“අයින්ස්ටයින් අනුව ගුර්ත්වාකර්ෂණයක් නැතැ” යි කියන පට්ට පල් බොරුව.
Posted on December 18th, 2015

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

පොල් ගෙඩියක් බිමට වැටෙන විට එහි වේගය අනුක්‍රමනයෙන් වැඩි වෙමින් වැටේ. එහෙයින් එම් ත්වරනයට හේතුව ගුර්ත්වාකර්ෂණය බැව අයිසෙක් නිව්ටන් දැක්වූ බව අපි අසා ඇත. මෙම නීතිය පාවිච්චි කොට වඩදිය බාදිය ගැලීම පමණක් නොව, අහසේ ග්‍රහයන් යන පථයන් පවා නිරීක්ෂකයන් මවිත කරන නිවැරදිතාවයක් ඇතිව ගණනය කිරීමට නිව්ටන් ට හැකි විය.

නුමුත් 1915 දී ඇල්බට් අයින්ස්ටයින් සධාරණ සාපේක්ෂතා වාදය (general relativity) නැමැත්තක් ඉදිරි පත් කලේය. එම වාදයෙන් ලැබෙන විද්‍යාව දන් අපේ එදිනෙදා ජීවිතයෙහි ද වැදගත් වන්නට පටන් ගෙන ඇත. ජී-පී-එස් (GPS) උපකරණයකින් තමන් ඉන්නා තැන ලබා ගන්නා විට එම උපකරණය චන්ද්‍රිකා හතරකින් එන සංඥා පාවිච්චි කොට අයින්ස්ටයින් ගේ සමීකරණ විසඳ ඔබ ඉන්න තැනෙහි පිහිටීම දක්වයි. එම වාදයේ ශත සංවත්සරය වන 2015 දී නොයෙක් ලේඛකයෝ සහ රූප වාහිනී ප්‍රකාශකයෝ ගුරුත්වය ගැන ලිපි සහ වැඩ සටහන් යොමු කොට ඇත. මෙහිදී පාඨකයාගේ යොමුව ලබා ගනීට ඔව්හු සමහර විට අතිශයෝක්තිය යොදා ගනී.

අයින්ස්ටයින් අනුව කිසිම අන්දමේ ගුර්ත්වාකර්ෂණයක් නැති බවක් ප්‍රකාශ කිරීමට තරම් සමහරු ඇත්ත විකෘත කිරීමට පෙලඹී ඇත. ආචාර්ය නලින් ද සිල්වා “බටහිර විද්‍යාවෙන්” දැක්වෙන සියලු දේ “පට්ට පල් බොරු” යයි කියන හෙයින් ඔහු අයින්ස්ටයින් ගේ ගුරුත්ව යේ ස්වභාවය තේරුම් කරන “සාධාරණ සාපේක්ෂතා වාදය” ද බොරුවක වශයෙන් සලකනු ඇත. එහෙත්, 18-11-2015 විදුසර සංගරාවට සහ ලංකාවෙබ් පත්‍රයට ලිවූ ලිපියකින් සහ අනෙක් බොහෝ ලිපිවලින් වෙනක් ඇඟුමක් ද දක්වයි. එම ලිපියෙහි සිල්වා මහතා මෙසේ ලියයි

ඇල්බට්‌ අයින්ස්‌ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණයක්‌ නොමැති බව පවසා මේ අවුරුද්දට වසර සියයක්‌ ගෙවී ගොස්‌ ඇති නමුත් බටහිර වෙසෙන බොහෝ බටහිර විද්‍යාඥයන්ට මෙන්ම මෙරට වාසය කරන බටහිර විද්‍යාව ගැන දත් බොහෝ දෙනාට ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක්‌ බවට පත් වී ඇත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය සහ තවත් දේ අයින්ස්‌ටයින්ට අනුව අවකාශ කාලය වෙයි. අවකාශ කාලයේ වස්‌තු බල (ගුරුත්වාකර්ෂණය ද ඇතුළු) රහිත ව චලනය වීම (නිදැල්ලේ චලනය වීම) අවකාශ කාලයක්‌ නොමැති, අවකාශය හා කාලය වෙන වෙන ම පැවති නිව්ටන්ට පෙනී ගියේ ගුරුත්වාකර්ෂණය ලෙස ය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් ගෙතූ පට්‌ටපල් බොරුවකි”.

මේ අනුව ගුර්ත්වාකර්ෂණයක් ඇතැයි විශ්වාස කිරීම පවා සිල්වා මහතාගේ දොසට යොමු වේ. අයින්ස්ටයින් ගුර්ත්වාකර්ෂණයක් නොමැති යයි කී බවට මූලාශ්‍ර ඔහු නොදක්වයි. මීට ඉහතදී ජිම් බැගට් ගේ පොතෙන් ක්වන්ටම් වාදයේ අග මුලකියන්නට ගිය සිල්වා මතා ඉතා අවිචාරවත් ලෙස එම පොතෙහි ඇති වැරදි කරුණු පවා එහෙමම අනුකරණය කරමින් පාඨකයට දුන් ආකාරය අමතක නොකල යුතුය.

තවද, ලංකාවෙබ් පත්තරයේ (නූතනත්වය… 15-12-2015) සිල්වා මහතා පලකල ලිපියක් අනුව

බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ අර්ථකථනය “සඳහා අවශ්‍ය පුහුණුව ලබාගැනීමට අවුරුදු විසිපහකට අධික කාලයක් ගත කිරීමට සිදුවේ” . සිල්වා මහතා අවුරුදු 4ක් උපාදි අභිලාෂිකයෙක් ලෙස ගණිතය හදාරා අවුරුදු එකහමාරක් පමණ භෞතික විද්‍යාව හැදෑරූ බව සිල්වා මහතාම කියා ඇත. එම ඌන විද්යා පරිචය නිසා සිල්වා මයා ද නොයෙක් ජනප්‍රිය පොත් වල තිබෙන කරුනු විචාරයක් නොමැතිව පාඨකයාට ඉදිරි පත් කරන්නෙයි දෝ විමතියක ද ඇති වෙයි. ෆෝටෝනයකට ස්කන්ධයක් පැනවූ මේ මහතා ඵෝටෝන එකිනෙකා සමග හැපුනු විට ඇට බෝල ලෙස විසිරී යන බවද කීවූ අතර, එම ෆෝටෝනය සිදුරු දෙකක් ඇති බිත්තියක් තුලින් යන විට ස්කන්ධය දෙකට බෙදී යන්නේ දැයයි තවම පැහැදිලි කොට නොමැත. මේ සියලු කරුනු සලකා බලන විට, ගුරුත්වාකර්ෂණය ගැන සිල්වා මහතා ලියන දේ ගැන සැක කීරීම සාධාරණය.

ඇල්බට් අයින්ස්ටයින් ගුර්ත්වාකර්ෂනය ගැන කිව් දේ සිල්වා මහතා කියන දෙයට හාත් පසින් වෙනස් බව දකීමට අපි අයින්ස්ටයින් ගේ සුප්‍රසිද්ධ පොත් කිහිපයකින් විමසා බලමු.

  1. අයින්ස්ටයින් ගේ විද්‍යා ලිපිය පලවූ යේ 1916 යේ ඇනැලෙන් ඩෙයර් ෆිසික් (Analen der Physik) සංගරාවේ 16 වෙනි කලාපයෙහිය. එය ඉංග්‍රීසියෙන් ඩෝවර් පබ්ලිකේෂන්ස් වලින් පලකොට ඇත (111 පිටුව සිට 164 දක්වා ). එහි අයින්ස්ටයින් මෙසේ කියයි

“ඇත්තෙන්ම, අපට ඕනෑම ගුර්ත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඊට සමනා ගුර්ත්වයක් නැති ගම්‍යාතා පද්ධතියක් ඒ වෙනුවට දැමීමට නොහැකි වන්නේ යම් මාධ්‍යක ඇති ඕනෑම අන්දමේ ගම්‍යතාවන් ඇති සෑම ලක්ෂ්‍යක්ම් සාපේක්ෂතා පරිරූපනයකින් නිසැල කිරීමට නොහැකි අන්දමින් මය. Of course we cannot replace any arbitrary gravitational field by a state of motion of the system without a gravitational field, any more than, by a transformation of relativity, we can transform all points of a medium in any kind of motion to rest.”

  1. අයින්ස්ටයින් ගේ “රෙලටිවිටි, ද ස්පෙෂල් ඇන්ඩ් ජෙනරල් තියරි”, 1959, ප්‍රිස්ටන් පොතේ 176 වෙනි පිටුවේ අයින්ස්ටයින් මෙසේ කියයි:

“ගුර්ත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තිබීම හුදෙක් පෙනීමක් මිස ඇත්තක් නොවේ යයි සිතීමට හැකිය.දී ඇති ගුර්ත්වක්ෂේත්‍රය කුමක් වූවත්, එය නැති වී යන අන්දමේ නිර්මූලක වස්තුවක් අපට තොරා ගත හැකියයි සිතිය හැකිය.මෙය කොහොමටත්, සැමට සාධාරන ලෙස ඕනෑම ගුරුත්ව ක්ෂේත්‍රයකටම යෙදෙන්නේ නැත; එය යෙදෙන්නේ ඉතා විශේෂ ක්ෂේත්‍රයන්ට පමණකි. උදහරණයක් වශයෙන්, පොලොවෙහි ගුරුත්වාකර්ෂණය (මුලු සම්පූර්ණයෙන්ම ) නොමැතියයි හැඟෙන අන්දමේ නිර්මූලක පද්ධතියක් නම් කිරීමට නොහැකිය”.

From: Relativity, The special and General Theory, by Albert Einstein, Princeton, 1959, p 176.

“Now we might easily suppose that the existence of a gravitational field is only an apparent one. We might also think that, regardless of the kind of gravitational field which may be present, we could always choose another reference-body such that no gravitational field exists with reference to it. This is by no means true for all gravitational fields, but only for those of quite special form. It is, for instance, impossible to choose a body of reference such that, as judged from it, the gravitational field of the earth (in its entirety) vanishes .

එහෙයින්, අයින්ස්ටයින් ලියා ඇති පොත් බැලූ විට, සිල්වා මහතා සාපේක්ෂත වාදය හදාරා නැති බව හෝ, උගත් දේ දිරාගොස් බව හෝ එතුමා ඕනෑකමින් අයින්ස්ටයින් ගේ මත විකෘත කොට පට්ට-පල් බොරු ප්‍රචාරය කරන බව හෝ පෙනෙයි.

අයින්ස්ටයින් ගේ මතය අනුව වස්තුවක ස්කන්ධයක් යනුවෙන් පෙනෙන්නේ අවකාශ-කාලය නැමැති කරලියෙහි ඇති වක්‍ර භාවක් නොහොත් රලු ගතියක්ය. අවකාශ-කාලය යනුවෙන් අපි හඳුන්වන්නේ ලොව ඇති සෑම සිද්ධීන් ( all events) සමූහයයි . එම අවකාශ-කාල වක්‍ර තාවය විද්‍යාමාන වන්නේ ස්කන්ධයක් ලෙස නම්, E=MC2 නිසා එය විභව ශක්තියක් ලෙස සැලකිය යුතුය. විභව ශක්තියක අනුක්‍රමණය (බෑවුම ) බලයකි. යම් අංශුවක් එවනි බෑවුමකට භාජන වූ විට එයට ත්වරනයක් ඇතිවේ. අයින්ස්ටයින් ගේ සාපේක්ෂර්තා වාදයෙහි ගුර්ත්ව ආකර්ෂණයක් ඇති වෙන්නේ එසේ ය. වක්‍රතාවයේ අනුක්‍රමණය ට සාපේක්ෂතා විද්‍යා පොත්පත් වල “ඇෆයින් කනෙක්ෂන්” යයි කියනු ලැබේ.

ගුරුත්වාකර්ෂණ්ය ඇතිවන්නේ කෙසේ දැයි නිව්ටන් පැහැදිලි නොකලේය . අයින්ස්ටයින් ගේ වාදයෙන් මෙය පැහැදිලි වෙයි. සූර්‍යා වැනි වස්තුවක අවකාශ-ලෝක වකරතාවය අසලට ග්‍රහයෙක් පැමින්ණි විට, එමගින් තවත් වක්‍රතාව්යක් ඇතිවී, එයින් සම්ප්‍රයුක්තව ඇතිවන වක්‍රතාව නිසා, කඳු දෙකක් අතර නිම්නයක් ඇතිවෙන්නක් මෙන් පරිස්ථානී (locally) අන්දමින් අවම වක්‍රතාවක් ඇති පථයක් ගණනය කිරීමට හැකිය. එම පථය (භූමිතිකය, geodesic) ග්‍රහයාගේ ගමන් මාර්ගය (කක්ෂය ) වේ. අයින්ස්ටයින් ගේ සූත්‍ර වලින් ලැබෙන උත්තරය ඉතා නිවරදි වූවත්, නිව්ටන් ගේ ප්‍රභා ශක්තිය කොතරම් මහත් දැයි කිවහොත්, ඉතා සරල වාදයක් ගොඩ නැඟූ නිව්ටන් තම වාදයෙන් ද පුදුමාකාර නිවැරදි උත්තර කක්ෂයට ලබා දෙයි.

අන්තිම වශයෙන්, නලින් ද සිල්වා මතා කියූ වදන් වන “ඇල්බට්‌ අයින්ස්‌ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණයක්‌ නොමැති බව පවසා …” යන්න අයින්ස්ටයින් උඩුපිලි කොට ව්‍යාජ ලෙස දැක්වීමක් බව පාඨකයාට පැහැදිලි විය යුතුය.

4 Responses to ““අයින්ස්ටයින් අනුව ගුර්ත්වාකර්ෂණයක් නැතැ” යි කියන පට්ට පල් බොරුව.”

  1. AnuD Says:

    Buddhism says, the smallest thing that exists has the flowing and sticky property. So, if the watery liquid like stage of this smallest thingy (super-string) is sticky or tends to stick that can create a similar situation like gravity.

    What Einstein has said there are no specific particles or energy that contribute to gravity. It is the Space time that contributes to gravity. How ever, Large stars and black holes like bodies can create Gravity waves. Now Europe is ending a satellite to detect those gravity waves.

    http://www.theguardian.com/science/2015/nov/21/satellite-to-solve-einstein-last-theory

  2. Raj Says:

    මහත්තයෝ ගුරුත්වාකර්ශණයක් නැතැයි කියා කවුරුවත් කිව්වා කියන එක නම් පට්ට පල් බොරුවක්. කවුරුහරි කිව්වනම් කිව්වෙ ඒක නොපෙනෙන දෙයක් කියල වෙන්න ඕනැ. ඔබතුමා විස්වාශ කරන්නේ නොපෙනෙන දෙයක් තිබෙන්න බැහැ කියලද. ඔය කියන ජීපීඑස් වලින්එන තරංගත් පේනවයැ. මනුශ්‍ය මනසට ගෝචර නොවන දේවල් නැත කියන මතයේද ඔබතුමා එල්බගෙන ඉන්නෙ.

  3. Senevirath Says:

    එක එක සතාගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ එක විදිහටම නොවෙය් ඒවා වෙනස් වගේම මිනිස් සතාගේ පසින්දුරන්ටත් . ගෝචර නොවෙන දේ තියනවා හයවන ඉන්ද්‍රිය කියල එකකුත් තියනවා . හැබය් එක මොලයේ තියෙන්නේ කියල කියනඅ යට මේවා පටලවිලි තමය් ”’මම ”මුල් කර ගෙන දකින දේ පට්ටපල් බොරුය් කියන්නේ ඒවා අවිද්‍යා නිසා මිස කාර් බස් ගෙවල් දොරවල් වැනිදේ සම්මුතියේ නැති නිසා නොවෙය්

  4. Nanda Says:

    “Now we might easily suppose that the existence of a gravitational field is only an apparent one……………… It is, for instance, impossible to choose a body of reference such that, as judged from it, the gravitational field of the earth (in its entirety) vanishes .

    It is impossible to choose for Einstein but possible for Arahants who have the “Abhignas” to travel against the gravity.
    The statement by Einstein indicates that he was aware of possible instance of lack of gravity.
    මේ නිසා නලින් කිවූදේ පට්ටපල් බොරුවක් නොවේ. ඔහු කී දෙය පට්ටපල් බොරුවක් කීම පට්ටපල් බොරුවක් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress