කලාකරුවන්ගේ අභිමානය සුරකිනු,
Posted on November 3rd, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

 ජනතාව විසින් දේශපාලඥයින්ව බලයට පත් කරන අතර, ජනතාව විසින්ම පලවා හැරීමද සිදු කරයි.. කලාකරුවා එවැන්නෙක් නොවේ, කලාකරුවා කලාකරුවෙක් කරන්නේ කවුද? දේශපාලඥයෙක් නම් නොවේ. කලාව තුල දිව්යමය විද්යාවක් ගැබ්ව ඇති අතර, එය සාමාන්ය දේශපාලඥයින්ට අවබෝධ කරගතද නොහැක. කලාකරුවා මුළු ඉතිහාසයටම අඛණ්ඩව සේවය කරන්නෙක් වන අතර, මේ වන විට ඉතිරිව ඇති පැරණි ශිෂ්ථාචාරයන් මේ යයි වර්තමානයට විදහා පෙන්වන්නේ‌, අතීතයේ ජීවත්ව සිටි කලාකරැවන් පරපුරයි. එවන් වටිනාකමක් කලාකරුවෙකු සතුව පවතිද්දී චන්න හා උපුලී යන අග්රගන්යේ කලා කරුවන් දෙපල මහා පරිමාන දූෂණ හා වංචා සෙවීමේ කොමිසමට කැදවා ප්රශ්න කර ඇත.

චන්න හා උපුලී යනු මෙරට ජනතාව සතු ජීවමාන ජාතික සම්පත්ය. රටේ ජාතික සම්පත්, පවතින රජය විසින් මනාව සුරැකිය යුතුය. තවද ජීවමාන ජාතික සම්පත්; ජාතික සම්පත්ය යන පදනමේ පවතින්නේ, ඔවුන් තුල ඇත්තාවූ සුවිශේෂ නිපුනතාවයන් පදනම් කරගෙනය. මේ දක්ෂතාවයන් නිකම්ම නිකම් දක්ෂතාවයන් නොව අති දක්ෂතාවයන්ය. ඔවුන් තුල පවතින මේ දක්ෂතාවයන් විසින් මෙරට ජන මනස පමණක් නොව, විදේශීය, ප්රබුද්ධ ජන මානස තලයන්ද ග්රහණයට ලක් කරගෙන ඇත.

එවන් වටිනා ජාතික වස්තූන් මනා සුරකිනවා වෙනුවට, රජය විසින් ඔවුනට ලබාදෙන ලද කලා කටයුත්තක් සදහා, ඔවුන් ලද මුදල සම්බන්ධව ප්රකාශයක් ලබා ගැනීම සදහා රජය විසින්ම පත් කරන ලද මහා පරිමාණ දූෂණ සෙවීමට පත්කර ඇති කොමිසමට කැදවා ඇත.

ඔවුනට මේ මුදල ගෙවා ඇත්තේ රජය වන අතර, මේ මුදල සම්බන්ධව ප්රශ්න කරන්නේද රජයයි. ගෙවා ඇත්තේ රජය නම් එම මුදල ගෙවීමට ඇති හේතු සාධක රජය සතු විය යුතුය. යම් ගැටළුවක් ඇත්නම් අභ්යන්තර පරීක්ෂණයක් මගින් විසදිය යුතු ගැටළුවක් විසදා ගැනීම සදහා මේ මහා කලාකරුවාව, මෙම කොමිසමට කැදවා ඔහුගේ වටිනා කාලය විනාශ කිරීම සම්බන්ධව අපගේ බලවත් විරෝධය පල කරමු.

ඔහුව මෙම කොමිසමට කැදවීම තුලින් විනාශ කරනු ලැබුවේ ඔවුන් සතු දවසක් හෝ දෙකක් වැනි කාලයක් පමණක් නොවේ. මහා කලාකරුවෙක් නිදහස්ව සිය කලා කටයුතු සදහා යොදන මනසක්ද දිගු කලකට විනා කල බව මේ කැදවීම කලයුතුයයි ප්රතමයෙන්ම යෝජනා කල පුද්ගලයාත් ඊට අනුබලදුන් සියල්ලන්ම වටහා ගත යුුතුය.

හම්බන්තොට වරාය විවෘත කිරීමේ මංගල්යේදී චන්න උපුලී රංගායතනය රුපියල් ලක්ෂ 68 මුදලක් අය කිරීම සම්බන්ධව ප්රශ්න කිරීමට පිහිටුවා ඇති කොමිසමට වැය කරන මුදල ලක්ෂ කීයකින් නවතීදැයි අප ප්රශ්න නොකරමු. නමුත් මෙවන් කලාකරුවෙක්; විශේෂයෙන් රටට ගෞරවයක් අඛණ්ඩව ලබාදෙමින් සිටින කලා කරුවෙක්, රටට විශාල විදේශ විනිමයක් ගලා ඒමේපසුබිම සකස් කරන කලා කරුවෙක්ව කැදවා තමන්ගේ මනසේ නලියන දේශපාලන පලි ගැනීමේ කටයුත්තකට මං විවර කර ගැනීමට දැරූ තැත සම්බන්ධව අපගේ දැඩි අප්රසාදය ජනාධිපතිතුමා වෙත සෘජුවම පල කරමු

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress