පරණගම, උදලාගම කොමිෂන් වාර්තා ප්‍ර‍සිද්ධ කරන්න. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් ජනාධිපතිතුමාට විවෘත ඉල්ලීමක් Release the Undulagama and Paranagama Commission reports  CaFFE and CHR urge the President
Posted on October 1st, 2015

කීර්ති තෙන්නකෝන් Rajith Keerthi Tthennakoon විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය Executive Director (CaFFE / CHR)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්  පිළිබද විමසීම සදහා පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම සහ නිශ්ශංක උදලාගම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඉල්ලයි.  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ආයාචනයක් යොමු කරන එම සංවිධාන පවසන්නේ, ශ්‍රී ලංකා රජය ගෙවීගිය සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සැබෑ වගවීමේ වැඩපිළිවෙලකට ප්‍රවිශ්ඨ වන්නේ නම්, එහි මුලික පියවර විය යුත්තේ ‘පරණගම සහ උදලාගම‘ කොමිෂන් සභා වාර්තා, අතුරු වාර්තා සියල්ල ප්‍ර‍සිද්ධියට පත් කිරීම බවයි.

පරණගම සහ උදලාගම මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභා  මානව හිමිකම් පිළිබද නීති මගින් කටයුතු කිරීමේ හෝ විමර්ශන ආරම්භ කිරීමේ පාදක ලියවිල්ල බවට පත් කොට ගත හැකිය.  ඝාතනයට ලක් වූ, අතුරුදන් කරවූ, කෘර වද හිංසාවන්නට ලක් වූ පිරිස් සහ ඔවුන්ගේ සමීපතමයින් විසින් ලබා දුන් තොරතුරු විධිමත් ලේඛණ ගතවීමක් කොමිෂන් සභාව තුලින් සිදුවීම එයට හේතුවයි.

මෙම කොමිෂන් සභා සහ එයට අනුබද්ධව සිදු වූ කටයුතු සහ නිර්දේශ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙත විවේචන පැවතිය හැකිය.   වහා චෝදනා ගොනු කිරීම් සිදු කළ හැකි කරුණු සම්බන්ධයෙන් ද,  විශේෂයෙන්ම මුලු ලෝකයේම අවධානය යොමුවී ඇති  ලක්ෂමන් කදිරගාමර් ඝාතනය,  ත්‍රිකුණාමලය මූතූර් ඝාතන,  පාසල් සිසුන් 5 දෙනා ගේ ඝාතන,  නිහාල් ජිම් බ්‍ර‍වුන් පියතුමාගේ අතුරුදන්වීම වැනි සිද්ධි 60 කට වැඩි සංඛ්‍යාවක් පිළිබද නිශ්චිත කරුණු මෙම කොමිෂන් සභා හමුවේ ඉදිරිපත් වී ඇත.

ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයක් පිළිබද අතිශෝක්තියට නගන ලද මතයන් දෙකකි.  පළමුවැන්න, කලින් පැවති රජයේ ‘කිසිදු මානව හිමිකමක් සිදු නොවුනේය‘ යන ස්ථාවරයයි.  දෙවැන්න,  යුද්ධයේ අවසන් අදියරේ දී සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් වන පරස්පර වූ වාර්තාවන්ය.  ශ්‍රී ලංකාව තුලත් හා ජාත්‍යන්තර ප්‍ර‍ජාව තුලත් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පරිමාව පිළිබද පොදු මතයක් ඇති කිරීම සදහා ද මෙම කොමිෂන් සභා වාර්තා, අතුරු වාර්තා හේතුවනු ඇත.

ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා ගණනාවක දී පරණගම සහ උදලාගම ජනාධිපති කොමිෂන් සභා වාර්තා මේ වසරේ සැප්තැම්බර් මස අවසානයට පෙර ප්‍ර‍සිද්ධියට පත් කරන බව ප්‍ර‍කාශ කර තිබුණි.  එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට සුදුසුම අවස්ථාව පැමිණ තිබේ.

රජය තවදුරටත් මෙම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධ කිරීම අතපසු කරන්නේ නම් එයට එරෙහිව උතුරේ ද, දකුණේ ද සිවිල් සංවිධාන සහ පුරවැසියන් එක්විය යුතු බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව විශ්වාස කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2015 සැප්තැම්බර් මස 30 වැනිදා

Campaign for Free and Fair Elections (CaFFE) and Centre for Human Rights and Research (CHR) requests the government to release Undulagama and Paranagama Commission reports on alleged human rights violations in Sri Lanka.

The two organizations, making an open request from President Sirisena, said that the best way to open a dialogue on alleged human rights violations during the Rajapaksa Regime is to publicize the Undulagama and Paranagama Commission reports and interim reports of these committees.

These documents can be made base documents which can be used to investigate alleged human rights allegations as the evidence given by victims and associates of victims of assassinations, abduction and torture are properly documented in these reports.

There might be criticisms on the commission, how they conducted themselves and recommendations. However concrete facts of over 60 incidents, including the assassination of Lakshman Kadiragamar, killing of ACF workers in Muttur, the murder of five students in Trincomalee and the disappearance of Father Jim Brown, have been considered by these commissions.

There are two basic false claims on human rights violations which took place in Sri Lanka. One is the zero civilian casualties argument which was initially propagated by the Rajapaksa regime. The second is conflicting reports of civilian casualties in the last phase of the war. However with these commission reports we can start a proper investigation into alleged human rights violations in the country.

The current government, on several occasions promised to release the two reports by the end of September and the time has come to deliver.

If the government keeps on delaying the release of the two reports CaFFE and CHR believes that all Civil Society Organizations and citizens must unite to pressurize the government to keep its promises.

 

Rajith Keerthi Tthennakoon

Executive Director (CaFFE / CHR)

2 Responses to “පරණගම, උදලාගම කොමිෂන් වාර්තා ප්‍ර‍සිද්ධ කරන්න. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් ජනාධිපතිතුමාට විවෘත ඉල්ලීමක් Release the Undulagama and Paranagama Commission reports  CaFFE and CHR urge the President”

  1. Independent Says:

    ඇමරිකානු යෝජනාවෙන්
    අරමුණු ඉටු නොවී දෙමළ සන්ධානය කම්පා වේ

    කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

    ඇමරිකානු යෝජනාව මගින් උතුරේÊසිටින සියලු හමුදා සේනාංක ඉවත් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධාන දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.

    ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචJද්‍රන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි ශ්‍රීධරන්, ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගඡේJද්‍රකුමාර්Êපොන්නම්බලම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් ඇතුළු පිරිස මේ නිසා දැඩි කම්පනයට පත්ව තිබේ.

    උතුරේ සිටින හමුදා සේනාංක ඉවත් කළ යුතු බවට ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබිණි.

    දේශීය පරීක්‍ෂණයකට පෙර උතුරින් හමුදාව ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියා. එය අපේ මූලික අවශ්‍යතාව බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නා. යෑයි සුරේෂ් ප්‍රේමචJද්‍රන් පැවසීය.

    ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ නිර්දේශ රැසක්‌ ඇමරිකානු යෝජනාවට ඇතුළත් කර නැතැයි ද ඔහු කියා සිටියේය. බලාපොරොත්තු රහිත ලෙස ඊළාම් ඩයස්‌පෝරාවේ ඉල්ලීම් ඇමරිකානු යෝජනාවට ඇතුළත් නොවීම නිසා ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දැඩි නොසතුටට පත් වී ඇත.

    ඇමරිකානු යෝජනාව පසුගිය බදාදා ජිනීවා මානව හිමිකම් සැසිවාරය හමුවේ සභාගත කෙරුණ අතර ඊට පෙර ද්‍රවිඩ සන්ධානය, ප්ලොට්‌, ඊ.පී.ආර්.එල්.එµa. සහ ටී.පී.එන්.එµa. පක්‍ෂ ඇතුළු සිවිල් සංවිධාන 40 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් පූර්ණ විමර්ශනයක්‌ අවශ්‍ය බව දන්වා තිබේ.

    ශ්‍රී ලංකාව සම්බන්ධ පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම නොකළ යුතු යෑයි ඉන්දියාව ද ඇමරිකානු බලධාරීන්ට දැනුම් දී ඇත.

  2. Independent Says:

    රුසියානු ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය ගිය බව පැවසුවේ පහරදෙන්නත් කලින් – පුටින්

    October 2, 2015 at 9:26 am | lanka C news

    රුසියානු ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය ගිය බව පැවසුවේ පහරදෙන්නත් කලින් – පුටින්
    සිරියාව තුළ රුසියාව විසින් දියත් කරන ලද ගුවන් ප‍්‍රහාරවලින් මියගිය අය අතර සිවිල් වැසියන්ද සිටින බවට වාර්තා පළ වීම ආරම්භ වූයේ පළමු ගුවන් ප‍්‍රහාරය ආරම්භ කිරීමටත් පෙර බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

    අනෙකුත් රටවල් වසරකට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් හෝ සිරියානු රජයේ ඇරයුමකින් තොරව සිරියානු ප‍්‍රදේශවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින් සිටින බවත් සිරියානු රජයේ ආරාධනාවකින් ආරම්භ කළ රුසියානු ප‍්‍රහාර වලින් ඉලක්ක කෙරෙන්නේ ත‍්‍රස්තවාදී සංවිධාන පමණක් බවත් රුසියානු මානව හිමිකම් කවුන්සිලය අමතමින් ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඔහු පවසා ඇත්තේ රුසියානු ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියගිය බවට වාර්තා කෙරෙන තොරතුරු යුද්ධයට මුහුණදීමට රුසියාව සූදානමින් සිටින බවයි.

    ගුවන් ප‍්‍රහාර එල්ලවීමෙන් පසු විනාශවූ සාමාන්‍ය ජනතාව ජීවත් වන ප‍්‍රදේශ දැක්වෙන වීඩියෝ ගණනාවක් අන්තර්ජාලය තුළ පළවී තිබේ.

    මෙය තොරතුරු යුධෝපක‍්‍රමයක් ලෙස හඳුන්වාදී ඇති රුසියාව ජනමාධ්‍ය හා විදෙස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ සිරියාවෙන් පැමිණෙන තොරතුරුවල සත්‍ය අසත්‍ය බව මැනීමේදි ප‍්‍රවේශම් වන ලෙසයි.

    සිරියාව තුළ සිදුකෙරෙන මිලිටරි මෙහෙයුම් පිළිබඳ තොරතුරු ඇමරිකාව හා රුසියාව අතර බෙදාගැනෙන යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද පුටින් විසින් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress