කීර්ති වර්ණකුලසූරිය – ජිනීවා සිට
Posted on October 8th, 2015

Courtesy Divaina

පුවතක පසුබිම
මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි පිළිවෙත

යේමනයේ යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු යෑයි දක්‌වමින් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් කළේ නෙදර්ලන්තයයි. යේමන් යුද අපරාධ ගැන සෙවීමට විශේෂඥයන් පිරිසක්‌ යවන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්‌ද කළේ එම රාජ්‍යයයි. එම යෝජනාවට පෙර යුද අපරාධ සම්බන්ධව වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඉදිරිපත් කර එහි නිර්දේශද ඇතුළත් කර තිබිණි.
මේ අනුව යේමනයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර විමර්ශනය ඉල්ලීම් බටහිර ආණ්‌ඩු එකවරම ඉල්ලා අස්‌කර ගනු ලැබීය.
ජීනිවා මානව හිමිකම් කවුන්සිල ශාලාවේ සිදුවන තක්‌කඩිකම් හා වෙනත් නීති විරෝධී ක්‍රියා මෙරට ජනතාවට වසන් වී ඇත.
එහෙත් උදේ 7.00 ට මානව හිමිකම් කවුන්සිලයට ඇතුළු වන අපිට මේ සියලු ක්‍රියා දකින්නට ලැබිණි. එකී ක්‍රියා ගැන විමර්ශනයක්‌ කිරීමටද මෙරට කිසිවෙක්‌ නැත. සියලු දේම සිදුවන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රියාදාමය මතය. එහෙත් රටේ ජනතාව මේ තොරතුරු දැනගත යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු යෑයි තීන්දු කළ මානව හිමිකම් කවුන්සිලය යේමන් යුද අපරාධ විමර්ශනය ඉවත් කර ගත්තේය.
යේමනයේ යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු යෑයි දක්‌වමින් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් කළේ නෙදර්ලන්තයයි. යේමන් යුද අපරාධ ගැන සෙවීමට විශේෂඥයන් පිරිසක්‌ යවන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්‌ද කළේ එම රාජ්‍යයයි.
එම යෝජනාවට පෙර යුද අපරාධ සම්බන්ධව වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඉදිරිපත් කර එහි නිර්දේශද ඇතුළත් කර තිබිණි.
මේ අනුව යේමනයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර විමර්ශනය ඉල්ලීම් බටහිර ආණ්‌ඩු එකවරම ඉල්ලා අස්‌කර ගනු ලැබීය. මේ නිසා මා අසල වාඩි වී සිටි යේමන් ජාතිකයෙක්‌ දැඩි ලෙස කෝප විය.
යේමනයේ හූටි සහ සලේ අතුරු හමුදා සිදු කළ යුද අපරාධ ගැන වාර්තාවක්‌ ඔහු මා වෙත ලබා දුන්නේය.
2015 අගෝස්‌තු දක්‌වා කාලය තෙක්‌ ළමුන් 400 ක්‌ කාන්තාවන් 381 ක්‌ මිනිසුන් 1827 ක්‌ ඝාතනයට ලක්‌ වී ඇතැයි එහි සඳහන් විය. එහෙත් සවුදි අරාබියව සහ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් සමන්තාපවර් ජාත්‍යන්තර විමර්ශනයට තදින් එරෙහි වීය. ඒ සමඟම සවුදි රජයද යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ යුද අපරාධ විමර්ශනයක්‌ නොව යේමනයට මානුෂික ආධාර දිය යුතු බවයි.
යේමනයේ පිටුවහල් වී සිටින ජනාධිපති මන්සූර් හයිඩ් යුද අපරාධ ගැන සෙවීමට දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට හා එක්‌සත් ජාතීන්ගේ තාක්‍ෂණික සහය ලබා ගැනීමද ක්‍රියා කරන බව යේමනයේ මානව හිමිකම් ඇමැතිවරයා පවසනු ලැබීය.
සවුදි රජය ඊට එකඟ විය. යේමනයේ රජයට සවුදි අරාබියාව සහය දක්‌වයි. ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාර්තාවෙන් පසුගිය මාර්තු මස සිට යේමන් සිවිල් වැසියන් 2355 ක්‌ මියගොස්‌ ඇතැයි අනාවරණය කර තිබුණි.
එහෙත් විදේශ විනිසුරුවන් සහිත ජාත්‍යන්තර විමර්ශන යෝජනාව ඉල්ලීම බටහිර රටවල් හිටිහැටියේම ඉල්ලා අස්‌කර ගත්හ.
මේ නිසා මානව හිමිකම් කවුන්සිලය නටවන්නේ කවුදැයි සනාථ විය.
ඇමරිකානු තානාපතිහි සමන්තාපවර් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට හදිසි සන්දේශයක්‌ එවමින් යේමනයට සහනාධාර යෑවීම සඳහා සවුදි රජය ගත් තීරණයට ඇමරිකාව සහය පළ කරන බව කියා සිටියාය.
සමන්තාපවර් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන පැවසූවේ යුද අපරාධ විමර්ශනයක්‌ සිදුවිය යුතු බවයි.
එසේම ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ද යේමනයට එරෙහි යෝජනාව ඉල්ලා අස්‌කර ගැනීම ගැන වචනයක්‌වත් පැවසූවේ නැත.
ශ්‍රී ලංකාව සිදු කළ බවට චෝදනා එල්ල කර පොදු රාජ්‍ය මණ්‌ඩල විනිසුරුවරුවන්ගෙන් යුත් විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි පැවසූ මානව හිමිකම් කොමසාරිස්‌ගේ දෙබිඩි පිළිවෙත මින් සනාථ නොවන්නේද?
මේ අතර සවුදි හමුදා සහ යේමන් හමුදා එක්‌ වී හූති ගරිල්ලන්ගේ පාලනය යටතේ පැවැති චාට්‌ අල් මස්‌ඩාච් සමුද්‍ර සන්ධිය සිය පාලනය යටතට ගනු ලැබීය.
මෙවන් ක්‍රියාදාමයක්‌ ගෙන් තහවුරු වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දෑතේ නැමෙන රූකඩයක්‌ බවයි.
එහෙත් ඉන්දියාව නැටවීමට මානව හිමිකම් කොමසාරිස්‌ට හා ඇමරිකාවට නොහැකි විය.
ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව සැසිවාරයට ඉදිරිපත් කර ජාත්‍යන්තර හයිබ්‍රිඩ් විමර්ශනයක්‌ පැවැත් විය. යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ තරයේ පවසන අවස්‌ථාවේ ඉන්දීය තානාපතිවරයා අසුනේ සිටියේ නැත.
ඒ ඇමරිකානු යෝජනාව යම් දිනෙක තමන්ට පාරාවලල්ලක්‌ වන බව ඉන්දියාව දන්නා නිසාය.
අපේ අසල්වැසි රට වු ඉන්දියාව එකී යෝජනාව ඉදිරිපත් කිරීමට සහය වුයේ නැත.
ඉන්දියාව මෙම තීරණය ගනු ලැබුවේ කාශ්මීරයේදී ඉන්දීය හමුදා නිලධාරීන් 800 ක්‌ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට වාර්තා වී තිබූ නිසාය.
මෙම පසුබිම මැද යේමනයේ මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ඉල්ලා අස්‌කර ගත්තේ මන්දැයි කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක්‌ මානව කොමසාරිස්‌ගෙන් ප්‍රශ්න කළේ නැත.
කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා සංචාරයෙන් පසු මහ කොටි දෙදෙනෙක්‌  කැනඩා අත්අඩංගුවේ
කීර්ති වර්ණකුලසූරිය
යුද අපරාධවලට සම්බන්ධ යෑයි හෙළිවූ ප්‍රධාන කොටි ක්‍රියාකාරීන් දෙදෙනකු කැනඩා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් 2010 දී සන්සි නමැති කොටි නැවෙන් කැනඩාවට පැමිණ තිබේ.
සරණාගතයන් ලෙස දක්‌වමින් කැනඩාවට පැමිණි මොවුන් දෙදෙනා අන්තර්ජාතික පොලිසියේ ලැයිස්‌තුවටද ඇතුළත්වී ඇත.
ජෙගන් හා ක්‍රිෂ්ණන් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන මොවුන් කොටින්ගේ චාල්ස්‌ ඇන්තනි බළකායේ සේවය කර ඇත.

මෙරට කටයුතුවලට ස්‌විස්‌ අතපෙවීම් දැඩි වෙලා
කීර්ති වර්ණකුලසූරිය
ස්‌විස්‌ටර්ලන්ත රජය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතළ ලෙසින් මැදිහත්වන බව හෙළිවී ඇත.
ශ්‍රී ලංකාවේ දණ්‌ඩ නීති සංග්‍රහය වෙනස්‌ කිරීම හා ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ස්‌විස්‌ රජය මෙරටින් ඉල්ලා තිබේ.
මෙකී ඉල්ලීම් මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර ඇත.
එහෙත් ස්‌විස්‌ රජයේ ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළකර නැත.

කොටි හිතවාදීන් ජිනීවා
ගෙන්වන ‘සෙන්නිල්’ හෙළිවේ

කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඊලාම්වාදීන් ගෙන්වීමට අරමුදල් වැය කරන ප්‍රධාන පුද්ගලයා සෙන්නිල් නමැත්තකු යෑයි අනාවරණය වී ඇත.
අරමුදල් සපයන මොහු ගැන මෙතෙක්‌ හෙළිවී නොතිබිණි.
සෙන්නිල් ගැන හෙළිවී ඇත්තේ බ්‍රිතාන්‍ය මන්ත්‍රී ලී ස්‌කොට්‌ විසින් අරමුදල් සපයන ලෙස ඉල්ලා සෙන්නිල්ට යෑවූ හදිසි එස්‌. එම්. එස්‌. පණිවුඩයකිනි.
ජිනීවා වෙත පැමිණෙන බ්‍රිතාන්‍ය තමිල්නාඩු සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට ඉඳුම් හිටුම් ගුවන් ප්‍රවේශපත්‍ර ප්‍රවාහන පහසුකම් සපයන්නේ සෙන්නිල් යෑයි අනාවරණය වී ඇත.
ඔහු මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව විදේශිකයන් 34 ක්‌ ජිනීවා වෙත ගෙන්වා තිබිණි.

ජිනීවා කවුන්සිලයේ කණ්‌ඩායම් 6 ක්‌ ශ්‍රී ලංකාවට එති

කීර්ති වර්ණකුලසූරිය
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කණ්‌ඩායම් 6 ක්‌ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
මෙම කණ්‌ඩායම් හය පැමිණෙන්නේ ජිනීවාහිදී සම්මත වූ යෝජනාව ගැන ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමටය. මෙකී කණ්‌ඩායම් එම යෝජනාවේ සඳහන් කරුණුවලට අදාළ ක්‍ෂේත්‍ර ගැන ද සොයා බලනු ඇත. ජිනීවා යෝජනාවේ ප්‍රගතිය ගැන ශ්‍රී ලංකා රජය 2017 මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සමාව දෙන්න බෑ Courtesy Island)
නවිපිල්ලේ බැනගෙන බැනගෙන යයි

ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක්‌ දිය නොහැකි බවත් ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ආණ්‌ඩුවකට එලෙස සමාව දීමට කිසිසේත් හැකියාවක්‌ නැති බවත් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මහත්මිය පැවසුවාය.

ජිනීවාහි යෝජනාව සම්මත වීමෙන් පසුව මේ බව පැවසූ නවිපිල්ලේ කිසිදු යුද අපරාධයකට මුක්‌තිය ලැබෙන්නේ නැතැයිද කීවාය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන් හතළිස්‌ දහසක්‌ ඝාතනය වී ඇති බව පැවසූ පිල්ලේ මහත්මිය ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට සහාය වීම ගැන චෝදනා කළාය. එල්. ටී. ටී. ඊ. සංවිධානය ගැන කිසිදු වචනයක්‌ සඳහන් නොකළ නවිපිල්ලේ පසුගිය රජයේ අරමුණ වී ඇත්තේ ද්‍රවිඩ කණ්‌ඩායමක්‌ විනාශ කිරීම බවද කියා සිටියාය.

ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත ගෙන යැමට ක්‍රියා නොකිරීම ගැනද ඇය චෝදනා කළාය.

ඇමරිකානු යෝජනාවෙන්
අරමුණු ඉටු නොවී දෙමළ සන්ධානය කම්පා වේ

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
ඇමරිකානු යෝජනාව මගින් උතුරේÊසිටින සියලු හමුදා සේනාංක ඉවත් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධාන දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.
ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචJද්‍රන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි ශ්‍රීධරන්, ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගඡේJද්‍රකුමාර්Êපොන්නම්බලම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් ඇතුළු පිරිස මේ නිසා දැඩි කම්පනයට පත්ව තිබේ.
උතුරේ සිටින හමුදා සේනාංක ඉවත් කළ යුතු බවට ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබිණි.
දේශීය පරීක්‍ෂණයකට පෙර උතුරින් හමුදාව ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියා. එය අපේ මූලික අවශ්‍යතාව බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නා. යෑයි සුරේෂ් ප්‍රේමචJද්‍රන් පැවසීය.
ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ නිර්දේශ රැසක්‌ ඇමරිකානු යෝජනාවට ඇතුළත් කර නැතැයි ද ඔහු කියා සිටියේය. බලාපොරොත්තු රහිත ලෙස ඊළාම් ඩයස්‌පෝරාවේ ඉල්ලීම් ඇමරිකානු යෝජනාවට ඇතුළත් නොවීම නිසා ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දැඩි නොසතුටට පත් වී ඇත.

ඇමරිකානු යෝජනාව පසුගිය බදාදා ජිනීවා මානව හිමිකම් සැසිවාරය හමුවේ සභාගත කෙරුණ අතර ඊට පෙර ද්‍රවිඩ සන්ධානය, ප්ලොට්‌, ඊ.පී.ආර්.එල්.එµa. සහ ටී.පී.එන්.එµa. පක්‍ෂ ඇතුළු සිවිල් සංවිධාන 40 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් පූර්ණ විමර්ශනයක්‌ අවශ්‍ය බව දන්වා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධ පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම නොකළ යුතු යෑයි ඉන්දියාව ද ඇමරිකානු බලධාරීන්ට දැනුම් දී ඇත.

වාර්තාව ඉදිරිපත් කරන විට ඉන්දියාව නිහඬයි

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් වාර්තාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඉන්දියාව කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. එහෙත් තමිල්නාඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති රාම්දොaස්‌ නමැත්තා පසුපති කසාගම් නමැති රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මානව හිමිකම් සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බව පැවැසීය.
ඉන්දීය තානාපතිවරයා වාර්තාව ප්‍රකාශ කරන අවස්‌ථාවේ මානව හිමිකම් ශාලාවේ අසුන්ගෙන සිටියේ නැත.

ජිනීවා වාර්තාවට සහ යෝජනාවට අපි රැවටුණා
– උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් දිවයිනට කියයි

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් වූ ආකාරය අතිශයින්ම පුදුම සහගතය. ශ්‍රී ලංකාවේ ජනතාවට මේ තොරතුරු වසන් වී තිබුණි. ජාත්‍යන්තර විනිසුරුවන් නඩු අධ්‍යක්‍ෂවරුන් සහ විමර්ශකයන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලයට දැඩි බලපෑම් ඇති කළේ ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයයි.

එසේම මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම සඳහා අවසර දී තිබූ නිල කාල සීමාව ඉක්‌මවා පැය පහකට පසු ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ යුගෝස්‌ලාවියාවෙන් වෙන් වී රටවල් බවට පත් වූ මැසිඩෝනියාව සහ මොන්ටිනියරෝ යන රටවල්ය. එසේම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌විය යුතු බවද එකී යෝජනාවේ සඳහන් විය.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් බෙදුම්වාදය මත බිහි වූ මැසිඩෝනියාව සහ මොන්ටිනියරෝ වැනි රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් වීමයි. මෙකී යෝජනාවෙන් එක්‌සත් ජාතීන්ගේ ආර් 2 පී යන (R2ඡ) යන පිළිවෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇත. මෙම ආර් 2 පී පිළිවෙත තුළින් දක්‌වන්නේ යම් රටක ජන සමූහයක්‌ සංහාරයට ලක්‌වන්නේ නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමේ හැකියාවයි.

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හතර සභාගත කළ ශ්‍රී ලංකා යෝජනාව පිළිබඳව කපටි කමක්‌ කර තිබුණි. ඒ විදේශ විනිසුරුවන් වෙනුවට පොදු රාජ්‍ය මණ්‌ඩල විනිසුරුවන් ස්‌ථාපිත කළ යුතුය යන්නයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පසුගිය බ්‍රහස්‌පතින්දා සවස 5 දක්‌වා කල් දැමිය යුතු යෑයි සාමාජික රටවල් කළ ඉල්ලීමටද මානව හිමිකම් කොමසාරිස්‌ගේ අනුමැතිය ලැබුණි. එහෙත් යෝජනාව ඉදිරිපත් වූයේ සවස 6 ටය.

මෙම යෝජනාව පිළිබඳව ඉන්දියාවද අපූරු ප්‍රකාශයක්‌ කළේය. අපි යුක්‌තිය සඳහා සහය වන්නෙමු. එසේම ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට ගරු කරන්නෙමු යෑයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක විනාස්‌ ස්‌මාරන් පැවසීය.

යුක්‌තිය ගැන කතා කරන ඉන්දියාව තම සාම හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන යුක්‌තිය ඉටු කළ යුතු බව ප්‍රකාශ කර නැත. එසේම ඉන්දීය හමුදාව රන්දෙවොල මෙහෙයුමේදී මරුමුවට පත් සිවිල් වැසියන් වෙනුවෙන් යුක්‌තිය ඉටු කළේ නැත.

පිටු හයකින් සමන්විත මෙම ශ්‍රී ලංකා යෝජනාව ඇමරිකානු ආරක්‍ෂක ක්‍රමවේදයේ තවත් පියවරකි.

මෙම යෝජනාව අනුමත කිරීම සඳහා සැප්තැම්බර් 30 මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පෙර සෙන්ටර් ෙµda ජස්‌ටිස්‌ ඇන්ඩ් එකවුන්ටබලිට්‌ නැමැති සංවිධානය ජිනීවා ඇමරිකානු නියෝජිත කෙයින්හාපර් වෙත හදිසි සන්දේශයක්‌ යවමින් මෙලෙස පළ කර තිබුණි.

“ගතවූ වසර දෙක මුළුල්ලේ අපි ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සමග එක්‌ව ක්‍රියා කළෙමු. මේ නිසා ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌ ගෙන ආ නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමු.”

මේ සන්දේශයට අත්සන් කර ඇත්තේ එකී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ඩික්‌සන් ඔස්‌බර්න් නැමැත්තෙකි.

මෙයට සමානව ඊලම් සංවිධාන 11 ක්‌ද මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ලිපියක්‌ යවමින් ජාත්‍යන්තර අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස ඉල්ලා තිබූ අතර ඊට එමානුවෙල් පියනම මෙහෙය වන ගෝලීය ද්‍රවිඩ සංසදය අත්සන් කර නොතිබුණි. මේ අතර ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානය ඇමරිකානු යෝජනාවට මුවාවී ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුත් විමර්ශන මණ්‌ඩලයට කරුණු හතක්‌ ඇතුළත් කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කළේය.

ඒ සඳහා ඔවුන් ලන්ඩන් නුවර ග්ලෝබල් ඩිලිජන්ස්‌ නැමැති නීති සමාගමේ සහය පතා තිබුණි. මෙම නීති උපදේශ අනුව එකී විමර්ශන මණ්‌ඩලයට සිංහල හා ද්‍රවිඩ නීතිවේදීන්ද ඇතුළත් කළ යුතු බව සඳහන් කර ඇත. එසේම ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ රයිට්‌ස්‌ නම් සහ කලෙක්‌ටිව් ඔµa ඩිමෝක්‍රසි වඩාත්ම සතුටට පත් වී ඇත. ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුත් විමර්ශන මණ්‌ඩලයක්‌ පත් කිරීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කිරීම පිළිගන්නා බව ඩොලර්වලින් යෑපෙන එකී සංවිධානය පවසා ඇත. මෙම පසුබිම මැද හිටපු කාටුන් ශිල්පියකුගේ බිරිය වූ සන්ධ්‍යා එක්‌නැලිගොඩ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව “තවත් බෝම්බයක්‌” පතිත කළාය.

” ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී රසායනික අවි භාවිතා කළ බව ඇය පැවසූවේ එකී අවි පාවිච්චි කළ බව සියෑසින් දුටුවාක්‌ මෙනි. එහෙත් භාවිතා කළ රසායනික අවි කුමක්‌දැයි ප්‍රකාශ කිරීමට ඇයට නොහැකි විය. ඇමරිකාව සහ ඉන්දියාව පවා ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බව ප්‍රකාශ කළේ නැත. එසේ නම් ඇය මේ භයානක ප්‍රකාශය කළේ කාගේ අවශ්‍යතාවයටද? තහනම් ආයුධයක්‌ වු තර්මෝ බැරික්‌ අවි පවා කොටිළඟ තිබී හමුවිය. එහෙත් ඇය ඒ බව නොදනී. රසායනික අවි ගැන ඇය නොදන්නා බව පැහැදිලිය.

මේ තත්ත්වය මත තහවුරු වූයේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුමයි. මේ අතර ප්‍රංශයේ සිට සෑම වසරකම මානව හිමිකම් කවුන්සිලයට පැමිණි ශ්‍රී ලංකා විරෝධී ඊළම්වාදියකු වූ තිරුබාහරන් නොහොත් හිඟන තිරුබා මෙවරද මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියේය.

මම ශ්‍රී ලංකාවට පැමිණියා මාව නතර කරන්න කාටත් බැරි වුණා යෑයි මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියා මහත් උජාරුවෙන් පැවසීය. එහෙත් ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සහ ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ද තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌ ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රී කුගන් මෙහෙයවන යුරෝපා ඊලම් ගුවන් විදුලියට මුල්වරට මඩකලපුවේ කාර්යාලයක්‌ ස්‌ථාපිත කිsරීමට හැකි විය.

ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි සාවද්‍ය ප්‍රචාර දියත් කළේ මෙම යුරෝපා ගුවන් විදුලි සේවයයි.

මෙම වාතාවරණය මැද මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශිකා රවිනා සම්සමානී පැවසුවේ කොටින්ට අරමුදල් සැපයූ පාර්ශවවලටද දඬුවම් කිරීම කළයුතු බවයි. එහෙත් කොටි සමග එක්‌ව කටයුතු කළ ද්‍රවිඩ සංධානයට එරෙහිව කිසිදු පියවරක්‌ ගන්නා බව ඇය පැවසූවේ නැත.

මෙකී පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලන්නේ කොටි සමග එක්‌ව ක්‍රියා කළ ද්‍රවිඩ සංධානයයි. මේ ගැන හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගෙන් විමසූ විට ඇය පැවසුවේ ද්‍රවිඩ සංධානයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බවයි. එහෙත් පසුගිය රජය ඒ ගැන ක්‍රියා කළේ නැත.

කෙසේ වෙතත් මෙරට රාජ්‍ය නොවන සංවිධාන, ඊළම් ඩයස්‌පෝරාව සමග එක්‌ වූ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාව අන්තර් ජාතික අධිකරණය වෙත ගෙන යැම සඳහා අතිවිශාල මුදල් සම්බාරයක්‌ වැය කර ඇතැයි අනාවරණය විය.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට මානව හිමිකම් කවුන්සිලය ඇමැතීමට බටහිර රටවල සහයද ලැබී තිබූ අතර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලන අංශය ඒ සඳහා නිර්දේශ කර තිබූ බවද හෙළි විය.

“ලිබරේෂන්” නමින් හඳුන්වන විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයට ලබාදුන් නිර්දේශයක පිටපතක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසදායක පාර්ශවයන් මගින් අප වෙත ලැබිණ.

ඊළම් ඩයස්‌පෝරාවට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක්‌ කිරීමට අවශ්‍ය නම් ලිබරේෂන් සංවිධානයට කුලියක්‌ ගෙවා දේශනයක්‌ පැවැත් විය හැකිය.

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයට බෙංගාලයේ සිටින ඊළම් වාදියකු වූ පෝල් නිව්ටන්ද පැමිණ සිටියේය. ඔහු මානව හිමිකම් කවුන්සිල ශාලාවක්‌ අසලදී තමිල්නාඩුවේ කන්ති රූපවාහිනිය සමග සාකච්ඡාවකට සම්බන්ධ විය. ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවත් අන්තර්ජාතික අධිකරණයක්‌ මගින් දඬුවම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පිහිටි කන්ති රූපවාහිනිය ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම් සැසිවාරයේදී ගනු ලබන තීරණ එම අවස්‌ථාවේම විකාශනය කිරීම හරිහරන් නැමැති මාධ්‍යවේදියා එවා තිබුණි.

එසේම ජිනීවා පැමිණි ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම් සුමන්තිරන්ට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් හමු වී සාකච්ඡා කිරීමටද අවස්‌ථාවක්‌ හිමි විය. මෙයට පෙර ද්‍රවිඩ සංධානයට එවැනි අවස්‌ථාවක්‌ හිමි වූයේ නැත.

ද්‍රවිඩ සංධානය පමණක්‌ නොව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයද ජාත්‍යන්තර පරීක්‍ෂණය පිළිගෙන ඇත. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙස ඉල්ලමින් රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානය අත්සන් මිලියන 1.4 ක්‌ ඇති සංයුක්‌ත තැටි කීපයක්‌ මානව හිමිකම් කවුන්සිලයට බාර දී තිබේ.

එහෙත් මෙයට වසර කීපයකට පෙර ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ සිංහ කොඩි රැගෙන උද්ඝෝෂණ කළ ශ්‍රී ලාංකිකයන් දැන් පෙනෙන්නට නැත. එකී උද්ඝෝෂණවල පසුබිම දැන් අනාවරණය වී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල ශාලාවේදී දකින්නට ලැබුණු සිදුවීම් නම් මේ අතර හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සෂිදරන්. තමිල්නාඩුවේ බෙදුම්වාදීන් සහ ඊළම් ඩයස්‌පෝරා නියෝජිතයන් සහ එක්‌සත් ජාතීන්ගේ ආසියා නියෝජිත මෝරි මුන්ගෝ අතර සාකච්ඡාවක්‌ මානව හිමිකම් කවුන්සිල ශාලාවේදී පැවැත් වූහ.

එහිදී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මෙලෙස ප්‍රකාශ කර ඇත. උතුරු නැගෙනහිර ජනතාව ද්‍රවිඩ සන්ධානයට ජන බලය ලබාදී ඇත්තේ ජාත්‍යන්තර විමර්ශනයක්‌ සඳහායි. ඇමරිකානු යෝජනාවේ මිශ්‍ර අධිකරණ ක්‍රියාවලිය ඇතුළු ඡේද 6 ක්‌ ඉවත් කර ඇත. උතුරේ ජීවත් වන ජනතාව ලක්‍ෂ එකහමාරක හමුදාවට මැදිහත් වී සිටියි. කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව විමර්ශනයක්‌ පැවැත් විය යුතු බවට නිර්දේශ වී තිබේ. එහෙත් ප්‍රශ්න කරන්නේ කාගෙන්ද? මේ ගැන අපි මෝරි මුන්ගෝ වෙත කරුණු දැක්‌වූයෙමු.

මෙම පසුබිම මැද ඇමරිකානු යෝජනාවේ අහිතකර වගන්ති ගැන ප්‍රතිචාර දැක්‌ වූ ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආර්යසිංහද දැඩි දුෂ්කරතාවයකට ලක්‌ විය.

ජිනීවා නිත්‍ය නියෝජිතයාගේ ප්‍රතිචාර ගැන ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෝන් සීසර් දැඩි විරෝධය පල කළේය.

උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන්ද මානව හිමිකම් කවුන්සිල අවන්හලේදී අපට හමු විය.

” මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව සහ ඇමරිකානු යෝජනාව තමා මුළුමනින්ම හෙළා දකින බව ඇය පැවසූවාය.

“අපි යුක්‌තිය ඉල්ලා සිටි නමුත් එක්‌සත් ජාතීන් සහ ඇමරිකාව අපට යුක්‌තිය ඉටු කළේ නැත. යෑයි ආනන්දි තවදුරටත් සඳහන් කළාය. අප එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කෙරේ තැබූ සියලු බලාපොරොත්තු බිඳ වැටුණා යෑයි පැවසූ ආනන්දි සසිදරන් මානව හිමිකම් කොමසාරිස්‌ උතුරේ සිදු වූ ජාති ඝාතන ගැන වාර්තාවේ කරුණු දක්‌වා නැතැයි පළ කළාය.

කොටි සංවිධානය අපරාධ සිදු නොකළේ යෑයි ඔබ සිතනවාද යෑයි අපි ඇගෙන් ප්‍රශ්න කළෙමු. කොටි ක්‍රියාකාරීන් අපරාධ සිදු කළේ නම් ඔවුන්ට එරෙහිව නඩු පවරන්න යෑයි ඇය ඊට ප්‍රතිචාරය දක්‌වමින් කීවාය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress