නැති වී සත්‍ය සහ සංහිඳියාවට ප්‍රමුඛත්වය දුන් දේශීය යාන්ත්‍රණයක්‌ මගින් අපේ පරමාධිපත්‍යය යළි තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය බලය නැවත තහවුරු වී තිබෙනවා.

    2009 වසරේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක්‌ එකතු වී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ යෝජනාවක්‌ සම්මත කර ගත්තා. යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ආරක්‌ෂා කිරීමටත්, අතීතයේ සිදුවීම් ගැන පරීක්‌ෂා කිරීමටත් එහිදී එකඟ වුණා. දෙවනුව දරුස්‌මාන් කමිටුව ඉදිරියේ දී අපරාධ කළ අයට මෙරට හමුදා නීතියට අනුව නඩු පවරනවා යෑයි විශේෂ ප්‍රකාශයක්‌ කර තිබෙනවා.

    එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්‌ෂ මහතා සහ එම ආණ්‌ඩුව අමෙරිකාව වැනි රටවල් සමග තිබූ අර්බුදය නිසා ශ්‍රී ලංකාව යුද්ධාධිකරණය හමුවට ගෙන යාවි යෑයි ජනතාව තුළ විශාල බියක්‌ තිබුණා. එම අවස්‌ථාවේ දී අපි දේශීය යාන්ත්‍රණයක්‌ ඇති නොකළ නිසාත්, ජිනීවා මානව හිමිකම් කමිටුවේ දී අමෙරිකාවට බහුතර බලයක්‌ තිබූ නිසාත් 2015 වසරේ දී මෙරට යුද්ධාධිකරණය හමුවට යැමටත්, ආර්ථික සම්බාධකවලට මුහුණදීමටත් සිදු වේවි යෑයි යන බිය සියලුම දෙනාට තිබුණා.

    නමුත් පසුගිය ජනවාරි 8 වැනි දා මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වුණා. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වුණේ මේ රට ගොඩනැංවීමටයි. එම ජනාධිපතිවරයා යටතේ අප නව ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. අපේ එම ක්‍රියාමාර්ගය නඩු පැවරීමට පමණක්‌ සීමා වූයේ නැහැ. නඩු පැවරීමෙන් පමණක්‌ ජාතික එකඟතාවයක්‌ ඇති කළ නොහැකියි. මේ නඩු පැවරීමේ අවසානයක්‌ ඇත්තේ නැහැ…

    ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. ප්‍රභාකරන් මෙන්ම ඔහු සමග වැඩ කළ බොහෝ පිරිසක්‌ අද ජීවතුන් අතර නැහැ. ඔවුන් ජීවතුන් අතර සිටියා නම් එම සංවිධානයට විරුද්ධව ද නඩු පැවරිය හැකියි. එක්‌ පාර්ශ්වයකට පමණක්‌ නඩු පැවරීමෙන් මෙරට ජාතික එකමුතුව ඇති කළ හැකි දැයි යන ප්‍රශ්නය ඇති වෙනවා. අවශ්‍ය අවස්‌ථාවල දී නඩු පැවරිය යුතුයි. නමුත් අප ප්‍රමුඛත්වය දුන්නේ ජාතික එකමුතුවටයි. ජාතික එකමුතුව ඇති කිරීමට නම් සංහිඳියාව අවශ්‍යයි. එමෙන්ම සියලුම දෙනාට සත්‍යය දැන ගැනීමේ අවශ්‍යතාවයක්‌ තිබෙනවා. සත්‍යය දැනගත් පසු අප කළ යුත්තේ හැකි තරම් එකට එක්‌වීමයි. නඩු පැවරීමෙන් සංහිඳියාව ඇති කළ නොහැකියි.

    පළමුවෙන්ම සත්‍ය සොයා ගැනීම සඳහා යාන්ත්‍රණයක්‌ ඇති කළ යුතුයි. ඒ සඳහා ආයතන 3 ක්‌ ඇති කර තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඉන් පළමුවැන්න වන අතර යුද සමයේ සිදුවීම් ගැන සොයා බැලීම සඳහා ඇති කිරීමට නියමිත විශේෂ නීතීඥ කාර්යාලය දෙවැන්නයි. මේ දෙකම ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ නීතියට යටත්වයි. විශේෂ නීතීඥ කාර්යාලයෙන් තීන්දු ගත් පසු ඊළඟට කරන්නේ කුමක්‌ ද? පළමුවෙන්ම එය සත්‍ය කොමිසමකට ඉදිරිපත් කළ යුතු අතර එම සත්‍යය කොමිසමෙන් තීරණ ගත හැකියි. සත්‍ය කොමිසම මගින් සත්‍ය සොයා ගනු ලබනවා.

    ඇමැතිවරුන් වන රවි කරුණානායක, පාඨලී චම්පික, නිමල් සිරිපාල ද සිල්වා, සාගල රත්නායක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට සහභාගි වූහ.

    එවිට අපේ මූලික කාරණය අවසන්… ඉන් පසුව සත්‍ය කොමිසමට උපදෙස්‌ ලබා දීම සඳහා ආගමික නායකයන් සහභාගි කර ගන්නවා. මහනායක හිමිවරුන්, කාදිනල් තුමා ඇතුළු ක්‍රිස්‌තියානි ආගමික නායකයන්, මුස්‌ලිම් හා හින්දු ආගමික ප්‍රධානීන් ඊට ඇතුළත් වනවා. මෙහි මූලික පරමාර්ථය කරුණාවයි. අප කරුණාව ඇතිව විසඳුමක්‌ සොයන්නේ කෙසේදැයි එහිදී සොයා බලනවා.

    වෙනත් රටවල මෙවැනි ක්‍රමයක්‌ ක්‍රියාත්මක වූයේ නැහැ. විදේශ රටවල සත්‍යය කොමිෂන් ගණනාවක්‌ තිබුණා. නමුත් ඒ එක්‌ සත්‍යය කොමිසමක්‌වත් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කරුණාව පෙරදැරි කරගත් මණ්‌ඩලයකට බාර දී තිබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ සත්‍යය කොමිසම විශේෂ තත්ත්වයක්‌ බව කිව යුතුයි.

    තම අධිරාජ්‍යය පාලනය විය යුත්තේ බුදු දහම මූලික කරගත් දර්ශනයකට අනුව බව කාලිංග යුද්ධයෙන් පසුව අශෝක අධිරාජ්‍යයා තේරුම් ගත්තා. ඒ ආකාරයට අද සියලුම ආගමික නායකයන් සත්‍ය කොමිසම සඳහා එකඟ වී තිබෙනවා. සත්‍යයට සහ සංහිඳියාවට අප මූලිකත්වය ලබාදිය යුතුයි. නඩු පැවරිය යුතු කරුණු තිබෙනවා දැයි කොමිසමට තීරණය කළ හැකියි. ඒ සඳහා දේශීය අධිකරණ යාන්ත්‍රණයක්‌ තිබෙනවා. මේ සියල්ල අපේ නීතියෙන් සහ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයි. මේ සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විනිසුරුවරුන්, වෙනත් පරීක්‍ෂකයින් පැමිණෙනවා නම් ඔවුන් සියලුම දෙනා ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාවේ නීතියට යටත්වයි.

    පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව මෙම සියලු ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට අනුකූලව සිදු කරන බවට මා අවධාරණය කරනවා. අප කිසිවිටෙක ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කරන්නේ නැහැ. මෙරට පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටයි. අප අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාවේ නීතියට යටත්වයි. ඊට අවශ්‍ය ආයතන ද ඇති කරන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුවයි.

    එසේ නම් අද ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණය ලැබී තිබෙනවා. එම ජයග්‍රහණය ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් එක්‌ වී ආණ්‌ඩුවක්‌ නිර්මාණය කළ නිසයි. ජාතික ආණ්‌ඩුවේ පක්‌ෂවල සියලුම දෙනාට අප කෘතඥතාවය පළ කරනවා. සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජන කොටස්‌වලටත්, හමුදා සාමාජිකයන්ටත් බිය වීමට කිසිදු හේතුවක්‌ අද ඇත්තේ නැහැ.

    අප සත්‍යය දැන ගත යුතුයි. සාධාරණය, සංහිඳියාව අප ඇති කළ යුතුයි. නමුත් සත්‍යය දැනගන්නවා යෑයි කියා දඩයමක යා යුතු නැහැ. ශ්‍රී ලංකාවේ යෝජනා පිළිගත් සියලුම රටවලට අප ස්‌තූතිය පළ කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress