ග්ලයිපොසේට් ගැන හෙළි දරව්වට මහාචාර්ය සරත් ගුණතිලකට විශිෂ්ටතා සම්මාන 
Posted on December 8th, 2015

ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිලිබඳ සිදුකල  පර්යේෂණ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන සරත් ගුණතිලක මහතාට ඇ.එ.ජනපදයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා සංගමය මගින් පිරිනමන 2015 විශිෂ්ඨතා සම්මානය හිමි වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. හෙතෙම  කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා 1980 දශකය මුල් භාගයේ  ඇ.එ.ජනපදයේ වෛද්‍යවරයකු ලෙස සේවයට එක විය. පසුව ඔහු කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයකු ලෙස සේවයට එක් වී  මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලැබුවේය.

Prof.Sarath Gunatilake1

ඇමරිකානු  පුරවැසියකු සිය රටෙන් පිටත සිදු කල පර්යේෂණයක් වෙනුවෙන් ජීවිතයේ එක වරක් පමණක් මෙම සම්මානය පිරි නැමේ.  රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්ඩායම සමග එක්ව වකුගඩු රෝගයට ග්ලයිපොසෙට් රසායනයේ ඇති සම්බන්ධය හෙළි කිරීම හේතුවෙන් පසුගියදා  චිකාගෝ නුවර පැවති  ඇ.එ.ජනපද ප්‍රජා වෛද්‍ය විද්‍යා සංගමයේ වාර්ෂික උත්සවයේදී  මහාචාර්ය ගුණතිලක  මෙම සම්මානයට පාත්‍ර විය. මෙම පර්යේෂණය ආරම්භ වුයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ මගපෙන්වීමෙන් කැලණිය විශ්ව විද්‍යාලයේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇතැම් විද්‍යාඥයන් යැයි තමන් හදුන්වා ගන්නා කිහිප දෙනකු   ග්ලයිපොසෙට් රසායනය වකුගඩු රෝගයට සම්බන්ධ නැති බව පවසමින් එහි තහනම ශ්‍රී ලංකාවේ ඉවත් කිරීමට කැස කවන බව වාර්තා වී ඇත.

ඒ මහතා සම්මානය ලබා ගත අවස්ථාවේ වීඩියෝ පටය,

https://youtu.be/zI69WNkC3vo

Dr Gunatilake-Garrett Brown

4 Responses to “ග්ලයිපොසේට් ගැන හෙළි දරව්වට මහාචාර්ය සරත් ගුණතිලකට විශිෂ්ටතා සම්මාන ”

  1. Senevirath Says:

    නලින් ද සිල්වාට මඩ ගැසූ උන් දැන් කියන්නේ මොකක්ද .. මම පෞද්ගලිකව දන්නවා මේවා මෙසේ යය කියූ ප්රියන්තා ට මහින්දත් කිව්වේ පිස්සු දේවාල කාරිය කියලය් . නලින් නොවන්නට මේවා කිසිවිටෙකත් එළිවෙන්නේ නැහැ . මද කාගෙන ඉදිරියට යන්න පුළුවන් නලින්ට
    නලින් ඔබට දිගායු වේවා

  2. sarathk Says:

    ආචාර්ය නලින් ද සිල්වා මහතා මේවා කරන්නේ තුප්පහි බටහිර උගතුන් අහින්සක මිනිසුන්ගේ ජීවිත බිලිගනිමින් කරන අවජාති වැඩ වලින් සිදුවන් මිනිස් ජීවිත බේරා ගෙනීමට මිස කිසිසේත් තම පුද්ගලික වාසියක් තකා නොවේ. බටහිර අධ්‍යාපනය වත් හරිහැටි ක්‍රියාවේ නොයොදවන උගත් විදඥයෝ යැයි කියා ගන්න ඔය පජාතියෝ මුදලට, බලයට, දේශපලන වාසි වලට, තනතුරු වලට අනුන්ගේ ජීවිත බිලි ගැනීමට පසුබට නොවේ. මුන්ගේ උගත් කම් රටට සැපයකි. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ නිවන දොර වැඩි ඇතක නොවේ. බටහිර හෝ දේශීය විද්‍යාව හෝ සත්‍ය හෙලිකරුනු ඇත. මහින්ද උවත් ආචාර්ය නලින් මහතා සිතන තරම් දේශීය චින්තකයෙකු නොවේ.

  3. sarathk Says:

    මගේ ඉහත සටහනේ “මුන්ගේ උගත් කම් රටට සැපයකි ” යන්න “මුන්ගේ උගත් කම් රටට සාපයකි.” ලෙස විය යුතුය.

    ආචාර්ය නලින් “බටහිර විද්‍යාවේ අතරමං වූ ශ්‍රී ලංකික බොරු උගතුන් ” මාතෘකාව යටතේ ලිපි පෙළක් ලියන්නේ නම් අනාගත විද්‍යා උගතුන්ට මහත් වටිනා පිටුවහලක් වනු ඇත. එයට ආරාධනා කර සිටිමි. සරත් මල්ලියාවඩු

  4. Dilrook Says:

    Congratulations Prof. Sarath Gunatilaka and thank you for untiring efforts to save children and farmers in Sri Lanka from glyphosate and its impact. Channa Jayasumana is another who revealed glyphosate connection to CKD and many other health issues.

    Glyphosate not only causes CKD, it also causes cancer, infertility, infant mortality (highest in “Rajarata” due to heavy glyphosate use) and many other health problems.

    It is unfortunate that some local and foreign “researchers” whitewash glyphosate. One even predicted the collapse of paddy cultivation by August 2015 due to the glyphosate ban! There is no CKD(U). It is CKD. Trying to subtly change the established name today with outdated terms is another attempt to divert attention.

    “මුන්ගේ උගත් කම් රටට මහා සාපයකි.” Agree with Sarathk.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress