ආණ්ඩුවේ විජාතික චින්තනය හා සිංහලයෝ
Posted on December 7th, 2015

නලින් ද සිල්වා

පසුගිය නොවැම්බර් 29 වැනි ඉරිදා පළවූ ඉංගිරිසි පුවත්පතකට අනුව කුප්‍රසිද්ධ ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පවුම් හැටහය ලක්‍ෂයක් දීමට පොරොන්දු වී ඇත. එය අවුරුදු තුනක කාලයක දී ලබාදෙනු ඇත. එහි අරමුණු දෙකක් සඳහන් වෙයි. පළමුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උන්හිටි තැන් අහිමි වූ ජනයා නැවත පදිංචි කරවීම ය. එහි දී යාපනයෙන් එළවා දැමුනු සිංහලයන් ද නැවත පදිංචි කෙරෙන්නේ ද යන ප්‍රශ්නය ඇසීම මෝඩ කමක් වනුයේ ආණ්ඩුව එකහෙළාම එසේ කරන බව කියන බැවිනි. දෙවැනි අරමුණ ලංකාවේ යුද්ධ හමුදා ප්‍රතිසංස්කරණය කිරීමට ආධාර පිණිස එංගලන්ත (ඊනියා බිරිතානි) හමුදා පුහුණුව ලබාදීම ය. මේ මුදල් දීම සමග අනේවාසික ආරක්‍ෂක නිලධාරියකු ද පත්කෙරෙනු ඇත.
ඒ මදිවාට නොබෝදා ලංකාවට පැමිණි ඉන්දීය හමුදා ප්‍රධානි ජෙනරල් සිං ද අපේ හමුදාව වැඩි දියුණු කිරීමට තාක්‍ෂණික ආධාර දීමට පොරොන්දු වී ඇත. එහි හමුදාවේ මානව සම්පත් වැඩි දියුණු කිරීමක් ගැන ද කියැවෙයි. ගොනුන් හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. දෙමළ ත්‍රස්තවාදය නිසා අවතෑන් වූ ජනයා පදිංචි කරවීමේ දී අනුගමනය කෙරෙන ක්‍රමවේදය කුමක් ද? අර අනේවාසික නිලධාරියා තමිල්නාඩුවේ සිටින දෙමළ ජනයා ද ලංකාවේ නැවත” පදිංචි කරවීමට කටයුතු කරාවි ද? මෙය තළියෙහි කිඹුලන් දැකීමක් යැයි නොසිතිය යුතු ය. එංගලන්තය පසුගිය අවුරුදු දෙසියයක පමණ කාලයෙහි කටයුතු කර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය  හැකිනම් නැතිකිරීමට ය, බැරිනම්  දුර්වල කිරීමට ය. එහි දී ඔවුහු දෙමළ හින්දු සංස්කෘතිය හා එයටත් වඩා දෙමළ ක්‍රිස්තියානි (කතෝලික) සංස්කෘතිය යොදාගනිති. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට මදියපරානම් සුමන්තිරන් දක්වා දෙමළ නායකයෝ එංගලන්තය (බටහිර) විසින් යොදාගනු ලැබූහ, යොදාගැනෙති. අශෝක සංස්කෘතිය විසින් හෙළ බෞද්ධ සංස්කෘතිය නැති කෙරිණි. දැන් අපට ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියකි.  බටහිරට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය ද නැති කිරීමය, නැත්නම් දුර්වල කිරීම ය. එයට ප්‍රධාන හේතුව  ඊනියා යථාර්ථයක් සමග වුව ද සිංහල බෞද්ධ චින්තනය යුදෙවු ක්‍රිස්තියානි පෞද්ගලික මෙන් ම සාමුහික චින්තනයට ද අභියෝගයක් වීම ය. දෙමළ හින්දු චින්තනය එලෙස යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අභියෝගයක් නො වෙයි. ඉංගිරිසිහු තම අධිරාජ්‍යයෙහි ලෝ පුරා සේවය කිරීමට දෙමළ ජනයා රැගෙන ගියහ. ලංකාවට ද රැගෙන ආහ. (යාපනයේ දෙමළ වෙල්ලාලයෝ ලන්දේසීන් විසින් රැගෙන එනු ලැබූහ. ලන්දේසිහු වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවට ද රැගෙන ගියහ. එහි නැටෝල් ප්‍රදේශයෙහි ද දෙමළ වෙල්ලාලයන් දැකිය හැකි ය)
එංගලන්තය අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කරන්නේ අහවල් දෙයකට ද? එංගලන්තයේ ද ආධාර ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ හමුදාව සමත් විය. එංගලන්ත හමුදාවට තම යටත්විජිතයක් වූ උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නොහැකි විය. (ඉංගිරිසිහු තමන්ට සුපුරුදු රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම යොදා ගෙන ප්‍රශ්නය සමනය කළහ.) එංගලන්තයට අපේ හමුදාවට උපදෙස් දීමට නො හැකි ය.  එංගලන්තය මේ සූදානම් වන්නේ අපේ හමුදාවේ මානසිකත්වය වෙනස් කිරීමට ය. අපේ නිලධාරීන්ට බයිලා කියා ඔවුන් ඊනියා යුද විෙරෝධීන් බවට පත්කිරීමට ය. ඒ අතර ආණ්ඩුව ලවා කොටි ත්‍රස්තවාදීහු නිදහස් කෙරෙති. කොටි හිතවත් සංවිධානවල තහනම ඉවත් කෙරෙයි. එමානුවෙල් වැනි කතෝලික පූජකයන්ට ලංකාවට පැමිණීමට අවසර ලැබෙයි.  එංගලන්තය හා ඉන්දියාව නොවන්නට දෙමළ ජාතිවාදය ද පරාජය වී කලකි. 
ඉන්දියාව ද අපේ හමුදාව නංවාලීම සඳහා තාක්‍ෂණික ආධාර දීමට සූදානම් ය. මේ ආධාර මොනවා ද? හමුදාවේ මානව සම්පත් වැඩි දියුණු කිරීම යනු හමුදාවේ මානසිකත්වය වෙනස්කිරීම ය. අපේ රටට විනකරන ප්‍රධාන රටවල් දෙක එංගලන්තය හා ඉන්දියාව ය. එංගලන්තය අවුරුදු දෙසීයක් ද ඉන්දියාව (වෛදිකභූමිය) අවුරුදු දෙදහසකට අධික කාලයක් ද අපට අකුල් හෙළමින් සිටියි. ඉන්දියාවේ (වෛදිකභූමියේ) විවිධ වාංශික රජවරු අප යටත්කර ගැනීමට උත්සාහ දැරූහ. මෙරට මෞර්ය නමින් රාජවංශයක් බිහිවූයේ ඔවුන් මුරාගේ චන්ද්‍රගුප්තගෙන් පැවත ආ නිසා ද? දේවානම්පිය තිස්ස රජු ආදීන්ගේ මිත්තණිය මුරා වී ද? දේවානම්පිය තිස්ස රජු නැවත අභිෂේකය ලැබුයේ මෞර්ය වංශයේ ද? මෙහි පැමිණි දහඅට කුලය හා තවත් අය අපේ සංස්කෘතිය වෙනස් කෙළේ ද? මේ කරුණු ගැන නැවත සිතීම සඳහා කාලය පැමිණෙමින් ඇත. ඉන්දියාව තමන් සතු තා’ක්‍ෂණය යොදා කාශ්මීර ප්‍රශ්නය විසඳීමට හා තම රටේ දුගීභාවය නැතිකිරීමට කටයුතු කරන්නේ නම් මැනවි. 
ඉන්දියාව ද එංගලන්තය ද අපේ හමුදාව ගැන මෙතරම් කරුණාවක් දක්වන්නේ ඇයීි ද යන්න පැහැදිලි ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දීන නිලධාරීන් හා භටයන් පිරිසක් ඇති කිරීම ය. එංගලන්තය කොටි සංවිධානය පැරදවීමට විරුද්ධ විය. එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ අමෙතිවරු තකහනියක් ලංකාවට ආවේත් ඔවුන්ට ඇඹිලිපිටියට යෑමට සිදුවූයේත් කොටින්ට විරුද්ධව කළ මෙහෙයුම් නවත්වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට කීමට ය. ඉන්දියාවට ප්‍රභාකරන් පැරදවීමට අවශ්‍ය වූ නමුත් අපේ හමුදාව ඒ කිරීම ගැන ඔවුන්ට සතුටක් නො වී ය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ම කොටින් පැරදවීමට ය. 
ඉන්දියාව හා එංගලන්තය එසේ හමුදාව ප්‍රතිසංස්කරණයට සූදානම් වන අතර ආණ්ඩුව තව තවත් අධිකරණයට ඇඟිලි ගසයි. මහාධිකරණ කොමසාරිස්වරියක ලෙස මෑතක දී විවාදයට තුඩු දුන් නඩු තීන්දුවක් දී විශ්‍රාම ගිය මහාධිකරණ විනිසුරුවරියක පත්කර ඇත. චෝදනාවලට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත (මේ පණත ඉවත් කිරීමට ආණ්ඩුව ජෙනීවා හි දී එකඟ විය) යටතේ සිරගත කෙරුණු දෙමළ ත්‍රස්තවාදී සිරකරුවන් ද කොමසාරිස්වරියට ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුදවේ ඉහළ මට්ටමේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කිරීමට විශේෂ අධිකරණ පිහිටුවීමට කතා කරයි.  
ජනාධිපති හා අගමැති ද ඔවුන් අනුගමනය කරන ආණ්ඩුවේ මැති ඇමතිවරු ද නිතර කියන්නේ ජනවාරි 8 වැනි දා ප්‍රතිවිප්ලවය (ඔවුන් හා ඔවුන්ගේ හෙංචයියලා හා හෙංචක්කලා කියන්නේ විප්ලවය කියා ය!) හේතුවෙන් දැන් අප ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වී සිටින බව ය. ඒ ගෞරවය කෙසේ වෙතත් ආණ්ඩුවට ආර්ථික ආධාර දීමට බටහිරයෝ  ද ඉන්දියානුවෝ ද මැළිවෙති. ඉන්දියාව අද බලන්නේ ඉන්දීය වෘත්තීයකයනට ලංකාවේ රැකියා ලබාදෙන්නේ කෙසේ ද කියා ය. සීපා හෝ වෙනත් නමකින් හෝ ගිවිසුමක් (ගිවිසුම්) මගින් එය කරගැනීමට ඉන්දියාව සූදානම් වෙයි. එය වෛද්‍ය, ඉංජිනේරු හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත්‍රවල වැඩියෙන් බලපානු ඇත. ඉන්දියානුවෝ එතරම් දක්‍ෂ නැතත් (දක්‍ෂ කිහිප දෙනෙක් සිටිති. ඔවුහු ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට යති. එතරම් දක්‍ෂ නැති ඉන්දියානුවන් ඒ රටවලට ද යන බව අමතක නොකළ යුතු ය) කැපී පෙනෙන්නට උත්සාහ දරති. එමෙන් ම ඔවුහු තමන් වැඩකරන ආයතනවල ආධිපත්‍යය දැරීමට වැඩ කරතිි. කළ යුත්තේ මෙරට දැනට සේවයෙහි යෙදී සිටින ඉන්දීය වෘත්තිකයන් ආපසු යැවීම ය. එහෙත් මේ ආණ්ඩුවට ඒ ගැන සිතීමටවත් නො හැකි ය.
අද ආණ්ඩුව බටහිර ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වී නැත. යුරෝපය ජී එස් පී ලබා දී යළිත් අපේ මාළු මිළ දී ගැනීමට සූදානම් යැයි ආණ්ඩුව කියයි. එයට හේතුව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙන බටහිරයන් (හා ඉන්දියාව) අප ගැන විශ්වාසයකින් වැඩ කිරීම යැයි ආණ්ඩුවේ මහදැනමුත්තෝ කියති. ජෝන් අමරතුංග මහතා ජනාධිපතිට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බවට ඉඟියක් කෙළේ ය. නොබෙල් සාම තෑගි දේශපාලනය මත ප්‍රදානය වෙයි. බටහිර මතයට පක්‍ෂපාතිව බටහිර සංස්කෘතිය ඔසවමින් අනෙක් සංස්කෘතීන් හෙළා දකින අයට නොබෙල් සාම තෑග්ග ලබාගැනීමේ විශාල සම්භාවිතාවක් වේ. අනෙක් නොබෙල් තෑගි ඒ තරමට ම නැති වුවත් අඩු වැඩි වශයෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අනුකරණය කරන්නන්ට ලැබෙයි. ජනාධිපතිට නොබෙල් සාම ත්‍යාගය ලැබුනොත් ඉන් කියැවෙන්නේ ඔහු අපේ ස්වෛරිභාවය පාවා දී ඇති තරම ය. 
යුරෝපා සංගමය සූදානම් වන්නේ සිංහලයන්ගේ මාළු කෑමට ය. මේ ආණ්ඩුව බලයට පත්කරනු ලැබුයේ ඉන්දියාව හා බටහිර රටවල් විසින් බව අපි බොහෝ කලක සිට කියමු. ජනවාරි 8 වැනි දාට පෙර ද ප්‍රතිවිප්ලවයට පොහොර දමන්නේ ඒ රටවල් බව කීවෙමු. අද ක්‍රමයෙන් මේ විස්තර හෙළිදරවු වෙමින් පවතියි. ඉන්දියාව එ ජා ප හා අනෙක් පක්‍ෂ අතර සම්බන්ධකම් ඇති කළ අන්දම අද කතාබහට ලක් වෙයි. එ ජා ප හා ශ්‍රී ල නි ප ඝාතක මෛත්‍රිපාල සිරිසේන මහතා එකතු කරනු ලැබුයේ දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා ය. ඉන්දියාවේ අදහස වූයේ එ ජා ප හෝ ශ්‍රී ල නි ප හෝ බලයේ සිටින විට අනෙක් පක්‍ෂය දෙමළ ජාතිවාදයට කප්පන් දීමට විරුද්ධ වන බව ය. ඒ නැතිකිරීම සඳහා පක්‍ෂ දෙක එකතු කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ජනවාරි 8 වැනි දා ප්‍රතිවිප්ලවය මහින්දාගමනයට හා සිංහලයන්ට විරුද්ධව කෙරුණු එකකි. එය දෙමළ ජාතිවාදයට ආධාර කෙළේ ය. මේ ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තර ගෞරවයකට පාත්‍ර වී නැත. එසේ ගෞරවයකට පාත්‍රවීමට තරම් මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මංගල සමරවීර මහතුන්ට ඇති රාජ්‍ය තාන්ත්‍රික දක්‍ෂකම් කවරේ ද? 
බටහිරයෝ ජනවාරි 8 වැනි දාට පසු සම්බාධක නො පැණවූහ. ඒ තමන් සිංහලයන්ට විරුද්ධව කියන ඕනෑම දෙයක්් කිරීමට එක පයින් සූදානම් වී සිටින ආණ්ඩුවේ තම සුවච කීකරු සේවකයන්ට දෙන තෑග්ගක් ලෙස ය. මෙය ඊනියා ගෞරවයක් නොව දීන කමට ලැබෙන සන්තෝසමක් පමණකි. අද බටහිර යටත්විජිතවාදය ක්‍රියාත්මක වන්නේ අපේ රටවල ඔවුන්ට හිස නොනමන පාලකයන් පැරදවීමෙන්, ඝාතනය කිරීමෙන් හා ඔවුන්ට හිස නමන දීනයන් බලයට පත්කරමිනි. එහෙත් ප්‍රශ්නය වන්නේ සිංහලයන් තම ස්වෛරීභාවය රැකගැනීමට සම්බාධක මැද ජීවත්වීමට සූදානම් ද යන්න ය. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ආණ්ඩුවක් පිහිටුවා තිබිණි නම් සම්බාධක පණවන සේ කටයුතු කෙළේ යැයි ඒ ආණ්ඩුවට විරුද්ධත්වය පළකිරීමට සිංහලයන් ඉදිරිපත් වීමට තිබිණි. 
බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයෙහි ගත් ඇතැම් පියවරවලට විරුද්ධ වී ජේ ආර් ජයවර්ධනට හයෙන් පහක බහුතරයක් ලබාදුන්නේ සිංහලයන්ගෙන් වැඩි පිරිසක් බව අමතක නොකළ යුතු ය. ජනතා සහන කප්පදු කරන අයවැය තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වී ඇත. සිංහලයන්ගෙන් බහුතරය නැතත් යම් පිරිසක් ආණ්ඩුවට ඡන්දය දීම නිසා ආණ්ඩුවට තුනෙන් දෙකක් වෙයි. එයින් කියැවෙන්නේ ආණ්ඩුවට මෙන් ම ඇතැම් සිංහලයන්ට ද ස්වෛරීභාවය නොවැදගත් බව ය. අයවැයේ චින්තනය ගැන අපි පසුව කතා කරමු. 
නලින් ද සිල්වා
 
2015 දෙසැම්බර් 03

2 Responses to “ආණ්ඩුවේ විජාතික චින්තනය හා සිංහලයෝ”

  1. Charles Says:

    UK did not come forward to help Sri Lanka when it was for thirty years under terror. It was thanks to a determined political leadership and a dedicated army whic fought a well equipped terrorists that we are free today. We do not want UK or India to tell our Armed Forces how to fight. They have experience in that respectgained fighting a ruthless terrorism in bad whether, in forest and face to face climbing earth bounds built by terrorists.No other Armed Force in the world has that experience.
    It is our Armed Forces that could give other countries a training to fight terrorism. The Yapalanaya has sacrificed the heroic Armed Forces and sold the self respect of a Nation. The Budget will make us servile to the West, and the American Fruit Companys may come and settle themselves in Sri Lnka to destroy further our sovereignty, independence and Sinhala Buddhist Culture. Vasudeva Nanayakkara said in a TV debate that no one can stop the danger of the Ravi Karunanayake’s Budget being passed as there are only 48 Parliamentarians who will vote against it.
    The Sri Lanka Media seems to be frightened of the Yahapalanaya and do not go all out to carry on a media campaign
    against the Budget.

    Passing this budget is the end of a unitary Sri Lanka. The proposal for the new Constitution is to bring in Fedaralism in some form or another.

  2. Fran Diaz Says:

    We agree with Charles. The Budget plus the new Constitution will likely spell the death knell for Lankans.

    Colonists will remain in that mind set. It is naive to think otherwise. Colonists coupled with Tamil Nadu’s 15 Million Dalits who want to leave their 3,000 yr old Caste System (Caste is stated in their Birth Certificates) and poverty behind in TN and seek new pastures, added Tamil language in place plus free stuff, Lanka will be flooded with Millions of Tamil Dalits from TN. If the entire country is drenched with Hinduism, then the Buddhists will be the “low caste” folk in Lanka, as it is India.

    We have been through this scenario earlier, the mix of Colonists and huge numbers of imported Tamil Dalit labor, for nearly 500 yrs. Where are the Lessons Learnt for the Sinhala folk ?

    Eventually, it will be Tamil Nadu that will take over Sri Lanka through the Tamil language and culture ? Just fancy RW & CBK prostrating themselves in front of Jaya …..
    It is also entirely possible that, with time, TN will REIMPOSE THE CASTE SYSTEM ON ALL OF LANKA.

    Wonder where the vast Tea industry is headed – especially the govt owned parts of it ?

    JVP and Labor Unions deaf and dumb ??

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress