ජීවිතයේ   අරුත  සොයා අඳුරේ අතපතගෑම
Posted on November 22nd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

උපතින් බෞද්ධයන් වු බොහෝ අය අද බටහිර මිෂනාරී  අධ්‍යාපනය  මගින්  බෞද්ධ කමින් ඈත්කර ඇත  බටහිර කාමසුඛල්ලිකානු යෝගයෙන්  මන්මත්වූ ඔවුහු  එයම ජීවිතයේ යථා  අර්ථය  ලෙස දකිති එමෙන්ම පරම – අර්ථය ලෙස දකිති . බටහිරයන විසින් ඉගැන්වූ දෙයින් ඉහල තනතුරු ලබා ගත විට බොහෝ බෞධ්ධයින්ට වඩා වැදගත් වන්නේ බුදුදහම නොව තමන්ට එම අධ්ධ්යාපනය නිසා ලැබී ඇති වරප්‍රසාද රක ගැනීමය් . එනිසාම  නිස්සාර ජීවිතයේ අරුත  මේ මේයය ලොවට දක්වමින්  තමන් ජීවත්වන”’ ලෝකය ”’  රක ගැනීමට ඔවුහු උත්සුකවෙති . එහිදී එම ප්‍රයත්නයෙන් බෞද්ධ දර්ශනය  විකුර්ති වුවත් ඔවුන්ට කමක් නැත .
                                           අපට ඇති දත් 32 ටිකෙන් ටික  දිරා පත්වන විට  අපටත් වඩා  ජීවිතියේ ජරාව හා අනියත බව  දත්දොස්තරලා දකිති.  එවන් ජීවිතය දුකක්මය . පෙර එක රජෙක් නර කෙසක් දුටුවිටම  තම අරුත් සුන් ජීවිතය  නතරකර ගැනීම සඳහා  තපසට ගියේය  දුක්බර ජීවිතයක්  පවතින්නේ ඉපදුනොත්ය. එනිසා ඉපදීම නතර කිරීම බුදු දහම විසින් අනුදැන ඇත .  එසේ අනු දන ඇත්තේ  ජීවිතයේ අරුතක්, යතා අරුතක් හෝ පරම අරුතක්  හෝ නැති නිසාය. බටහිරයන් අනුදත්අය ජීවිතයේ අරුතක්  ගැන කියන්නේ  බුදු දහමේ දර්ශනයෙන් ඔවුන්ගේ  පැවැත්මට බාධා වන නිසාය
                                   මේ අරුත් සුන් ජීවිතය  නතර කර ගැනීම සඳහා  ඉපදීම නැතිකිරීමේ ක්‍රියා මාර්ගයට අප්‍රමාදව  අවතීර්ණ වීම බෞධ්ධයන්ගේ  යුතුකමය නොඑසේව  මුලින් කී බෞද්ධ අබෞධ්ධයන්ගේ  ප්‍රලාප වලට  රවටුනහොත් ඔවුන් ට නිවන් මග ඇහිරෙනු ඇත .  බෞද්ධ වේශයෙන් පැමිණෙමින්  තමන්ගේ අචාර්ය මහාචාර්ය පට්ටම් උපයෝගී කරගෙන  අහිංසක බෞද්ධයන්  නොමග යැවීමට  බොහෝඅය ඉදිරියට එමින් ඇත .ඔය කියන ජීවිතයේ අර්ථය  බඩබැදගත් බටහිරයන් නිසා  අද  මුළු ලෝකයම  විනාශය කරා වේගයෙන් යමින් ඇත . ජීවිතයේ  අරුත සොයමින්  එය විඳිමින් ලෙවකමින් උන්  අප අඝාදයට  දක්කති. මහලු වයසේදී ඉබේ දත් ගැලවී යාමටත් පෙරම  මොවු මගෙත් ඔබෙත් දත් තිස් දෙකම  අකාලයේ දීම  ගලවා දමන්නට   මේ ජීවිතයේ අර්ථය සොයා යන ගමන යොදා ගන්නවා ඇත .
                                                                           මහාචාර්ය නොවෙතත් තවත් දේශපාලන  දත් දොස්තර වරයෙක්  ඇත . ඔහුටනම් ජීවිතයේ   අර්ථයවන්නේ  කෙසේ හෝ බෙදුම් වාදීන්ට හා බටහිරයන්ට කත අදිමින්   ජාතිකවාදීන්ගෙන්  පලිගැනීමය . මේ දතා ගමකෑව කතාවක්  නොබෝදා අසුනේය . කොය් දතා ගෙනුත් පරිස්සම් වෙමු . 

9 Responses to “ජීවිතයේ   අරුත  සොයා අඳුරේ අතපතගෑම”

  1. Jag Says:

    Yes, people got to be very careful while listening to that gutter mouthed dentist who doesn’t have a race or a religion (in colloquial language ”aagamak, jaathiyak nathi…….”) apart from worshiping those millions that he receives from Muslim traders in the south. This is the type of scum, that people should get rid of… for good.

  2. Independent Says:

    දුක්බර ජීවිතයක් පවතින්නේ ඉපදුන නිසා කියා බුදු රජුන් කීවේ නැත​.
    එසේනම් ඔබේ දෙවියාට මෙතරම් සැපබර ජීවිතයක් ඇත්තේ ඔහු ඉපදී නැති නිසා ද ?
    නොදන්නා බණ කියා අපාගත නොවන්න​.

    බටහිරයා උනත්, සිංහලයා උනත්, දෙමලා උනත්, රජ උනත්, දුකින් මිදීමේ හැකියාව කාටත් ඇත​.

    දුකට හේතුව ඉපදීම නොවේ. අවිද්‍යාවෙන් ආරම් භ වී උපාදානය දක්වා යන ගොන් කම නිසාය​. දුකින් මිදීමටනම් ගොන්කම නැතිකර ගන්න​.
    දුක්බර ජීවිතයක් ඉබේ ඇතිනොවේ.

    1. රට කා රජ සැප විඳින දේස පාලුවෝ නිසා අපමණ ජනයා අනන්ත දුක් විඳිති.
    2. තම ප්‍රියයන්, සැමියන් රජුවිසින් මරා දැමීම හෝ රජුට රජසැප පහල කිරීමට යුද්ධයට ගොස් දිවි පිදීම නිසා තවකොටසක් දුක් විඳිති
    3. යුදට ගොස් අතපය කැත නැතිවීමෙන් තවත් කොටසක් දුක් විඳිති
    4. පෙරකල පව් නිසා තවත් කොටසක් දුකිනි
    5. මත් ද්‍රව්‍ය වලට තම ප්‍රියයන් ගොදුරුවීම නිසා තවත් අය දුක් විඳිති
    6. මෝඩයින් ගෑනු පසු පස යෑම නිසා අඹු දරුවෝ දුක් විඳිති.

    සැබෑ යහපාලනයක් යනු මේ දුක් තරමකට නැති කොට හෝ අඩුකොට (තාව කාලිකව හෝ)බුදුරජුන් කී දුක නැතිකිරීමේ එක් මගකි. ඉපදීම නැති කිරීමට ඔබට බැහැ. ප්‍රඥාව වඩා අරි අටඟ මග යන්න​. යම් දිනක දුක නැතිවනු ඇත​. ඉපදීම නැතිවන්නේ එවිටයි.

  3. Independent Says:

    Buddha did not tell us a life full of suffering exist because of birth. If so, your God who is having a super rich life has not born yet.
    Whether it is westerner, Sinhalaya, Tamil , King or God , all will be subjected to suffering but are capabe of ending suffering.
    Birth is not the cause of suffering. This foolishness starting form ignorance to clinging to craving is the cause of suffering. Thereofre it is necssary to stop the foolishness to get rid of suffering.

    A life full or suffering can be caused by,
    1. Because of the evil politicians ( like those in our country) who make use of public money fo rtheir own greedy induging in extreme unlimitted comfort.
    2. Ones loved ones getting lkilled by the king or dying fighting war to save the king
    3. Becoming disableled after war
    4. Because of past bad kamma being born in to extreme poverty
    5. Getting addicted to intoxicants
    6. Because the foolish husbands going after women , their children wives are suffering.

    All these are man made. Not all Kamma. A real good governanace is the one which reduces these suffering ( even temporarily) which recommended by Budhdha ( 5 precepts). You cant prevent birth, but you can develop wisdom by following Noble Egithfold Path. One day suffering will cease. then only end of birth cycle will come.

  4. Kumari Says:

    Not only the dentist, the patriotic Sri Lankans have to be careful of lot of people in high places. The most recent being Sirisena pretending to form an SLFP government while Ranil is keeping quite. This is planned by India and the West to hoodwink the voters. Sirisena and Ranil are merely acting their parts. As the Common Opposition is gaining ground at grassroots level, this episode is to win the Local government elections by Sirisena SLFP. Once the elections are won, kick the voters aside and get back to the main business of dividing the country.

  5. Senevirath Says:

    මහින්ද ටද god කියන්නේ එයාට සැප ජීවිතයක්ද තයෙන්නේ එහෙනම් බෞද්ධ නොවන මුදල් ඇති බටහිරයන්ට ඇත්තේ සැපද දුක නැද්ද කාම භෝගී ජීවිතයක් තිබීම සැපක්ද එහෙනම් සිදුහත් ඒ ජීවිතය අ ත හරියේ ඇ ය් අවිද්‍යාව ඇතිවන්නේ මළකුණු වලටද අපි තවමත් ගිහිගෙය් ඉන්නෙත්”’ ජීවත් වෙන”’ අපට අවිද්‍යාව ඇතිවෙන නිසා ඉපදීම නැතිකරගන්නවා කියන්නේ සියදිවී නසා ගන්නවට නොවෙය්

  6. Independent Says:

    වචන සෑදෙන්නේ අකුරු වලිනි. දුක ඇතිවන්නේ අවිද්‍යාවෙනි. ඉපදීමෙන් නොවේ. එකම අකුරු මිශ්‍රකොට තව වචන හැදිය හැක​. නානා ආකාරයන් එන අවිද්‍යාව මිශ්‍රකොට මොනවා හැදුවත් එය දුකම වේ.
    ඇස් අරින්න​. දෙවියන් අදහන්න එපා.

  7. sarathk Says:

    Independant වෙතටයි , ඔබ ගොන්කම යනු කුමක්දැයි අර්ථ දක්වන්නේනම් ස්තුතිවන්ත වෙමි. “ගොන්කම ” නමැති අපහස වදන එනනේ ගොනා නමැති සතා ගෙන් නම් ගොනා නමැති ශක්තිමත් සතා මිනිසාගේ අපහස විදිමින්, තම ශක්තිය අපරාධකාරී ලෙස යොදා නොගනිමින්, ඇඟ මස් පවා දන් දෙමින් මිනිසාට කරන “ගොන්”සේවය ගැනද ලියන්නේනම් අප එය අසාවෙන් කියවන්නෙමු.

  8. Senevirath Says:

    ගොනාගේ අගයත් ගොනාවිසින් කරන සේවය ගැනත් එහෙත් ඒ සේවය ගනනොදන්නා ය ගැනත් සරත් ක් මැනවින් විස්තර කර ඇත කියවා අවිද්‍යාව දුරු කර ගන්න

  9. Independent Says:

    “අවිද්‍යාව ඇතිවන්නේ මළකුණු වලටද ”
    මෙය තරහින් ලිවූ තර්කයකි.
    මාකිවූ දේවල් තරහින් නොවේ.

    ඉපදීම නිසා අවිද්‍යාව පහල නොවේ. අවිද්‍යාව නිසා ඉපදීම සිදුවේ. මේ නිසා, මලකුනු වලට හෝ, ලදරු කැලැලට හෝ අවිද්‍යාව පහල නොවේ. අවිද්‍යාව නිසාම මව්කුස පිලිසිඳීම සිදුවේ.

    ඉපදීම දුකට හේතුව නම් , සිය දිවි හානිය දුක නැතිකිරීමේ ක්‍රමයය්. මෙය වැරදියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress