සෝමාලියා කොල්ලකරුවන් මෙල්ල කල සාඩම්බර ලක් ව්‍යාපාරයක් අවසානයි.. විදෙස් නෞකා ඇවන්ගාඞ් ආරක්‍ෂාව එපා කියති…
Posted on November 14th, 2015

lanka C news

 ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා ඇතැයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ වානිජ නෞකා ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.

මේවන විට ඇවන්ට්ගාඩ් සතුව පැවති ආරක්ෂක අවි දක්ෂිණ නාවික ආඥාපතිවරයා විසින් ලබාගෙන ඇති බවත්, එයින් මෙතෙක් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකාවන්ට තවදුරටත් ආරක්ෂාව සැලසීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

සෝමාලියා කොල්ලකරුවන් මෙල්ල කල සාඩම්බර ලක් ව්‍යාපාරයක් අවසානයි.. විදෙස් නෞකා ඇවන්ගාඞ් ආරක්‍ෂාව එපා කියති…

මෙම ක්‍රියාදාමය හිටි අඩියේ ඇණහිටීම හේතුවෙන් අද උදෑසන ජාත්‍යන්තර ‍වෙළඳ නෞකා 6ට නාවික ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, එසේම ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන නෞකා 2ට ආරක්ෂාව සැලසීසට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේවන විට විදේශ රටවල් 5ක ක්‍රියාත්මක වූ තම සමාගමේ කාර්යාල වසා දමා එහි කාර්යාල උපකරන විකුණා දමා කාර්ය මණ්ඩල සේවක/සේවිකාවන්ට ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව නිලන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ආරක්ෂක අමාත්‍යාංශය කළ විමසීමකදී සඳහන් කළේ වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදිමත් සමග එම නෞකා ආරක්ෂාව නොමැතිව ගමන් කිරිමට නොහැකිව ජාත්‍යන්තර මුදුදේ නවතා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.

ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 12 දිනය තුල නෞකා 37 කට ආසන්න ප්‍රමාණයකට අදාල ආරක්ෂාව ලබාදී ඇති බවයි.

නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කටයුතු නාවික හමුදාව මගින් කිසිදු ගැටළුවකින් තොරව සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඇවන්ගාඩ් සමාගම සතු අවි ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගනු ලැබුණි.

– අද දෙරණ

අත්‍යවශ්‍ය පෙර පුවත්

ලෝක නාවික ආරක්‍ෂාවේ ඇස් උඩයන, ලක් පුතුන් රැලකගේ මෙහෙයුමක් ගාළු වරායේ අවි ගබඩාවෙන් හෙළිවේ…

4 Responses to “සෝමාලියා කොල්ලකරුවන් මෙල්ල කල සාඩම්බර ලක් ව්‍යාපාරයක් අවසානයි.. විදෙස් නෞකා ඇවන්ගාඞ් ආරක්‍ෂාව එපා කියති…”

  1. Susantha Wijesinghe Says:

    GRAMA SEVAKAYA DOES NOT SEE BEYOND THE HORIZON. IN EVERY SUBJECT IT IS THE SAME. GOOD AT SINHALESE ORATORY. IT DOES NOT HELP THE COUNTRY’S ECONOMY. WE STILL HAVE SICK IDIOTS IN SRILANKA. SRI LANKA HAS LOST A HUGE INCOME PACKAGE.

  2. Kumari Says:

    I always said. Ranil took over the country using stupid Sirisena, not to develop the country. His sole aim is to make Sri Lanka a failed economy, a failed country. If there is any business venture that is done by the Sinhalese, those will go first.

    The whole world (especially the so called international community) cannot accept that Sinhalese, Buddhist are so capable that they are the only people in the modern world who finished off a terrorist outfit. HELAYANI, OBATA JAYAWEWA.

  3. Ancient Sinhalaya Says:

    Pol pot ponil’s aim is to make Sri Lanka a catholic country to please the catholic west.
    UNPatriotic party is run by the catholics and they have been systematically destroying Buddhism
    and Buddhists in Sri Lanka with the help of some stupid Sinhalese idiots who believe every lie
    propagated by catholic-run media.

    That’s was the reason UNPatriotic party was so brutally put down uprising by jvpers. They were all
    Sinhalese Buddhists. No mercy for them. They were tortured, burnt, put the headless bodies in rivers etc. etc.
    Contrast that with the catholic tigers of tamil dreelam (ltte). They were very reluctantly to do any thing against them
    since they were killing Buddhists and destroying Buddhist temples etc. etc.

    Catholic tigers of tamil dreelam killed more
    than 200 Buddhist monks. Destroyed 100s of Buddhist temples in the north and the east. How pleasing was that for the catholic-run UNPatriotic party? Catholic tigers of tamil dreelam killed 00000 catholic priests and destroyed 00000 churches.

    Still UNPatriotic party managed to fool a lot of Buddhists (inc. malwatte kapuwa and asgiriye kapuwa etc. etc) got back
    to power in the (now) banana republic of Sri Lanka.

    On a different note, the (dis)honourable pm has realised all the construction work going too slow hindering his so called
    yama paachanaya, has appointed his right hand man, minister of erection (permanent) in charge of all the development work in the country. We are certain his right hand man is going to keep it up!

  4. Susantha Wijesinghe Says:

    A S !! MINISTER OF ERECTION ??? HIS ERECTION IS DYSFUNCTIONAL I BELIEVE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress