මන්ත‍්‍රී ගම්න්පිලව අත්අඩගුංවට ගැනීමට සූදානම්.. කුමන්ත‍්‍රණය පසුපස ඇමති චම්පික රණවක..
Posted on November 2nd, 2015

November 3, 2015 at 12:01 am | lanka C news

මන්ත‍්‍රී ගම්න්පිලව අත්අඩගුංවට ගැනීමට සූදානම්.. කුමන්ත‍්‍රණය පසුපස ඇමති චම්පික රණවක..පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පොලිස් මුලස්ථානයේ පිහිටි විශේෂ විමර්ෂණ එකකය කුට ලේඛනයක් සැකසුවාය කියමින් තිස්ස අත්තනායක මැතිතුමා අත් අඩංගුවට ගත් ආකාරයෙන් මාවත් අත් අඩංගුවට ගන්න යන බව පොලිසියේ විශ්වාසනිය තොරතුරු හරහා අපිට දැන ගන්න ලැබුණා. මේ කතාවේ පසුබිම කියුවහොත් තමුන්නාසේලා දන්නවා ඡන්දේ කාලේ මට විරුද්දව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගියා  ජාතික හෙළ උරුමය විසින් බ්‍රයන් ෂැඩික් නැමැති ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් සතු කොටස් වානිජ බැංකුවක කොටස් මම කුට ලේඛනයක් හරහා මම විකුණුවා කියලා.

බ්‍රයන් ෂැඩික් කියන්නේ මිට වසර 20කට ‍පමණ පෙර මම අධ්‍යක්ෂක දුරයක් දැරු සමාගමක අධ්‍යක්ෂක දුරයක් දැරු කෙනෙක්. ඔහු විසින් සිදු කරන ලද දැවැන්ත වංචාවක් නිසා සමාගම බංකොලොත් භාවයට පත්වෙනවා. අපි ඔවුන් සමග අමනාපයි සමාගම බංකොලොත් කලාට. මේ කාරනය අපේ පා.ච රණවක ඇමතිතුමා හොදටම දන්නවා මොකද එතුමා මා සමග කිට්ටු සම්බන්දයක් තිබුණු නිසා. එක නිසා අපේ රටේ සම්ප්‍රධායක් තියෙනවා සුද්දෙක් ඇවිත් දෙයක් කියුවම ලංකාවේ කෙනෙක් කියනවාට වඩා විශ්වාසනීයව  පිළිගන්නවා. ඒ නිසා මේ මා සමග අමනාපයෙන් සිටින බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයා ඔස්ට්‍රේලියාවේ දී ව්‍යාපාර සියල්ල බංකොලොත් වෙලා වයස 71යි සැදැ සමය මුල්‍ය දුෂ්කරතා එක්ක ජිවත් වෙමින් සිටියේ. රණවක ඇමතිතුමාගේ මිත්‍ර‍යෙක් වෙන බර්ටි විදානපතිරණ හරහා මේ බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයා නිව් සවුත් වෙස්ට් ප්‍රන්තයේ ඉන්නවා කියලා සොයා ගෙන ඔහුව සම්බන්ධ කර ගන්නවා. ඒ අනුව පසුගිය ආගොස්තු මාසේ පළමුවැනිදා බ්‍රයන් ෂැඩික් ඔහුගේ පුතා හා බර්ටි විදානපතිරණත් ලංකාවට ඇවිල්ලා හතරටවෙනිදා වෙනකන් කොලොම්බු සිටි හොටෙල් කියන ස්ථානයේ නතර වෙනවා. ඒ හොටලට වෙන් කලේත් හොටලයේ විදයම් තමන්ගේ මාස්ට කාඩ්පත භාවිතා කරමින් පියෙවුවෙත් ජාතික හෙළ උරුමයේ කොලොන්නාව හිටපු සංවිධායක කාවින් කොඩිතුවක්කු මහතා. සියළුම සාක්ෂි මාගාව තියෙනවා.

ඊට ප්‍රථම කාවින් කොඩිතුවක්කු මහතා විසින් බ්‍රයන් ෂැඩික්ට විද්‍යුත් ලිපියක් යවනවා ඔබ ලංකාවට ආවට පස්සේ සි.අයි.ඩි එකේ නිලධාරින් එනවා ඔබ හමුවෙන්න. ඔවුන්ට ඔබ කළ යුතුයි පැමිණිල්ලක් ඒ පැමිල්ලට දැමිය යුතු ආකාරය මේ සමග අමුණා එවා ඇත. (Email Attachment එකක් විදිහට) එකත් මගේ ලග තියෙනවා. ඊට පසු හිල්ටන් හොටලේ දී තියෙනවා මාධ්‍ය හමුවක් ඒ මාධ්‍ය හමුවේ දී කියන්න ඔනේ කරුණුත් මේ සමග අමුණා එවා ඇත. ඒ අනුව මේ අය ඡන්දේ කාලේ එනවා. මේ අතරේ බ්‍රයන් ෂැඩික් අපරාධ විමර්ෂණ කොමිසමට කුට ලේඛන සැකසුවාය කියලා මට විරුද්දව පැමිණිල්ලක් කරනවා. ඒ අනුව සි.අයි.ඩි එක ඉස්සෙල්ලාම යන්නේ ආදාල බැංකුවට ගිහිල්ලා අහනවා මෙහෙම කොටස් හිමියකු සිටියා ද කියලා. පිළිතුර නැත. නැති කොටස් කිසිසෙත්ම මට කුට ලේඛනයක් හදලා මට විකුනන්න බෑ. එක නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව එම පැමිණිල්ල එතනින් නතර කරනවා. එතකොට පා.ච රණවක ඇමතිතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා අත් අඩංගුවට ගන්න ඔනේ නෑ ඡන්ද කාලේ පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කිරීමක් විතරක් කරන්න. ඊට පස්සේ මාධ්‍ය සංදර්ශනය පවත්වන්න පුළුවන්නේ. හැබැයි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව එක බෑ කියනවා මොකද ප්‍රශ්න කරන්නවත් පදනමක් නැති නිසා. කොටස් තිබුණේ නැති කෙනෙක් කොටස් හොරෙන් අරන් කියුව එක හරියට රත්තරං මාලයක් තිබුණේ නැති කෙනෙක් පොලිසියට ගිහින් කියුවම මගේ මාලේ කඩන් ගියෝ කියලා පොලිසිය හොයා ගත්තතොත් එයාට මාලයක් තිබුණේ නෑ කියලා අපහු හොරා හොයන්න යන්නේ නැ. එච්චරට සරලයි.

ඊට පස්සේ ඇමතිවරයා මැදිහත් වෙලා සි.අයි.ඩි එකෙන් මේක විශේෂ විමර්ශන එකකයට මේක මාරු කරනවා. හේතුව තමයි මාව ගෙන්නලා ප්‍රශ්න කරන්න මේක විශේෂ විමර්ශන එකකය කැමති වීම. තමුන්නාසේලාට මතක ඇති ඡන්ද කටේ මාව ගෙන්නලා ප්‍රශ්න කරන්න හැදුවා මැතිවරණ කොමසාරිවරයාගේ නියමයෙන් ඡන්දයේ අවසන් දවස් කිහිපයේ ප්‍රශ්න කරන බෑ ඡන්දයෙන් පස්සේ ප්‍රශ්න කරන්න කියලා කියනවා. ඒ නිසා බලාපොරොත්තු වුන විදිහට වාසියක් ගන්න මැතිවරණ කොමසාරිවරයාගේ මැදිහත් වීමෙන් නොහැකි වුණා.

හැබැයි බොරු පැමිණිලක් ඉදිරිපත් කලාට බ්‍රයන් ෂැඩික්ට එරෙහිව පොලිසිය කටයුතු කල යුතුව තිබුණත් එහෙම දෙයක් සිද්ද වුණේ නෑ. දැන් මේ වන විට ඩිජිටල් නොමිනීස් නමැති ඔස්ට්‍රේලියානු සමාගමේ රුපියල් කෝටි 11ක් වටිනා වාණිජ බැංකුවක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් කූට ලෙස සකසා මා විකුණු බවට තමයි දැන් කතාව හදා ගෙන යන්නේ. කෝටි 11ක් කියන්නේ දැවැන්න මුදලක් පොලිසියෙන් අහන ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න පුළුවන්. කෝටි 11කට මොකද කළේ කියලා ගෙදර නෝනා අහන ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න අමාරු. මේ වන විට කරලා තියෙන පැමිණිල්ල වන කුට ලේඛන හදලා එම සමාගමේ කොටස් විකුණුවා කියන මම එක තරයේ ප්‍රතික්ශේප කරනවා. කිසිම කුට ලේඛනයක් හදලත් නෑ කිසිම නීතිවීරෝධි වැඩක් කරලත් නෑ.

වැදගත්ම වැඩේ තමයි මේ පිළිබද කිසිම කෙනෙක් ඔස්ට්‍රේලියාවෙන් ඇවිත් පැමිණිලි කරලා නෑ. මේ බලපෑම මත තමයි පොලිසිය මේ පැමිණිල්ලේ කටයුතු කරන්නේ. බැවින් මහජන මුදල් වියදම් කර පොලිස් නිළධාරින් ඔස්ට්‍රේලියාවට යැවීමට ද පොලීසිය කටයුතු කරන බව විශ්වාසනීය තොරතුරු ලැබී තිබේනවා. සමහර විට මේ මාධ්‍ය හමුවෙන් පස්සේ ඒ ගමන අවලංගු කරන්නත් පුළුවන්.

අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ සමාගම 2005 දී බංකොලොත් වෙලා වහලාදානවා. දැන් ඒ අය කියන ආකාරයට ව්‍යාජ කුට ලේඛනයක් හදලා ඒ අයගේ කොටස් විකුණුවා කියලා ඒ අය දන්නේ නැත්නම්. ඇයි ඒ අයගේ වාර්ෂික ගිණුම් වල බැංකුවේ මෙහෙම කොටස් අපිට තියෙනවා කියලා දක්වල නැත්තේ. 2005 දී සමාගම ඇවර කරලා වසාදාද්දී සමාගමක් සියළුම වත්කම් හා වගකීම් උසාවියට ඉදිරිපත් කරන්න ඔනේ. ඒ අනුව තමයි වත්කම් විකුණලා වගකිමෙන් නිදහස් කරනවා ඇවර කරුවා විසින්. සමාගම ඇවර කරන වේලාවේ ලංකාවේ වානිජ බැංකුවක කොටස් තියෙනවා කියලා දක්වල නෑ. ඒ අනුව ඔවුන් හදන්නේ සුරංගනා කතා හදලා මාව රිමන්ඩ් බන්ධනාගාර ගත කරන්න. ඔවුන් දන්නවා නඩුවක් විමර්ශනය කරන්න. අවසානයේ මම නිදහස් වේවි. මේකේ අරමුණ තමයි අපිව බිය වැද්දිම හා අපිට පිඩවක් එල්ල කිරීම.

මම ඉතාමත් වගකීමෙන් කියනවා මේක පිටු පස ඉන්නේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පා.ච රණවක ඇමතිතුමන් කියලා. එතුමාන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පසුගිය මැතිවරණයේ දී ජාතික හෙළ උරුමයෙන් අපේක්ෂකයන් හතර දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අපෙක්ෂකයන් හතර දෙනාගෙම මානාප එකතු කරත් මං තනියම ගත්ත මනාප ගාණට වඩා විසිදාහක් පමණ අඩුයි. ඒ නිසා මගේ ප්‍රතිරුපය විනාශ කරන්න ඒ අය උත්සාහයක යෙදිලා ඉන්නවා. මාධ්‍යවේදින් විදිහට තමුන්නසේලා දන්නවා පසුගිය වසර 16කට ආසන්න දේශපාලන ජීවිතය තුල හා මාධ්‍ය ඉදිරියේ ඉන්නවා ඒ කාලය තුල දී මම හොරකම්, මැරකම් හෝ සල්ලාලකම් පිළිබඳ මට චෝදනා එල්ල වී නැත. අවසනාවට එතුමන්ලා එහෙම නැති නිසා මමත් ඒ තත්වෙට ඇදලා දමා දැනිමේ උත්සහායක යෙදිලා ඉන්නවා.

මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න කැමති මේ ආණ්ඩුවෙන්

  1. 1996 සිට 2000 දක්වා වූ කාල පරිච්ඡේදයක සිදුවුණු ගනුදෙනුවක් පිළිබඳව වසර 15ක් වගේ මෙතරම් දිගු කල් පැමිණිලිකරුවන් නිහඬව සිටියේ ඇයි?
  2. මීට පෙර බොරු පැමිණිල්ලක් කළ බ්‍රයන් ෂැඩික්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?
  3. එම සමාගම විසින් රුපියල් කෝටි 11ක් ලංකාවට මුදල් එවූ බවට බ්‍රයන්ට සාක්ෂි තිබේ ද?
  4. කුට ලේඛන භාවිතා කර තමන්ගේ කොටස් විකුණූ බව නොදන්නේ නම් තමන්ට එම කොටස් තිබෙන බව සමාගමේ වාර්ෂික ගිණුම්වල නොපෙන්වූයේ ඇයි?
  5. 2005 දී ඩිජිටල් නොමිනීස් සමාගම වසා දමන විට ලංකාවේ බැංකුවක කොටස් තිබෙන බව වත්කම් ලේඛණයේ නොදැම්මේ ඇයි?
  6. 2005 දී වසා දැමූ සමාගමක් වෙනුවෙන් පුද්ගලයකුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් ලැබුණේ කෙසේද? (එජන්ත නීතිය නැතහොත් agency lowe කියන එකේ තියෙන ඉතා වැදගත් සධකයක් තමයි ප්‍රධානියා මිය ගියහොත් නියොජිකත්වය එතනින්ම අවසන් වෙනවා. සමාගම නැත්නම් සමාගම වෙනුවෙන් පුද්ගලයෙකුට කිසිම විටක ඉදිරිපත් විය නොහැක. ලංකාවේ නෙවෙයි ලොකයේම තියෙන වානිජ නීතිය අනුව)
  7. 19 වන සංශෝධනයෙන් පසු පොලීසිය ස්වාධීන වූයේ නම් දේශපාලකයින් මෙසේ පොලීසියට ඇඟිලි ගසන්නේ කෙසේද?
  8. මා අත්අඩංගුවට ගැනීමට යන්නේ කූට ලේඛණ සැකසූ බවට චෝදනා කර නම් ඊට පෙර ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රුවට කුමාරන් පද්මනාදන්ගේ රුව යොදා කූට ලේඛණයක් සැකසූ රණවක ඇමතිතුමාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?
  9. රණවක ඇමතිතුමාට එරෙහිව පොලීසිය තුල යට ගසා ඇති පැමිණිල්ලක් තිබිය දී පොලිස් කොමිසම පත් කරන ව්‍යවස්ථාදායක සභාවට ඔහුව පත් කිරීම යහ පාලනය ද?

අපි ආණ්ඩුවට හිසරදයක් තමයි. අපි මේ ආණ්ඩුව රටට කරන හානි විනාශය පෙන්වලා දෙනවා. එදා නන්දා මාලිනිය ගායනා කරපු, සුනිල් අරියරත්නයක් රචනා කරපු, පවන ගීත සමුච්චියේ එක තැනක අහනවා අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය සහ විනිසුරන්”. මේ යමපාලන ආණ්ඩුවෙනුත් අහන්න තියෙන්නේ එමපණයි.

– අරවින්ද අතුකෝරල

3 Responses to “මන්ත‍්‍රී ගම්න්පිලව අත්අඩගුංවට ගැනීමට සූදානම්.. කුමන්ත‍්‍රණය පසුපස ඇමති චම්පික රණවක..”

  1. Independent Says:

    ඔබ වරදක් නොකලානම් බය විය යුතු නැත​. අද අගවිනිසරු දෙමල උතුමානන් ජනපතිට පවා දන්ඩුවම් කරනු යැයි අපි බලාපොරොත්තු වෙමු.

  2. Hiranthe Says:

    Well-done Udaya,

    You have to be pro-active like this to beat the bad guys.

    This is where MR failed.

    We value your contribution to Mother Lanka..

    Please publish this in all the daily news papers. If funds are required, there are patriots who are waiting to help you.

  3. Lorenzo Says:

    SL Simo Hayha is the solution. These crooks, child abusers and wife beaters cannot be allowed to rule and ruin SL. Those behaviors better suit ENDIA.

    These crooks have a HUGE advantage because LTTE is not around. IF LTTE was around, these losers would have had a honeymoon with it and by now it would have ended.

    IF these traitors release HARDCORE Tamil terrorists from prison SL Simo Hayha should be UNLEASHED and put the blame on LTTE and those who release them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress