අමතන්න (සීට් එක අස්සෙන් ) අමතන්න…….
Posted on December 8th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේ මම පමුණුගම පර්‍යන්ත රෝහලේ වැඩ බලන ඩී.එම්.ඕ ලෙස සුළු කාලයක් සේවය කලෙමි. පමුණුගම පර්‍යන්ත රෝහල පිහිටා තිබෙන්නේ මීගමුවත් ජා ඇළත් අතරය​. එසේම පමුණුගම පොල් වතු වලින් පිරි සශ්‍රීක භූමියකි. වැඩ බලන ඩී.එම්.ඕ ලෙස මට එතරම් වැඩක් නොතිබුනත් ඖෂධ හා රෝගීන්ට අවශ්‍ය ආහාර අනුමත කිරීම සඳහා ලෙජර් පත් අත්සන් කිරීමේ කටයතු නොඅඩුව තිබුනේය​. මේ හැර සූතිකාගාරයට ගොස් සංකුලතාවන්   තිබූ දරු උපත් සිදු කිරීම සඳහා නවක වෛද්‍යවරුන්ට මා සහය දුනිමි.

මෙම රෝහලේ එක් ගිලන් රථ රියැදුරෙක් විය​. ඔහු සංචාරක වෙලෙන්දෙකු සේ හිතවත් ය​. නමුත් ගල් ආඳෙකු බව රෝහලට ගිය මුල් දිනයේදීම මට වැටහුනේය​.

walkitalki

වරක් ඔහු රෝගියෙකු ජාතික රෝහලට ගෙන ගොස් යළිත් පමුණුගම පර්‍යන්ත රෝහලට පැමිනෙමින් සිටියේය​. පෑලියගොඩදී එක් කොස්තාපල්වරයෙක් අත දමා ගිලන් රථය නවතා ඔහුව කඳාන පොලිසිය ලඟින් දැමිය හැකි දැයි අසා සිටියේය​. එක පයින්ම රාලහාමිගේ ඉල්ලීමට එකඟ වූ ගිලන් රථ රියැදුරා තම සහයකයා පිටුපසට දමා කොස්තාපල්වරයා රියැදුරු අසුන අසලින් ඉන්දවා ගත්තේය​. එසේම ඉතා හොඳින් රාලහාමි සමග සාමීචීයේ යෙදෙමින් රෝගීන් රහිත ගිලන් රිය ධාවනය කලේය​

කඳාන පොලිසිය  අසලින්ම ඔහු කොස්තාපල්වරයා  බැස්සවීය​. කොස්තාපල්වරයාද රියැදුරාට ඉස්තූති කලේය​. ඉන් පසු ඔහු ගිලන් රථය ඉදිරියට ධාවනය කලේය​. මඳක් දුර යන විට රාලහාමි වාඩිවී සිටි අසුනේ වෝකි ටෝකි යන්ත්‍රයක් තිබෙනවා රියැදුරු දැක්කේය​. මෙය රාලහාමිගේ සාක්කුවෙන් වැටුණු එකකි. මෙයට ලොබ බැඳි ගිලන් රථ රියැදුරු හෙමීට එය තම රියැදුරු අසුන යට සැඟවීය​.

කඳාන පොලිසියට ගිය රාලහාමි වෝකි ටෝකි යන්ත්‍රය ගැනීමට සාක්කුවට අත දැම්මද වෝකි ටෝකි යන්ත්‍රය එහි නොවීය​. ඔහුට දෙලෝ රත්විය​. වහාම ජා ඇළ පොලිසියට පණිවිඩයක් දුන් හෙතෙම පමුණුගම රෝහල බලා යන ගිලන් රථයේ තම වෝකි ටෝකි යන්ත්‍රය වැටුනු බවත් වහාම ජා ඇළදී ගිලන් රථය නවතා වෝකි ටෝකි යන්ත්‍රය ලබා ගන්නා ලෙසට ඉල්ලීය​.

ජා ඇළ පොලිසිය අසලදී රථවාහන පොලිසියේ නිලධාරීන් ගිලන් රථය නවත්වන ලදි. කඳාන පොලිසිය ලඟින් බැස්ස රාලහාමිගේ වෝකි ටෝකි යන්ත්‍රය දුටුවේදැයි රියදුරාගෙන් ඇසීය​. අනේ සර් එහෙම එකක් නම් දැක්කේ නැතැයි රියැදුරා හිස නවා කීවේය​.

ගියේ මඳ වෙලාවකි ……..අමතන්න … කරුණකර අමතන්න …… යනුවෙන් වෝකි ටෝකි හඞක් රියදුරු අසුන යටින් ආවේය​. රථවාහන පොලිසියේ නිලධාරියෙක් රියදුරු අසුන යටට අත දා වෝකි ටෝකිය  ගත්තේය​. රෝහලක් නිසාත් ගිලන් රථයක් නිසාත් පොලිස් නිලධාරීන් කේස් එක ඇද්දේ නැත​. නමුත් එදා සිට යමෙක් අමතන්න (සීට් එක අස්සෙන් ) අමතන්න කියා උක්ත රියැදුරාට කීවේ නම් ඔහුට උන්හිටි තැන් අමතක වන බව අනෙකුත් ගිලන් රථ රියැදුරන් පවසති.

වෛද් රුවන් එම් ජයතුංග

4 Responses to “අමතන්න (සීට් එක අස්සෙන් ) අමතන්න…….”

  1. sarathk Says:

    දෙකක් දා ගත්තම ඔහේ කියන අරමුණක් නැති මෝඩ කතා මේවා

  2. NAK Says:

    Read properly first before making a comment. What the Dr.said was late 1990’s not 80’s.

  3. Nanda Says:

    නොදුන් දෙය ගැනීම හොරකමකි. එය බුදුදහමේ පැහැදිලිව අර්ථ කථනය කර තිබේ.

    රුවන්ට හිතාමතාම අගෞරව කර පහරදීම හෙලා දකිමි. මෙයට හේතුව රුවන් ජාති භේද නැතිව මනුස්සකම ගැන කතා කිරීමයි. ඔබ

    දිගටම ලියන්න​. මනුස්සකමට නිගා කරන්න ඉඩ නොදෙමු.

  4. . Says:

    වෛද්‍ය රුවන් එම් ජයතුංග Says;
    වෛද්යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්ය රුවන් එම් ජයතුංග කොලොන්ගොඩ ග්රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්ය නිලධාරී ලෙසටද (1995) මිනිපේ ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල(1998), උතුරු කොළඹ ශික්ෂණ රෝහල(2000), හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල (2002- 2006)යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයෙන් ළමා මනෝ විද්යාවද , කැනඩාවේ හම්බර් විද්යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්රතිකාර ආයතනයේ මනෝ විද්යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාව පිළිබඳ පරියේශන පත්රිකා කීපයක්ද පළ කොට ඇත. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි අධ්යනයන් හදාරයි. වෛද්ය රුවන් එම් ජයතුංග පිළිබඳ තොරතුරු සෞඛ්ය අමාත්යංශයෙන් ලබා ගත හැකිය. එසේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා , විශේසඥ මනෝ වෛද්ය නීල් ප්රනාන්දු, විශේසඥ මනෝ වෛද්ය දයා සෝමසුන්දරම් , විශේසඥ මනෝ වෛද්ය සරත් පන්ඞුවාවල ,පුත්තලම හිටපු සෞඛ්ය සේවා අධ්යකෂක වෛද්ය ආර් එම් එස් කේ රත්නායක , හිටපු Director Mental Health වෛද්ය හිරන්තී ද සිල්වා ,යුද හමුදා රෝහලේ ජෙනරාල් වෛද්ය සංජීව මුණසිංහ වැනි වෘත්තිකයන් ඇමතීමෙන් ද ඔබට ඔහු වෛද්යවරයෙකු ලෙස 16 වසරක් ලංකාවට කල සේවය අසා ගත හැක. යුක්රේනයේ වෛද්ය විද්යාලයේ සිටියේ 1986 – 1993 කාලයේය. දැනට තාජුඩීන් ගේ මරණ පරීක්ෂණය කරන විශේසඥ අධිකරණ වෛද්ය අජිත් තෙන්නකෝන් ද ඉගෙනුම ලැබුවේ මේ යුක්රේනයේ විනිට්සා වෛද්ය විද්යාලයේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress