පුච්චාගනු එපා තබලා අත මොහුට!
Posted on December 2nd, 2015

චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි.

( වර්ෂ 2010 ඔක්තෝම්බර් මස ලියා පලකල මේ ලිපිය අදටත් ආකාරයෙන්ම වලංගු බැවින් යලි පල කරමු)

ගෝඨාභය රාජපක්ෂ

අධිරාජ්යවාදීන්ට එරෙහිව අඛණ්ඩව ගෙනගිය අරගලයේ එක් අදියරක්, කොටි ත්රස්තවාදයට එරෙහිව කල අරගලයක් සේ දිස්විය. ත්රස්තවාදය නිර්මාණය කිරීම, විවිධ රට වලට එය ගෙන ගොස් අතහැරීම, සුද්දාගේ එක් විනෝදාංශයක් විය. එය පලමුවරට ශ්රී ලංකාවේදී අමතක නොවන ආකාරයේ අර්බූදයකට ලක්වීම, ලෝක ඉතිහාසයේ සුදුදාගේ ත්රස්තවාදී බල ඇණිය ලැබූ අති දැවැන්ත පරාජයයි.

සුද්දා විසින්ම, අනභිබවනීය යයිද, පරාජය කල නොහැකි යයිද, ගෙනහැර පාමින් මානසිකව ශ්රී ලංකා රාජ් නායකත්වය පාරාජිකත්වයට පමුණවා, රට කැබලි වලට කඩමින් උද්දාමයෙන් කටයුතු කරමින් සිටි ආකාරය දෙන බලා සිටි දේශප්රේමීන් අතර සිටි අති උදාර පුද්ගලයෙකි ගෝඨාභය රාජපක්ෂයන්. මේ රට තුල නිසි අවස්ථාවලදී උදාර මිනිසුන් මේ රට වෙනුවෙන් මතු වුවද, මිනිසුන් යලි යට යන්නේ කිසිවෙකුටත් නොදැනීමය. ඔවුන් යට ගියද, රට භයානක අවස්ථාවලදී යලි මතු වන්නේද මේ පරපුරමය,

ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ් ආරක්ෂක ලේකම් වශයෙන් සිට සිය සොහොයුරා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවියේ උපරිමය තමන්ගෙන් රටට ඉටුවිය යුතු කාර්යයන් සාර්ථක ගැනීම සදහා යොදාගත් අභීත සෙන්පතියකි. ජාතික විරුවෙකි.

අප ඔහුගේ අගය කරන සුවිශේෂීවූ ගුණාංගයන් රාශියක් දැක ඇත්තෙමු. ඔහු සතු එම ගුණාංග අප සිත තුල පැලපදියම් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ රජ් ආරක්ෂක ලේකම්ව සිටින තාක් කල්, ශ්රී ලංකා මාතාවගේ ආරක්ෂාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි. එම නිසා ඇමරිකානු තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, බ්රිතාන් මහා කොමසාරිස්, ජර්මන් තානාපති, නෝර්වේ තානාපති යන බටහිර කොටි දෙනුන් හා කොටි පප්පලා උතුරු නැගෙනහිරටම දුවමින් පිල්යොන්ව, මඩකලපුව නගරාධිපතිනියව හා කරුණා අම්මාන්ව, ඔවුනගේ න්යාය පත්රයට අනුව නටන රූකඩ බවට පරිවර්තනය කර ගන්නට දරණ උත්සහයන් දුටුවද, දෙස හාස්යයෙන් බලා සිටින තත්වයකට අප පත්ව සිටින් නේ මේ සුවිශේෂී පුද්ගලයා හේතුවෙනි.

මෙම සුවිශේෂී පුද්ගලයා මේ වනවිට ජාත්යන්තර ප්රතිගාමිත්වයට දං ගෙඩියට දැක්වීමට අව්ශ් කරන පුද්ගල ලැයිස්තුවේ අංක එකට සිටිනවාදෝයි යන සැකය අප සිත තුල මතු වන්නේ මේ දිනවල සුද්දාගේ බී. බී. සී. නාලිකාවේ හාඩ් ටෝක් වැඩසටහනට, කොටි හිතවාදීන්, හා සරත් ෆොන්සේකා මහතා පවා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් යුධ අපරාධ චෝදනාවට අවශ් කරන කරුණු අහුලමින් සිටින කාලකන්නි ස්වභාවය දුටුවිටය.

හාඩ් ටෝක්හිදී, මෙරට රාජ් ආරක්ෂක ලේකම්තුමා අව්යාජව, කිසිදු සම්ප්රධායන් නොසලකා ඊශ්රායලයේ ආරක්ෂක අමාත්යවරු, ඇමරිකාවේ ජනාධිපතිවරු, බ්රිතාන්යයේ අගමැති හා බොහෝ විට අප දැක ඇති රුසියානු අගමැති ව්ලැඩිමීර් පූටින් තමන්ගේ රටේ රාජ් ආරක්ෂාව සම්බන්ධ ප්රශ්න වලදී කරුණු ගෙනහැර පාන ආකාරයටම සමාන්තරව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව අප තුල ඇත්තේ ආත්මාභිමානයකි. අප සම්බන්ධව යලි යලිත් එතුමාට අපගේ ගෞරවය පුද කරමු. අප ඇනලීඩාවන් නොව කශේරුකාවක් ඇති ජාතියක් බව ලොවට හඩගා කිවූ ඔබව ලක් මාතාව ආදරයෙන් සුරකිනු ඇත.

ඔබට ජයවේවා!

ශ්රී ලංකා මාතාව දිනේවා!

චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි.

6 Responses to “පුච්චාගනු එපා තබලා අත මොහුට!”

  1. Indrajith Says:

    චන්ද්‍රසේන සොයුර, 2010  වසරේදී ඔබ විසින් ලියනලද මෙම ලිපිය අද ඊටද වඩා වටනේය.
    මෙරටට ආදරය කරන සුජාත දූ පුතුන් තව පරම්පරා ගනනාවක එය අගය කරන බව නොඅනුමානයි.
    ඔබට ස්තුතියි! තෙරුවන් සරණයි!

  2. Indrajith Says:

    Chandra, hope you’ve no objection in my publishing this article in other respectable, patriotic websites.

  3. chandrasena Pandithage Says:

    Dear, Indrajith, If you see the value of writings, please help to flow to more websites. Thank you very much for your appreciations.

  4. Indrajith Says:

    Certainly! We are in the darkest period of our beloved motherland.
    We must do whatever we can do to protect out nation!

  5. Indrajith Says:

    An interesting comment copied from LankaCnews:

    jayamal says:
    December 1, 2015 at 10:00 pm

    “ජාතියේ රන් අසිපතයි” ඔබ මගේ හද පූජාසනේ…
    මැතිඳු ගෝඨාභය ඔබට මුලුරටම අද ණයගැතියි නේ…
    කරපු මෙහෙවර සදා හරසර පුදයි ලක්මව හැම දිනේ…
    ඔබව සිරගත කරනු දැක දැක කෙලෙස වාවනු අද දිනේ…!

    රට රකින්නට ගොඩ නගන්නට වෙහෙස ගත්තේ හැම දිනේ…
    මැතිඳු ගෝඨාභය සමඟ මුලු රටම එක්වී අද දිනේ…
    එකට එක්වී මහ හඬක් වී ඔබව රැකුමට පෙරමුණේ…
    අපේ මැතිඳුන් රකිනු මැන අප ලෝක පාලන දෙවිඳුනේ…!

    නොහැක ඉවසිය කරන අනවින රුදුරු මේ යමපාලනේ…
    රටම එක්වෙමු මහ හඬක් වෙමු මැතිඳු වෙනුවෙන් පෙරමුණේ…
    කෙළෙහි ගුණ දත් රටම ඔබටයි ඔබ වටා පවුරක් වුනේ…
    තෙරුවනේ බල දිව්‍ය බල ගෙන ඔබව සුරකිමු හැමදිනේ…!

  6. Kumari Says:

    My heart goes out to our war heroes. We are the only country that defeated terrorism in the modern era. Still our ungrateful voters, gave in to the traitors. The shameless politicos of our country, who are puppets held on strings by our enemies, don’t even understand why they assumed the positions they hold, leave alone the value of the country or the value of the war heroes.

    Gotabhaya and Mahinda are two rare gems, that we were fortunate to have among us. They needed protection and blessings of people and devas. I feel so fortunate to have lived at a time to share Sri Lanka with Mahinda, Gotabhaya and our valiant heroes. May the gods protect you all.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress