මේ මාසයේ ටොයි ආතල් සලාකයත් කුඬේ කුඩු.. භූගත මන්දිරය ගැන ඇත්ත කතාව මෙන්න.. [Video]
Posted on October 26th, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ ඉදිකර තිබූ බව කියන භූගත මාලිගාව ගැන හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කලේය.

මේ සම්බන්ධයෙන් කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධ අතිශය සංවේදී තොරතුරු මහජන අවකාශයන් වෙත මුදා හැරීම මගින් වත්මන් ආණ්ඩුව අපේක්‍ෂා කරන්නේ ප්‍රචාරය නම් අප ඔවුන්ගේ තකතීරුකම් ගැන අනුකම්පා කළ යුතු ය.

පසුගිය දා කොටුව ජනාධිපති මන්දිරයේ ඇතැයි කියන භූගත ආරක්‍ෂක කුටිය පිළිබඳ ඡායාරූප මාධ්‍යයට හෙළිදරව් කිරීම කිසිදු අයුරකින් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කළ කටයුත්තක් නොවේ. එවැනි දෙය ජනතාවට අවශ්‍ය තොරතුරු නොවේ. ඉන් සැනසීමට පත් වන්නේ නම් ඒ මේ රටට වෛර කරන ඉතා සුළු පිරිසක් පමණි. අප පසුගිය දා ලියන ලද එජාප පාක්‍ෂිකයින්ට පණිවුඩයක්” යන පෝස්ටුව ලීවේ මොවුන් ගැන ය. එහෙත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ද මෙවන් අපතයින්ගේ තත්වයට ඌනනය වීම අප සැමගේ අවාසනාවකි.

රටක ජනාධිපතිවරයා යනු හුදු පුද්ගලයෙක් නොවේ. එය ආයතනයකි. ආයතනයක් ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නීති රීති පද්ධතියකට යටත් ව ය. වසරකට රුපියල් කෝටී ගණන් ජනතා මුදල් වැය කරන්නේ මේ නිසා ය.ඒ අනුව මහජන සුභ සිද්ධිය තකා මිස ජනපතිවරයාට වුව ජනාධිපති නැමැති ආයතනය සම්බන්ධ තීරණ ගත නොහැකි ය. මන්ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව යනු රටේ ආරක්‍ෂාව ය. සිරිසේන මහතාට වුව එය හිතුමතේ අනතුරට හෙළිය නොහැකි ය. එසේ නම් ඕනෑම ජනාධිපතිවරයෙකුගේ ආරක්‍ෂාවට ඉදිකළ අදාළ භූගත කුටිය හෙළි කිරීම හරහා කර ඇත්තේ එය ඉදිකළ ආරක්‍ෂක අරමුණු සපුරා අවලංගු කිරීමකි. මේ අනුව, මෙම ක්‍රියාව ජාතික ආරක්‍ෂාව මතු නොව ඊට වැය කළ මුදල ද සපුරා අපතේ යැවීමකි.

අපි අවධාරණය කරමු. සිරිසේන ජනාධිපතිවරයාට හා මේ ආණ්ඩුවට මහින්දට පහර නොදී තම පැවැත්ම සාදාගත නොහැකි නම් කළ යුත්තේ මෙවැනි දෙකයි පනහේ ප්‍රචාරක උපක්‍රමවල සරණ පැතීම නොව, තමන් වේදිකාවල බෙරිහන් දුන් යහපාලනය ක්‍රියාවට නැංවීම ය.

– මහින්ද පතිරණ

3 Responses to “මේ මාසයේ ටොයි ආතල් සලාකයත් කුඬේ කුඩු.. භූගත මන්දිරය ගැන ඇත්ත කතාව මෙන්න.. [Video]”

  1. Jag Says:

    Excellent write up Mahinda.

    Gon siraa can’t stop pissing upwards with his dirty mouth wide open, because that’s what he is. He can never transform to become a ”Statesman” from being a regular ”Graamayaa” the village crook.

    The best way of describing him is ”adu kaley selavey”..!

    He will continue to display his moronic self as long as he is in politics.

  2. NAK Says:

    The trouble is ‘there is no medecine for stupidity’
    Today Sa’gala’made another stupid claim by saying that Mahinda was lieing and that there are no bunkers under the ‘Temple trees’ but they are in search if there is one that was built by Chandrika.Ranil is going mad!

  3. Vis8 Says:

    Well done, Mahinda!…..

    The yahapalanaya has no other things to do? What a joke. They are bankrupt morally, and are facing an unprecedented rise in dissent even amongst those who voted for them. They can only distract the foolish and gullible with this kind of BS. Sri Lankans are waking up to the reality: this ‘government’ is totally incapable.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress