ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.
Posted on October 6th, 2015

 උපුටා ගැන්ම www.mahinda.info

[1]. පසුගිය වසර කීපයම අපේ රට ජාත්‍යන්තරයේ පරාජයට පත් වුණා” යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවසුවා.

[2]. ඊට හේතු ලෙස ප්‍රබල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් අපේ රටට ආපු විට මේ රටේ ප්‍රධානීන් කොළඹින් පිට ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙන්වා මඤ්ඤොක්කා කැවීම” ආදී කරුණු ගණනාවක් දක්වයි.

[3]. එම චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු දී තිබෙනවා.

[4]. එසේම අද මෙලෙස චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල මහතාට, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබෙනවා. පහත වීඩියෝ පටය සාවධානව අසා බලන්න.

එදා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන දේවල් කිහිපයක් මෙලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කරපු බලපෑම් වලට ඔබතුමා මුහුණ දීල තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුළ. ඒ නිසා තමයි අද ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදින් ඔරවන්නේ ගරහන්නේ නොයෙකුත් දේවල් කියන්නේ.

[5]. එදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අධිරාජ්‍යවාදීන් කවුදැයි ජනතාවට සිතා බලන්නට සිදුවෙයි.

පුද්ගලයන් ගැන ආකල්පය කාලයත් සමග වෙනස් වීමට හැකියි. නමුත් අතීතයේදී වර්ණනා කළ එකම නිශ්චිත කරුණකට කාලයකට පසුව ගර්හා කරයිනම් එය හෘද සාක්ෂියේ ගැටළුවකි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

5 Responses to “ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.”

  1. Independent Says:

    පාර්ලිමේන්තු පරිපූරක ඇස්‌තමේන්තුවකින් ජනපතිගේ නව නිල නිවස අලුත්වැඩියා කරන්න කෝටි 25 ක්‌ ඉල්ලයි

    අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව නිල නිවස පරිශ්‍රය නවීකරණය කිරීම සහ ගොඩනැඟිලි ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 25 ක මුදලක්‌ අනුමත කරන ලෙස ඉල්ලා ආණ්‌ඩුව ඊයේ (06 දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

    ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ජනාධිපතිවරයාගේ වියදම් ලෙස රුපියල් දහඅට කෝටි හයලක්‍ෂ අසූඅට දහසක (180688000) මුදලක්‌ ලබා ගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කළේය.

    කොළඹ පැජට්‌ වීදියේ අංක සී 61 සහ සී 62 යන ස්‌ථානයේ පිහිටි ජනපති නිල නිවස පරිශ්‍රය නවීකරණය සහ පුනරුත්ථාපනය වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් නවකෝටි හැටතුන් ලක්‍ෂ අනූ එක්‌දහසක්‌ද, එම නිල නිවස පරිශ්‍රයේ ගොඩනැඟිලි ඉදිකිරීමට රුපියල් අටකෝටි හතළිස්‌ දෙලක්‍ෂ අනූහත්දහසක්‌ ද ඉල්ලා ඇත.

    මීට අමතරව ජනාධිපති ආරක්‍ෂක අංශය සඳහා බී. එම්. ඩබ්ලිව්. කාර් රථයක්‌ හා බී. එම්. ඩබ්ලිව්. ආර්. 1200 යතුරුපැදි 12 ක්‌ මිලට ගැනීම සඳහා රුපියල් හත්කෝටි හයලක්‍ෂයක්‌ ද ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තු ඉදිරිපත් කරන ලදී.

  2. Independent Says:

    හමුදා කඳවුරෙන් ආහාර ගැනීම උතුරු මහ ඇමැති ප්‍රතික්‍ෂේප කරයි!

    සමන් ගමගේ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05 වැනිදා) කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති ජාතික උත්සවයකදී හමුදා කඳවුරකින් දිවා ආහාර ගැනීමට ලැබුණ ආරාධනාවක්‌ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

    ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති අවස්‌ථාවේදී මෙය සිදුව ඇත.

    එම උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට එදින දිවා ආහාරය වට්‌ටකච්චි හමුදා කඳවුරේ සූදානම් කර ඇත.

    එහිදී උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියන තමන්ට හමුදා කඳවුරක්‌ තුළට ගොස්‌ ආහාර ගත නොහැකි යෑයි පවසා විග්නේෂ්වරන් මහතා මෙසේ ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

  3. Independent Says:

    සම්පූර්ණ ඇත්ත !

    සේයා ඝාතනයේ පොලිස්‌ පරීක්‍ෂණ ගැන සෑහීමකට පත්වීමට බැහැ
    – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

    නෝමන් පලිහවඩන

    සේයා දැරියගේ මරණය සම්බන්ධව සිදුකළ පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු පිළිබඳ තමාට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට පැවසීය.

    ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

    එදා ඉඳලා අද වනතුරුත් පොලිසිය කසිප්පු ඇල්ලුවොත් අහුවෙන්නේ පොඩි එකා. කුඩු ඇල්ලුවොත් අහුවෙන්නේ බොන එකා. මහ එකා නිදැල්ලේ ඉන්නවා. එල්ලුම්ගස ක්‍රියාත්මක කළ යුතු බවට අද විවිධ මත ඉදිරිපත් වෙනවා.

    සේයා දැරියගේ මරණය පිළිබඳව පොලිසිය විවිධ කතා ඉදිරිපත් කරනවා. මිනීමැරුමට කොණ්‌ඩයා සම්බන්ධයි කියනවා. ඉන්පසු කොණ්‌ඩයා නොව කොණ්‌ඩයාගේ අයියා කියනවා. පාසල් සිසුවකුට හා තවත් විවාහකයකුට චෝදනාවක්‌ එල්ල කළා. මොනවද මේ වෙන්නේ? මේ තත්ත්වයේ හැටියට කවදා හෝ දවසක එල්ලුම්ගස ක්‍රියාත්මක වුණොත් ඇතිවෙන තත්ත්වය මොකක්‌ද? මේ අනුව එල්ලුම්ගස්‌ යන්නේ කවුද කියන එකයි ප්‍රශ්නය.

  4. Nihal Perera Says:

    This shows how dishonest and cunning Sirisena is… This man has no principals, just another corrupted politician and an opportunist exploiting the system. Whatever, weaknesses Mahinda Rajapaksa had, he never ever betrayed the people who worked for him, and always defended them. Unfortunately, that was the number one reason for MR’s down fall, for trusting these snakes like Sirisen who stabbed him from behind.

    I hope Sri Lankans now realise that the person they voted to become president is nothing but a cunning, low class lying traitor who will sell his own mother to stay in power.. If you thought MR was bad, wait and see how power hungry and corrupted this man going to be…!

  5. Independent Says:

    When MR’s expenditure was highlighted it was also with all the ministries but these buggers said it is MR’s expenditure.

    Expenditure for Sri Lankan President’s residence renovation and vehicles clarified
    Wed, Oct 7, 2015, 09:39 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Oct 07, Colombo: The Presidential Secretariat today responding to media reports regarding a government request for an allocation of Rs. 180 million to renovate and refurbish the official residence of the President Maithripala Sirisena clarified that the supplementary estimate includes expenditure for several projects.

    Issuing a communiqué Secretary to the President P.B. Abeykoon clarified that the supplementary estimate presented to the Parliament Tuesday (06) by the Minister of Mass Media and Parliamentary Affairs, included the expenditure of several ministries and institutions, including the Prime Minister’s Office, Ministries of Foreign Affairs and Plantation Industries, Home Affairs & Fisheries, Highways and Investment Promotion as well as the expenditure of the Presidential Secretariat.

    The Secretary to the President pointed out that the Government had to rehabilitate and improve the residence of the President by joining two old houses to bring it to a proper condition which is suitable for the use of the President.

    In addition to that the Government had to provide security to the official residence of the President and to provide accommodation facilities for the security personnel of the President and also steps were taken to renovate garages at the premises. The Secretary to the President further stated that all the renovation works were completed by the Central Engineering Consultancy Bureau.

    According to the President’s Secretary, if the President uses the President’s House in Colombo Fort the Government would have to spend more than 15 million rupees per month for the utility costs of water and electricity in addition to the maintenance costs. President Sirisena declined to stay in the President’s House due to its high maintenance costs, the Secretary to the President further said.

    Apart from Rs. 180 million, another allocation mentioned in those media reports for purchasing of a BMW car and BMW motorcycles for the Presidential Security Division were ordered in last October, 2014 under the previous government.

    Accordingly, the BMW car was brought to the Port of Colombo on January 08 and the motorcycles were brought to the port on February 21. The Secretary to the President stated that these vehicles has been taken over to the Government, as these vehicles could not be re-exported and the demurrage charges were increased on a daily basis.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress