හෙදියකගේ අනුවේදනීය දිනපොත
Posted on December 15th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

ලක්බිම පුවත්පතේ සතිපතා හෙදියකගේ අනුවේදනීය දිනපොත නමින් ළිපි මාලාවක් පළ විය​. මෙම ළිපි ලියන ලද්දේ  කොළඹ ජාතික රෝහලේ  පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය​. මේ කතාව  හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ගැන නොවේ. වෙනත් හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් ගැනය. 

හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් සැරය . නමුත් හදවතින් කරුණාවන්ත අයෙකි. එකල ඇය අවිවාහකය​. ඇය නිතරම බිසිය.​

අසෝකා මිස් ශල්‍යකර්ම වලට ලක් කරන ලද රෝගීන් හා ඔවුනට  ශල්‍යාගාරයේ ලබා දුන් ඖෂධ පිළිබඳව විස්තර සටහන් පොතක් තියාගෙන සිටියාය​. එය විශාල ප්‍රමාණයේ සී ආර් පොතකි. එය නිතරම ශල්‍යාගාරයේ  මේසයක් මත තිබුණි. දිනපතා මේ පොතේ ලිවීම සටහන් තැබීම ඇය කළාය​. 

වරක් මම ලක්බිම පුවත් පතෙන් හෙදියකගේ අනුවේදනීය දිනපොත යන ලිපියේ හෙඩිම කපා ගම් ගා අසෝකා මිස් ගේ සී ආර් පොතේ ඇලවූයෙමි.  ශල්‍යාගාරයට ආ ගිය වෛද්‍යවරු එය දැක සිනාසුනෝය​. මේ බව නොදත් අසෝකා මිස් දිගටම  සී ආර් පොතේ තම රාජකාරිය කළාය​. නමුත්  හදිසියේ ඇය එය​ දුටු අතර තමන් ගේ පොත හෙදියකගේ අනුවේදනීය දිනපොත යනුවෙන් නම් කරන ලද තැනැත්තාට පොදුවේ බැණ වැදුනාය​. මම කට වසාගෙන සිටියෙමි. නමුත් ස්වල්ප මොහොතකින් ඇයගේ තරහව නිවී යන ලදි. 

අසෝකා මිස් අපට තේ හදන්නීය​. ඇය සාදන ඉඟුරු තේ ඉතා රසවත්‍ ය​. අසෝකා මිස් කොහොම රසට ඉඟුරු තේ හදනවාද මන්දා යැයි වරක් තරුණ වෛද්‍යවරියක් ඇසුවාය​මම ඇයට (කොලොප්පමක් ලෙස)  පැවසුවේ අසෝකා මිස් ඉඟුරු හපා (කටින් විකා) තේ එකට දමන නිසා රස එන බවයි. ඉන් පසුව ඇය ඉඟුරු තේ බීම නැවැත්තුවාය​. පසුව අප කරන ලද්දේ විහිලුවක් බව පැවසීමෙන් පසු ඇය යලිත් ඉඟුරු තේ බීම  ඇරඹුවාය​. 

පසු කාලයක මට අසෝකා මිස් හලාවත රෝහලේදී හමු වූ අතර ඒ වන විට ඇය හෙද සොහොයුරියක  ලෙස උසස්වීමක් ලබා සිටියාය​. 

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “හෙදියකගේ අනුවේදනීය දිනපොත”

  1. Nanda Says:

    Ruwan,
    You have been very naughty. May we please have some more with more secrets of yourself (much more naughtier and private) ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress