ජනපති-අගමැති ළඟ අනුර කුමාර වැඳ වැටුනා.. – විජේදාස රතු අලි පැටියාගේ යටම ඇඳුමත් ගලවා දමයි… [Video]
Posted on December 15th, 2015

lanka C news

ජනපති-අගමැති ළඟ අනුර කුමාර වැඳ වැටුනා.. – විජේදාස රතු අලි පැටියාගේ යටම ඇඳුමත් ගලවා දමයි… [Video]තමන් විසින් අභියෝග කරන ලද විවාදය නතර කරවන ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා සිටි බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් විසින් ජවිපෙ නායකයා අතට මිලියන ගණනක මුදල් ලබා දුන් බවට සුනිල් හඳුන්නෙත්ති ඇසින් දුටු සාක්‍ෂියක් බවයි.

ඔහු සාක්‍ෂි නොදෙන්නේ නම් තමන් ලඟ ඊට සාක්‍ෂි කරුවන් විස්සක් පමණ සිටින බවද ඔහු කියා සිටියේය.

ජවිපෙ නායකයාගේ ඉල්ලීම මත තමන් අවස්ථා කිහිපයදීම එම පක්‍ෂයේ නඩුවලට නොමිලේ පෙනී සිටි බවද කී ඔහු ජවිපෙ නායකයා බිය ගුල්ලෙක් සේ විවාදයෙන් පැන යන්නේ තමන් හා විවාදයට එන්නට ඇති පණ බය නිසා බවද කීවේය.

වීඩියෝව උපුටා ගත්තේ හිරු රූපවාහිනියෙනි..
සම්පුර්ණ වීඩියෝව මෙතනින්

18,753 Viewers

One Response to “ජනපති-අගමැති ළඟ අනුර කුමාර වැඳ වැටුනා.. – විජේදාස රතු අලි පැටියාගේ යටම ඇඳුමත් ගලවා දමයි… [Video]”

  1. Kumari Says:

    Mr Minister, can you please tell us How the UNP got the money to distribute. We know the UNP did not have enough money to pay for the electricity bills of Siri Kotha before the bond scam.

    Also put out the evidence of Rajapakse robberies, it looks like the Rajapakse Robberies are also going the same way as the Weapons of Mass Destruction created by the USA to oust Sadam Hussain.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress