Face the reality – Village Headman’s team – totally incompetent
Posted on October 12th, 2015

Talk of the town

This ignorant  ‘expert’ (see  article below) cannot maintain that things have not improved with MS’s antics.

Incompetent Cabinet with one time dress designer as Minister of Foreign Affairs who is losing his way week to week, Losing friendship with China,  Pakistan, Russia,  Not daring to sack Central Bank chief, Sacking the CJ without a proper procedure, mounting an ever large cabinet,  appointing corrupt individuals as chit MPs ignoring the procedure and ignoring the pre election list and then elevating them to Cabinet, totally haphazard decision making without Cabinet discussion or consensus.  One sided investigations by the special division of the PM wasting  money to sling mud at opponents yet failing to trace the $ 18 Billion ManSam promised to recover.

We have a record of extra judicial activities like most other countries,  Coup in ’62,  Dodampe Mudalali,  many deaths in JVP insurrections, Batalanda torture camp, unusual constitution of ’77 with all power to executive, awards to policemen who beat up politicians and throw stones at CJ’s house, murder of Richard de Zoysa, many terror gangs in the Bandit queen time.  Still we reached a short happy period after demolishing terrorism.  It is laughable to see today Yahapal folks like unemployed son representing SL at UN and another unemployed daughter presiding at Kachcheri meeting.
World will continue to be a nasty place, laws apply differently to rich and powerful US UK Israel or Saudi Arabia and we should not be fooled to think that sucking up to them  is not going to bring us eternal joy.
See the examples of eternal boot lickers Liberia and Sierra Leone.

Subject: We Have to face reality

රුසියාවයි, චීනයයි අපි බේරගත්ත කියලා
අපිට හැමදාම ගමේ චණ්‌ඩිය වගේ ඉන්න බෑ
– ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ශ්‍රී ලංකාව පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව එළිදක්‌වා මේ වන විට දින කිහිපයක්‌ම ගත වී ඇතත්, මේ දක්‌වා දේශපාලන භූමියේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙන්නේ එකී වාර්තාවේ අන්තර්ගතය පිළිබඳවමය. එම යෝජනාවට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු කාරණා පිළිබඳව අප ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටි අතර, එම කරුණු පිළිබඳව වික්‍රමරත්න මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මෙරට පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව මේ වන විට බරපතල විවේචන එල්ල වෙමින් පවතිනවා. එම පසුබිම තුළ ඔබ මෙම යෝජනාවලිය දකින්නේ කෙසේද?

පිළිතුර – යුද්ධය පැවැති කාලයේදීත් එහි අවසන් අදියරේදීත් ඉන් පසුවත් සිදු වූ බව කියන සිදුවීම් පිළිබඳව දිගටම චෝදනා තිබුණා. එම චෝදනා එල්ල කළ සමහර අය චිත්‍රපටිත් නිෂ්පාදනය කළා. ඒ වගේම එම චිත්‍රපටිවල සත්‍ය විකෘති කර ඇති බවටත්, එම චිත්‍රපටිවල අසත්‍ය තොරතුරු තිබෙන බවටත් චෝදනා එල්ල වූවා. ලෝකයේ බොහෝ ගැටුම් වලදී මෙන්ම අපේ රටේ තිබුණ ගැටුම පිළිබඳවත් නොයෙකුත් චෝදනා තිබෙනවා. රජයේ හමුදාවලට පමණක්‌ නොවෙයි, එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් රජය සමඟ කටයුතු කළ සංවිධානවලටත් මෙම චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා ලේසියෙන් බැහැර කරන්න බැහැ. උදාහරණයක්‌ විදියට සඳහන් කරනවා නම් කාම්බෝජයේ කෙමරුච් පාලන කාලයේදී සිදුÊවූ බවට චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳව මේ දක්‌වා නඩු විභාග පවතිනවා. එරට ඒ සඳහා විශේෂ අධිකරණ පිහිටුවා තිබෙනවා. එරට නීතියට අනුව එම අධිකරණ පිහිටුවා තිබෙන එම අධිකරණවල විදේශීය විනිසුරුවන් සිටිනවා. අපගේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස මෙන්ම පසුව බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ නිහාල් ජයසිංහ මහතා එම අධිකරණයේ විනිසුරුවකු ලෙස කටයුතු කරනවා.

විශේෂයෙන් ම ගැටුමක ප්‍රතිඵලයක්‌ ලෙස යම් පුද්ගලයකු මරණයට පත් වුවහොත්, අතුරුදන් වුවහොත් එම සිදුවීමට ගොදුරු වන පුද්ගලයාගේ ඥාතීන්ට අයිතියක්‌ තිබෙනවා තම ඥාතියාට මොකද වුණේ කියන එක දැන ගැනීමට. ඒක අපි බලාපොරොත්තු විය යුතුයි. එම තත්ත්වය අප උතුරු නැඟෙනහිරදී පමණක්‌ නෙවෙයි, 1971 දීත්, 87 – 90 කාලයේදීත් අපට මතකයි.

සමහර මවුවරුන් කඳවුරුවලට පවා ගිහින් හඬා වැළපුණා. පල්ලෙකැලේ එක මවක්‌ තමන්ගේ පුතා හමුදා කඳවුරේ කම්බි වැටෙන් එහා සිටිය බව දැක්‌ක බව ප්‍රකාශ කළා. නමුත් එම තරුණයාගේ ඥාතීන් ඔහු මරපු බව ප්‍රකාශ කළා. මෙයින් පැහැදිලි වන දේ තමයි මෙබඳු සිදුවීම් ඇති වූ පසු, එහි අවසානයක්‌ (ජකදිමරු) දකින්න තිබෙන අවශ්‍යතාවය. ඒ වගේම මේ වගේ දේවල් නැවත නොවෙන්න කළ යුත්තේ කුමක්‌ද යන්න සලකා බැලීම සඳහාත් ඊටත් එහා ගිහින් දඬුවම් ලබාදීම අවශ්‍ය බව ප්‍රකාශ වන අවස්‌ථාත් තිබෙනවා. ඒ වගේ විවිධ හේතු නිසා මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් වනවා. ඒ වගේම දේශපාලනමය කරුණු කාරණා දෙස බලා මෙබඳු ඉල්ලීම් ඉදිරිපත් කරන අයත් සිටිනවා. මෙරට ප්‍රමුඛතම වාමාංශික නායකයකු වන ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරල තිබුණා. මානව හිමිකම් කඩවීමක්‌ සිදු වී ඇත්නම් ඒවා පිළිබඳව සොයා බැලිය යුතුය කියලා. අපගේ යුද්ධය අවසන් වීමෙන් පසුව අපට අවස්‌ථාව ලැබුණ දේශීය යාන්ත්‍රණයකින් ඊට ප්‍රතිචාර දක්‌වන්න. 1971 ප්‍රේමවතී මනම්පේරි සිදුවීම වගේම ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි වගේ උදාහරණ අපට තිබෙනවා. නමුත් එවකට තිබූ රජය අවාසනාවකට වගේ යුද්ධය තමන්ගේ දේශපාලන වාසියට යොදා ගත්තා පමණයි. එම පසුබිම තුළ පැවැත්වූ ඡන්දයෙන් සමානුපාතික ක්‍රමය යටතේ කවදාවත් නොලැබෙන ජයක්‌ ලැබුවා. ඊට පසුව එම බලය පාවිච්චි කරල පාර්ලිමේන්තුවේ 2/3 ක බලය හදාගත්තා. දැත ශක්‌තිමත් කරන බව ප්‍රකාශ කරමින් විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්‌තිමත් කරල ලෝකයේම ශක්‌තිමත් විධායක ජනාධිපති ධුරය ඇති කළා.

එම ආණ්‌ඩුව කටයුතු කළේ ගමේ චණ්‌ඩි කටයුතු කරනව වගේ. ලෝකය සමගම රණ්‌ඩු කරන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක තමයි කරපු ලොකුම වැරැද්ද.

යුද්ධය අවසන් වූ ගමන් මේ රටට ආපු බැං කී මූන් සමඟ ඒකාබද්ධව කළ ප්‍රකාශයෙන් මේ ප්‍රශ්න පිළිබඳව සොයා බලන්න එකඟ වූවා. පළමු මානව හිමිකම් යෝජනාවෙන් ලංකාවට විශාල ඉඩක්‌ දුන්නා. නමුත් කාලයත් සමගම එම තත්ත්වය නැතිකර ගත්ත. ඒ සඳහා ගමේ චණ්‌ඩියකු වගේ කටයුතු කිරීම බලපෑවා.

අපි ජීවත් වන්නේ දූපතක වන්න පුළුවන්. ඒ වගේම මහද්වීපයකට සම්බන්ධ නැති බවත් ඇත්ත. එසේ වුවත් අපි ජාත්‍යන්තර වශයෙන් වගකිවයුතු සාමාජිකයෙක්‌. අපි ලෝකයේ මානව හිමිකම් පාර්ශ්වකරුවකු වී තිබෙනවා. ඒවාට අපගේ අත්සන් බලෙන් අරන් නැහැ. ඒවායේ පාර්ශ්වකරුවකු වී තිබෙන්නේ අපගේ ස්‌වාධිපත්‍ය බලය පාවිච්චි කරලා. ඒ වගේම ජාත්‍යන්තර නීති වගේම සම්ප්‍රදායනුත් තිබෙනවා.

2009 දී ජාත්‍යන්තර වශයෙන් අපට තිබුණ ආකල්පය අපි නැතිකර ගත්තා. දැන් ප්‍රශ්නය ඔඩුදුවලා. එම නිසා තමයි ජාත්‍යන්තර පර්යේෂණයක්‌ දක්‌වා ප්‍රශ්නය දුරදිග ගියේ. නමුත් ජනවාරි 08 ඇති වූ වෙනස නිසා යළිත් අපට ජාත්‍යන්තර හොඳ හිත ඇති කර ගන්න පුළුවන් වී තිබෙනවා. ඒ සඳහා ආණ්‌ඩුව සංහිඳියාව සඳහා මෙවැනි ගැටුම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර තියල තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතරම් ලොකු ප්‍රශ්න නැහැ.

නමුත් අපරාධ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා අපරාධ සිදුවූවා කියන එක ගැන තමයි ප්‍රශ්න මතු වී තිබෙන්නේ. 2009 පසු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ඇති වූQQ බලපෑම හේතු කොට ගෙන ලොකු සැක සංකා ඇති වී තිබෙනවා. ලංකාව තු=ළදීත් එම තත්ත්වය ඇති වී තිබෙනවා. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ව්‍යවස්‌ථාවට පටහැනිව නඩු තීන්දු නොසලකා ධුරයෙන් ඉවත් කළා. ඊට පසුව එම ධුරයට පත් කළේ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධාන නීති උපදේශකයා. එම නිසා ලංකාව තුළත් අධිකරණය තුළින් යුක්‌තිය ලැබේද යන කාරණය පිළිබඳව සැක සංකා ඇති වූවා.

මූලික අයිතිවාසිකම් විෂය සහ නඩු පිළිබඳව මට විශේෂ උනන්දුවක්‌ තිබෙනවා. මම එය අධීක්‍ෂණය කළ විෂයක්‌. ඉස්‌සර සේවාදායකයකු පැමිණ අදාළ කාරණය ඉදිරිපත් කිරීමෙන් පසු 50% කට වඩා ඉඩක්‌ තිබෙන බව පෙනෙනවා නම් අපි උපදෙස්‌ දෙනවා එහෙනම් උසාවි යමු කියලා. නමුත් 2013 න් පසුව ඇති වූ තත්ත්aවය නිසා 50% ක තිබූ අවස්‌ථාව 75% දක්‌වා ඉහළ ගියා. 75% ක අවස්‌ථාව නැති නම් උසාවි ගියේ නෑ. ආණ්‌ඩුවට හිතවත් නීතිඥයන් පවා සිටියේ එම ස්‌ථාවරයේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ප්‍රශ්න මතුවූවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පවරා ගත්තා ජනාධිපති ලේකම් කාර්යාලය යටතට. එම තත්ත්වය යටතේ දේශීය ක්‍රමය පිළිබඳව විශ්වාසයක්‌ තිබුණේ නැහැ. එම නිසා තමයි ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කළ යුතු බව යෝජනා වූයේ. ජනවාරි 08 වෙනස සිදු නොවුණා නම් එය සිද්ධ වෙනවා. එම නිසා තමයි අපිට දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් පසුව අපගේ කොන්දේසියට එකඟ වූයේ.

මෙම කාරණයේදී අපට තිබෙන විශේෂඥ දැනුම මදිවෙන්න පුළුවන් අත්දැකීම් නැති වෙන්න පුළුවන්. එම නිසා අපට අත්දැකීම් නැති ක්‍ෂේත්‍රවලදී විදේශීය සහාය ගන්න පුළුවන්. නමුත් අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව තමයි ඒක කරන්නේ. එම නිසා අපගේ පරමාධිපත්‍යයට හානියක්‌ නොවන පරිදි එබඳු විශේෂඥ උපදෙස්‌ ගැනීමේ වරදක්‌ නෑ.

ප්‍රශ්නය – අපගේ රට රෝම ප්‍රඥප්තියට අත්සන් නොකරපු නිසාත්, අපගේ රටේ සිදුවූ බව කියන යුද අපරාධ විභාග කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ යෝජනාවක්‌ සම්මත වී නොමැති නිසාත්, අපගේ රටට එරෙහිව කිsසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට නොහැකි බව මෙම යෝජනාවට එරෙහිව අදහස්‌ දක්‌වන පාර්ශ්වයන් ප්‍රකාශ කරනවා. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා ජනවාරි 08 සිදු වූ වෙනස නිසා ඇමරිකාවට මෙරට ආණ්‌ඩුව ලවා එම කටයුත්ත කිරීමට හැකි වූ බව, ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර – අපි රෝම ප්‍රඥප්තියට අත්සන් නොකරපු නිසා අපගේ පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙනියන්න බෑ. එසේ කළ හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂණ මණ්‌ඩලයේ යෝජනාවක්‌ සම්මත කර ගැනීමෙන් පමණයි. දැන් එබඳු ප්‍රශ්න පැන නඟින්නේ නැහැ. මොකද මේ වන විට මෙරට මානව හිමිකම් තත්ත්වය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය ශක්‌තිමත් වීම හේතුවෙන් තවදුරටත් ජාත්‍යන්තර ප්‍රජාව අපි පිළිsබඳව ජාත්‍යන්තර අධිකරණවලට යැම හෝ අලුතින් අධිකරණ පිහිටුවීමට උත්සාහ දරන්නේ නැහැ.

ප්‍රශ්නය – අපට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යෝජනාවක්‌ ගෙන ආවොත්, රුසියාව සහ චීනය එයට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කරනවා. එම පසුබිම තුළ අපගේ පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙනියන්නේ කෙසේද?

පිළිතුර – අපි කොහොමද උපකල්පනය කරන්නේ හැමදාම රුසියාව සහ චීනය අපට පක්‍ෂව කටයුතු කරාවි කියලා. ලිබියාවේ ගඩාෆි රුසියාවට සහ චීනයට පක්‍ෂව කටයුතු කළා. එහෙම නම් කොහොමද ලිබියාව ජාත්‍යන්තර අධිකරණයට රැගෙන ගියේ.

ප්‍රශ්නය – ලිබියාව, යුගොස්‌ලාවියාව වැනි රටවල් පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ යෝජනාවක්‌ සම්මත වී තිබුණා. ඒ අනුව තමයි ස්‌ලබොදාන් මිලසොවිට්‌ අත්අඩංගුවට ගැනීම සහ ලිබියාවට බෝම්ම දැමීම සිද්ධ කළේ. නමුත් එම සිදුවීම්වලින් පසුව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා නැවත එබඳු කටයුතු සඳහා සහාය නොලැබෙන බව.

පිළිතුර – ඒක වෙනම කතන්දරයක්‌. ඔය රටවල ස්‌ථාවරයන් සෑම දාම එකක්‌ වන්නේ නෑ. ජාත්‍යන්තර සාධක මත ඔවුන්ගේ ස්‌ථාවරයන් වෙනස්‌ කරනවා. අපට එරෙහිව ඉතාම නරක වාර්තාවක්‌ ආවා නම් තත්ත්වය වෙනස්‌ වන්න ඉඩ තිබුණා. නමුත් දැන් එම ප්‍රශ්නය පැන නගින්නේ නැහැනේ. දැන් අපි එයින් ගැලවී තිබෙනවා.

රුසියාවයි, චීනයයි අපි බේරගන්නවයි කියලා අපිට හැමදාම ගමේ චණ්‌ඩියා වගේ ඉන්න බැහැනේ. වෙනත් ද්විපාර්ශ්වීය සම්බාධක ඇති වෙන්න පුළුවන්. පොදුරාජ්‍ය මණ්‌ඩලයේ අපගේ සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අධිකරණයෙන් ගැලවීම නොවෙයි එකම කාරණය. ජාත්‍යන්තර වශයෙන් අපි නරක ළමයෙක්‌ බවට පත් වුවහොත් වෙනම ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – මානව හිමිකම් කඩකිරීම පිළිබඳව බරපතලම චෝදනා තිබෙන්නේ ඇමරිකාවට. ඔවුන් තමයි අපට එරෙහි යෝජනාවේ පිටුපස සිටින්නේ. ඔවුන් කොහොමද අපේ රට නරක ළමයෙක්‌ කරන්නේ.

පිළිතුර – ඔය අපට බණ කියන රටවල් සහ අපිව ආරක්‍ෂා කරන්න හදන රටවල් වත් මානව හිමිකම් රකිනවද? රුසියාවේ සහ චීනයේ මානව හිමිකම් වාර්තා නරකයිනේ. අපට විරුද්ධව කටයුතු කරන අයගේ වගේම අපිට උදව් කළ අයගෙත් මානව හිමිකම් වාර්තා හොඳ නෑ. එම කාරණයට මම සම්පූර්ණයෙන් ම එකඟයි.

එම නිසා අපට තිබෙන්නේ මානව හිමිකම් කඩන රටවල උදව්වෙන් බේරිලා ඉන්න එක නොවෙයි. අප කළයුත්තේ සමස්‌තයක්‌ ලෙස මානව හිමිකම් රකින රාජ්‍යයක්‌ ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්‌වන සේ කටයුතු කිරීම.

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 

War crimes probe Gotabhaya speaks out

 

by Shamindra Ferdinando  October 6, 2015, 12:00 pm Courtesy Island

Mangala Samaraweera had been Sri Lanka’s Foreign Minister at the time the LTTE resumed hostilities, in Dec, 2005. Having helped the then Premier Mahinda Rajapaksa to win the Nov. 2005 presidential polls, Samaraweera accepted the vital foreign ministry portfolio.

In accordance with an understanding, with Western powers, President Rajapaksa, soon after assuming presidency, reiterated his commitment to the Oslo-led peace process underwritten Co-Chairs, namely the US, EU, Japan and Norway. Regardless of the government’s commitment, the LTTE gradually stepped-up attacks. The Rajapaksa administration struggled to cope up with the rapidly deteriorating situation.

The LTTE rammed a navy Fast Attack Craft (FAC), off Trincomalee, in early January, 2006.

In late April, the LTTE made an abortive bid to assassinate the then Army Chief Lt. Gen. Sarath Fonseka, in April, 2006.

In August, 2006, the LTTE launched eelam war IV with coordinated attacks in the Northern and Eastern Province. The LTTE smashed through the heavily fortified Jaffna frontline. The government launched a major counter offensive in the Eastern Province to bring the LTTE stronghold, Sampur, under government control. The liberation of Sampur was the first major government success. Close on the heels of the Sampur success, as well as a successful counter attack on the northern front, Foreign Minister Samaraweera reiterated the government’s commitment to a Norwegian peace initiative.

Addressing the Colombo based diplomatic community, on Sept. 8, 2006 Minister Samaraweera stressed the responsibility on the part of the government to meet the LTTE challenge. Addressing the Colombo-based diplomatic corps, Minister Samaraweera said: “I must note here that while, the government would like to show the LTTE that any military aggression, on their part, would entail military costs to them, the government remains committed to the Norwegian arranged Ceasefire Agreement and is vigorously continuing with the constitutional reforms process.”

 

On behalf of President Rajapaksa, Minister Samaraweera offered to resume immediate negotiations to work out a truce (Forces seize Tigers’Jaffna frontline with strap line…any military aggression on their part would entail military costs to them-Foreign Minister Samaraweera-The Island, September 11, 2006).     However, Minister Samaraweera had been severely critical of the Rajapaksas, especially the then Defence Secretary, Gotabhaya Rajapaksa, over the way he prosecuted the of war. Rajapaksa and Samaraweera clashed over the former’s decision to close down the Muhamalai entry/exit point until the successful conclusion of the war, in the northern theater.

Samaraweera switched his allegiance to the UNP, early 2007. Having joined the UNP, Samaraweera waged war on the Rajapaksas for years until he returned to the Foreign Ministry last January. Samaraweera consolidated his hold as he received the same portfolio after the UNP victory at the Aug. 17 parliamentary polls.

Samaraweera, in his capacity as the Foreign Minister on September 14, 2015 declared during the General Debate of the 30th Session of the UN Human Rights Council Geneva: “Defeating terrorism in Sri Lanka was a necessity. Today, we have greater freedom to deal with the causes of terrorism and engage in nation-building and peace building as a result of the cessation of hostilities. The armed forces of our country have been hailed in the past for their discipline and professionalism. However, the reputation of the vast majority of the armed forces was tarnished because of the system and culture created by a few in positions of responsibility.”

President Maithripala Sirisena made an equally important declaration, on September 30, 2015, at the recently concluded United Nations General Assembly New York. For some strange reason, the Sri Lankan media largely ignored President Maithripala Sirisena’s statement as regards the conclusion of the conflict here.

Declaring that Sri Lanka had defeated one of the world’s most ruthless terror outfit, President Maithripala Sirisena said that his country’s experience could be shared by other developing countries, affected by terrorism. Sri Lanka was prepared to engage in an active dialogue with those affected countries and would continue to campaign against terrorism.

The President said that all forms of war and terrorism were a disgrace to humanity. “Whatever their root cause may be, the challenge of this era is to find ways and means of defeating such brutality against humanity. Resorting to terrorism, as a means to solve grievances, as well as action taken to eliminate terrorism, can create problems. Sri Lanka succeeded in eliminating terrorism, which continues to throttle other developing countries, extending from Asia to Africa and Latin America.”

In the wake of Geneva adopting a resolution meant to pave the way for powerful war crimes court to inquire into accountability issues, it would be pertinent to examine the statements made by FM Samaraweera and President Maithripala Sirisena, in Geneva and New York, respectively.

The writer sought former Defence Secretary Gotabhaya Rajapaksa’s assessment regarding a UN mandated fresh investigation into accountability issues here. The Gajaba Regiment veteran strongly opposed an external investigation into Sri Lanka’s war which he quite rightly believed was an internal matter. However, the former Defence Secretary now faced the prospect of a no holds barred judicial investigation never held in this part of the world. It would be pertinent to mention that former US Ambassador in Colombo, Ms Patricia Butenis, called Gotabhaya Rajapaksa a war criminal in a classified diplomatic cable originating from Colombo on January 15, 2010. Butenis also named President Mahinda Rajapaksa, General Sarath Fonseka and Basil Rajapaksa as war criminals.

The following is excerpts of a brief interview with former Defence Secretary Rajapaksa:

Q: Do you really believe the proposed judicial mechanism can help address accountability issues?

A: Execution of surrendering LTTE cadres during the last phase of the offensive on the Vanni east front was one of major accusations directed at the army. Widely dubbed the white flags killings, the allegation brought the Sri Lankan Army to disrepute. There had never been an agreement or an understanding between the government and the LTTE for the latter’s surrender though various interested parties alleged execution of surrendering persons. The proposed court call the then Norwegian Ambassador in Colombo Tore Hattrem (present State Secretary at the Norwegian Ministry of Foreign Affairs) to verify accusations. Hattrem was in Colombo during the 2007 to 2010 period. On the night of May 16th, 2009, Hattrem visited me at my official residence, Baudhaloka Mawatha, where he claimed that LTTEer Pulithevan had offered to surrender along with some other cadres and their families as all senior leaders were dead by then. Hattrem had been in touch with Pulithevan over the phone. However, arrangements couldn’t be made for the surrender as Hattrem failed to get in touch with Pulithevan to know the identities of those willing to surrender. Primary objective of an investigative judicial mechanism is to verify accusations made by various parties.

Q: Who wanted to establish the identities of those wanting to surrender?

A: That decision was mine. In fact, Hattrem sent me an sms informing me of his inability to get in touch with Pulithevan, hence the effort couldn’t proceed. Several hours later, the LTTE made its last desperate bid to breakthrough the army cordon, leading to some of the fiercest fighting during the closing stage of the war. Perhaps, the LTTE wanted to deceive us by offering to surrender while finalizing plans for their final assault. The then head of the ICRC delegation, Paul Castella, can also help ascertain efforts made by concerned parties to arrange surrender of hardcore terrorists. They probably believed we would lower the guard on the front on the basis of their offer to surrender. In fact, US diplomatic cables, originating from its mission in Colombo, released by Wiki Leaks, referred to discussions among the Norwegians, the US, us and ICRC regarding a possible surrender though agreement couldn’t be reached. Those who had been engaged in discussions can be summoned by the much touted war crimes court. Wiki Leaks identified all foreigners involved in talks, therefore there can not be any difficulty in establishing the truth. Norwegian State Secretary Tore Hattrem at the Norwegian Ministry of Foreign Affairs can help verify unsubstantiated accusations regarding ‘white flag’ massacre.

Q: Do you think those demanding accountability, on the part of Sri Lanka, failed to take into consideration vital information in the public domain?

A: A Norwegian investigation into their role in peace initiatives here, during the 1997-2009 period, examined a series of Wiki Leaks cables. The Norwegian report, released in late 2011, acknowledged the examination of US cables pertaining to Sri Lanka. Those responsible for the report admitted that they couldn’t study all cables. Will the proposed war crimes court accept Wiki Leaks cables?

Former Defence Secretary Rajapaksa recalled a note, dated Feb. 16, 2009, sent to Basil Rajapaksa by Norwegian Ambassador Tore Hattrem expressing concern over the fate of those trapped on the Vanni east front. Hattrem’s note to Basil Rajapaksa revealed Norway’s serious concern over the LTTE’s refusal to release the civilians. The following is the Norwegian note, headlined ‘Offer/Proposal to the LTTE’, personally signed by Ambassador Hattrem:” I refer to our telephone conversation today. The proposal to the LTTE on how to release the civilian population, now trapped in the LTTE controlled area, has been transmitted to the LTTE through several channels. So far, there has been, regrettably, no response from the LTTE and it doesn’t seem to be likely that the LTTE will agree with this in the near future.”

The military brought the war to a successful conclusion, less than 100 days later.

Former Defence Secretary Rajapaksa said: “The Norwegian envoy was writing to Basil Rajapaksa on behalf of those countries trying to negotiate a ceasefire between the government and the LTTE, to facilitate the release of civilians, held hostage by the latter. None of those shedding crocodile tears for trapped civilians dared to at least issue a statement requesting the LTTE to release civilians. In fact, the international community knew the LTTE was preventing civilians from taking refugee in the government-held area.”

The war veteran said that the war time UN mission in Colombo could explain to the war crimes court the circumstances under which the LTTE detained Tamil speaking UN employees for helping civilians to escape. When the issue was raised at the UN, in April, 2007, the UNGS spokesperson admitted that their Colombo mission deprived New York of information regarding the unprecedented development. During the latter stages of the fighting, the LTTE thwarted UN attempts to evacuate all local UNP workers as well as those employed by INGOs and their families, the former Defence Secretary said.

Q: The Global Tamil Forum (GTF) declared that the proposed war crimes court fell far short of their expectations. However, the GTF which is closely working with some Western powers in the human rights issue, asserted that the proposed court could do the needful? What is your take on that?

A: Nothing can be as important as placing all available information, pertaining to the conflict, before the proposed war crimes court. The UN can do away with its confidentiality clause to pave the way for the court to summon all those who had directed accusations against the government of Sri Lanka. Now that we are not in power, there can not be any excuse for them to take cover behind the confidentiality clause meant to prevent verification of accusations contained in the Darusman report for a period 20 years from the date of its release. Darusman report was made public, in March, 2011. Let the Diaspora produce witnesses before the court and prove accusations. People have forgotten that the proposed court is coming into being on the basis of unsubstantiated allegations. Three consecutive Geneva resolutions, in 2012, 2013 and 2014, with the third one paving the way for an external investigation, brought immense pressure on Sri Lanka. Unfortunately, none of the accusations were verified. Any statement supportive of Sri Lanka or seemed contrary to the project undertaken by those who couldn’t stomach the LTTE’s defeat, were conveniently ignored. The international community turned a blind eye to war time US Defence Attache Lt. Colonel Lawrence Smith assertion that there was no basis for accusations regarding battlefield execution of surrendering LTTE cadres. Smith declared that there had never been an organized attempt by the LTTE to surrender. The US statement was made in June, 2011, over two years after the conclusion of the conflict. Smith wouldn’t have made that statement lightly as he was fully aware of war crimes accusations made by various parties. The bottom line is that none of those responsible for Geneva resolutions, an external war crimes report, or the proposal for war crimes court, bothered to inquire into Smith’s statement. In fact, Lt. Colonel Smith’s statement confirmed Tore Hattrem assertion that the surrender of LTTE personnel couldn’t take place due to his inability to contact Pulithevan. It is important to keep in mind that Lt. Colonel Smith was giving a public opinion on an extremely crucial matter over two years after Hattrem’s move. There is no doubt that the US official know about Hattrem’s efforts as throughout that period Norway and US coordinated efforts to work out an LTTE surrender. The plan could have succeeded if not for the LTTE’s stubbornness.

Q: Will you cooperate with the forthcoming investigation?

A: Former President resorted to military action in the wake of the collapse of peace initiatives. The government even accepted Norwegian supervised talks, outside the country, though those who had backed my brother’s candidature, at the Nov, 2005, presidential polls, strongly opposed to the move. The Norway-led Sri Lanka Monitoring Mission (SLMM) blamed the LTTE for initiating major offensive action, in August, 2006. The government didn’t have any other option but to fight for survival. We kept New Delhi informed of the action being taken to neutralize the LTTE threat. At the conclusion of the war, in May, 2009, we were accused of massacring over 40,000 civilians during he final phase of the battle. In my former capacity, as the Defence Secretary, I would like those demanding accountability on our part to specify the so-called final phase. Is it a reference to the period (January 1, 2009, to May 19, 2009) after the army liberated Kilinochchi? British media outfit, Channel 4, Darusman and several other organizations placed the number of persons killed over 40,000, whereas the British parliament was told on September 15, 2011, the killing of 100,000 persons, both civilians and combatants during January-May 19, 2009 period. But strangely, the UK headquartered Amnesty International, also in September, 2011, estimated the number of persons killed at 10,000. How could these be such vast discrepancy in the number of dead? A confidential UN report, that dealt with the situation in the Vanni (August 2008 to May 13, 2009), placed the number of dead at 7,700. But the UN report is yet to be released. Let the proposed court examine all relevant information/evidence to help verify accusations. Thanks to Wiki Leaks, we know that ICRC told US in June 2009 that the Sri Lankan Army could have finished off the LTTE much faster if the civilian factor wasn’t taken into consideration. ICRC quite rightly asserted that the SLA could have minimized its losses had it ignored the civilian factor though it chose not to. We lost nearly 6,000 officer and men during the eelam war IV. Of them, about 2,400 died during January -May 2009 on the Vanni east front. Such heavy losses were evidence of fierce LTTE resistance. Hope, the forthcoming inquiry will help establish the number of LTTE cadres dead.

 

2 Responses to “Face the reality – Village Headman’s team – totally incompetent”

  1. NAK Says:

    This guy is talking a lot of nonsense to justify their pathetic surrender to the Americans.
    Khemer rhuge were terrorists and likewise it is the LTTE that should be subjected to an international court,not the government forces who fought the terrorists. Gaddafi changed his alliance to the west,just as this stupid jahaplana gov, and that is why he did not get protection from Russia or China. Look how Assad in Syria is protected unlike the US or the west who used Gaddifi’s money and instead of paying him back they just bumped him off.

  2. Senevirath Says:

    මුට නමක් කියාපියෝ ජරාපතියය් කියාපියෝ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress