කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක්ද​?
Posted on October 31st, 2015

Dr Ruwan M Jayatunge M.D.

කෑගල්ලේ ජයතිලක යනු 1971 වසරේදී තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ජවිපේ සාමාජිකයෙකු විය.   ජයතිලක   71 කැරැල්ලේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම්  පුද්ගලයා මරා දමන ලදි. එකල මෙවැනි ලාබාල සිසුන් ව්‍යාපාරය විසින් හඳුන්වන ලද්දේ රතු ගැටවු වශයෙනි. මෙම රතු ගැටවු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඝාතන කළහ​. එවැනි රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය​. මෙම රතු ගැටවු ලංකාවේ මුල්ම ළමා සොල්දාදුවන් ලෙස නම් කල හැකිය​. 

කෑගල්ලේ ජයතිලක පබිලිස් ඝාතනය කිරීම  පිළිබඳව  71 කැරැල්ලේ කැරලිකරුවෙකු වූ  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස් ගේ  පණ ඇති දෙවිවරු අත් පිටපතේ සඳහන් වන්නේ මෙසේය​. 

childsoldier

ජනතාවගේ නිශ්කරිය කාලය අවසන් වෙමින් පැවතුණි. ඔවුන් රතිවිප්ලවය දෙසට අකර්ෂණය වෙමින් සිටින අයුරු නන් දෙසින් විද්යාමාන විය. පිටාර ගලා යමින් පවතින රතිවිප්ලවීය චණ්ඩ මාරුතයෙන් ආරක්ෂා වීමට, අපි දහසක් දේ කළෙමු.  රතිවිප්ලවවාදීන් ලෙසින් සංවිධානය වෙමින් පැවති ජනතාවට, අනතුරු හැඟවීම බෙහෙවින් කාලෝචිත උපකරමයකි. අනතුරු හැඟවීමට අප රථමයෙන් තෝරා ගත්තේ, පරගම්මන ගමේ පැරණි පොලිස් ඔත්තුකරුවා වූ පබිලිස්ය. ඔහු තෝරා ගත යුතු යැයි යෝජනා කොට සිටියේ සෝමෙ අයියා විසිනි

සෝමෙ අයියා පක්ෂයට සම්බන්ධ වීමට පෙර නීති විරෝධි අරක්කු පෙරමින්, අලෙවි කරමින් ජීවත් වූවෙකි. ඔහු පබිලිස් සම` උරණ වී සිටියේ ඉතා දිගු කාලයක සිටය. පොලීසිය ඔහු ලූහු බැඳ ආවේ පබිලිස්ගේ ආධාරයෙනි.  සෝමෙ අයියා පබිලිස් ගේ නම යෝජනා කරන විට, එයට එරෙහි වීමට හැකි මනෝභාවයක් හෝ ශක්තියක් කිසිවෙකුට නොතිබිණි. ඔහු අප සේනාංකය මෙහෙයවූ එක් සටන්කාමී නායකයෙකි.  පබිලිස් මේ කාලය වන විට ( පූර්ව විප්ලවීය සමයේ ) නොවැදගත් පොලිස් ඔත්තුකරුවෙකු වී සිටියේ, සාම්පරදායික සමාජයේ ඔත්තු හැරුණු කොට, විප්ලවවාදී ව්යාපාරයකට සූක්ෂ්ම ලෙස ඇතුලූ වී ඔත්තු බැලීමට ඔහුට හැකියාවක් නොතිබූ බැවිනි. පොලීසියට තවදුරටත් සාම්පරදායික ඔත්තු ( කසිප්පු කරුවන් ඇල්ලීමට අදාල තොරතුරු වැනි දේ)අවශ්යව නොතිබීම හේතුවෙන්, පබිලිස් නොවැදගත් පුද්ගලයෙකු බවට පත් වී සිටි අතර හේතුව නිසාම, ඔහුට මෙතෙක් පැවති පොලිස් රැකවරණයද අහිමි වී තිබිණි.

 ගරු විනිසුරුතුමනි

 ජයතිලක එක් උදෑසනක රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාතරියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.

 ගරු විනිසුරුතුමනි

 පරපීඩක කාමුකත්වයෙන් ආවේශ වූ අපි ජයතිලකගේ විප්ලවීය කැපවීම අගය කළෙමු. තෝලන්ගමුව මධ් මහා විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්යත්වලාභි දහසය හැවිරිදි ශිෂ්යයා, අප අතර නමක් දිනා ගත්තේ එලෙසය. ඔහු අනුව යමින් විප්ලවයේ උපරිම හැකියාව රදර්ශනය කිරීම සඳහා තවත් බොහෝ දෙනෙකු ස්වකීය පංති වෛරය නිදහසේ මුදා හැරියෝය.     (පණ ඇති දෙවිවරු  –විල්ෆ්රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්)

2009 වසරේදී 71   කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්  මා හට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය​. එහිදී ඔහු මෙසේ පවසයි. 

බෝගම්බර සිර ගෙදර සිට මාව අම්පාරේ දඩයම්තලාව ප්රදේශයේ අත්අඩංගුවට පත් අවුරුදු 18 අඩු කැරලිකරුවන් සඳහා පවත්වාගෙන ගිය සිර කඳවුරකට ගෙන ගියා. මෙහි පහසුකම් පවා හොඳයි. ක්රීඩා කිරීමට පවා ඉඩ පහසුකම් සපයා තිබුනා. මේ කඳවුරේ සිටියදි මම පළා යාම සඳහා උපක්රම අධ්යයන කළා. මගෙ සහායට ජයතිලක හා කරුණාදාස එකතු වීම වඩාත් පහසුවක් වූ බව කිව යුතුයි. ජයතිලක කැරැල්ල අවස්ථාවේ දී පබ්ලිස් නම් සිවිල් පුද්ගලයා ඝාතනය කිරීමට හවුල් නිසා ඔහුට මෙම කඳවුරින් පැන යාමට තිබුනෙ විශාල උවමනාවක්. එම නිසා එක් රාත්රියක අපි තිදෙනා සිරකඳවුරේ මරුවැල පොටක් ආසන්නට ගියහොත් වෙඩි තැබීමට බලය දී තිඛෙන කම්බි හරහා ගොස් කඳවුර අසල වන ලැහැබේ සැඟවී සිටියා.

මුලූ දහවල හා හවස් වරුවේ අපි සැඟවී සිටියේ කුඩා වන රොදේ. හවස අඳුර සමග අපි ගම හරහා ගමන් කළා. ගැමියන් අප ලූහුබැඳ ඒම නිසා කරුණාදාස අපේ කන්ඩායමෙන් මඟ හැරීම මට විශාල ගැටළුවක් උනේ කරුණාදාසට බාහිර සබඳතා ගනණාවක්ම තිබ්බ නිසයි.

අන්තිමට මම හා ජයතිලක අම්පාරේ සිට ධාවනය වූ ගෝනාගොල්ල බස් රථයට නැග්ගා. උහන නගරයේ පිහිටි මගේ නැන්දා කෙනෙකුගේ ගෙදරකට යාම තමයි මගේ අදහස වුයේ නැන්දාගෙන් මග වියදමට මුදල් ලබා ගත් මා ජයතිලක සමග මිණිපේ ඔහුගේ ඥාතියෙකුගේ ගෙදර ගියා. එහි දවසක් පමණ ගත කල අපි යළි මහනුවරට පැමිනියේ කරුණාදාසගේ ගෙදරට යාමටයි.

ගම්මානයේදි අපි දෙන්නාගෙන් දුරස් වූ කරුණාදාස වෙනත් පාරකින් පැන ගොස් තිබ්බා. ඔහුව හමුවූ පසු මම යළි දෙමව්පියන් බැලීිමට ගෙදර ගියා. මා දැකීමෙන් දෙමාපියන් සතුටු උනත් මොහොතකදි සතුට භීතියක් බවට පරිවර්තනය උනේ මා පසු පස පොලිසිය හා හමුදාව ලූහු බදින නිසා. එබැවින් මම වැඩි වෙලාවක් ගෙදර ගත කලේ නැහැ. සමාජයෙන් හා තමන් හදා වඩාගත් දෙමාපියන්ගෙන් ප්රතික්ෂේප වීමට බල කෙරුණු මම තීරණය කළා කාගම අවසන් නොකරපු ඉලක්කය, විල්පත්තු ගමනට යළි යන්නට. මෙවර මම එහි යන්නේ නිරායුධ වෙස් වලාගත් කැරලිකරුවකු ලෙස.

මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් අපිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ පොල්ගහවෙල පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. මෙවර අපිව දැම්මේ මඩකලපු බන්ධනාගාරයට. බන්ධනාගාරයේ ෙජ්ලර්වරයෙක් හිටියා සාතන් වගේ ඔහු පරපීඩකයෙක් පහර දෙන විට සිරකරුවන් නඟන ලතෝනිය ඇසීමෙන් ඔහු විශාල වින්දනයක් ලැබුවා. අපිව මඩකලපුව බන්ධනාගාරේ රඳවා තිබුනෙ මාසයක් වගේ කාලයක්. මේ කාලය තුලදි මේ පරපීඩක නිලධාරියා අපට හිතේ හැටියට පහර දුන්නා. වරක් ඔහු අපේ ගුද මාර්ග වලට බැටන් පොළු එබුව නිසා දින ගණනක් නොකඩවා රුධිර වහනය උනාඅපි වැසිකිලි ගියේ වේදනාවෙන් මිරිකෙමින්

මේ සිදුවීම් වලින් පසු  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්  හැමන්හිල් සිර කඳවුරට ගෙනයනු ලැබීය​. කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක් ද යන්න විස්තර කෙරෙන්නේ නැත​. 2009 වසරේදී කෑගල්ලේ ජයතිලක පිලිබඳ විමසූ විට ඔහු සිටින්නේ කොහේද යන්න  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්  දැන සිටියේ නැත​. 

අධ්‍යාපනයද කඩාකප්පල් වූ කෑගල්ලේ ජයතිලක අද අවුරුදු 60 ක තලත්තෑනි පුද්ගලයෙකි. ඔහු කොහේ හෝ අප්‍රකටව ජීවත් වෙනවා විය හැක​.ඔහු ගැන කිසිම තොරතුරක් දැනගන්නට නැත​. නමුත්  දේශපාලන මතවාදයක් නිසා තමාගේ පියාටත් වඩා මහළු මිනිසෙකුට උදැල්ලකින් පහර දී මරා දැමීම පිළිබඳව ඔහු රහසින් පසුතැවිලි වෙනවා විය හැකිය​. 

4 Responses to “කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක්ද​?”

  1. Independent Says:

    තමා පමණක් නොව දහස්ගනනක් තරුණයින් මතු ජීවිත අනන්ත අප්‍රමාණ දුකට පත්කළ රෝහණ විජේවීර වීරයෙක් ද ?

  2. Independent Says:

    නැතිවූ පංති වයිරය වෙනුවට දැන් වාංචනික හොර තක්කඩියන් විසින් බොරු ජාති ආලයක් බිහි කොට ඇත​. ඒ වුනත් දැන් හැදෙන එවුන් මෙතරම් මෝඩ නොවේ. මෙයින් වන්නේ සැබෑ ජාතිකත්වය විනාශවී ගොස් අපි නැවත පරගැතියන් වීමයි. ​

  3. Independent Says:

    ඔත්තු සපයන්නන් වදදී ඝාතනය කිරීම රට ජාතිය බේරාගැනීමක් ලෙස පිටරටවල සිටින උගත් නූගත් මෝඩයින්ට ඒත්තු ගැන්වීම කලේ කවුද ?
    ප්‍රභාකරන් කලේත් මෙයම නොවේද ?
    මෙවැනි මිනීමරුවෝ අද නිදැල්ලේ වෙසෙති. මෝඩයෝ මොවුන් වීරයෝ ලෙස සලකති. එසේ සලකා අසීමිත පව් කරති. බොහෝකලක් නිරයේ දුක් විඳීමට සූදානම් වන්න​.

  4. Ancient Sinhalaya Says:

    We can imagine what happened to him under catholic-run UNPatriotic party. Since jvpers were all Buddhists
    they were massacred mercilessly.

    It was diffferent for catholic hitler mala paharan’s catholic tigers of tamil
    dreelam (cttd). Catholic-run UNPatriotic party didn’t want to do anything to hurt them since they were destroying
    Buddhism from the north and east and killing Buddhists. The longer the war went on, more they benefitted.

    You have to give credit to UNPatriotics for fooling the Buddhists with their lies and getting back to power. There are a
    lot of traitor Sinhalese around, so the UNPatriotics job was easy. MR get all this mud slinging from the west, india, UNPatriotics etc. etc. because he is a charismatic Buddhist leader who could revive the country and get rid of the UNPatriotics for good.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress