බුදුසසුන රැකගැනීම
Posted on October 21st, 2015

එස්. අකුරුගොඩ

1815න් පසුව, යලිත් වරක් විවිධ උපායන් මගින් රට සුදු අධිරාජ්‍යවාදින්ගේ යටත් විජිතයක් බවට පත්කර රටත් ජාතියත් ආගමත් විනාශ මුඛයට ලක්ව ඇති මොහොතක මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් කටයුතු කරන ආකාරය දෙස රටේ බෞද්ධයින් බලා සිටින්නේ මහත් සoවේගයෙනි.

එහෙත් 1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවුසුමකින් ව්දේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම ඇගයීමට එදා වැඩමකළ කොබ්බෑකඩුව මල්වතු මහනාහිමි අනුගමනය කරමින්, වත්මන් මල්වතු හා අස්ගිරිනාහිමි වරුන් යලිත් රට විදේශීය බලවතුනට යටත්කොට ඇති වත්මන් පාලකයින්ගේ ගුණ ගායනා කරනු දැකීම එතරම් පුදුමයක් නොවේ. හරියටම මීට වසර දසීයකට පෙර සිදුකල ඒ අනුවන කමේ විපාක දැක බලා ගැනීමට ඔවුනට වැඩි කලක් ගියේ නැත. 1818 ඌවේ කැරැල්ල එයට නිදසුනකි.

දෙවන ලෝක යුද්ධයක් නොවන්නට අපට 1948 දී නිදහස නොලැබෙන්නට ඉඩ තිබින. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිරයන්ගේ හුදු දේශපාලන අරමුනු උදෙසා දෙකඩකළ බෞද්ධ වියටිනාමය හා කොරියාවත් ගැන සිතන්න. එවකට 85% බෞද්ධ වූ දකුණු කොරියාව අද බෞද්ධ රටක් නොවේ. මෙයින් වියටිනාමය බටහිරයන් පරදවා තම රට එක් සේසත් නොකළේ නම් වියටිනාමටද දකුණු කොරියාවටවූ දෙයම සිදුවනු නිසැකය.. බටහිරයන් ගේ යටත් වජිතයක්ව පැවති, අදත් ඇමරිකානු බලපෑමට ලක්ව ඇති, පිලිපීනයේ බුදුදහමට සිදුවූ විනාශය තවත් උදාහරණයකි.

එදා 1948දී අපට කිසියම් නිදහසක් සුද්දන්ගෙන් ලැබී, පසුව පනස්හයේ පෙරලිය නොවන්නට අද අප රටේ බුදු දහමටද කොරියාවට හෝ පිලිපීනයට සිදුවු දෙයම වන්නට ඉඩතිබින. 1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.

හැටේ දසකයේ මුල් අවදිය තෙක් රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය ආගමික පාසැල් රජයට නොගත්තේනම් හා එතෙක් රජයේ මුදල් මත යැපුන අනාත මඩම් නතර නොවූයේනම් ඇතැම්විට කොරියාවට වූදේට සමවන්නට අපටද ඉඩතිබුනි. පාසැල් රජයට පවරා ගැනීමත් සමගම 1962දී සිදුවන්නට ගිය හමුදාමය කුමන්ත්‍රණය සාර්ථක වී නම් අද මෙරට බුදු දහමක් තිබේවිද?

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දළදා වහන්සේගේ භරකාරත්වය දරණ තිදෙනාගෙන් දෙදෙනකු බැව් පැවසේ. එම මහනාහිමි තනතුරු ථේරවාද බුදු දහමේ වත්මන් උරුමයද අත්පත් කොට ගෙන සිටියි. එසේ වුවද, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳූ දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට එල්.ටී.ටීය බෝම්බ ගසා වනාශකිරීමට දැරූ උත්සහය, අද අපේ බොහෝ ගිහියන්ට මෙන්ම, ථේරවාද බුදු දහමේ වත්මන් භාරකාරයින්ට පවා අමතකවී තිබීම අවාසනාවකි.

බෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහිව එදා එල්.ටී.ටීය ආරම්භකල විනාශයන් ‘ඹ්නෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවනි’යයි කියමින් දිගටම සිදුකිරීමට ඉඩ හැරියේ නම් අද මෙරට බෞද්ධ සිද්ධස්ථාන තිබේවිද?

එසේම, එම භාරකරුවන්, එදා දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට බෝම්බ ගැසූ එල්.ටී.ටී නායක ප්‍රභාකරන් සමග ඊනියා බියඟුලු සාම ගිවිසුම් ගැසූ හා දැන් එම වියසනයෙන් රට මුදවාගත් විරුවන්ගෙන් පලිගැනීමට බටහිරයනට රිසි පරිදි පහසුකම් සලසාලන අදූර දර්ශී වෛරී පාලනයේ ගුණවයමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම අද මෙරට බුදුදහම මුහුණදී ඇති කනගාටුදායක ඉරනම කියාපායි.

බුදුසසුන රැකගත යුතුය. ඵහෙත් ඵය රැකගත යුත්තේ සසුනෙන් පිටත සිටින සතුරන්ගෙන් පමනක්ම නොවන බැව් පෙනෙන්නට තිබේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress