71 අප්‍රේල් කැරැල්ලේ 12 වන සැකකරු ඩී. ඩී. සිල්වා
Posted on November 19th, 2015

Dr Ruwan M Jayatunge M.D.

ඩී. ඒ. ගුණසේකර මහතාගෙන් සමුගත් මට අප්‍රේල් මහ නඩුවේ මීලඟ විත්තිකරු වූ ඩී. ඩී. සිල්වා හෙවත් දේවහන්දි දිනිඳුමිත්‍ර සිල්වා පිළිබඳව විස්තර ලබා ගැනීමට අවශ්‍ය කෙරුණි. ඔහු ජීවතුන් අතර නොමැති නිසා දේවහන්දි දිනිඳුමිත්‍ර සිල්වා විසින් 1971 ජූනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරය අනුසාරයෙන් ඔහුගේ 71 භූමිකාව පිළිබඳව යම් විස්තරයක් පාඨකයාට ලබා ගත හැක. එය පහත දැක්වේ.

අ.ප.දෙ. කාර්යාලය – 1971.6.29 වන දින

දේවහන්දි දිනිඳුමිත්‍ර සිල්වා: වයස අවු: 41යි. සිංහල බෞද්ධ.

වත්තල, එෙ`ඩ්රමුල්ලේ, දෙවටගහවත්තේ අංක 20/30 දරන

ස්ථානයේ වාසය කරයි. පැමිණ ප්‍රකාශ කරයි.

මම මේ ප්‍රකාශය කරන්නේ සිය කැමැත්තෙනි. මම කොළඹ කොටුවේ, විජෙවර්ධන මාවතේ, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ, ලේක්හවුස්හි ලිතෝ සහ ලඩ්ලිව් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක්. මම අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් ප්‍රදේශයේ වැසියෙක්. මගේ පියා වන දේවහන්දි සයිමන් සිල්වා මිය ගොස්ය. ඔහු කොළඹ නගරශාලාවේ කාර්යාල කාර්ය සහායකයෙක් විය.  මගේ  මව වන සොයිදහාමි ද මිය ගොස්ය.

kerelle

මා කොළඹදී උපත ලැබුවා. ඒ මගේ දෙමාපියන්, අංක 140/8, සීවලී පටුමග, වනාතමුල්ල යන ස්ථානයේ පදිංචිව සිටි කාලයේදීය. මගේ පවුලේ මට වැඩිමහල් එක් සහෝදරයෙක්ද, මට බාල එක් සොහොයුරකුද, එක් සොහොයුරියකද සිටී. මගේ වැඩිමහල් සොහොයුරා වන ටී. මාටින් සිල්වා ද මිය ගොස්ය. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස වැඩ කළා. මගේ බාල සොහොයුරා වන දේවහන්දි වික්‍රමරත්න සිල්වා, කොටුවේ විදුලි දෙපාර්තමේන්තුවේ රියැදුරෙක්. ඔහු අවිවාහකයි. ඔහු වනාතමුල්ලේ සීවලී පටුමගේ අංක 140/8 දරන ස්ථානයේ වාසය කරනවා. මගේ බාල සොහොයුරිය වන ටී. උමාවතී සිල්වා ජිනදාස සිල්වා සමඟ විවාහ වී සිටියි. ඔහු වරාය කොමිෂන් සභාවේ (බත්තල් අංශය ජ් එන්ජින් කාමරය ) වැඩ කරනවා. ඔවුන් වාසය කරන්නේ වනාතමුල්ලේ සීවලී පටුමගේය.

මම කොළඹ, කර්මාන්ත විද්‍යාලයේ කනිෂAඨ පංතිය දක්වා ඉගෙන ගත්තා. මම පාසල් යන කාලේ මගේ දෙමාපියන් එක්ක සිටියා. මම 1952 දී කැස්බෑවේ, හෙරලියාවල, කුමාරහේන්නෙගාලගේ දෝන අමරාවතී යන තැනැත්තිය සමඟ විවාහ වුනා. මෙම විවාහයෙන් මට දරුවන් 6 දෙනෙකු සිටිනවා. මීන් වැඩිමහල් ටී. කමනී ධම්මිකාය. ඇයගේ වයස අවු: 17 යි. ගෝතමී බාලිකා මහා විදුහලේ ශිෂ්‍යාවකි. දෙවැනියා ටී. කාන්ති අනෝමාය. වයස අවු: 15යි. ගෝතමී බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි. තුන්වැනියා ටී. විජිත මහානන්දයි. වයස අවු: 14 යි. රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක්ි. හතරවැනියා ටී. දේවිකා චමලීය. වයස අවු: 12 යි. ගෝතමී බාලිකා මහා විදුහලේ ශිෂ්‍යාවකි. පස්වැන්නා ටී. තුසිතා නාමලීය. වයස අවු: 6යි. ගෝතමී බාලිකා මහා විදුහලේ ශිෂ්‍යාවකි. හයවැනියා ටී. සුජිත් පි්‍රයංකරයි. වයස අවු: 2 1/2 යි. මගේ බිරිඳගේ සොහොයුරිය වන කේ. කුසුමාවතී මල්ලවආරච්චි නමැත්තෙකු සමඟ විවාහ වෙලා ඉන්නවා. ඔහු මැකලම් පාරේ තැපැල් කාර්යාලයේ ලියුම් තෝරන නිලධාරියෙක්.

වනාතමුල්ලේ පදිංචිව සිටි මගේ තරුණ අවධියේදී මම ඔස්මන් සිල්වාගේ පවුල ඇතුළු තවත් එහි වැසියන් කීප දෙනෙක්ම අඳුනා ගත්තා. මම ඔස්මන් සිල්වාගේ දෙමාපියන්වද දැනගෙන සිටියා. ඔස්මන්ගේ සොහොයුරා වන ලෙනාඩ්වද zzසින්ඩාZZ යනුවෙන් හැඳින්වෙන සිඩ්නි ද මම දැන සිටියා. මා ඔවුන් දැන ගත් කාලයේ සිටම ඔස්මන් සිල්වාගේ පවුලේ අය ල.ස.ස.ප. ට සහාය දෙන අය බව මම දැන සිටියා. මා දේශපාලන කටයුතුවලට බැඳීමක් නොතිබුණ නමුත් වනාතමුල්ල පැත්තේ ල.ස.ස.ප. මගින් පැවැත්වූ රැස්වීම්වලට මා සහභාගි වුනා. ලසසප ප්‍රතිපත්ති මගේ සිත් ඇද ගත්තා. ඇත්ත වශයෙන්ම මම මගේ මුල් ඡන්දය බර්නාඩ් සොයිසා මහතාට දුන්නා.

1947 දී, ලූවිස් සිංඤෝගේ උදව්වෙන් මම ලේක්හවුස් එකේ ලයිනෝ ආධුනිකයෙකු ලෙස පත් වුනා. ලූවිස් සිංඤෝ දැන් ලේක්හවුසියේ ප්‍රවෘත්ති වැඩ මූලිකයෙක්. 1958 දී කුලී සින්නක්කර ක්‍රමය යටතේ ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් නිවාසයක් ලබාගත්තා. මම මාසයකට රු: 36.60 බැගින් කුලී ගෙවනවා. මම දැනට මේ නිවසේ වාසය කරනවා. මෙම නිවාස ක්‍රමයේ තිබුණු අඩුපාඩුකම් ගැන සොයා බැලීමට ල.ස.ස.ප. මගින් සංවිධානය කළ සංගමයක් හා සුභසාධක සංගමයක්ද තිබුණා. මම සුභසාධක සංගමයට බැඳුණා. එහිදී මම මදනායක, විමලගුණේ, ඒ. ඊ. ෙජ්මිස් ලොක්කා යන අය ඇතුළු කීපදෙනෙක්ම අඳුනාගත්තා. මේ අය මුණගැසීමෙන් පසුව ඔවුන් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරුවන් බව මට දැනගන්නට ලැබුණා. ඉහතින් සඳහන් කරන ලද තිදෙනා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (පීකිං පිලේ) හා වාමාංශික පක්ෂයේද සාමාජිකයන් බවද මම දන්නවා.

මම එම ක්‍රමයේ ග්‍රාමසංවර්ධන සමිතියේද කාරක සභිකයෙක් වෙලා සිටියා. මම 1960 දී පමණ මහජන එක්සත් පෙරමුණේ කාඩ්පත හිමි සාමාජිකයෙක් බවට පත් වුණා මම අවුරුදු 2ක් පමණ සාමාජිකයකු ලෙස සිටියා. මෙම කාලය තුළදී මම ම.එ.පෙ. පෙලපාලිවලටද සහභාගි වී තිබුණා. පිලිප් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද බැංකු බිල් පනත හා කුඹුරු පනත වැනි පනත් මගේ සිත් ගෙන තිබුණා. මෙම සංවර්ධනාත්මක ප්‍රතිපත්ති නිසයි මම ම.එ.පෙ. ට බැඳුණේ. මම ගොංගිතොට එක්සත් ගොවීන්ගේ සංගමයේ භාරකාරයාද වෙලා සිටියා. විමලගුණේ රුසියාවට ගොස් ඇති බව මා දැන සිටි අතර, ලාභ ලබා ගැනීමට හැකි වන පරිදි මෙම ගොවි සමාජය ගැන මම ඔහුගේ උපදෙස් විමසුවා. එම නිවාස ක්‍රමයේ බෞද්ධ සංගමයේද මම කාරක සභිකයෙක්.

1967 දී, විමලගුණේ මට කීවා එක්තරා තරුණයෙක් ගැන. ඔහු දේශපාලන විද්‍යාව හොඳින් දැන සිටි අතර, ලංකාවේ ආර්ථීක තත්වය නගාසිටුවීමට ඔහු අදහස් කරන බවත් විමලගුණේ කීවා. සංගමයේ සුභසාධනය ගැන මා ඉතා උනන්දුවෙන් සිටි නිසා මෙම විශෙAෂ තරුණයා මුණ ගැසීමට කැමතිදැයි ඔහු මගෙන් ඇසුවා. මම මේ තරුණයා මුණගැසීමට උනන්දුවක් දැක්වූවා. 1967 එක්තරා දිනක (නියම දිනය හා මාසය මට මතකක් නැත) එක්, ෙජ්මිස් නමැත්තෙකුගේ නිවසට පැමිණෙන ලෙස විමලගුණේ මට කීවා. මෙම ෙජ්මිස් නම් කලින් සඳහන් කළ එ. ඊ. ෙජ්මිස් ය. ඔහු සතොස සේවකයෙකි. ඔහු පරන්කන්දවත්ත නිවාස යෝජනා ක්‍රමයේ වාසය කරයි.

ත‍මම විශෙAෂ දිනයේ පස්වරු 7.00ට පමණ මම මේ තැනැත්තාගේ ගෙදරට ගියා. එම නිවසේදී මට පහත සඳහන් අය හමුවුණා. 1. විමලගුණේ, 2. ඇලඩින් – සතොස වැඩ කළ මොහු ඒ කාලයේ ෙජ්මිස්ගේ ගෙදර නැවතී සිටියා. 3. ෙජ්මිස්, 4. මම. මා කලින් සඳහන් කළ තරුණයා මෙම නිවසට පැමිණ සිටියා. ඔහු රෝහණ විෙජ්වීර යනුවෙන් විමලගුණේ මට හඳුන්වා දුන්නා. මට විෙජ්වීර මුණගැසුණු මුල්වතාව මෙයයි. අපි සියලූදෙනාම ෙජ්මිස්ගේ නිවසේදී තේ බීවා. එහි සිටි අනෙක් අයත් විෙජ්වීරට හඳුන්වා දෙනු ලැබුවා. ඉන්පසු විෙජ්වීර zzලංකාවේ වාමාංශික ව්‍යාපාරයZZ ගැන අපට කතාවක් කළා. මෙම කතාව රාත්‍රි 10.00 හෝ 10.30 පමණ වන තෙක් පැවැත්වුණා. දේශනයෙන් පසුව මම ගෙදර ආවා. ඒ කතාව ගැන මම ඉතාමත් පැහැදුණා. විෙජ්වීර එදා රාත්‍රිය ෙජ්මිස්ගේ නිවසේ ගත කළා.

මට දෙවෙනිවරට විෙජ්වීර මුණගැසුණේ පළමු රැස්වීමෙන් මසකට පමණ පසුව මදනායකගේ නිවසේදීය. විෙජ්වීර එහි පැමිණ සිටි බව විමලගුණේ මට දැන්වුවා. මම රාත්‍රි 7.00 ට පමණ මදනායකගේ ගෙදරදී ඔහු හමු වුණා. මෙම දෙවෙනි හමුවීමද වුණේ 1967 දී. කලින් රැස්වීමට පැමිණ සිටි සංඛ්‍යාවම මෙම රැස්වීමටත් ඇවිත් සිටියා. මෙම රැස්වීම රාත්‍රි 11.00 පමණ වනතෙක් පැවැත්වුණා. මාතෘකාව වුනේ zzආර්ථීක අර්බුදයයිZZ. විෙජ්වීර එදා රාත්‍රියේ සිටියේ කොහිදැයි මම නිශ්චය වශයෙන් දැන්නේ නැහැ. සමහරවිට ඔහු ෙජ්මිස්ගේ නිවසට යන්නට ඇති. ඔහු කතා කළ මාතෘකා උඩ අපේ යහලූවන් සමඟ සාකච්ඡා කර, එමගින් ඔවුන්ගේ සිත් ගෙන, තමාගේ සිතාගැනීමේ පිළිවෙළ ඔවුන්ට තදින් පැහැදිලි කරදෙන ලෙස මෙම දේශනය කරගෙන යද්දී විෙජ්වීර අපට කීවා. සාමාජිකයන් කීපදෙනෙකු බඳවාගන්නා ලෙසත් ඔහු මට කීවා.

1967 අගභාගයේදී පමණ, මගේ නිවසේදී, විෙජ්වීර තුන්වෙනි දේශනය පැවැත්වුවා. විෙජ්වීර මගේ ගෙදරට ආ පළමු වතාව මෙයයි. මා දන්නා තරමින්, පළමු රැස්වීම් දෙකට සහභාගි වූවන්ම මෙම රැස්වීමට සහභාගි වුනා. මෙම රැස්වීමේදී මාතෘකාව වුණේ zzඉන්දියානු ව්‍යාප්තවාදයZZ යන්නයි. දේශනය රාත්‍රි 8.00 ට පමණ පටන්ගෙන අලූයම 2.00 වනතෙක් පැවැත්වුණා. දේශනයෙන් පසුව විෙජ්වීර යන්නට ගිය අතර, ඔහු එදා රෑ කොහේ සිටියේදැයි මා දන්නේ නැහැ. මෙම දේශනය පැවැත්වුණේ මගේ නිවසේ සාලයේය. මගේ පවුලේ සාමාජිකයන් කිසිවකු ඊට සහභාගි වුණේ නැහැ.

දෙවෙනි දේශනය දීමෙන් අනතුරුව සහ තුන්වෙනි දේශනය අතර කාලයේ මං කිසිම සමාජිකයෙකු බඳවා නොගත් අතර, කිසිම කෙනකු සමඟ මේ මාතෘකා ගැන සාකච්ඡා කලේ නැහැ. තුන්වෙනි දේශනයෙන්

පසුව, ඔස්මන්ඩ් සිල්වාගේ වැඩිමහල් සොහොයුරා වන ලැනරෝල් සිල්වා හමුවීමට මම වනාතමුල්ලට ගියා. මෙය සිදුවූයේ 1967 හෝ 1968 දී දැයි මට මතක නැහැ. මේ ගමනේදී විමලගුණේ හෝ ෙජ්මිස් මා සමඟ ගියේද යන්නත් මට හරියට මතක නැත. මගේ මේ කාර්යය සඳහා මා ලැනරෝල් ඩී. සිල්වාවම තෝරා ගත්තේ විෙජ්වීර හමුවීමටත් බොහෝ කාලයකට පෙර ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගැන සාමාන්‍ය වයෙන් මා ඔහු සමඟ සාකච්ඡා කර තිබූ නිසයි.

ලැනරෝල් ගෙදර නොසිටි නිසා මට ඔහු හමුවුණේ නැත. එහෙත් ඔහුව සොයමින් සිටි ඔස්මන්ඩ් සිල්වා මට මුණගැසී, ලැනරෝල් එහි නැති බව මට දැන්වූවා. එනිසා මම ආපසු ආවා. මම එදින ඔස්මන් සමඟ සාකච්ඡා කළේ නැහැ. මම දෙවෙනි වතාවටත් ඔහු සොයා ගිය මුත් මට ඔහු මුණගැසුණේ නැහැ. තුන්වෙනි වතාවට මා වනාතමුල්ලට ගිය ගමනේදී, මට ලැනරෝල් මුණගැසීමට නොහැකි වුවත්, ඔස්මන් මුණගැසී රටේ වාමාංශික ව්‍යාපාරය ගැන සාමාන්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සාකච්ඡාවේදී විමලගුණේද මා සමඟ සිටියා. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහු කලකිරී සිටින බවද ඔස්මන්ඩ් තවදුරටත් මට කීවා.

ඔස්මන්ඩ් සිල්වා මගේ නෑදෑයෙකු නොවන නමුත්, මා ඔහු කුඩා අවදියේ සිටම දැන සිටියා. අපි විෙජ්වීර සමඟ කළ සාකච්ඡාව ගැන මම ඔස්මන්ඩ් ට කිවු අතර, ඔහු කැමති නම් මෙම ව්‍යාපාරයට බැඳී විෙජ්වීරගේ සාකච්ඡාවලට සවන්දිය හැකි බවත් කීවා. ඔහු නැවත මුණ ගැසුණු විට, මෙම සාකච්ඡාවට පැමිණිය යුතු දිනය හා ස්ථානය ඔහුට දන්වනු ලබන බව මම ඔස්මන්ඩ්ට කීවා. මෙම හමුවීමෙන් සතියකට පමණ පසුව, එම රැස්වීම සඳහා බොරැල්ලේ, කාසල් වීදියේ අංක 102 දරන ස්ථානයේ ඉඩම් සංවර්ධන කාර්යාල සමිතියට එන ලෙස මම ඔස්මන්ඩ්ට කීවා. මෙය සිදු වූයේ 1968 මුල් භාගයේදී. විෙජ්වීර රැස්වීමට පැමිණි අතර ඔහු zzආර්ථීක අර්බුදයZZ යන විෂයය ගැන කථා කළා. එදින පුද්ගලයින් 25 දෙනෙකු පමණ සිටියා. නැහැ, 10 දෙනෙක් පමණ ඇවිත් සිටියා. මේ දහදෙනා අතරින් ධනපාල (ඉඩම් සංවර්ධන වෘත්තීය

සමිතියේ භාණ්ඩාගාරික) මට මතකය. මේ, මා ධනපාලට හඳුන්වා දෙන ලද මුල් වතාවය. එමෙන්ම කාසල් වීදියේ කාර්යාලයට ගිය මුල් වතාවය. මා මෙම රැස්වීමේදී මුල්වරට, ඔස්මන්ඩ්ව විෙජ්වීරට හඳුන්වා දුන්නා. හඳුන්වාදීමෙන් පසුව, මෙම ව්‍යාපාරයට සාමාජිකයන් බඳවා ගන්නා ලෙස විෙජ්වීර ඔස්මන්ඩ්ට කීවා.

මසකට දෙක බැගින් වැටෙන පරිදි මෙම ඉඩම් සංවර්ධන කාර්යාලයේදී දේශන සංවිධානය කර තිබුණා. විෙජ්වීර මේ සෑම රැස්වීමකටම පැමිණි අතර, අලූත් සාමාජිකයන් පැමිණ සිටියේ නම්, ඔවුන් වෙනුවෙන්, පළමු පවත්වන ලද දේශන නැවත පවත්වන්නට යෙදුණා. සාමාජික සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වූ අතර, දේශන උදේ කාලයේදී පැවැත්වූවා. මට සාමාජිකයන් බඳවාගන්නට නොහැකි වුණා. එහෙත් ඔස්මන්ඩ් සිල්වා

සාමාජිකයන් බඳවා ගත්තා. ඔස්මන්ඩ් මෙම ව්‍යාපාරයට වනාතමුල්ලේ පොඩි විෙජ් සහ සිසිල් යන අය බඳවා ගත්තා. මම ඔවුන්ගේ සම්පූර්ණ නම් දන්නේ නැහැ. එහෙත් දැන් දුටුවොත් මට ඔවුන් අඳුනාගන්න පුලූවන්.

මේ අතරතුර ඔස්මන්ඩ් මෙම ව්‍යාපාරයේ වැඩකටයුතු වල ඉතා තදින්ම නිරත වුණ අතර, කාර්යක්ෂම ලෙස සාමාජිකයන්ද බඳවා ගනිමින් සිටියා. මෙම කාලයේදී මම වත්තල මාබෝලේ එක් පියතිලක සමරරත්න නමැත්තෙකුද මාබෝලේ මිල්ටන් නමැත්තෙකුද දැනගත්තා. ඔවුන්ව මට හඳුන්වා දුන්නේ   විෙජ්වීරගේ ආධාරකරුවන් ලෙස. විමලගුණේ විසින් ඔහුගේ නිවසේදී මට මොවුන්ව හ\ුන්වා දෙනු ලැබුවා. වත්තල, හැඳල, ඩබ්ලිව්. ටී. කරුණාරත්න නමැත්තෙකුටද මාව හඳුන්වා දුන්නා. (ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලින් වැඩ කළ කෙනෙකි) ඔහුවද මට හඳුන්වා දුන්නේ විමලගුණේය. මේ අතරතුර මම ඉඩම් සංවර්ධන වෘත්තීය සමිති කාර්යාලයට යමින් සිටියා. එහිදී මට ගල්කිස්සේ වසන්ත කනකරත්න සහ ව්‍යාපාරයේදී කලූ ලකී නමින් හැඳින්වුණු මිරිහානේ ලක්ෂ්මන්, ව්‍යාපාරයේදී සුසිල් නමින් හැඳින්වුණ නුගේගොඩ වික්‍රමරත්න, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් සහ සමරසිංහ. මැකලම් පාරේ තැපැල් දෙපාර්තමේන්තුවේ කරුණාරත්න, නුගේගොඩ ප්‍රේමපාල, නුවර ප්‍රදේශයේ කෙනෙකු වූ කපිල සහ මට දැන් මතක නැති කීප දෙනෙකුම හමුවුණා.

1968 දී විෙජ්වීර විසින් මේ ව්‍යාපාරයට නමක් දී තිබුණේ නැහැ. මෙම කාලයේදී විමලගුණේ ඔහුගේ නිවසේදී මාව කඩවත, ගෝනහේනේ ජයසිංහ නමැත්තෙකුට හඳුන්වා දුන්නා. මොහු පසුව ව්‍යාපාරයේදී ලොකු අතුල නමින් හැඳින්වුණා. 1968 එක් විශෙAෂ දිනයක, ගාල්ලේ බස් නැවතුම්පොලේදී සවස 4.00 ට, ඔහුව හමුවන ලෙසට විෙජ්වීර කීවූ බව කියමින් විමලගුණේ අපට පණිවුඩයක් ගෙනාවා. මෙය විෙජ්වීර පවත්වන්නට අදහස් කළ අධ්‍යාපන කඳවුරක් බව කියමින් විමලගුණේ මට දින 5 ක් නිවාඩු ගන්නා ලෙස කීවා. මම නිවාඩු ගෙන, දවල් 12 බසයෙන් ගාල්ල බලා ගියා. මා එහි යනවිට වේලාව සවස 3.30 ට විතර ඇති. ඔස්මන්ඩ් හා විමලගුණේ ද මා සමඟ ආවා. මා මෙම ගමන යාමට ප්‍රථම, විෙජ්වීර මට හික්කඩුවේ සනත් නමැත්තෙකුගේ ලිපිනයක් දුන්නා. හික්කඩුවේ, පතන ඇති ඔහුගේ නිවසේදී මට ඔහු හමුවෙන ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ නිවසට යාමට විස්තරය විෙජ්වීර මට දී, සනත් නම් පාසල් ගුරුවරයකු ගැන විමසන ලෙස කීවා. මේ සනත් නම්, විෙජ්සේන ජී. විතාන බව මා දැන්දන්නවා. ඔහු වාත්තියෙන් පාසල් ගුරුවරයෙකි.

හික්කඩුවේ සිට සැතපුම් 12 ක් ඈතින් පිහිටි මගේ ගම වන කහව මිනිසුන් කීපදෙනෙකුට සනත්ව හඳුන්වා දෙන ලෙස විෙජ්වීර මට කිවූ නිසා මම සනත්ව හමුවුණා. එමගින් සාමාජිකයන් ව්‍යාාපරයට බඳවා ගැනීමටය. මගේ ගම වන කහව හික්කඩුවෙන් සැතපුම් 12 ක් නොව සැතපුම් 5ක් පමණ ඈතින්ය පිහිටා ඇත්තේ. මම සනත් සමඟ මගේ ගමට ගියේ නැහැ. එසේ වුවත් මම මේ කාර්යය සඳහා එහි බොහෝ කල් හිටියා. එහෙත් මට තවත් සාමාජිකයන් බඳවාගන්නට නොහැකි වුණා. කලින් කිවු පරිදි මම පස්වරු 3.30 ට පමණ ගාල්ලට ආවා. බටපොල අතුල හා හික්කඩුවේ සනත් සමඟ සිටියදී විෙජ්වීර මට හමුවුණා. මට බටපොල අතුල හමුවූ මුල්වතාව මෙයයි අපට බස් නැවතම්පොලේදී විෙජ්වීර හමුවුණ විට ඔහු අපට බස් රථයක් පෙන්වා ශත 30 ක් වටිනා ටිකට් එකක් ගන්නා ලෙසට කීවා. අපගේ මුදල්වලින් අපි සියලූදෙනාම ටිකට් ගත්තා.

බස්රිය අක්මීමන පාර දිගේ ගිය අතර, විෙජ්වීර බැස්ස ස්ථානයෙන් අපිත් බැස්සා. අපි බහින විට වෙලාව සවස 5.00 ට විතර ඇති. අපි ප්‍රධාන පාරේ සිට අතුරු පාරක් දිගේ හැ. 1/4 ක් පමණ දුර ගොස්, තේ වත්තක් ලඟ තිබුණු ගෙදරකට ගියා. මෙම ගෙය අයිති, මා කලින් සඳහන් කර ඇති ඩබ්. ටී. කරුණාරත්නටයි. එහි වසන්නේ ඔහුගේ පියා

පමණයි. අපි මේ නිවසෙන් යාර 25 හෝ 30 පමණ දුරගොස්, වැසිකිලි පහසුකම් ලෙස ප්‍රයෝජනයට ගැනීමට වලක් හෑරුවා. මේ අතරතුර බටපොල අතුල   හාල් සහ එළවළු ගෙනාවා. අපි එකතු වී රාත්‍රි කෑම පිළියෙළ කළා. මේ නිවසේ, අප සමඟ ගිය අයත් එක්ක, 25 දෙනෙකු පමණ සිටියා. මා ඒ අවස්ථාවේදී ඔවුන් සියලූදෙනාවම නොදැන සිටි නමුත්, ඔවුන්ගෙන් සමහරෙක් පසුව මා දැනගත්තා.

පැමිණ සිටි අයගෙන් ලයනල් හෙවත් ලයියා, කරන්දෙනියේ සුසිල්, කරන්දෙණියේ නිශAශංක සහ සිසිල්චන්ද්‍ර මට මතක ඇති නම් සමහරකි. අප පැමිණි දින රාත්‍රි කෑම කා නිදා ගතිමු. ජනතා විමුක්ති පෙරමුණේ නීත්‍යානුකුල නොවූ භාණ්ඩාාගරික වූයේ ඩබ්. ටී. කරුණාරත්නයි. උසාවිවල නඩු සම්බන්ධයෙන් මුදල් වියදම් කළේත් ඒවාට ගණන් හිලව් ඉදිරිපත් කළේත් ඔහුය. පසුදින අපි අවදිවුණාට පසුව, උපාලි නමැත්තෙකු විසින් පැය 1/2 ක් පමණ වෙලා අපට ශාරීරික අභ්‍යාස දුන්නා. මෙම අභ්‍යාස දුන්නේ උපාලිය. එහෙත් ඔහු නාවික හමුදාවේ උපාලි කුරේ නොවේ. අභ්‍යාස වලින් පසුව අපි උදේ ආහාර ගත්තා. උදේ 9.00ට පමණ පංතිය පටන් ගත්තා. මෙය දහවල් ආාහර වේල එනතුරු පැවතුණා. දහවල් ආහාර විවේකයෙන් පසුව පංතිය රාත්‍රි කෑම කන වේලාව වනතෙක් පැවතියා.

මුල් දවසේ ඔහු මුළුමනින්ම ආර්ථීක අර්බුදය ගැන කථා කළා. අප එහි එන්නට පෙර, සටහන් ලියා ගැනීමට ඇක්සයිස් පොතක් ගෙනෙන්ට කීවා. විෙජ්වීර දුන් දේශනවල සටහන් අපි ලියා ගත්තා. පළමු දින හතරේ මෙම ක්‍රමය දිගටම පැවතුණා. නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, රටේ වාමාංශික ව්‍යාපාරය ගැන සහ ට්‍රොට්ස්කිවාදය ගැනත් දේශන විෙජ්වීර පිළිවෙළින් පැවත්වුවා. අපි සටහන් ලියා ගත්තා. පස්වෙනි දවසේ විෙජ්වීරට බඩේ අජීර්ණයක් හැදී ලෙඩ වුණා. එනිසා කඳවුර වසා දැම්මා.

මා සඳහන් කළ විෂයයන් ඉතා විස්තර සහිතවයි කළේ. දවස් හතරේම ශාරීරික අභ්‍යාස පංති තිබුණා. අපි ශාරීරික අභ්‍යාස කරද්දී පොලූවල නැගීමටත්, ඒවා මත තිරස් අතට යාමටත් අපට උගැන්නුවා. පස්වෙනි දවසේ අපි ගාල්ලට බසයෙන් ආවා. අපි ගාල්ලේදී විෙජ්වීරගෙන් වෙන්වුණා. විෙජ්වීර කීපදෙනෙකු සමඟ ගියා. මම ඔස්මන්ඩ්, විමලගුණේ, සහ අනෙකුත් අය සමඟ කොළඹට ආවා. රාත්‍රි 10.00 ට පමණ ගෙදර ආවා. මෙම කඳවුරෙන් ආවාට පසුව, තවමත් ලේක්හවුසියේ වැඩ කරන ජයසේකර නමැත්තෙකු, මම ව්‍යාපාරයට බඳවා ගත්තා. ඔහු ගම්පහ කෙනෙකි. ඔහු ලේක්හවුස් එකේ වාත්තු අංශයේ කෙනෙකි. ඉහත කී පුද්ගලයා මා අප ව්‍යාපාරයට බඳවා ගැනීමට පෙර, ඔහු ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ, පංතිවලට සහභාගි වුණා. වෘත්තීය සමිතිවලට බැ`දීමට විෙජ්වීරට වුවමනා වූ අතර, ඉඩම් සංවර්ධන වෘත්තීය සමිති කාර්යාලයේ තිඛෙන රැස්වීමකට, හැකිතරම් අය කැඳවාගෙන එන්නැයි ඔහු අපට කීවා.

වෘත්තීය සමිතිවලට බැදීම යනුවෙන් මා අදහස් කළේ ෆැක්ටරි, සමාගම් හා රජයේ දෙපාර්තමේන්තු වලින් සාමාජිකයන් බඳවා ගැනීමයි. එසේ නැතුව වෘත්තීය සමිති අල්ලා ගැනීම නොවේ. කාසල් වීදියේ ඉ.සං.දෙ. වෘත්තීය සමිති කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට 40 දෙනෙකු පමණ සහභාගි වුණා. මෙය සිදු වුණේ 1968 හෝ 1969 දී පමණය. එහෙත් මට හරියටම වර්ෂය මතක නැත. මා ජයසේකර කැඳවාගෙන ගියේ මේ රැස්වීමටය. ඔස්මන්ඩ්ගේ නිවසේදී හා මරදානේ ඩීන්ස් පාරේ විෙජ්රත්නගේ නිවසේදී මම පුද්ලයින්ව හඳුන්වා දීමේ කතා පවත්වා තිබුණා. මෙම කාලයේදී මේ ව්‍යාපාරයේ ධර්මසේකර නමැත්තෙකුද සිටි බව මට දැනගන්නට ලැබුණා. ඔහු අලූත්ගම කෙනෙකු බව මට පසුව දැනගන්නට ලැබුණා.

1969 වර්ෂයේදී, මැලේරියාවේ ලකුණු පහළවූයෙන්, ඔස්මන්ඩ් ව කොළඹ මහාරෝග්‍යශාලාවට ඇතුල් කරනු ලැබුවා. මා මෙය දැනගෙන ඔහුව බැලීමට රෝහලට ගියා. ඔහු මට තනමල්විල කඳවුර ගැන කීවේ මෙසේ මට ඔහු රෝහලේදී මුණගැසුණ විටයි. මා මේ කඳවුරට නොගිය නමුත් එහි 30 හෝ 40 දෙනෙකු පමණ සිටි බව ඔස්මන්ඩ් මට කීවා. වනාතමුල්ලේ සරනසේන නමැත්තෙක් මේ කඳවුරට සහභාගි වුන බව මම දන්නවා. මේ කිවූ තැනැත්තා, මෙවැනි ව්‍යාපාරයක් තිඛෙන බවට zzඇත්තZZ පත්‍රයට තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ව්‍යාපාරය තුළ සැකයට භාජනය වූ කෙනෙක්. මෙම පුවත්පත් මේ ගැන විස්තර දක්වා තිබුණු නිසා මෙම සැකය පැන නැගුණා. රැස්වීම් පැවැත්වුණ ස්ථානවලදී සරනසේන ඒවායේ සටහන් ගන්නවා මට මතකය. අපි කඳවුරු පැවැත්වූ ස්ථානත් ඔහු සඳහන් කර තිබුණා. ඔහුගේ පියා රුසියන් තානාපති කාර්යාලයේ වැඩ කළ නිසා හෝ කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිලේ) සාමාජිකයෙකු වූ නිසාද ඔහුව සැක කළා. මෙය සිදුවූයේ විෙජ්වීරව අත්අඩංගුවට ගැනීමට බොහෝ කාලයකට පෙර 1969 දීය.

1969 යම් දිනයක, වත්තල හැඳල පිහිටි ඩබ්. ටී. කරුණාරත්නගේ නිවසට මම, විමලගුණේ සහ විෙජ්වීර සමඟ ගියා. එහිදී විෙජ්වීර නම් වගයක් ලිව්වා. ඒ නම්වලට මගේ නමද ඇතුල් වුණා. එක්තරා දවසක, මීගමුවේ බස් නැවතුම්පොලට එන්නැයි ඔහු කීවා. ගමනේ අවසාන ස්ථානය විෙජ්වීර මට ස්ථීර වශයෙන් නොකීවත් මීගමු බස්නැවතුම්පොලේදී හමුවන ලෙස විෙජ්වීර අපට කීවා. විමලගුණේ සහ මම මීගමුවේදී විෙජ්වීරව හමුවුණා. විෙජ්වීර සමඟ මීගමුවේ සිටි අනෙක් අය කවුදැයි මට මතක නැත. මාබෝලේ මිල්ටන්, හැඳල පියතිලක, නිමල් මහරගේ හෙවත් මහත නිමල්, නුගේගොඩ ප්‍රේමපාල, කතරගම ලංගම ඩිපෝවේ සිරිපාල අබේගුණසේකර, කරන්දෙණියේ සුසිල්, හික්ක්ඩුවේ සනත්, හේලීස් සමාගමේ දැදිගම, ඉ.සං.දෙ. සමරසේන යන අය, ධනපාලගේ නිවසේ සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ සිටි අයගෙන් සමහරෙකු බව දැන් මට මතක ඇත.

මේම සම්මන්ත්‍රණය පවත්වන ලද්දේ මඩම්පැල්ලේ ධනපාලගේ නිවසේය. අපි බසයෙන් මීගමුවේ සිට මඩම්පැල්ලට ගියා. අපි ධනපාලගේ නිවසට හවස් වරුවේ පැමිණිය අතර, සාකච්ඡා පවත්වන ලද්දේ රාත්‍රියේය. පසුදා මුලූ දවසම ගත කරන ලද්දේ ආත්ම විවේචනයෙන් හා ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ ක්‍රියාවන් විවේචනය කරමිනි. අම්බලන්ගොඩ සිසිල්චන්ද්‍ර ද පැමිණ සිටියා. ධනපාලගේ නිවසේදී ආහාර පිස ඔහු අපට ඒවා සැපයුවා. මෙම ආත්ම විවේචනයේදී, සූදු සෙල්ලම් කරනවා මිස ලංගමයේ තමාගේ වැඩ හරිහැටි නොකිරීම ගැන, විෙජ්වීර, සිරිපාල අබේගුණසේකරට දෝෂාරෝපණය කළා. ප්‍රේම සම්බන්ධයක් තිබීම ගැන මිල්ටන්, පියතිලකව විවේචනය කළ අතර, එය නවතා දමන ලෙස විෙජ්වීර පියතිලකට කීවා. හේලීස් සමාගමේ දැදිගම, විවාහ වීමට අදහස් කරන බව ප්‍රකාශ වුණා. ඔහුට විවාහ වීමට අවසර දුන්නා. මට මතක සිද්ධීන්ගෙන් සමහරකි මේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක ද මෙම රැස්වීමට සහභාගි වුණා. මෙම සම්මන්ත්‍රණය මුලූ දවසක්ම තිබුණු අතර, ඉන්පසුව අපි ගෙදර ආවා. 1969 ධනපාලගේ නිවසේ තිබුණු රැස්වීමෙන් මාසයකට පමණ පසුව, මාතරට ගොස් ප්‍රැන්සිස් නම් පුද්ගලයෙකු මුණගැසෙන්නට යැයි මට විමලගුණේගෙන් පනිවුඩයක් ලැබුණා. ඔහු තිස්සමහාරාමයේ කෙනෙකු වන අතර ව්‍යාපාරයේදී හඳුන්වන්නේ ඒ නමින්මයි. මම විමලගුණේ සහ කරුණාරත්න සමඟ මාතරට ගියා. මේ ප්‍රැන්සිස්ව කරුණාරත්න දැනගෙන සිටියා. මාතරදී අපි, ව්‍යාපාරයේදී zzමුදලාලිZZ යනුවෙන් හඳුන්වන ඛෙන්තොට වීරසිංහගේ ගෙදරට ගියා අපි ඔහුගේ නිවසට යනවිට, විෙජ්වීර එහි ගොස් සිටියා. ප්‍රැන්සිස් අපව මේ නිවසට එක්ක ගියා. එහි පැමිණ සිටි අනෙක් අය නම් හික්කඩුවේ සනත්, ධනපාල සහ ලොකු අතුලයි. සාකච්ඡා කළ දේ මට මතක නැත. පසුදින

අපි ආපහු ආවා.

මා භාරකාරයා වී සිටි ගොංගිතොට ගොවිපලේ වැඩ කිරීමට අපි පැමිණි විට, ධර්මසේකර කණ්ඩායමේ ජයකොඩි මට දැනගන්නට ලැබුණා. 1969 දී (නියම දිනය මට මතක නැත) විමලගුණේ සමඟ කතරගම බලා යන්නැයි මට ධනපාලගෙන් පණිවුඩයක් ආවා. එහි ගොස්, කතරගම 13 වෙනි සැතපුම් කනුව අසල වාසය කරන, ගමගේ නමැත්තෙකු හමුවෙන්නැයි කීවා. ඒ අනුව අපි කතරගමට ගියා. ඔහුගේ යාලූවෙකු වන ගාමිණීගේ මාර්ගයෙන් ගමගේ ගේ නිවස තිඛෙන ස්ථානය ගැන සොයා බැලූවා. ගාමිණී එදා රෑ අපිව ඔහුගේ නිවසේ තබාගෙන, ගමගේ අතේ විෙජ්වීරට පණිවුඩයක් යැව්වා අපට ඔහුව හමුවීමට එන්නට අවසර දෙන්නදැයි අසා. ඔහු අවසර දුන් පසුව, අපි ගමගේ ගේ නිවසට ගොස්, එතැනින් ගමගේ ගේ නිවස අසල තිබුණු පැලකට ගොස්, විෙජ්වීරව සොයා ගත්තා. විෙජ්වීර එහි සිටියේ තව අපි නොදන්නා දෙනෙකු සමඟයි.

අපි එහි ගිය පසුව, ධනපාල, ලයනල් හෙවත් ලයියා, පියතිලක, සනත්, ලොකු අතුල සහ මට දැන් මතක නැති තවත් කීප දෙදෙනකුම එහි ආවා. අපි විෙජ්වීර හමුවූ විට ඔහු කීවා, ධර්මසේකර හා ඔහු සමඟ සිටි තවත් කීපදෙනෙකු තමාගේ කණ්ඩායමෙන් කැඩී ගොස් ඇති බව. කතරගමදී ධර්මසේකරගේ කණ්ඩායමත් සමඟ සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවත් ඔහු කීවා. මේ සම්මන්ත්‍රණයට එම කණ්ඩායම පැමිණ ඇත්තේ රිෝවල්වර අතේ ඇතිවයි. ඔවුන් විෙජ්වීරට ශාරීරික හිංසා කරන බවට තර්ජනය කර ඇත. තමාගේ ජීවිතය අනතුරේ පවතින බැවින්, නිදහසේ එහා මෙහා යාමට බැරි නිසා, ආරක්ෂාව පවතින දකුණු පළාතේ නැවතෙන බව විෙජ්වීර අපට කීවා. අපගේ දිස්ත්‍රික්කයේ ධර්මසේකරගේ කණ්ඩායමේ කටයුතු ගැන සොයා බලන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටියා. 1969 දී හෝ 1970 දී කැම්බල් උයනේදී ඔස්මන්ඩ් සිල්වා ධර්මසේකරව හමුවී, මෙම කල්ලිය ගැන සාකච්ඡාවක් පැවැත්වූ බව මම දන්නවා. ධර්මසේකරට පහර නොදීම ගැන විෙජ්වීර ඔස්මන්ඩ් සිල්වාට දෝෂාරෝපණය කළ බවද මා තවදුරටත් දන්නවා. මෙය අපට කියන ලද්දේ ඉ.සං.දෙ. වෘත්තීය සමිති කාර්යාලයේ පැවති රැස්වීමකදී 1969 අගභාගයේ පමණය.

මිල්ටන් සමඟ එක් ලාබාල කෙනෙකු මගේ නිවසට ආවා. මේ ලාබාල පුද්ගලයා නම් අයිවන් වික්ටර් හෙවත් පොඩි අතුලයි. පොඩි අතුල ගාල්ලේ කෙනෙකු බවත්, මීගමු ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුනේ, කටයුතු ඔහුට භාරදී තිුබණු බවත් මිල්ටන් මට කීවා. මෙම දිනයේ සිට පොඩි අතුල මගේ නිවසට නිතර එන යන අමුත්තෙකු වුණා. මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වන පෙලිෂියන් ගැන තමා සැක කරන බව පොඩි අතුල මට කී බවද මට මතකය. ඔහු උග්‍ර කතෝලිකයකු වූ බැවින්, මේ කටයුතු ගැන කතෝලික පල්ලියට දන්වනු ඇතැයි සිතා මිල්ටන් පෙලිෂියන්ව සැක කළා. ටික කාලයක් මීගමුව දිස්ත්‍රික්කය භාරව සිටි මිල්ටන්ට, පොඩි අතුල දොස් පැවරුවා, පෙලිෂියන්ව බඳවා ගැනීම ගැන.

විෙජ්වීර, රිවෝල්වරයක් ඉල්ලු බව පොඩි අතුල මට කීවේ මේ ගමන් බිමන් වලදීයි. පොඩි අතුළ, විෙජ්වීරට රිවෝල්වරයක් මිලදී ගත් බව මා දන්නවා. ඔහු එය ගත්තේ කොහෙන්දැයි මම දන්නේ නැහැ. රිවෝල්වරයක්ද සමඟ විෙජ්වීරව අත්අඩංගුවට ගන්නා ලද බව මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ නඩුවක් හම්බන්තොට උසාවියේ ඇත. විෙජ්වීර අත්අඩංගුවට ගැනීමට මාසයකට පමණ පෙර, ගල්කිස්ස පොලිසිය මගින්, එම ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වන වසන්ත කනකරත්න අත්අඩංගුවට ගත්තා. ගල්කිස්ස ප්‍රදේශයේ සිතියම් වගයක්ද පොලිසිය සොයාගත්තා. මට පළමුවෙන් වසන්ත කනකරත්න මුණගැසණේ 1968 දී ඉඩම ්සංවර්ධන වෘත්තීය සමිතියේදීය. වසන්තව අත්අඩංගුවට ගත් වහාම, පොඩි අතුල මා වෙත පැමිණ, වසන්තගේ අතේ තිබුණු ඇක්සයිස් පොතක හෝ දින පොතක තිබී මගේ නමේ මුල් අකුරු සොයාගෙන ඇති බව කියා, පොලිසිය මා ගැන සොයා බැලීමට ඉඩ තිඛෙන නිසා ප්‍රවේසමෙන් ඉන්න ලෙස කීවා.

මේ අතරතුර 1970 මහා මැතිවරණයට පෙර. අත්අඩංගුවට ගන්නා ලද විෙජ්වීරව, මැතිවරණය අවසාන වනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලද අතර, මහා මැතිවරණයෙන් දින දෙකකට පසුව නිදහස් කළා. මා නුවරඑළියට ගියේ නැහැ. එහෙත් මගේ පුතා විමලගුණේත් සමඟ නුවරඑළියට ගියා. විෙජ්වීර අත්අඩංගුවට ගත් විට, 1970 මැයි මස 13 හෝ 14 වෙනි දින ලේක්හවුස් පුවත්පත්වල පළවන තෙක් අපි ඒ ගැන දැන සිටියේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් කරන ලද මේ අත්අඩංගුවට ගැනීම ගැන, විශාල ප්‍රචාරයක් කිරීමට අපට උවමනා වුණා. සනත්, සිරිපාල අබේගුණසේකර සහ මාතර මුදලාලි මේ සම්බන්ධයෙන් ඔහු බැලීමට පැමිණියා.මගේ නිවසේ සිට අපි ලොකු අතුලගේ නිවසට ගියා. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට. ලොකු අතුලගේ නිවසේදී මුල්වතාවට මට සෝමසිරි කුමානායක හමුවුණා. මම ඔහු සමඟ අපේ ගෙදරට ආවා. එදා රෑ ඔහු එහි ගත කළා. සෝමසිරි කුමානායක අතුලගේ නිවසට ආවේ, විෙජ්වීර අත්අඩංගුවට ගැනීම නිසාය.

පසුදින උදේ සනත් මගේ නිවසට ආවා. දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කටයුතු සූදානම් කිරීමට, මම ඔහුත් සමඟ පොඩි ලකී සොයන්නට නුගේගොඩට ආවා. මා පොඩි ලකීගේ නිවස දැනගෙන සිටියේ නැහැ. සනත් මාව මේ නිවසට කැඳවාගෙන ගියා. විෙජ්වීරව නිදහස් කිරීමට පත්‍රිකා මුද්‍රණය කිරීමට, බෞද්ධ භික්ෂු සංවිධානයක් ප්‍රයෝජනයට ගැනීම ගැන අපි ඔහු සමඟ සාකච්ඡා කළා. පොඩි ලකී කියන්නේ ලක්ෂමන් මුණසිංහටයි, ඔහු සංඛ්‍යලේඛන දෙපාරතමේන්තුවේ වැඩ කරනවා.  පොඩි ලකී මෙදින අසනීපයෙන් සිටියා. ඔහු බෞද්ධ භික්ෂූන් කීපදෙනෙකුට පණිවුඩ යැව්වා. බෞද්ධ භික්ෂූන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් පමණ පොඩි ලකීගේ නිවසට ආවා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කලාට පසුව, ඔවුන්ගේ සංවිධානයේ නමින් පත්‍රිකා පළ කිරීමට ඔවුන් එකඟ වුණා. එහෙත් මෙම සංවිධානයේ නම මට මතක නැහැ. අපි උවමනා පත්‍රිකා ප්‍රමාණය නොකිවු නමුත්, ඔවුන්ගේ වියදමෙන් ඒවා මුද්‍රණය කිරීමට ඔවුන් කැමති වුණා. පැමිණ සිටි භික්ෂූන් අතුරින්, කොටවිල දේවසිරි, ගරු භද්දිය යන අය මම අඳුනා ගත්තා.

ටික දවසකින් මෙම පත්‍රිකා පිටවුණා. විෙජ්වීර නිදහස් කරන ලෙසට ඉල්ලා, රටේ සෑම පළාතකම දැන්වීම් ඇලවීමට සනත් තීරණය කළා. මේ තීරණය ගත්තේ කොහේදීදැයි මට මතක නැහැ. විෙජ්වීරව නිදහස් කරන ලෙස ඉල්ලා, රටපුරාම එකවරම දැන්වීම් අලවන ලෙස දන්වමින්, සනත් අපගේ නියෝජිතයන්ට පණිවුඩ යැව්වා. මෙම දැන්වීම් ඇලවීම සිදුවුණේ මහා මැතිවරණයට දින කීපයකට පෙරය. මම ලේක්හවුසියෙන් මගේ මුදල්වලින් මුද්‍රණ කඩදාසි ගොනාවේ මේ කාර්යය සඳහාය. මම දැන්වීම්

ඇලවූයේ නැහැ.

මේ අතර විෙජ්වීර අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහු පොඩි අතුලව මීගමු ප්‍රදේශයෙන් ඉවත් කර, වෘත්තීය සමිති අතර, අපට සහයෝගය ගොඩනැංවීම පිණිස ඔහුට වෘත්තීය සමිති සමඟ වැඩ කරන ලෙස භාර කළා. වෘත්තීය සමිති නිලධාරීන් අතර හඳුනා ගැනීම ඇතිකර ගැනීම පිණිස මමද පොඩි අතුල සහ නයනානන්ද සමඟ ගොස් තිබුණා. මගේ මතකයේ හැටියට මේ මට නයනානන්ද හමුවූ මුල් වතාවයි. වර්ෂය 1969 යි.

1970 විෙජ්වීර නිදහස් වූ පසුව, ඔහු තුවක්කු සහ වෙඩිඛෙහෙත් එකතු කිරීමේ කාර්යය පොඩි අතුලට නියම කළා. තමාට රිවෝල්වරය මිලට ගත්තේ ඔහු නිසාත්, ඔහු ඉතා කාර්ය්කෂ්ම කෙනෙකු වූ නිසාත් විෙජ්වීර මේ කාර්යයට පොඩි අතුලව පත් කළා. කලූතර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට නයනානන්දව පත් කළා.

දකුණු පළාතේ එක් ස්ථානයක, බෝම්බයක් අත්හදා බලමින් සිටින විට පොඩි අතුලගේ වම්අතේ, මැණික් කටුවෙන් පහත පුපුරා ගියා. ඔහු ගාල්ලේ රෝහලට ඇතුල් කරනු ලැබුවා. ඉන්පසුව සුලෙයිමන් රෝහලට ඇතුල් කරන ලදුව, එහි මාසයක් පමණ සිටියා. මෙම සිද්ධිය ගැන මා දැනගත්තේ පොඩි අතුල සොයාගෙන ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මට මුණගැසුණු ඌ මහත්තයා හෙවත් උයන්ගොඩ හෙවත් සෙනෙවිරත්නගෙනි. ඔහු එහි යම් කිසිවක් පාර්සල් කරමින් සිට, පසුව එවා කැළණියට අරගෙන ගියා. පොඩි අතුලගේ තුවාල ලැබීම ගැන මට කීවේ ඔහුය. මා දන්නා හැටියට නම් ඔහු ගෙනගිය පාර්සලේ උයන්ගොඩ රැගෙන ගියේ වෙඩිඛෙහෙත්ය.

උයන්ගොඩගේ ගම දකුණු පළාතේය. ගම්පහ සිට කැළණිය දක්වා නුවර පාරේ වැඩ කිරීමට නියම කර තිබුණේ ඔහුටය. 1971 අප්‍රේල් මස 5 වැනිදා වනතෙක් ඔහු එම ප්‍රදේශය භාරව සිටියා. පොඩි අතුලගේ රෝහල් බිල ගෙව්වේ සනත්ය. ඔහු එයට රු: 1000/} ක් පරිත්‍යාග කළ අතර, ඉතිරි හරිය ලොකු අතුල දුන්නා. සනත් පොඩි අතුලට රු: 1000/} ක් දුන්නේ මා ඉදිරිපිටදීය. කෑගල්ලේ ප්‍රදේශයේ උපසේන විසින් කරන ලද සොරකමකින් මෙම මුදල් ලබාගන්නට ඇත. පොඩි අතුල රෝහලෙන් පැමිණි පසුව ක`දානේ ඔහුගේ නිවසට ගියා. උයන්ගොඩ, පාර්සල් කීපයක් සමඟ පොඩි අතුලගේ නිවසින් ගිය දවසේ ඔහු මට ඔසවාගෙන යා හැකි ටයිප්රයිටරයක් දුන්නා. අත්බොම්බ සෑදීමේ ක්‍රම හා රූප සටහන් අඩංගු ලිපිගොනුවක් සමඟ මේ ටයිප්රයිටරය ඉ.සං.දෙ. වත්තීය සමිති කාර්යාලයට ගෙනයන්නැයි ඔහු මට කීවා.

1969 අගභාගයේදී එක් දිනෙක, පියතිලක මගේ නිවසට පැමිණ එක්තරා කාර්යයක් සඳහා කතරගමට යන්නට පුලූවන්දැයි මගෙන් ඇසුවා. මා එයට එකඟ වූයෙන් පසුදින විමලගුණේ ගේ නිවසේදී හමුවෙන්නැයි ඔහු මට කීවා. මා ඔහුව, විමලගුණේගේ නිවසේදී හමුවූ අතර, අපි දෙදෙනාම කොළඹ 3, ඇල්ෆ්‍රඩ් පෙදෙසට ආවා. අප ඇල්ෆ්‍රඩ් පෙදෙස දිගේ එනවිට, එක් මහත්මයෙක් අපව දැක, ගමන් මල්ලක්ද අතේ ඇතිව නිවසක උඩ තට්ටුවේ සිට පහතට ආවා. පියතිලක මෙම නිවසට ඇතුල් වුණා. මා කලින් සඳහන් කර ඇති තිස්ස හා ප්‍රැන්සිස් වෙත, මේ තැනැත්තාව කැඳවාගෙන යන්නැයි පියතිලික මට කීවා. මේ දෙදෙනා තිස්සදී අපව හමුවිමට නියමව තිබුණා. අපි දුම්රියෙන් මාතරට ආවා. අපගේ දුම්රිය ගමනේදී, තමා ගොවිජන සේවා දෙපාර්තමේනතුවේ සුසිල් සිරිවර්ධන වන බව ඔහු මට කීවා. ඔහු ගුරුවරයෙකු ලෙස වියලි කලාපයේ සේවය කර ඇති බවත් ඔහු මට කීවා.

අප තිස්සට පැමිණි විට, අපිට ප්‍රැන්සිස්ව හමුවුණා. ඔහු අපිව කතරගම සිරිපාලගේ නිවසට කැඳවාගෙන ගියා. මේ නිවසේ සුසිල් සිරිවර්ධනව රැඳවීමෙන් පසුව අපි විෙජ්වීර හමුවෙන්න ගියා. විෙජ්වීර පසුව පැමිණ සුසිල් සිරිවර්ධනව හමුවුණා. ඔහු සිරිවර්ධනත් සමඟ සාමාන්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. තමා ගොවියන් අතර, කිසියම් පර්යේෂණ වගයක් කිරීමට පැමිණ සිටින බව විෙජ්වීර කීවා. මෙම සාකච්ඡාවෙන් පසුව ඔහු රාත්‍රි ආහාර ගත්තා. පසුදා උදේ අපි කොළඹ බලා ආවා. මා මීට පෙර අවස්ථා දෙකකදී ඔහු දැක ඇත.

විෙජ්වීරගේ නිදහස් කිරීමෙන් පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කළ කතාවට සවන් දීමට පැමිණ සිටියදී සහ විෙජ්වීර හමුවීමට විමලගුණේ ගේ නිවසට පැමිණි විටය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුවත්පත් වාර්තාකාරියක වන ඊවා රණවීර සමඟ මේ තැනැත්තා සිටිනු මා දැක තිඛෙනවා. විමුක්ති පුවත්පත ප්‍රකාශයට පත් කිරීමට තමා සුසිල් සිරිවර්ධනගෙන් රු: 1000/} ක් ඉල්ලා ගත් බව පොඩි ලකී මට කීවා. ඔහු මේ මුදල් දී ඇත්තේ චෙක් පතකිනි. මෙය දෙන්නට ඇත්තේ මහා මැතිවරණයෙන් පසුව වන්නට ඇත.

සනත් විරාජ් අම්බලන්ගොඩ ලක්ෂAමන් හා ලොකු අතුල යන අයද සිටියදී, විමලගුණේගේ නිවසේදී, සුසිල් සිරිවර්ධන, විෙජ්වීරව හමුවුණා. ඔහු විෙජ්වීර සමඟ පොත් ගැන සහ කියුබාව ගැනත් සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව පැය 2ක් පමණ වේලා තිබුණු අතර, මාද එහි සිටියා. මෙම රැස්වීමෙන් පසුව මට ඔහු හමු වුණේ නැහැ.

1968 දී ලේක්හවුස් එකේ, ලංකා වෙළඳ සේවක සංගමයක් පිහිටුවනු ලැබුවා. මම එහි ශාඛා කළමනාකාර බවට පත් වුණා. මා කලින් සඳහන් කළ මාතරදී පැවැති රැස්වීමේදී, කොළඹ, මහනුවර, අනුරාධපුර, මාතර, කෝට්ටේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කමිටු පිහිටුවන්නැයි විෙජ්වීර අපට කීවා. මම ධනපාල වැනි අයෙකුත් අය සමඟ කොළඹ දිස්ත්‍රික් කමිටුව පිහිටවූවා. මෙම ව්‍යාපාරය ඒ ඒ ප්‍රදේශවල දියුණු කිරීමේ විධිය සහ ක්‍රම සාකච්ඡා කිරීමට මෙම දිස්ත්‍රික් කමිටුවලට සිදු වුණා.

කොළඹ, ප්‍රථම දිස්ත්‍රික් කමිටුව මම, ධනපාල, පියතිලක, විමලගුණේ සහ පොඩි අතුල යන අයගෙන් යුක්ත වුණා. උයන්ගොඩ පසුව පැමිණියා. ඔස්මන්ඩ් ද සිල්වා, වසන්ත, මරදානේ විෙජ්රත්න යන අයද කොළඹ දිස්ත්‍රික් කමිටුවේ සිටියා. කොළඹ දිස්ත්‍රික් කමිටුවේ ලේකම් වුණේ මාය. කොළඹ දිස්ත්‍රික් කමිටුව, කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, සහ නුවර පාර ප්‍රදේශයේ පැවති උප දිස්ත්‍රික් කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත වුණා. උතුරු කොළඹ කණ්ඩායමේ නායකයින් වූයේ පියතිලක සහ මිල්ටන්ය. කොළඹ දකුණ වසන්ත කනකරත්නට භාර වුණා. මැද කොළඹ ඔස්මන් සහ විෙජ්රත්නට භාර වුණා. නුවර පාර ගම්පහ හේමසිරි යටතේ තිබුණා.

කොළඹ දිස්ත්‍රික් කමිටුව සම්බන්ධයෙන් වගකිව යුතු වුණේ උප කමිටුවල සාමාජිකයන්ය. අනෙකුත් ස්ථානවලට මා නොගිය බැවින්, වෙනත් කමිටු තිබුණේදැයි මා දන්නේ නැත. මෙම උප කමිටු සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම් වලට ඛෙදන ලෙස විෙජ්වීර තවදුරටත් උපදෙස් දුන්නා. නිදර්ශනයක් වශයෙන්, කොළඹ උතුරේ සාමාජිකයන් 25 දෙනෙක් සිටියේ නම්, කණ්ඩායම් 5ක් තිඛෙනු ඇත. මෙම කණ්ඩායම් පහෙන්, එක කණ්ඩායමකින් 5 දෙනා බැගින් තෝරාගෙන ඒ පස්දෙනා පොලිස් කමිටුව නමින් හැඳින්වෙනවා ඇත.

පොලිස් කමිටුවලට අයිති කාර්්‍යයන් වුණේ ප්‍රදේශය ගැන අවබෝධයක් ලබාගැනීමයි. පාරවල් සියල්ල දැනගැනීමෙන්, ප්‍රදේශයේ කටු සැලැස්මක් ගැනීමෙන්, පොලිස් ස්ථානයේ කටු සැලැස්මක් ගැනීමෙන්, පොලිස් ස්ථානවල ආයුධ ගබඩා සහ ප්‍රදේශයේ වාසය කරන පොලිස් නිලධාරීන්ගේ නිවාස තිඛෙන ස්ථාන ආදියද දැනගැනීමෙනි. එසේම ඒ ප්‍රදේශයේ වාසය කරන උසස් රජයේ නිලධාරීන්ද දැනගත යුතු වුණා. මෙම පොලිස් කමිටුව, උප කමිටුවලට වාර්තා කළයුතු වුණා. උප කමිටු, දිස්ත්‍රික් කමිටුවලටත්, දිස්ත්‍රික් කමිටු ප්‍රගතිය ගැන විෙජ්වීරටත් වාර්තා කළ යුතු වුණා. දිස්ත්‍රික් කමිටුවේ ලේකම් වශයෙන් මා සිටි කාලයේ මෙම අදහස් කවදාවත් ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් උයන්ගොඩ දිස්ත්‍රික් කමිටුව භාරව ආවාට පස්සේ, මේවා ක්‍රියාවට නැගුවා. මෙය සිදු වුණේ 1969 අගභාගයේ. පොලිස් කමිටුවල සාමාජිකයන් මා දැන්වත් දන්නේ නැහැ.

1970 මාර්තු මාසයේ දවසක අවිආයුධ සහ වෙඩිඛෙහෙත් එකතු කරන්නැයි කළ විෙජ්වීරගේ නියෝගය මට සනත්ගේ මාර්ගයෙන් දැනගන්ට ලැබුණා. මා මෙසේ කියන්නේ, විෙජ්වීර ඔහුගේ ප්‍රවේසම තකා, කොළඹට නොපැමිණෙන නිසාත්, සනත් දිස්ත්‍රික් කමිටුවල වැඩ ගැන පරීක්ෂා කර බැලු නිසාත්ය. විප්ලවයක් සිදු කරගෙන යද්දී අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීමට, ඒවා එකතු කරන ලෙස අපට කියනු ලැබුවා. අවි ආයුධ සහ වෙඩි ඛෙහෙත් යනුවෙන් අපට එකතු කරන්නට කීවේ පතරොම්, තුවක්කු, පිස්තෝල ද හිස් බෝතල්, පිච්චුණු විදුලි බුබුළු සහ ඇණත්ය. අත්බෝම්බ සෑදීමේදී ප්‍රයේජනයට ගැනීමටයි. මේවා එකතු කළේ. මට හෝ මගේ ළමයින්ටවත්, කිසිවක් එකතු කිරීමට බැරි වුණා.

විෙජ්වීර මගේ නිවසට දහ වතාවක් පමණ පැමිණෙන්නට ඇති අතර, මගේ නිවසේ රාති්‍ර කීපයක් ගත කරන්නටද ඇත. සිසිල්චන්ද්‍ර ද මගේ නිවසට යාමට ඒමට පටන් ගත්තා. ඔහු මගේ ළමයින් සමඟ මිත්‍ර වුණා. මගේ දුව වන චමලී 1970 නිවාඩු කාලවලදී, සිසිල්චන්ද්‍ර ගේ නිවසට ගියා. මේ ගිය ගමන්වලදී විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොහොයුරිය වන යසෝමාව සිප ගන්නවා ඇය දැක තිබුණා. මගේ දුව ඇවිත්, ලොකු අතුලගේ සොහොයුරියට මෙය කීවා නාන විටදී. ලොකු අතුලගේ සොහොයුරිය සෝමසිරි කුමානායකට මෙය කියන ලදුව, ඔහු මෙම පුවත විෙජ්වීරට දන්වා තිබුණා.

සෝමසිරි කුමානායක නිතර අප නිවසට ආ ගිය කෙනෙකු වුණා. මේ කාලයේදී ඔහු උයන්ගොඩ සමඟ මගේ නිවසේ සිටියා. මේ අතරතුර, ලොකු අතුල සහ මගේ දුව වන ධම්මිකා අතර සබඳකමක් තිබුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, සාමාජිකයින් මගේ නිවසට නිතර නොපැමිණි බවත් මට දැනගන්නට ලැබුණා. ඊට හේතුව මෙය බව මම දැනගත්තේ අම්බලන්ගොඩදී විෙජ්වීර මට එය කිවූ පසුවයි. හදිසියේම ව්‍යාපාරයේ සාමාජිකයන් මාව කොන් කිරීමට හේතුව සොයා බැලීමට මම, මගේ බිරිඳත් සමඟ අම්බලන්ගොඩ ගියා. මා නියම සාමාජිකයෙකු නොවන බවත්, මා එයට බැඳී ඇත්තේ, මගේ දියණියන් කණ්ඩායමේ නායකයින්ට දීමට බවත් කියමින් විෙජ්වීර මට බැන වැදුණා. ඔහු ලොකු අතුලගේ ප්‍රේම සම්බන්ධය ගැනත් කීවා. මෙය මා පුදුමයට පත් කළ දෙයක්. එහෙත් පසුව මට දැනගන්නට ලැබුණා, මගේ දියණිය ලොකු අතුල සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව. ලොකු අතුල මෙම ප්‍රේම සම්බන්ධතාවයට, විෙජ්වීරගෙන් අවසර ඉල්ලු බවද, විෙජ්වීර එය අනුමත කළ බවද, මට පසුව දැනගන්නට ලැබුණා.

1970 දෙසැම්බර් 15 වෙනි දින, අපගේ නිවසේ විෙජ්වීර සමඟ පැවති රැස්වීමකදී, සනත්, සිසිල්චන්ද්‍ර, කරුණාරත්න යන අය පැමිණ සිටියා. මෙහිදී වෙනස්කම් සමථයකට පත්කළ අතර, විෙජ්වීර ඔහු කලින් කළ චෝදනාව ඉල්ලා අස්කර ගත්තා. කිසිවකුගේ ඉල්ලීම උඩ, විෙජ්වීර යසෝමාව සිපගැනීමේ සිද්ධිය මෙම රැස්වීමේදී පැවසීමට මගේ දුව වන චමලීට උවමනා කළත් පැමිණ සිටි සාමාජිකයන් එය ඇද ගැනීමට කැමති වුණේ නැහැ. එනිසා එය අත්හැර දැමුවා. සමථයකට පත්කර ගත්තද, විෙජ්වීර මා කෙරෙහි දැක්වූ ස්වභාවය නිසා මට මේ ව්‍යාපාරය එපා වුණා.

මේ අතරතුර, 1970 අගභාගයේ දවසක මම කහව පිහිටි මගේ නිවසට යමින් සිටින විට, විෙජ්වීර එම දුම්රියේම ගමන් කරනු මම දැක්කා. ඔහු දුම්රියට නැඟ ඇත්තේ අම්බලන්ගොඩින්ය. ඔහු, තංගල්ලේ ඔහුගේ නිවසට යන බවත්, කිසිවකුට ඔහුව හමුවීමට උවමනා කළහොත්, ඔවුන් තංගල්ලට එවන ලෙසත් ඔහු කීවා. නැවත 1970 දෙසැම්බරයේදී විෙජ්වීර විසින් තමාට කුමන්ත්‍රණ කරුවෙකුයි චෝදනා කළ නිසා, තමා ව්‍යාපාරයේ වගකීම් වලින් ඉවත් වන බව කියා සනත් මට ලිපියක් එව්වා. ඒ වුණත් සනත් ව්‍යාපාරයේ කටයුතු වලින් ඉවත් වුණේ නැහැ.

1971 මුල් භාගයේදී සනත් සමඟ තිබුණු වෙනස්කම් නැති කර ගැනීමට දෙල්ගොඩ රාජාගේ නිවසේදී සම්මන්ත්‍රණයක් කැඳවූවා. මෙම නිවස තිඛෙන්නේ කඩවතයි. සම්මන්ත්‍රණයට පහත ස`දහන් අය පැමිණ සිටියා. විෙජ්වීර, සනත්, නුවර වැඩකටයුතු ක්‍රියාත්මක කරමින් සිටි අම්බලන්ගොඩ රංජිත්, බදුල්ලේ සිට නුවරඑළිය දක්වා වැඩ කටයුතු ක්‍රියාත්මක කළ අම්බලන්ගොඩ සුනන්ද, ලොකු අතුල, උයන්ගොඩ, කුමානායක, කරුණාරත්න, සිසිල්චන්ද්‍ර, තඩි ලක්ෂAමන් සහ මම මෙම රැස්වීමේදී තීරණයකට එළඹීමට බැරි වුණා. තමාගේ රථය නතර කර, එය අලූත්වැඩියා කිරීමට පටන් ගත් කෙනෙකු නිසා අපට බාධා වූ නිසාය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු යයි සිතූ අපි විසිර ගියා.

දෙල්ගොඩ රාජාගේ නිවසේදී පැවති සම්මන්ත්‍රණය මෙයයි. දෙල්ගොඩ රාජාගේ නිවසේදී පැවති අන්තිම රැස්වීමේදී කරුණාරත්න, සිසිල්චන්ද්‍ර, සනත් සහ ලක්ෂAමන්ට ද විෙජ්වීර ඉතා තදින් පහර දුන්නා. ඔහු යසෝමා සමඟ අනිකුත් අය ඉදිරියේදී ඉතා නිදහස්ව හැසිරීමට පටන් ගත් නිසා, සිසිල්චන්ද්‍රගේ නිවසින් යන ලෙස ඔහුට කීවේ මේ හතරදෙනා නිසාය, විෙජ්වීර මේ සතරදෙනාට බැන වැදුණේ ඇයිදැයි මම ඔහුගෙන් ඇසූවිට, විෙජ්වීර මට මගේ වැඩක් බලාගන්නා ලෙස කීවා. එහෙත් මට මේජර් තනතුරක් දෙන බව ඔහු කීවා. ඔහු මට මේ පදවිය දෙන්නට අදහස් කළේ මොන හමුදාවකදැයි මා දන්නේ නැහැ. එහෙත්, මා මේ ව්‍යාපාරයේ වැඩ කළේ, එබඳු පදවි බලාපොරොත්තුවෙන් නොවන බවත්, ව්‍යාපාරයට නියම වශයෙන් වැඩ කළ අයට බැන වැදීම, වැරදි සහිත බවත් මම ඔහුට කීවා.

ඉන්පසු මම ධනපාල සහ කරුණාරත්න සමඟ, අම්බලන්ගොඩට ගොස්, සිසිල්චන්ද්‍රව මුණගැසුණා. විෙජ්වීර විසින් යසෝමාට ලියන ලද පෙම්පත් හතරක් ඔහු මට පෙන්නුවා. මින් එක ලිපියක, තමා සමඟ පැන යාමට එන ලෙස විෙජ්වීර යසෝමාගෙන් ඉල්ලා තිබුණා. මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට විෙජ්වීර ඔස්මන්ගේ නිවසේ රැස්වීමකට සාමාජිකයන් කැඳවූවා. මෙම රැස්වීම 1971 පෙබරවාරි 6 වෙනි දින පැවැත්වීමට නියම වුවත්, සිසිල්චන්ද්‍ර සහ ලක්ෂAමන් නොපැමිණීම නිසා එය එදින පවත්වන්නට පුලූවන් උනේ නැහැ.

ලොකු අතුලගේ භාරයේ තිබුණු අවි ආයුධ සහ වෙඩි ඛෙහෙත්, විෙජ්වීර පොඩි අතුලගේ මාර්ගයෙන් ඔහුගෙන් ඉවතට ගෙන, වෙනත් ස්ථානයක තැබුවා. මෙසේ කරන ලද්දේ මන්දැයි මම දන්නේ නැහැ. මම සහභාගි වූ අන්තිම රැස්වීම පැවැත්වුණේ 1971 පෙබරවාරි 6 වෙනි දිනයි. මෙම රැස්වීමට විෙජ්වීර, සිසිල්චන්ද්‍ර, මම, සනත්, ලොකු අතුල, ධනපාල, අම්බලන්ගොඩ රංජිත්, උයන්ගොඩ, ඔස්මන් ද සිල්වා, වසන්ත, චුකී හෙවත් ප්‍රේමරත්න, හලාවත ටොෆි විකුණන්නෙකු වන කරුණාරත්න සිල්වා, මරදානේ ජයතිලක, හා විෙජ්රත්න, පියතිලක සහ තවත් කීපදෙනෙක් සහභාගි වුණා. මෙම රැස්වීම පෙරවරු 11.00 සිට පස්වරු 7.00 පමණ වනතෙක්, බොරැල්ල පොලිසිය එතැනට කඩා වදින තුරුම පැවැත්වුණා. අපි සියලූදෙනාම බියෙන් ඔස්මන්ගේ නිවසින් දුව ගියා. එහෙත් ඔස්මන් සහ වසන්තව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.

මෙම දිනයේ සිට, කොළඹ දිසාපති තුමාට භාර වෙනතුරු මම, දිවයිනේ කිසිම පළාතක, කිසිම ආකාරයකින් සහභාගි වුණේ නැහැ. ලොකු අතුල සහ විෙජ්වීර සමඟ විරාජ් ප්‍රනාන්දු මුල් වතාවට මගේ නිවසට ආවා. මෙම සාකච්ඡාවට මම සහභාගි වුණේ නැහැ. එහෙත් ඔවුන් සියලූදෙනාම ආහාරගෙන එදාම නික්ම ගියා. එම සාකච්ඡාවේදී හුවමාරු වූ අදහස් මොනවාදැයි මම දන්නේ නැහැ. ඔහු ලොකු අතුල සමඟ අවස්ථා දෙකකදී මගේ නිවසට පැමිණිය නමුත්, මින් එකම සාකච්ඡාවකටවත් මට සහභාගි වීමට අවසර ලැබුණේ නැහැ. එනිසා ඔවුන් අතර හුවමාරු වූ අදහස් මම දන්නේ නැහැ. ඔහු ව්‍යාපාරයේදී විරාජ් නමින් හැඳින්වුණා. මට කිසිම අවස්ථාවක ඔහු සමඟ නිදහසේ කථා කිරීමට ඉඩ ලැබුණේ නැහැ.

මහා මැතිවරණය අවසාන වූ වහාම, ලොකු අතුල, එක් පුද්ගලයෙකු කැඳවාගෙන ආවා. ඔහු හොඳින් වැඩුණු, උස කෙනෙක්. ඔහුගේ ගම ත්‍රිකුණාමලය බව කීවා. ලංකාවේ අහස්යාත්‍රා බාන ස්ථාන ගැන ඔහු සාකච්ඡා කරනවා මට ඇසුණා. මෙම ස්ථානවල නම් මා දන්නේ නැහැ. ඔවුන් මෙය සාකච්ඡා කළේ ඇයිද කියාත් මම දන්නේ නැහැ. එහෙත් එක්තරා මා නොදන්නා කෙනෙක් කීවා ලංකාව වටේම මෙවැනි ස්ථාන තිඛෙන බව. මා ලංකා වෙළඳ සේවක සංගමයේ, ශාඛා කළමනාකාර ලෙස පත් කළාට පසුව, මම නිතරම වෘත්තීය සමිති කරුණු සම්බන්ධයෙන්, ඉහළ චැතැම් වීදියේ ලං.වෙ.සේ.සං. මූලස්ථානයට ගියා. මම ප්‍රථම වතාවට මානික්කම් නමැත්තෙකු සමඟ සබඳකම් පවත්වන්නට පටන් ගත්තා. ඔහු මා ජ.වි.පෙ. සාමාජිකයෙකුදැයි මගෙන් අසා තිබුණා. එහෙත් මම සාමාජිකයෙකු නොවන බව ඔහුට කීවා.

මම නිතරම ලං.වෙ.සේ.සං. මූලස්ථානයට ගියත්, 1970 විෙජ්වීරව නිදහස් කරන තුරු මම බාලා තම්පෝ සමඟ කෙලින්ම සබඳකම් පැවැත්වූයේ නැහැ. එක් දවසක් ඔහු මගෙන් නිකමට ඇසුවා මා ව්‍යාපාරයේ සාමාජිකයෙකුද කියා. මම හිස සොලවා නිහ~ වුණා. මේ අතරතුර, සීදූවේ පංතියක් පවත්වමින් සිටියදී අපේ සාමාජිකයන් කීපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයේ තැබුවා. පුවත්පත්වල ඒ ගැන කියවනතුරු අපි මේ අත්අඩංගුවට ගැනීම ගැන දැනගෙන සිටියේ නැත. රිමාන්ඩ් භාරයේ සිටි කුලරත්න බණ්ඩා, කන්කෙඳිරි ගෑවා, ජ.වි.පෙ. ඔවුන්ට ඇප දීමට කිසිම පියවරක් නොගන්නා බව කියමින්. මේ අතරතුර, අපට දැනගන්නට ලැබුණා, ප්‍රින්ස් ගුණසේකර රිමාන්ඩ් උසාවියට ගොස්, මේ අත්අඩංගුවට ගැනීමේදී රිමාන්ඩ් භාරයේ තබන ලද අයගේ නම් ලබාගත් බව.

මෙම නඩුව ඇසීමට පෙරදින, මා සීලවතී ද සිල්වාත් සමඟ බාලා තම්පෝව මුණගැසුණා, ඔහුගේ කාර්යාලයේදී. මෙම නඩුවට ඔහුගේ සේවය ලබාගන්නට මට උවමනා කළා. ඔහු, දිනපොත බලා, පසුදින ඔහුට විවේක ඇති බවත්, පසුගිය අවස්ථාවේ මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි පෙරකදෝරුතැනගෙන් ලිපියක් ලබාගන්නේ නම් තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව කීවා. ඉන්පසු සීලවතී සහ මම මීගමුවට ගොස් අවශ්‍ය ලිපිය ලබාගෙන, එය බාලා තම්පෝ වෙත ගෙනාවා. ඔහු පසුදින උසාවියේ පෙනී සිටියා. සැකකරුවන්ට ඇප දෙනු  ලැබුවා. ඔහු පෙනී සිටියේ ගාස්තුවකින් තොරවය. සැකකරුවන් මුදවා හැරිය පසුව, උසාවියෙන් පිටතදී බාලා තම්පෝ ඔවුන්ට කතා කරන ලද බව කියනවා. මම එදින උසාවියට ගියේ නැහැ. මෙම සිද්ධියෙන් පසුව, හම්බන්තොට උසාවියේදී ඇසීමට නියමව තිබුණු තමාගේ නඩුව ගැන සාකච්ඡා කිරීමට විෙජ්වීර, බාලා තම්පෝව හමු වුණා, ඔහුගේ කාර්යාලයේදී. තමාට එයට පෙනී සිටීමට බැරි බව කී බාලා තම්පෝ, ඒ වෙනුවට වෙන කෙනෙකුව සපයා දෙන බව කීවා. ඒ අනුව, රාජනායගම් නම් අධිනීතීඥයෙක්, විෙජ්වීර වෙනුවෙන් හම්බන්තොට උසාවියේ පෙනී සිටියා. ඔහුට ගාස්තු ගෙව්වේදැයි මා දන්නේ නැහැ.

මේ නඩුවේදී විෙජ්වීර වෙනුවෙන් දෙවතාවක් පෙනී සිටියා. ජ.වි.පෙ. පිහිටවූවාට පසුව, විෙජ්වීර බාලා තම්පෝව හමුවී තිබුණු මුල් වතාව මෙයයි. මම, විෙජ්වීර සහ ඩබ්. ටී. කරුණාරත්න යන අය සමඟ රත්මලානේ ඔහුගේ නිවසේදී බාලා තම්පෝව හමුවී, සමහර කරුණු ගැන සාමාන්‍ය වශයෙන් සාකච්ඡා කළා.

1970 අගභාගයේදී ප්‍රංශයේ හතරවැනි ජාත්‍යන්තරයේ කෙනෙකු වන ජෙරාඩ් වර්ජිට් ලංකාවට පැමිණියා. මම, බාලා තම්පෝද සමඟ, ඔහුගේ කාර්යාලයේදී මෙම පුද්ගලයා මුණ ගැසුණා. විෙජ්වීර මේ පුද්ගලයා මුණගැසීමට උනන්දුවක් දක්වයිදැයි බාලා තම්පෝ මගෙන් ඇසුවා. මම විෙජ්වීරට මෙය දැන්වූවා. තමාට කොළඹට පැමිණීමට වෙලාවක් නැති නිසා, ඔහුව අම්බලන්ගොඩදී මුණගැසීමට කැමති බව විෙජ්වීර මට කීවා.

මම මෙය බාලා තම්පෝට දැන්වූවා. විෙජ්වීරට කාර් එකක් නැති නිසා, කොළඹට ඒම දුෂ්කර බව පවසා, මෙම මහත්මයාව තමා අම්බලන්ගොඩ විෙජ්වීරගේ නිවසට කැඳවාගෙන එන බව, තම්පෝ මට කීවා. ඒ අනුව, බාලා තම්පෝ, මේ මහත්මයා, මම, ප්‍රින්ස් රාජසූරිය, ටී. එම්. පෙරේරා සහ ඩබ්. ටී. කරුණාරත්න යන අයත් සමඟ ප්‍රින්ස් රාජසූරියගේ කාර් එකෙන් අම්බලන්ගොඩ බලා ගියා. සාකච්ඡාව සිසිල්චන්ද්‍රගේ නිවසේ තිබුණු අතර, එය ඉතා රෑ වනතුරු පැවතුණා. රටේ වාමාංශික ව්‍යාපාරය ගැන විශෙAෂ කිසිවක් කතා කළේ නැහැ.

මෙම රැස්වීම්වලදී විෙජ්වීර ගන්නා ලද ඡායාරූප පෙන්නුවා. සාකචඡාව පවත්වාගෙන ගිය මුලූ කාලය තුළදීම, බාලා තම්පෝ එහි සිටියා. අපි ඔවුන්ගේ නිවසේදී රාත්‍රි ආහාර ගෙන ඉතා රෑ වී කොළඹ බලා පිටත්වුණා. මින් පසුවද වෘත්තීය සමිති මූලස්ථානයට ගිය වාරවලදී මට බාලා තම්පෝ මුණගැසී ඇත. 1971 පෙබරවාරි මුල් සතියේ මා නම නොදන්නා, ස්වීඩන් ජාතික, 4 වෙනි ජාත්‍යන්තරයේ කෙනෙක් ලංකාවට ආවා. විෙජ්වීර මොහු හමුවීමට උනන්දුවේදැයි බාලා තම්පෝ මගෙන් ඇසුවා. මම රැස්වීමක් සංවිධානය කර, විෙජ්වීරව වෘත්තීය සමිති මූලස්ථානය වෙත කැඳවාගෙන ආවා. එතැනින් බාලා තම්පෝ, පියතිලකද සමග අපව, ඔහුගේ කාර් එකෙන් හෝර්ටන් පෙදෙසේ නිවසකට කැඳවාගෙන ගියා. ඉන්පසු බාලා තම්පෝ යන්නට ගියා. අපි පැය 1/4 ක් පමණ වේලා සාකච්ඡා කර ඉවත්ව ගියා.

1971 පෙබරවාරි 4 වැනිදා විෙජ්වීර, ඩබ්. ටී. කරුණාරත්න සහ මම ඔහුගේ නිවසේ දී  බාලා තම්පෝව හමුවී, ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන සාකච්ඡා කළා. වෘත්තීය සමිති ව්‍යාපාරයේදී ඔවුන්ගේ වටිනාකම තේරුම් ගැනීමට, සමිති සාමාජිකයින්ට, දේශපාලනික අධ්‍යාපනයක් ලබාදීමට විෙජ්වීරට උවමනා කළා. විෙජ්වීර බාලා තම්පෝට මෙවැනි යෝජනාවක් කළේ, ලංකා වෙළඳ සේවක සංගමයේ සාමාජිකයන් සම්බන්ධයෙනි. මෙම රැස්වීම අවසාන වුණේ මෙම කතාබහෙනි. මෙම රැස්වීමෙන් පසුව, වැලිවේරියේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මා නැවත බාලා තම්පෝ හමුවුණ අතර, ඔහු උසාවියේදී ගාස්තුවෙන් තොරව පෙනී සිටියා. මා ඔහු හමු වුණේ සෝමසිරි කුමානායකත් සමඟයි.

 

1971 අප්‍රේල් මස 4 වෙනි දින හික්කඩුවේ සනත්, සහ සෝමසිරි කුමානායක, බාලා තම්පෝව හමුවුණා. ඔහුගේ නිවසේදී. එදින සවස 2.00 ට පමණ, මගේ නිවසේදී මෙම රැස්වීම ගැන සනත් විසින් මට දන්වනු ලැබුවා. කුමානායක විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණු අතර, එය එදින හවස බාලා තම්පෝගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මා කැමති නම් එහි එන ලෙස ආරාධනයක් ලැබුණා. මා මෙම රැස්වීමට ගිය විට බාලා තම්පෝ, සෝමසිරි කුමානායක, සනත් සහ මා නොදන්නා තව කීපදෙනෙකු එහි සිටියා. මා මෙම රැස්වීමට ගියේ මට කොටුවේදී මුණගැසුණු ටී. එන්. පෙරේරා සහ ප්‍රින්ස් රාජසූරිය සමඟය. ජ.වි.පෙ. සාමාජිකයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් ගන්නා තර්ජනාත්මක උපක්‍රම සම්බන්ධයෙන් ලංවෙසේසං ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ගය කුමක්දැයි සනත් බාලා තම්පෝගෙන් ඇසුවා. මෙයට පිළිතුරු දුන් බාලා තම්පෝ, 71.4.7 වන දින ඔවුන් සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව කීවා. එසේම පොලිසියේ මේ ස්වභාවය ගැන තවත් විරුද්ධවීම් සංවිධානය කරන බවද ඔහු කීවා. අප යම්කිසිවක් කළොත් අප තනිවෙන බව බාලා තම්පෝ කීවා. ජ.වි.පෙ. සහ මහ ජනතාවද ඔවුන්ට සහාය නොදෙනු ඇති බවයි, ඔහු අදහස් කළේ. සනත් මෙයට පිළිතුරු දුන්නේ නැහැ. රැස්වීම අවසාන වුණා.

71.4.4 වෙනි දින පස්වරු 4.00ට පමණ මෙම රැස්වීමට මා එන්නට පෙර, ලොකු අතුල මට කීවා 71.4.5 වෙනි දින රාත්‍රියේ විප්ලවයක් ඇති කිරීමට, පහරදීමට අදහස් කරන බව. එනිසා මා බාලා තම්පෝගේ රැස්වීමේ සිටියදී, 71.4.5 වෙනි දින රාත්‍රියේ, විප්ලවය පටන් ගැනීමට අප එනම්, ජවිපෙ තීරණය කර ඇති බව මම දැනගත්තා. ඔවුන් හමුවූ අවසථාවේ දී, සෝමසිරි කුමානායක සහ සනත්ටද මෙම ආරංචිය ලැඛෙන්නට ඇත.

71.4.5 දින පෙ.ව. 10.30 ට පමණ සිසිල්චන්ද්‍ර සහ ලක්ෂAමන්, මගේ නිවසට පැමිණ, 71.4.5 වෙනි දින පහරදීම පටන් ගන්නේදැයි විමසුවා. ලොකු අතුල මට පහරදීම පිළිබඳ මෙම ආරංචිය දුන් බව කියා, ඔවුන්ට සනත් හමුවන ලෙස මම කීවා. විප්ලවය පටන් ගැනීමට පෙර මගේ නිවසේදී මට අන්තිමට මුණගැසුණු පුද්ගලයින් දෙදෙනාය මේ. එහෙත් මම අන්තිමට මුණගැසුණු පුද්ගලයන් දෙදෙනා නම් පස්වරු 2.00 ට පමණ මහර හන්දියේදී මුණගැසුණු සෝමසිරි කුමානායක හා ලොකු අතුලය. 71.4.5 වෙනි දින රාත්‍රියේ ගෝනහේන හන්දියේදී මුණ ගැසෙන ලෙස ඔවුන් දෙදෙනා මට කීවා. එහෙත් ඔවුන් වෙලාවක් සඳහන් කළේ නැහැ. එනිසා මගේ නිවසේ සිට මා කැඳවා ගෙන යන්නැයි මම සෝමසිරි කුමානායකට කීවා. එහෙත් ඔහු පැමිණියේ නැහැ. 1971 මැයි මස 16 වැනිදා කොළඹ දිසාපති තුමාට භාර වෙන තුරුම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ සාමාජිකයන් කිසිවකු සමඟ මා පැවැත්වූ අන්තිම සම්බන්ධතාවයයි ඒ.

මම දන්නා තරමින් පොලිස් කොස්තාපල් 4549 මෙම ව්‍යාපාරයේ සාමාජිකයෙකු විය. මෙම පොලිස් කොස්තාපල්වරයා කොටුව පොලිස් ස්ථානයේ සේවය කරයි.

අප්‍රේල් මස 5 වෙනි දින හා 6 වෙනි දින මම එෙ`ඩ්රමුල්ලේ ප්‍රේමදාස ජයවර්ධන නම් මගේ යාලූවෙකුගේ නිවසේ සිටියා. 7 වෙනි දින මම කාර්යාලයට ඇවිත්, අසනීප බව වාර්තා කර, බොරලැස්ගමුවට ගොස් එහිදී මගේ බිරිය සහ ළමයින් හමුවුණා. පසුදින අපි සියලූදෙනාම, අම්බලන්ගොඩ පොලිස් වසමේ කහවට ගියා. මම 18 වැනිදා වන තෙක් එහි සිටියා. මම 13 වැනිදා සනත් හමුවීමට නින්දාන, බටපොලට ගියා. මා එහි එක්ක ගියේ මට නින්දානදී අහම්ඛෙන් මුණගැසුණු ගාල්ලේ චන්දන නමැත්තෙක්. මාව විශාල නිවසකට කැඳවාගෙන යනු ලැබුවා. පසුව මට දැනගන්ට ලැබුණා මෙම නිවස හිටපු මන්ත්‍රී විලියම් සිල්වා මහතාගේ බව. මා එහි යනවිට මට බටපොල අතුල හමුවුණා. මම ඔහුත් සමඟ ඒ නිවසට ගියා.

පැයකට පමණ පසුව සනත් එහි ආවා. මා එහි නැවතී සිටිය විට, පැමිණ සිටිය අයට මම කීවා, මාව විනාශ වී ඇති බවත්, මගේ ගෙය ගිනි තබා ඇති බවත්. මෙය සනත්ට දන්වනු ලැබුවා. සනත් සහ මමද මේ සම්බන්ධයෙන් වචන හුවමාරු කරගත්තා. කොළඹ කිසිවක් සිදුවී නැති බව මම සනත්ට කීවා. විසිරී යන ලෙස මා ඔහුට අවවාද කළා. මම රාත්‍රියේ නතරව, පසුදා උදේ කහවට (වේරගොඩ) පැමිණ, 18 වැනිදා වනතෙක් එහි සිටියා. 18 වැනිදා මම, පලන්ගම මගේ බිරිඳගේ නෑයෙකුගේ ගෙදරකට ආවා. කොළඹ කච්චේරියේදී, කොළඹ දිසාපති තුමාට භාරවීමට පැමිණි දිනය වන මැයි මස 16 වැනිදා දක්වා මා එහි සිටියා.

පොඩි අතුල මා අතට දුන් ලිපිගොනුව මම ඇන්ටන් ජයවික්‍රමට දුන්නා. මෙම වර්ෂයේ මුලදී දැන්වීම් ව්‍යාපාරයක් තිබුණු නමුත්, යසෝමාගේ සිද්ධිය උඩ. සිසිල්චන්ද්‍ර සහ ඒ ප්‍රදේශයේ අනෙකුත් අය විෙජ්වීර සමඟ තරහින් සිටිය නිසා, අම්බලන්ගොඩ ප්‍රදේශයේ දැන්වීම් ඇලවූයේ නැහැ. එම ප්‍රදේශයේ දැන්වීම් අලවන්නැයි විෙජ්වීර පියතිලකට කීවා. ඒවායේ අඩංගු විය යුතු දේ මගේ නිවසේදී දුන්නා. අම්බලන්ගොඩ පිරිස, ඔහුගේ නමට පිටුපසින් එම්. කේ. ආර්. යන වචන ලිවූ බව විෙජ්වීර පසුව මට කීවා. මෙම වචන නින්දාසහගතව යොදා ගනු ලබන පදයක් වූ නමුත්, විෙජ්වීර මට කීවා zzමෝඩ කපටි රාලZZ බව.

1970 අගභාගයේදී ඔස්මන්ගේ නිවසේ කොළඹ දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීමක් තිබුණා. මට මතක හැටියට පහත සඳහන් අය ඇවිත් හිටියා. විෙජ්වීර, පියතිලක, විෙජ්රත්න, ඔස්මන්, වසන්ත කනකරත්න, ප්‍රේමසිරි, උයන්ගොඩ, ජයතිලක, චුකී ප්‍රේමතිලක, සහ මම. කෝට්ටේද ඇතුල් කළ යුතු බව කී විෙජ්වීර ප්‍රේමපාල සහ නිමල් මහරගේ යටතට එය පත් කළා. ඔහු තවදුරටත් ඔස්මන්ව ලේකම් තනතුරට පත්කර, මාව පදවියෙන් නෙරපුවා. ඔහු සමඟ ඇතිකරන සියලූම සබඳතා ඔස්මන්ගේ මාර්ගයෙන් කළයුතු බව ඔහු තවදුරටත් කීවා. මෙය මුල් වසරේ මැද භාගයේ පමණ කරන ලද පත්කිරීමට අමතර වශයෙනි. විෙජ්වීර මුලූ කොළඹ ප්‍රදේශයම උයන්ගොඩ යටතට පත්කළා. ඔස්මන්ගේ නිවසේ තිබුණු රැස්වීමෙන් සති දෙකකට පසුව, නුගේගොඩ ප්‍රේමපාලගේ නිවසේදී රැස්වීමක් පැවැත්වුවා. මෙම රැස්වීමෙදී නිමල් මහරගේ, ප්‍රේමපාල, වසන්ත, ලක්ෂ්මන් මාදුවගේ, උයන්ගොඩ, ඔස්මන්, ධනපාල, විෙජ්රත්න, සහ මට නම් මතක නැති තවත් අය සිටියා. මෙම රැස්වීමේදී විෙජ්වීර දිස්ත්‍රික් නායකයින්ට කීවා, ප්‍රදේශයේ පිහිටීම, ප්‍රදේශයේ සෑම පොලිස් ස්ථානයකම බලය ආදිය ගැන ඔවුන් දැනගත යුතු බව. පත්‍රිතා ප්‍රකාශ කිරීම ගැනද සාකච්ඡා කළ නමුත්, තීරණයකට පැමිණියේ නැහැ.

සමගි පෙරමුණු අයවැය ල්ඛනයෙන් මාසයකට පමණ පසුව, විෙජ්වීර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පීටර්, සහ ර.ලි.සේ. සංගමයේ අයි. ෙජ්. වික්‍රම සමඟ මගේ නිවසට ආවා. වෘත්තීය සමිතියේ සභාපති ධුරය වික්‍රමට අහිමි කිරීම ගැන සාකච්ඡා කිරීමටය. ඔහුගේ කාර්්‍යයට ආධාර දීමට විෙජ්වීර පොරොන්දු වූ අතර, පත්‍රිකාවක් පළකර, රජයේ සේවකයින්ගේ සහයෝගය ලබාදීමට ප්‍රචාරක කටයුතු කරන ලෙස ඔහුට කීවා. යසෝමා සමඟ තිබුණු සම්බන්ධතාවය උඩ, අනෙකුත් අය හා විෙජ්වීර අතර පැවති කරදර වලදී විෙජ්වීර නරක ආකාරයට හැසිරෙන බව, ධනපාල පියතිලකට කියා තිබුණා. පියතිලක සහ විෙජ්වීර විසින් ධනපාල මගේ නිවසට කැඳවන ලද අතර, මා ඉදිරියේදී ඔවුන් දෙදෙනා පියතිලකට නරක ආකාරයෙන් බැන වැදුණා. මේ අවස්ථාවේදී ධනපාලට පහර දෙන්නට ද තරම් ආසන්න වුණා.

1970 නොවැම්බරයේදී මගේ නිවසේ කුස්සිය සාදාගෙන යමින් තිබුණා. මේ කාර්්‍යය සඳහා පරණ වැසිකිලියක් කඩා දැම්මා. එහි සැඟවුම් ස්ථානයක් සාදන ලෙස ලොකු අතුල යෝජනා කර තිබී, අලූත් කුස්සියේ විශාල වලක් සාරනු ලැබුවා. මා එයට විරුද්ධ වී එය වසා දැම්මා. විෙජ්වීරව අත්අඩංගුවට ගැනීමට ටික දවසකට පෙර, ව්‍යාපාරයට ආධාර දෙන බවට පොරොන්දු වෙමින්, දකුණු යේමනයෙන් එවන ලද ලිපියක් විෙජ්වීර ලඟ තිබුණා. ඔහු ඉතා සතුටින් සිටි අතර, අපට නියෝජිතයෙකු එහි යැවිය හැකි බවත්, එමගින් දකුණු යේමනයෙන් ආධාර ලබාගත හැකි බවත් කීවා.

1970 අවසානයේ හෝ 1971 මුලදී රජයේ දෙපාර්තමේන්තු, පෞද්ගලික අංශය සහ සංස්ථා වශයෙන් ඛෙදන ලද වෘත්තීය සමිති කණ්ඩායමක් විෙජ්වීර පටන් ගත්තා. මෙයට පත් කරන ලද අය වූයේ ධනපාල, මිල්ටන්, මදනායක, නවරත්න බණ්ඩා, අනුරාධපුරේ කරු, වැල්ලවත්ත රෙදි මෝලේ පාගොඩය. කරු එහි භාරකාරයා කරනු ලැබුවා. පසුව ඔහු ඉවත් කර ඉඩම් සංවර්ධන වෘත්තීය සමිති කාර්යාලයේ විෙජ්වර්ධනව මෙයට පත් කළා. ඔහු අපට අලූත් කෙනෙකු වුණා. නව මහා ලේකම් කාර්යාලයේ 5 වෙනි සහ 3 වෙනි තට්ටු ඉතා හොඳින් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය විෙජ්වීර අවධාරණයෙන් කීවා, මට මතකය. 4 වෙනි තට්ටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණු නිසාය. පොලිසිය හා සන්නද්ධ හමුදා ගැන තොරතුරු රැස්කිරීම භාරව සිටියේ මෙරිල් ජයසිරිය.

මෙපමණකි.

අත්සන් කළේ /ඩී. ඩී. සිල්වා

අත්සන් කළේ /අයි. වික්‍රමනායක

  1. 6. 29

2 Responses to “71 අප්‍රේල් කැරැල්ලේ 12 වන සැකකරු ඩී. ඩී. සිල්වා”

  1. Fran Diaz Says:

    It is some difficulty that I am addressing the topic of the JVP tragedy over and over again. I would like to thank Dr Ruwan Jayatunge for writing this valuable book giving an insight into the lives of those caught up in this tragic times.

    It appears to me that Mr D.D. Silva did nothing wrong. He seems to have been looking for a political party that would help struggling familes better their lot. He had 6 children, as was normal for that time (no birth control material in the 1950s & 60s). Six children per family is a very large number. No country can sustain such a growth in population. People of that time had no options open them. If they got married, they had large families, with a preference for sons.

    It is a very sad fact that over 80,000 Sinhala/Buddhist youth and some others died just because they were members of the JVP. Govts of the past were not capable of handling the needs of large populations pushing for betterness, and the ‘killing and culling’ went on.

    Govts now can do better. GoSL can give FREE birth control material to adults so that Family Planning can be done. It is the kindest thing a govt can do for its People. An unwanted child or a grossly child neglected is the saddest thing in the world.

    No offence intended to anyone here. Those times were bad and full of ignorance. Now let us make life better for all in Lanka. Lanka is now in a better position to do so.

  2. Fran Diaz Says:

    read as ‘it is with some difficulty …’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress