අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ.. රත‍්‍රන් අශ්වයින්, හෙලිකොප්ටර්, ලැම්බොගිනි පන්නයේම බේගලයක්…
Posted on October 12th, 2015

– BBC

ඔහු මේ බව කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුට අයිති විදේශීය බැංකු ගිණුමක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට යන බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

‘මගේවත් මගේ සහෝදරයන්ගේවත් මගේ දෙමාපියන්ගේවත් කිසිම ගිණුමක් පිටරට නැහැ. අපිට තියෙන වත්කම් මැතිවරණ කොමසාරිස්වරයාටත් පාර්ලිමේන්තුවටත් හෙළි කරලා තියෙන්නේ. මේක ද්වේශ සහගත ලෙස අපිට මඩ ගහන්න කරන දෙයක්.’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුතෙකුට හිමි බැංකු ගිණුමක ඩොලර් බිලියනයකට අධික මුදලක් තිබෙන බවට ඩුබායි බැංකුවක ඉහල නිලධාරීන් මේ වන විට සනාථ කර ඇති බවයි.

අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ.. රත‍්‍රන් අශ්වයින්, හෙලිකොප්ටර්, ලැම්බොගිනි පන්නයේම බේගලයක්…

‘ඒ වගේම මේ ප්‍රභූවරයාගේ තවත් පුතෙකුත් ක්‍රීඩා කරලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ රටටම යාමට අවසර ඉල්ලා තිබුණා අපේ ජනාධිපති තුමාගෙන්. ඒ අවසරය ලබා දුන්නා ප්‍රභූවරයාම කතා කලාම. ඒ අනුව ගිහිල්ලා ඒ ගිණුම් තවත් රටකට මාරු කළැයි කියන කතාව තමයි තිබුණේ.’ ඇමතිවරයා පැවසීය.

විදේශ රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තම පවුලට අපහාස කිරීම සඳහා සාවද්‍ය ප්‍රචාර ගෙන යන බවත් එවැන්නක් තිබේ නම් ඒ බව ඔප්පු කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අභියෝග කරයි.

‘මැතිවරණ කාලේ අපිට රත්තරන් අශ්වයෝ හිටියා, හෙලිකොප්ටර් තිබුණා, ලම්බෝගිනි වාහන තිබ්බා. ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරි උනා. රටේ අපරාධ රැල්ලක් යනවා. කාන්තාවන්, පොඩි ළමයි ඝාතනය වෙනවා. මේවා වසන් කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රාජපක්ෂලා හොරු කියා කියා අපේ පස්සෙන් යන එක.’ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා පැවසීය.

රජයට එල්ල කරන මෙම චෝදනාව රාජිත සේනාරත්න ඇමතිවරයා හමුවේ තැබූ විට ඔහු අභියෝග කර සිටියේ ඒ පිළිබඳව පරීක්ෂණ කරන ඇමරිකානු ආයතනයේ වාර්තා අනුව නීතිමය පියවර ගන්නා විට හැකි නම් ඒවා අසත්‍ය බවට ඔප්පු කර පෙන්න වන ලෙසයි.

– BBC

 

5 Responses to “අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ.. රත‍්‍රන් අශ්වයින්, හෙලිකොප්ටර්, ලැම්බොගිනි පන්නයේම බේගලයක්…”

  1. Charles Says:

    I read in an email in an internet forum that the son of the VVIP in question is not Namal Rajapakse but Vimukhti Kumaratunga.

  2. ranjit Says:

    Charles great news. Find the truth.I know you guys have so much experience in Sri Lankan politics and it will not be very difficult to find the truth.

    Kumaratunga’s are all crooks except Wijaya. Choura should be expelled to a far away colony if is true. This shameless woman should be exposed to the world about her corruption and crimes against our Sinhala nation.

    Namal we know about you so just be cool but you should not be a coward and stay put without fighting this evil Govt. You should take the lead and join the Patriots Wimal and group without hanging is Sira’s sarong. We want you to be like your father not like Sira/Wicky combination DUMB AND DUMBER.

  3. Independent Says:

    දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි.. ජාතිවාදී ගැටුම් ඇති කරන්න සූදානම්..

    October 13, 2015 at 8:40 am | lanka C news

    දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි.. ජාතිවාදී ගැටුම් ඇති කරන්න සූදානම්..
    කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක වන දැඩි මුස්ලිම් අන්තවාදයක් ජාතිවාදී ගැටුම් ඇති කරන්න අර අදින බවට බොදු බල සේනා සංවිධානය පවසයි.

    මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපිය මෙසේය.

    බොදු බල සේනා

    පොලිස්පති
    පොලිස්පති කාර්යාලය
    කොළඹ

    පොලිස්පති තුමනි,

    “දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා”

    මේ රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්‍රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්‍රස්තවාදයට පවා එය සම්බන්ද බවත්, මැද පෙරදිග පවතින කනගාටුදායක තත්වයට රට පත් වීමට පෙර මෙම අර්බුදයට විසඳුම් ලබා දිය යුතු බව බොදු බල සේනා කාලයක සිට ප්‍රකාශ කරන බව ඔබ ඉතා හොඳින් දන්නා බව අපගේ විශ්වාසයයි. එහෙත් මෙම ත්‍රස්ත හා අන්තවාදී බලවේග වල විවිධ බලපෑම් යටතේ සිදු වුයේ බොදු බල සේනා හුදෙක් ජාතිවාදී සංවිධානයක් බවට සමාජගත වීම පමණි.

    එහෙත් මේ වන විට අප විසින් ඉස්ලාම් ත්‍රස්තවාදය පිලිබඳ කල ප්‍රකාශයන් සත්‍ය වෙමින් පවතී.
    රටේ අග නගරය වන කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමකි.

    කොළඹ 13 බාබර් වීදියේ දැඩි ලෙස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ජාතික සංවාද කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව පැවසූවේ බාබර් වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය පැවැත්වීමට එරෙහිව අසල මුස්ලිම් පල්ලියේ පිරිස් විසින් ගෙන යන විරෝධතාව සම්බන්ධයෙන් ColomboToday කළ විමසීමක දී. මෙම ගැටුම්කාරී තත්වය පිළිබදව තමන් මුස්ලිම් දේශපාලනඥයන් දැනුවත් කළද ඔවුන් තවමත් මේ සම්බන්ධව ඉදිරිපත් වී නැති බවද ඇමතිවරයා පවසනවා.

    අදාල අන්තවාදී පිරිසගෙන් කෝවිල් පරිපාලක මණ්ඩලයට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් අද පැවැත්වීමට තිබූ වේල් උත්සවයේ කටයුතුද අත්හිටුවා තිබෙනවා.
    මෙය අතිශය භයානක තත්වයකි.

    1) මෙම කෝවිල හා සම්බන්ධ හින්දු භක්තිකයින්ගේ ආගමික නිදහස එනම් ඔවුන්ගේ මුලිකdilantha මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වී ඇත.
    2) මේ මට්ටමට අන්තවාදයක් ගොඩ නැගෙන තෙක් බුද්ධි අංශ හා ආරක්ෂක අංශ හා පොලිසිය ක්‍රියා මාර්ග ගෙන නොතිබෙන බව පෙනී යාම
    3) මෙලෙස හින්දු භක්තිකයින්ට එරෙහිව ජීවිත තර්ජන ඇතුළු ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙද්දී ඒ පිලිබඳ ප්‍රමාණාත්මක පොලිස් මැදිහත්වීමක් දක්නට නොහැකි වීම
    4) මෙම ප්‍රදේශයේ ඉස්ලාමික ෂරියා නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක් ලෙස පවත්වා ගෙන යාම
    .5) රජයේ අමත්‍යවරකුටම, රටේ අග නගරයේදී, ඔහුගේ ප්‍රදේශයකදීම මුස්ලිම් අන්තවාදයට මුහුණ දීමට සිදු වීම හා ප්‍රසිද්ධියේ එය පිලිගැනීමට සිදු වීම

    මේ පිලිබඳ ඔබ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කොට ඉක්මනින් හින්දු භක්තිකයින්ගේ ආගමික නිදහස සුරැකීමට අවශ්‍ය පරිසරය ඇති කිරීම, කෝවිලෙහි උත්සව පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම, ඔවුන්ගේ ජීව්ත වලට ආරක්ෂාව ලබා දීම හා කෝවිල ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පරිසරය ලබා දීම පිණිස කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    එමෙන්ම රටේ පවතින ව්‍යවස්ථාවට හා නීතියට පිටුපා නීති විරෝධීව මෙම කටයුතු කරන අන්තවාදී කල්ලි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් තවදුරටත් ඉල්ලා සිටිමු.

    එලෙසම පසුගිය සතියේ අරනායක බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිම විනාශ කිරීමක් හා නැගෙනහිර ප්‍රදේශයේ පෞරාණික දාගැබක නටබුන් විනාශ කොට කුඹුරු කිරීම ඇතුළු නැගෙනහිර පළාතේ සිදු වන බෞද්ධ විරෝධී කටයුතු පිළිබඳවද විශේෂයෙන් සොයා බලා පියවර ගන්න ලෙස ඉල්ලා සිටිමු.

    එලෙසම රටේ ප්‍රදේශ කිහිපයක ෂරියා නීතිය ක්‍රියාත්මක වන අන්තවාදයට යටත් වූ කලාප කිහිපයක් රහසිගතව ස්ථාපිත කර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ පිලිබඳ වහාම සොයා බලන ලෙසත් ඉල්ලා සිටිමු.

    ඉස්ලාම ත්‍රස්තවාදය පිලිබඳ පසුගියදා අප විසින් ජනාධිපති හා අගමැති වෙත යවන ලද ලිපියක්ද මේ සමග ඔබගේ අවධානයට ඉදිරිපත් කරමු
    .
    ස්තුතියි
    තෙරුවන් සරණයි

    දිලන්ත විතානගේ
    ප්‍රධාන විධායක නිලධාරී
    බොදු බල සේනා

    පිටපත් ,

    ජනාධිපති කාර්යාලය
    අග්‍රාමාත්‍ය කාර්යාලය
    හින්දු කටයුතු අමාත්‍ය කාර්යාලය
    සංස්කෘතික කටයුතු අමාත්‍ය කාර්යාලය
    විපක්ෂ නායක කාර්යාලය
    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
    සියලුම පළාත් සභා මන්ත්‍රීවරු
    කොළඹ නගරාධිපති

  4. Independent Says:

    පොඩී වැරදීමක්. මේක බොදු බල සේනා නොවේ. හින්දු බල සේනා විය යුතුය​..

  5. Independent Says:

    බොදු බලසේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද (13 දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
    ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම හා කුරානයට අපහාස කිරීම පිළිබඳව ඇති නඩුවකට පෙනි නොටිසීම නිසා ඊයේ ඥාණසාර හිමිට නොතීසි නිකුත් කෙරිනි.

    SO, he is being tired for insulting Koran ?
    What else he supposed to do ?
    Koran is not only insulting all other religions but also asking to kill all other followers of all other religions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress