සංහිඳියාව තුලින් බෙදුම්වාදය ශක්තිමත් වේවිද
Posted on November 17th, 2015

මතුගම සෙනෙවිරුවන්

එකට එක්ව කතිකා කිරීම සමගියෙන් කටයුතු කිරීම මෙන්ම ගැටුම් අවම කොට ගෙන සමාජය ගොඩ නැන්වීම යන් කාරනා සංහිඳියාවට අයත්ය. රජරට හෝ උඩරට පැරණි ගමක තිබූ වරිග සබාව නම් ආයතනය ලංකාවේ සංහිඳියාව ක්‍රියාත්මක කළ ආයතන අතරින් හොඳම නිදර්ශනය සපයන බව විද්වතුන් පවසා ඇත. කේ.ඒ. කපුරු හාමි මහතා 1910 දී පළ කළ රට සබා නම් කෘතිය  තුල මෙම කරුණු සාකච්ඡා කර ඇත. වරිග සභාව රැස් වන ස්ථානය සංහිඳයි.  එක්ව කතිකා කරන ගසක් හෝ අම්බලමක් වැනි ස්ථානයකට එම නාමය ව්‍යවහාර කළහ. ගමේ මුලෑදෑනියා පන්සලේ ස්වාමීන් වහන්සේ විදානේ විල්ලඹු ආතා වෛද්‍ය වරයා හේනයා යන ගමේ මූලිකයින් මේ ආයතනයේ ප්‍රධානීන් වූහ. පුරාණ වැව් ගම්මාන යන්හි පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර පවත්වා ගෙන යාමට මෙන්ම ගමේ ආරක්ෂාව තහවුරු කිරීමද මෙහි ප්‍රධාන වගකීම විය. වැව සතු කුඹුරු යායේ පාලනය මෙන්ම කළමණාකරනයද එම ආයනය සතු විය. මෙම වරිගසබාවේ මූලික්තවය නිසා පුරාණ ගැමියන් නිෂ්පාදන කාර්යයේ මෙන්ම සමාජ ජීවිතයේද පරිණත පුද්ගලයනින් බවට පත් වූහ. යම් කිසි වරදකට තහංචි වැටුණු පුද්ගලයෙකුට දඩ මුඩ දෙන්නටත් සමාව දෙන්නටත් ඇතැම් විට පිටුවහල් කරන්නටත් මේ ආයතනයට තිබූ බලය සුවිශේෂි විය. මෙය ව්‍යවස්ථා කොට පවරා දීමක්ද විය. සතරවන උදයගේ කාලයට අයත් බදුලු ටැම් ලිපියේ මේ ව්‍යවස්ථා  වෙසෙසින්ම වෙළෙදාම හා විදේශිකයින් ගේආගමනය ගැන ලියැවුණකි.

දෙමලුන්ගේ නියමයන් ලබා ගත් සම්දරුන් මේ ගමට අවොත් එන්නට ඉඩ නොදීමද – මහ වුටියෙන් නෙරපීම සඳහා ආඥාව ප්‍රකාශ කොට මුහුදු තෙරට යැවීමද යනුවෙන් එහි සඳහන් වන පරිදි වරිග නීතියට අයත් නොවන්නන් ගමට වැද්ද ගැනීමක් නොකරති. වෙළෙන්දන් හෝ රාජකීය නිලධාරින් ගමේ අයට හිරිහැර වන පරිදි හැසිරීමද වරදක් ලෙස මෙහි දක්වා තිබේ.යම් කිසි විදේශිකයෙකුට හෝ පිටගම් කාරයෙකුට ගමේ වරිගනීතියට එකඟව ගමෙන් විවාහයක් කර ගෙන පදිංචි වීමට අවසර ඇතත් පැමිණි තැනැත්තා ගමේ වරිගයට එක් කර ගන්නේ වරිග බතකට යොමු කරලීමෙනි. දෙමල වර්ගයා ද මෙම සූත්‍රය යටතේ සිංහල ජන සමාජයට හඑක් වූ නමුත් ඉස්ලාමිකයින් සැම විටම අගන්තුකයින් වී තිබුණි. එයට හේතුව ඔුවුහ දේශිය සංස්කෘතිය පිලිගන්නට මැලිකමක් දැක්වීමයි.සංහිඳ මූලික කරගත් වරිග සබාව තුල නිතැතින්ම සංහිඳියාව ඇති විය. එම නීතිරිත වලට පිටින් යාහැකි කිසිවෙකුත් නොවීය.

මෙම වරිගසබා ක්‍රමය නැති කොට  ඉංග්‍රීසින් විසින් ගම්සබා ක්‍රමය ඇති කලද ආරම්භයේ දීම රාජකාරි ක්‍රමය ආහෝසි කළ බැවින් ගමේ පැවැත්ම අර්බුදයට ලක්විය. මුදුලක් ගෙවා මිසක වැඩ ගැනිම තහනම් කොට ඉංග්‍රීසින් විසින් කලේ මහත් අනුවණ කමකි. ඊළග මාස් කන්නයේ මහ වැස්සෙන්ම වැව් රාශියක්ම කැඩී බිදී ගියේය. වැව් රාජකාරි ඉටු කළ ආයතනය වරිගසභාව බව ඉතා ඉක්මනින් තේරුම් ගත් ඉංග්‍රිසින් ගම් වැසියන් ගෙන් වැඩ ගැනීමට නව ප්‍රධානීන් පත් කොට මුදලක් ද ගෙවීමටද අණ කලේය.1900 දී වාරිමාර්ග දෙපාර්ත්මේනතුව පිහිටුවන තෙක්ම තත්වය එසේ විය. කෙසේ වෙතත් සංහිඳියාව ඇතිකළ ගමේ ආයතනය නොහොත් බලය තිබූ කුඩාම ආයතනය විසුරුවා හැරීමෙන් ලංකාවේ වර්තමාන සමාජ අර්බුදයේ ආරම්භය සිදු විය.

ජාතීන් අතර ගැටුම් වලක්වා ගැනීම තේමා කොට වර්තමාන සංහිඳියාව ක්‍රියාත්මක වෙයි.( coexsistions) යන වචනයෙන් ප්‍රකාශ වන්නේ එකට එක් කිරීම යන අර්ථයයි.  ලංකාවේ ජාතීන් කීපයක් ප්‍රධාන වශයෙන් සිංහල හා දෙමළ යනුවෙන් ජාතීන් දෙකක් සිටින්නේ යි කරන ලද උපකල්පනය නිසා ගැටුම් වළක්වාලීමට දෙමළ අයට යම් කිසි දෙයක් දි යුතුයයි උගත් පාඩම් කොමිසම නිර්දේශ කර ඇත. එහි තේමාව බලය බෙදීමයි.  බලය පැවරීමේ පැරණි නීතිය අනුව නම් මෙම තීරණය  නිවරදි නොවේ.ජාතීන් වශයෙන් බලය බෙදීමක් එදා නොතිබුණු අතර විදේශීය ජන වර්ග සඳහා  බල පැවැත්වූ නීතිය තුල සිදු වූයේ රටේ සම්ප්‍රදායට අනුවර්තනය කිරීමයි. නමුත් අප විදේශ ආධිපත්‍යට ලක් වූ පසු මෙම සූත්‍රය ක්‍රියාත්මක නොවුණු බව පැහැදිලිය. එසේ නම් මේ රටේ ජන වර්ග අතර ප්‍රශ්ණ බිහි කර ඇත්තේ ලන්දේසීන් හා ඉංග්‍රීසින් විසින් බව පෙන්වා දිය යුතුය. ඔවුහු බලය කැටි කර තිබූ කුඩාම ආයතන විනාශ කර දැමූහ. දෙමළ ජනතාවට සිංහල ජන සාමාජයට ඇතුලු වීමට තිබූ ඉඩ ප්‍රස්ථාවන්  ටද වැට බඳින ලද්දේය. දෙමළ පාසල් ද මිෂනාරි පාසල්ද සිංහල පාසල්ද වෙන වෙනම ඇති කරන ලද්දේ ඉංග්‍රීසින්  විසිනි. මේ තත්ත්වය නිසා නැගෙනහිර  මහ වැදි රටේ සිටි මූදු කර වැද්දන්ටද දෙමළ ඉගෙන ගැන්මට සිදු විය. ඔවුහු ද අද සැලකෙන්නේ දෙමළ ජන වර්ගයක් විලසටයි. සුද්දාගේ පාරේ ගිය කලු සුද්දන්ද මෙයම අනුගමනය කරමින් එම  ව්‍යුහය නඩත්තු කර ඇත. උතුර හා නැගෙනහිර ප්‍රදේශ වෙනම දෙමළ ප්‍රදේශ බවට පත් කරන ලද්දේ එලෙසය. එහි පරිපාලන බස දෙමළ බවට පත් කිරීමෙන් ඉංග්‍රීසින් කළ සටකපට කම බෙදුම් වාදයට පාර කැපීය.

විසි වන සියවස තුල දෙමළ ප්‍රභූවරු දේශපාලනය තුල පණහට පණහක සම බලයක් ඉල්ලීමත් වඩුගොඩ  සම්මේලනයෙන් පසු මේ ඉල්ලීම්  රට  බෙදන යුද්ධයක් බවට පත් වීමටත් පසුබිම සකස් වූයේය. අවසානයේ බණ්ඩාරනායක මහතා සිංහල හා දෙමළ යන භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්වය හිමි කර දෙන ලද්දේය. මෙය බෙදුම් වාදයේ නව ආරම්භයක් බවට පත් විය. වර්තමානයේ දී සංහිඳියාව යනුවෙන් හඳුන්වන ක්‍රියාදාමය තුල මෙම පසුබිම ඇත. පසුගිය රජයේ කැබිනට්ටුව තුල ජාතික භාෂා හා ඒකාබද්ධතා අමාත්‍යංශයක් පිහිටුවා තිබුණි. සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රීත්වයම රටේ  ප්‍රධාන භාෂා බවට පත් කර උතුර හා නැගෙන හිර ප්‍ර දේශ වල ප්‍රධාන  භාෂාව සහ එකම භාෂාව දෙමළ පමණක් බවට පත් කිරීම මෙහි අරමුණ විය. වරත්මානයේද මේ තත්ත්වය එසේමය. ස්වයං නිර්ණ අයිතියට පක්ෂ මත ධාරීන් මෙම ඇමති ධූරයට පත් කිරිමද සිදුව තිබේ. ඔවුහු මාක්ස්වාදී පොතේ ගුරුන් බැවින් සිංහල සම්ප්‍රදාය ගැන තැකීමක් කරන්නේ නැත.එක් භාෂාවක් රටවල් දෙකක් යනුවෙන් එදා සිටම මේ වාමාංශිකයන් හඬ නැගූහ. අද භාෂා තුනක්ම ලැබී ඇත. නමුත් සංහිඳියාව වෙනුවට උතුර හා නැගෙනහිර වෙන්කරන තරමට භාෂාවෙන් රට බෙදී ඇත.

සංහිඳියාව යන වැදගත සංකල්පය මානව ක්‍රියාකාරකම් අතර බෙහෙවින්ම සංවේ දී කාරණයකි. එය සමාජ සංවිධානයේ දී මෙන්ම ජන වර්ග අතර භාවිතයේ දී යොදු ගත යුත්තේ ඉතාමත් පරිස්සමිනි. ගෝනියකට පොල් එකතු කරනවා සේ වෙනස් කම් ඇති මානවයින් එකතු කිරීම  කළ නොහැකිය. බලහත්කාරයෙන් එය කිරීමට යාමෙන් දීර්ඝකාලීන සමාජ අර්බුදයන් ඇතිවේ. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල බෞද්ධ රටකි. වැදි ජන වර්ගය වුවද එම සම්ප්‍රදායට අනුගත වූයේය. එසේ වූ කල්හි ජන වර්ග අතර සංහිඳියාව ඇති කළ හැක්කේ ඔවුනොවුන් වෙන් කරන ලෙස බලය බෙදීමෙන් වත් භාෂාවෙන් බෙදීමෙන්වත් නොවේ. ප්‍රධාන සම්ප්‍රදායට අනුගත විය හැකි වන ලෙසට සූත්‍රයක් නැවත ප්‍රති නිර්මාණය කර ගැනීමෙනි. එවිට එකිනෙකා සතු සංස්කාතික උරුමයන් ආරක්ෂා වන අතර ඒ ලක්ෂණයන් හුවමාරු වේ. එයට කාලයක් ගත වන අතර අප එයට ඉඩ දිය යුත්තේ සංවේදීව කල්පනා කරමිනි. නමුත් ඒ ක්‍රියාදාමය තුල කිසිලෙසකින්වත් වෙන් වීමට අවශ්‍ය සාධක වලට පණ පිහිටුවාලීම නොකළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “සංහිඳියාව තුලින් බෙදුම්වාදය ශක්තිමත් වේවිද”

  1. Independent Says:

    සංහිදියාව යනු වංචාවකි. බලවත් මිනීමරුවන් හොඳ අය වීම සංහිදියාව කියනු ලැබේ. ලෝකයේ ස්ත්‍රී දූෂන තිප්පොලෙන් සංහිඳියාව කොපිකිරීමට තරමටම බුද්ධාගම නොදත් අපේ සිංහල බෞද්ධයයි කියාගන්නා හොර ගෙඩියෝ නිවට වූහ​. මේකෙන් පටන් ගත් තකතීරු ගොන්කම තණ්හාව ඉහවහාගිය බයගුල්ලන් වී අන්තිමට රට දැය පාවා දෙන තැනට යනකම්ම මුන් කෑවහ බිව්වාහ​, ජොලි කෙරුවාහ​.
    මෛත්‍රිය​, කරුණාව වැනි බුදුගුණ තිබියදී මුන්ට ඩෙස්මන් ටුටූලාගේ බොරු කරුණාව ලොකුවිය​.
    චක්කංව වහතෝ පදං තවම ඉවර වී නැත​. අපි බලමු.

  2. NAK Says:

    Peaceful productive coexistance does prevail through out the country except the north. Take any major city or any small village in the country and can any one say there is no coexistance.
    In the north the Tamil politicians do not allow it because their own survival is dependent on that.
    If the Sinhalese and the Muslims were allowed to live peacefully in the north like in other places of this country the divisive politicians loose their livlyhood.
    These divisive politicians are funded and spurred on by foreign parties who have their own interests and agendas that has nothing to do with people of this country whatever their race or religion might be.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress