නිමල් මහරගේ
Posted on October 6th, 2015

71 කැරැල්ල  ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්  කෘතිය  ඇසුරෙනිවෛද් රුවන් එම් ජයතුංග

වික්ටර් අයිවන් මහතා හමුවීමෙන් පසු මගේ මීළඟ වෑයම වූයේ නිමල් මහරගේ හමුවීමටයි. නිමල් මහරගේ කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ මහ නඩුවේ 8 වන විත්තිකරුය. ඔහුට විජේවීර  මුණ ගැසෙන්නේ 1964 අවසාන භාගයේදී. නිමල් ෂන්මුගදාසන්ගේ චීන පිලේ වැඩ කරන විට කොම්පඤ්ඤවීදියේ පක්ෂ කාර්යාලයේදී විජේවීර  මුල්වරට හමුවිය. ඔහු මෙසේ කියයි.

මට මුලින්ම විජේවීර හමුඋන වෙලාවේ විෙජ්වීර විප්ලවයක අවශ්‍යතාවය මාත් එක්ක කථාකළා. විෙජ්වීරගේ වැඩපිළිවෙළ ගැන අපි පැය හත අට දිගින් දිගට සාකච්ඡා කළා. සැන්සිබාරයේ කරුමේගේ ක්‍රමයට බලය ඇල්ලීම තමයි විජේවීර ගේ ඉලක්කය උනේ. මම හා විෙජ්වීර ගුණසේකර අයියෙගේ (ඩී. ඒ. ගුණසේකර) නිවසේ බොහෝ සාකච්ඡා පැවැත්තුවා. ගුණසේකර අයියා අප හැමෝගෙම දේශපාලන ගුරුවරයා කියන්න පුළුවන්, විෙජ්වීරගේ පවා.

Nimalmaharage

 

සමාජ අත්දැකීම් ලබාගන්න අපට අවශ්‍ය උනා. කම්කරුවන් හමුවෙන්න ඔවුන්ට අධ්‍යාපන පන්ති තියන්න. අපි වැල්ලවත්ත රෙදිමෝලේ කම්කරුවන් විදිහට වැඩ කළා. අපිට තිබ්බේ පුදුම කැපවීමක්. අපි පැය 16ක් 17ක් වැඩ කළා. මට මතකයි 1964 අපි කරපු දෙල්මෑල්ල අධ්‍යාපන පන්තිය. ඒකට 37 දෙනෙක් විතර ආවා. විෙජ්වීර පැය 15 මේ අයට කථා කළා. කට්ටිය කිසිම අවධානය කැඩීමක් නැතුව විෙජ්වීරට සවන් දුන්නා. ඔහු දක්ෂ ගුරුවරයෙක් කියන්න පුළුවන්. ඒ වගේම වෙලාවට වැඩ කළා.

කිසිම ප්‍රමාදයක් නැතුව. ඒ වගේම හොඳ සවන් දෙන්නෙක්.

මම ගුණසේකර අයියා, ප්‍රේමපාල යනාදි අය කෝට්ටේ කණ්ඩායම කියලා තමයි හැඳින්වූයේ. අපි සංවිධාන කටයුතු කළා. 1971 මුල් කාලය වනවිට ඒ කියන්නේ ජනවාරි විතර වෙනකොට විෙජ්වීරට අපි ගැන සැකයක් තිබුණා. ඒ නිසා කෝට්ටේ කණ්ඩායම යම් ලෙසකට නොතකා හරිමින් විෙජ්වීර ක්‍රියා කළා කියන්න පුළුවන්. විෙජ්වීර තුළ සැකය නිතරම බද්ධවෙලා තිබුණා. ඒක එක්තරා ආකාරයක දුර්වලතාවයක් හැටියට මම දකිනවා.

අප්‍රේල් ප්‍රහාරය ගැන අප අතර එකඟතාවක් තිබුනේ නැහැ. පහර දෙනවා කියලා මට දැනගන්න ලැබුණේ අප්‍රේල් 2 වැනිදා රෑ. ලයියාගෙන් (ලයනල් බෝපගේගෙන්) පනාගොඩ කෑම්ප් එක ඇතුළු පොලිස් ස්ථාන 14 කට පහරදීමට අපිට තිබ්ඛෙ සීමිත ආයුධ ප්‍රමාණයක් පමණයි. චීනච්චට්ටි බෝම්බ 7-8ක් හා මොලටොව් කොක්ටේල් 30 හා තුවක්කු 5 විතර.

අපි ඊට කලින් දෙල්මෑල්ල, තනමල්විල ආදි ප්‍රදේශවල කඳවුරු පවත්වා සුළු ආයුධ පුහුණුවක් සාමාජිකයින්ට දීලා තිබුණත් එය ප්‍රාමණවත් උනේ නැහැ. කෝට්ටේ කණ්ඩායම 250 විතර හිටියත් ආයුධ හා පුහුණුව නැතිව ප්‍රහාරයකට යෑම ස්වයං විනාශකාරී ක්‍රියාවක් උනා. ප්‍රහාරය සිදුවෙන කොට මම හිටියේ පොඩි කුරුඳු කැලයක. මම කෝට්ටේ කණ්ඩායම එක්ක සම්බන්ධීකරණයට උත්සාහ කළත් ප්‍රහාරය අසාර්ථක වෙච්ච නිසා කට්ටිය විසිරිලා ගිහිල්ලා.

පොලිසිය අපිව සොයන නිසා මම හොරණ දොඩම්ගොඩ නිවසක සැඟවිලා හිටියේ. මෙහෙම 1971 ජූලි මාසය වෙනකන් සැඟවිලා ඉන්න පුළුවන් උනා. මාව අහු උනේ 1971 ජූලි 17 දා. කැරැල්ල ගැන ප්‍රවෘත්ති බලන්න මම සිංහල පත්තර එක්ක ඉංග්‍රීසි පත්තරේත් ගෙන්නා ගත්තා. මේක ගැන පත්තර කඩේ හිටපු කෙනෙකුට සැක හිතෙන්න ඇති. ඒත් පස්සේ සීඅයිඩී එක කිව්වා ඉංග්‍රීසි පත්තරේ පස්සෙන් ඇවිල්ලා තමයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා.

මාව සීඅයිඩී එකේ හතරවන තට්ටුවට ගෙන ගියා. මාව බලන්න ඉයන් වික්‍රමනායක ආවා. මිනිහා ෙජ්ත්තුවට ඇඳලා ඇවිල්ලා වාඩි උනේ මේසේ උඩ. මේක ඉයන් නිතරම කරන දෙයක්. තමන්ගේ උස ගැන ඉයන්ට යම්කිසි හීනමානයක් තිබුණා. ඒ නිසා ඉයන් වාඩි වෙන්නේ මේසේ උඩ. මගේ කමිස මුලින් අල්ලලා බඩට එකක් ගැහුවා. ඒ කාලේ මම ස්පෝට්ස් එහෙම කරන ශක්තිමත් තරුණයෙක්. ඉයන් කෙට්ටුයි. පර~ලක් වගේ. ඉයන්ගේ පහර මට දැනුනේවත් නැහැ. මම බඩේ පේශි තද කරා. එතකොට ඉයන් පස්සට විසි උනා. මිනිහා මට ගහන එක වෙන කට්ටියකට පැවරුවා.

මගේ අත් දෙකෙන් එල්ලලා වරින්වර පහර දුන්නා. දවස පුරා පහර දුන්නා. ඒ පහරවල් මට සමහර වෙලාවට සිහිය නැති උනා. පහර දෙනවා. ඊට පස්සේ වතුර ගහනවා. මට පහර දුන්න අයගෙන් බැස්ටියන් පිල්ලේ මතකයි. එයාව පස්සේ එල්ටීටීඊ එකෙන් මැරුවා. ෂර්නි විෙජ්සූරිය මාව හම්බවෙන්න ආවා. මට ඔහු ගැහුවෙ නැහැ. ආයුධ සඟවලා තියෙන තැන් ඇහුවා. මම උත්තර දෙන්නේ නැතිකොට ඇහෙන් ඉඟියක් කරනවා. එතකොට අනික් කට්ටිය ගහනවා.

මෙහෙම දවස් කීපයක් යනකොට කැප්ටන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මගෙන් කටඋත්තර ගන්න ආවා. මගේ තුවාල දැකල කොබ්බෑකඩුව මහත්තයා මාව සීඅයිඩී 4 තට්ටුවෙන් කොම්පඤ්ඤවීදියේ හමුදා රෝහලට ගෙනාවා. එහිදී සුමානයක් මට ප්‍රතිකාර දුන්නා. මට කෑම බීම් දුන්නා. ප්‍රතිකාරවලින් පසුත් මාව රේස්කෝස් එකේ තිබුණ හමුදා ගොඩනැගිලි සංකීර්ණයට ගෙනාවා. මෙහි දී කොබ්බෑකඩුුව මහත්තයා මගෙන් තොරතුරු ඇහැව්වා. කොබ්බෑකඩුව මහත්තයා රගර් ගහලා හවසට එනවා මාත් එක්ක කථා කරන්න. දවසක් කිව්වා මට ආසයි ඔයගොල්ලන්ගේ මාක්ස්වාදය ගැන දේශනය අහන්න කියලා. මම ඊට එකඟතාවය පළකළා. හැබැයි මම ඒක රෙකෝඩ් කරනවා කියලා. කැප්ටන් කොබ්බෑකඩුව කිව්වා. මම ඒකට විරුද්ධ උනේ නෑ.

මෙහෙම දවස් හතරක් පහක් මම කැප්ටන් කොබ්බෑකඩුවට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශනා කළා. කොබ්බෑකඩුව මහතා මට උනන්දුවෙන් අහුම්කන් දුන්නා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මම කිව්ව සමහර කරුණු ඔව් ඇත්ත නේද කියලා ඔහු එකඟ උනා. දවසක් කොබ්බෑකඩුව මහතා තම බිරිඳත් අරගන මාව බලන්න ආවා. ඒ එනකොට කජු වගේ කෑමක් ගේනවා. කොබ්බෑකඩුව මහතා ඉතා හොඳ මනුෂ්‍යයෙක්. එතුමා දේශපාලන හිරකරුවන්ට කිසිම හිංසාවක් කළේ නැහැ. මගේ ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනයේ අන්තිම දවසේ අනුරුද්ධ රත්වත්තේ මහත්තයා ආවා.

මාව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනිච්චා. මාව රඳවලා හිටියේ එච් වාට්ටුවෙ. මාත් එක්ක විෙජ්වීර, උයන්ගොඩ, අනුර කුරුකුලසූරිය, ධනපාල යන අයත් හිටියා. බන්ධනාගාරයේ එස්පී හිටියේ ජෝඩ්න් මහත්තයා. මේ මහත්තයා ගැන යමක් කියන්න ඕනෑ. ඉතා උගත් ඒ වගේම මානුෂික විදිහට කටයුතු කරපු නිලධාරියෙක්. දේශපාලන හිරකරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්න පහසුකම් සැලසුවා. ඒකේ ප්‍රතිඵල තමයි 71 බිහිවෙච්ච උගතුන්. මහාචාර්ය උයන්ගොඩ, ආචාර්ය කීරවැල්ල වගේ අය. බීඑස්සී එක තිබුණ ලයනල් බෝපගේ හිරේදි එම්එස්සී එකත් කළා.

අපි එක්ක හිටිය එස්.ඩී. බණ්ඩාරනායක උදේට නැගිටලා බන්ධනාගාරය තුළ තිබූ පොඩි ඉඩකඩ ඇතුලේ දුවනවා. මාත් එයා එක්ක දුවන්න පටන් ගත්තා. අපට ගොටුකොළ, පළතුරු ලබාදෙන්න කියලා බන්ධනාගාර නිලධාරින් එක්ක කථා කළා. අපව ක්‍රිඩාවලට විශෙෂයෙන් ටේබල් ටෙනිස් වලට උනන්දු කළා. ඒ වගේම ඊට අවශ්‍ය කළමනා ලබාගත්තා. රිමාන්ඩ් බන්ධනාගාරේ අපි එක්ක රඳවලා හිටපු දැවමොට්ටාවේ හාමුදුරුවෝ රෑ 10ට විතර පිරිත් පටන්ගෙන පිරිත් කියනවා. අහන්න හරි මිහිරියි. අපි දවසක් වොලිබෝල් ගැහුවා. මහින්ද විෙජ්සේකර ගහපු ඩෑෂ් එකට විෙජ්වීරගේ ඇඟිල්ලක් උලූක් උනා.

1974 දී අපට විරුද්ධව නඩු විභාගය ඇරඹුවා. මගේ තීන්දුව දුන්නේ 1974 දෙසැම්බර් 20. මට අවුරුදු 15 ක සිරද`ඩුවමක් ලැබුණා. අච්චු කිරීමෙන් පස්සේ මාව රඳවලා තිබ්බේ පී වාට්ටුවේ. ඒකෙ උයන්ගොඩ, බෝපගේ, මාරසිංහ, නයනානන්ද, විෙජ්වීර, සුබසිංහ යන අය හිටියා.

1975 වෙනකොට විෙජ්වීර තුළ කළකිරීමක් දක්නට තිබුණා. විෙජ්වීර සියලූ දේශපාලන සංවාදවලින් ඉවත්වෙලා එක දිගට නිදාගත්තා. ආපහු දේශපාලන වැඩ කරන්නේ නෑ කියලා කිව්වා. ලයනල් බෝපගේ දිගින් දිගටම විෙජ්වීරට කථා කරලා විෙජ්වීරගේ හිත හැදුවා. ඊට පසු විෙජ්වීර යළිත් ක්‍රියාශීලී උනා.

මේ කාලයේ ඇවබරි සාමි අපිව බලන්න ආවා. ඔහු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් එකේ සභාපති. අපව නිදහස් කළ යුතුයි කියන මතයේ තමයි ඇවබරි සාමි හිටියේ. අපට ද~ුවම් කළේ අපි දුන්න කට උත්තරය පදනම් කරගන. මේ කට උත්තරය ගත්තේ බැටන් පොල්ලෙන්, යටිපතුල්වලට ගහලා. ඒකේ සදාචාරකමක් තිබුනේ නැහැ.

මාව නිදහස් උනේ 1977 නොවැම්බර් 12 දා. 1980 දක්වා මට විෙජ්වීර එක්ක සම්බන්ධකම් තිබුණා. ඒත් ටිකින් ටික අපි දුරස් උනා. 88 විතර වෙනකොට විෙජ්වීර මාව ඝාතනය කළ යුතුයි යන අදහසට පැමීණීම ගැන මට ඇති උනේ දුකක් හා කලකිරීමක්. මට දේශප්‍රේමී වෙඩි උණ්ඩ වලින් සැඟවිලා ඉන්න සිදුඋනා.

විෙජ්වීරගේ ජීවිතය එක්ක අංක 13 බොහොම සම්බන්ධයි. ඔහු ඉපදුනේ 1943 ජූලි 13. හිරගෙදර විෙජ්වීරගේ අංකය 13. මහ නඩුවේ 13 වන විත්තිකරු. ඔහු අත්අඩංගුවට පත් උනේ 1971 මාර්තු 13. ඔහුව අත්අඩංගුවට ගෙන මරා දැමුවේ 1989 නොවැම්බර් 13.

1971 ගැන මට පසුතැවිල්ලක් නැහැ. 71 සාමූහික වගකීමක්. මමත් ඒකේ කොටස්කාරයෙක්. අපි අතින් වැරදි සිද්ධ උනා. කැරැල්ල පරාජය වෙන්න, ඒක බලපාන්න ඇති. ඒත් අපි 88/89 වගේ අමානුෂික හිංසන නිර්මාණය කළේ නැහැ. අපි වගකීමෙන් හා ශික්ෂණයෙන් ක්‍රියා කළේ. ඒක අපිට පසු කාලයක යළි සමාජගතවෙන්න උදව් කළා. අනාගත පරපුට 71 ගැන ඉගෙන ගතහැකි පාඩම් ගොඩක් තියෙනවා. ප්‍රචණ්ඩත්වය ගැටළු විසඳීමේ මාවතක් නොවෙයි කියලා මට දැන් හිතෙන්නේ.

2 Responses to “නිමල් මහරගේ”

  1. Christie Says:

    These people were just pawns of Indian Imperialism.. They were nicely manipulated by the Indian colonial parasites like Shanmugadhasan. How the Indian imperialists manipulate their subjects can only be understood by observing how the high caste Indians manage the low castes and untouchables. This guy Nimal talks about and had lectured about Indian hegemony but only killed Sinhalese.

  2. Independent Says:

    Christie,
    Please read the article, if you can read Sinhala.

    “මෙහෙම දවස් හතරක් පහක් මම කැප්ටන් කොබ්බෑකඩුවට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශනා කළා. කොබ්බෑකඩුව මහතා මට උනන්දුවෙන් අහුම්කන් දුන්නා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මම කිව්ව සමහර කරුණු ඔව් ඇත්ත නේද කියලා ඔහු එකඟ උනා.”

    HEre, this man has given a lecture to Kobbekaduwa about Indian Imperialism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress