මාදවන් ඇවිල්ලා
Posted on November 17th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

මාදවන් ලංකාවට ඇවිල්ලා

එස්. කේ. එස්. සුදර්ශන් මුදලාලිගේ

පුතා මාදවන්, අපේ පරණ යාළුවා ඇවිල්ලා

උස ගිහිල්ලා – සුදු වෙලා

අපිත් එක්ක පොඩිකාලේ සෙල්ලම් කරපු

හැංගිමුත්තන් සෙල්ලන් කරපු මාදවන්

අපි එකට ඉස්කෝලේ ගිය හැටි මතකද?

 

අසූ තුනේ කලබල – හමුදාවේ දහතුනක් මරා දාලා

දෙමළුන්ට පාඩමක් උගන්වමු

පොඩිකඬේ මුදලාලි හා පිරිස

එකතුවෙලා කැඩුවා එස්. කේ. ස්ටෝර්ස්

මැරුවා කඬේ වැඩට හිටපු වේළු අයියාව

වේළු අයියාගේ සිරුර – ගිනිගත්තා දවස් බාගයක්

හවස ආපු හමුදා රථයක් අඟුරු අරගෙන ගියා

 

අපේ ගෙදර හංගාගෙන හිටියා මාදවන්ගේ මුළු පවුලම

කඩ වහලා, ගෙයි තිබුණේ මුං ඇට විතරයි

තිබ්බ හාල් කිලෝ එක උයලා දුන්නා මාදවන්ලාට

අපි කෑවේ මුං ඇට

 

ඊට පස්සේ නැවෙන් යාපනයට ගිය මාදවන්ලා

අපි ආපහු දැක්කේ නැහැ

සුදර්ශන් මුදලාලි අංශබාගේ හැදිලා මැරුණාලූ

මල්ලී ඇල්. ටී. ටීයට බැඳුනාලූ

මාදවන් ජර්මනියට ගියාලූ

අම්මා සහ අක්කා යාපනයේ සිටිමුත්

අක්කාව බිලිගත්තාලූ ඉන්දීය සාම හමුදාව

අක්කාගේ ඔලූව නරක්වෙලා, බයවෙලා

එහෙ මෙහෙ දුවනවාලූ

අම්මත් ලෙඩගානේ

 

අවුරුදු ගණනකට පස්සේ මාදවන් ජර්මනියේ සිට

ලංකාවට ඇවිල්ලා

ලෝකය වෙනස් වෙලා

පරදෙමළුන්ට පාඩමක් උගන්වමු කිව් පොඩිකඬේ මුදලාලි

එස්. කේ. ස්ටෝර්ස් කඩය

කුණුකොල්ලයට මිළට ගෙන දැන් ලොකු මුදලාලි කෙනෙක්

ආරංචියේ හැටියට නාදන් මුදලාලි එක්ක කුඩු බිස්නස් කරනවාලූ

බිස්නස් වලට ජාතිබේද නැහැ

දෙන්නා එකට විස්කි තොලගානවා

එ්ත් පරණ පුරුද්දට, සුදුවත් ඉදහිට ගන්නවාලූ

හෙට අනිද්දා කවුන්සලේට යන්න අදහසක් තියෙනවාලූ

 

එ්ත්… මාදවන්ලාගේ ලෝකය බිඳවැටිලා

තාමත් අපිත් එක්ක මාදවන් හිනාවෙනවා

උඹ අපිත් එක්ක තරහද මාදවන්?

ජර්මනිය සීතයි

කෑම  ඕන තරම් ඇතිමුත්

බර්ලිනය පාළුයි

ලංකාවට අපි කොයිතරම් ආදරේද

අපි ඉපදුනේ ලංකාවේ

ලංකාවෙන් ගිය දහස්ගණන් කුණු අදිනවා

ඩෙනිම් ඇඳගෙන සවලෙන් ගසා කුණු ලොරියට දානවා

හවසට කාමරයට ඇවිල්ලා බියර් එකක් බීලා

?ට කාලා ඇඳ උඩට වෙලා කල්පනා කරනවා

 

ජාතිවාදය නිසා අපි ලංකාවෙන් ආවා

එ්ත් අපි නිදහස් නැහැ

සවස හතෙන් පස්සේ අඳුරු වැටුණු වීදී භයංකරයි

නියෝනට්සි කණ්ඩායම් අපිව දැක්කොත් ගහනවා

බෝතල්, යකඩ දම්වැල්, චේන්, බෝල්ට් පිහි

අපේ කෙට්ටු ශරීරවලට ඔරොත්තු දෙන්නේ නැහැ

පොලිස් සයිරන් හඬ නිසා ජීවිතය බේරුණා

උන් අපට පහරදෙන්නේ අපි දෙමෙල්ලූ නිසා නොවෙයි

අපි කළු ආසියාතිකයන් නිසා

එ් කියන්නේ උඹටත් එ් සැලකිල්ලමයි

මාදවන් කියාගෙන යනවා

 

කැමල් සිගරැට් පැකට්ටුවෙන් සිගරටයක් පත්තුකරගෙන

දුම් එක්ක හදවතේ වේදනාව එළියට දානවා

එතකොට ජාතිවාදය තියෙන්නේ කොහේද?

ලංකාවේද? යුරෝපයේද?

මාදවන් අහනවා

අපි මොහොතක් ගොළු උනා

 

ඉස්සර වගේ ක‍්‍රිකට් ගහන්න, ඔට්ටු දුවන්න, මාබල් ගහන්න

ආසයි මාදවන්

අජිත්ලා, සඳුන්ලා, ජූඞ්ලා

රිස්විලා, සුරේෂ්ලා

එක්ක සෙල්ලම් කළ හැටි මතකද?

 

දවසක් කටුස්සෙක් මරලා

සුදර්ශන් මුදලාලි මට

බැන්නා මතකද?

ඊට පස්සේ වේලූ අයියා අපට සක්කර දුන්නා

කකා ගෙවල්වලට යන්න

දඟ කරන්නේ නැතුව

 

අපේ ලෝකය වෙනස් වෙලා මාදවන්

අපේ ලෝකය වෙනස් වෙලා

 

 

 

3 Responses to “මාදවන් ඇවිල්ලා”

  1. Independent Says:

    මේවට කරන්න දෙයක් නෑ.
    වේලු එකට ඔත්තු දුන්නලු.
    ඒ නිසා කමත් නෑනෙ මැරුවට ?

    අර එක් නැලි ගොඩත් එහෙමලු .
    තව වයස විසිතුනේ කොල්ලෙක් සම්පත් කියලා.
    ඌත් එහෙමලු. මුන් මරා දැම්මේ නැත් නම් අසරණ ජනතාවට බෝම් බ තියල මරනවානේ.
    ඉතින් කරන්න දෙයක් නෑ.
    බුද්ධාගම බේරාගන්න
    රණවිරුවෝ මුන්ව මැරුවා.
    අපි දිවි පුදා රණවිරු වෝ බේරා ගනිමු.

  2. Independent Says:

    අන්තරායකර ඖෂධ පාලක සභාවේ
    නව සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු

    චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (18 දා) සිට පත්කර ඇත.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විඡේවීර මහතා විසින් නව පත් කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙත ඊයේ දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් “දිවයින” කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ තමන්ට හිමිව තිබූ නිල වාහනය සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රය අද 19 වැනිදා යළි භාරදීමට කටයුතු කරන බවයි.

    හිටපු සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේදී මත්කුඩු ජාවාරම් ඇතුළු චෝදනා එල්ලවූ කිසිදු අපේක්‍ෂකයකුට නාමයෝජනා ලබානොදෙන ලෙසට සියළුම පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. ඒ අනුව පසුගිය මහ මැතිවරණයේදී ජනතා නියෝජිතයන් වී සිටි කීප දෙනෙකුටම නාම යෝජනා ලැබුණේ නැත.

  3. Independent Says:

    හිතවතාට තැනක්‌ නැති නිසා ටෙන්ඩරය අවලංගු කරලා සෞඛ්‍ය බලධාරියකුගේ මගඩිය හෙළිවේ

    අජිත් අලහකෝන්

    ඖෂධ බහලුම් කවර කෝටි තිහක්‌ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයට තම හිතවතෙකුට අයෑදුම් කිරීමට නොහැකි වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු විසින් එකී ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු කිරීමට තීරණය කර ඇත.

    අවලංගු කිරීමට තීරණය කර ඇති ටෙන්ඩරය පුවත්පත් දැන්වීම් මගින් කැඳවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මෙම ඖෂධ බහාලුම් කවර කෝටි තිහක ප්‍රමාණය සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කර ඇති උපරිම මුදල රුපියල් කෝටි තිහකි. එහෙත් එම මිලට වඩා අඩුවෙන් එනම් රුපියල් දොළොස්‌කෝටි හැත්තෑලක්‍ෂයක මිලකට එම බහාලුම් කවර සැපයීමට අයෑදුම්පතක්‌ ලැබී තිබේ. එහෙත් ඉහත නිලධාරියා මේ සඳහා රුපියල් කෝටි විසිපහක මුදලක්‌ වැය වන බවට සටහන් කරමින් එකී ටෙන්ඩරය අවලංගු වන ආකාරයට කටයුතු කරමින් තවත් අලුත් ටෙන්ඩරයක්‌ කැඳවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ “දිවයින”ට කීවේය.

    යළි ටෙන්ඩර් කැඳවීමක්‌ කරන්නේ නම් නැවත පුවත්පත් දැන්වීම් ඔස්‌සේ අයෑදුම් කැඳවිය යුතු බව ද ඒ සඳහා තවත් මාස තුනකට අධික කාලයක්‌ ගත වනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

    මේ නිසා ප්‍රධාන රෝහල්වල ඖෂධ බහලුම් කවර හිඟයක්‌ පවතින බව ද මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළු නිලධාරීන් සිදු කරන ටෙන්ඩර් මගඩිවල තවත් එක්‌ පියවරක්‌ පමණක්‌ යෑයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress