Exposing Sarath Fonseka වෙලේ විදානගේ නිර්වත.. හඩ පටිය සහිතයි
Posted on December 21st, 2015

Sri AV Tv network

සරත් ෆොන්සේකා මහතා දැන් ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද මීට පෙර ඔහුට රුපියල් මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබාදී ඇතැයි ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා පවසයි.

ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ වාර්ෂික සුහදහමුව අද (04) විහාර මහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.

https://www.facebook.com/SriAvTvNetwork/videos/1016945108366473/

එහිදී එම සංගමයේ නියෝජිතයින් තමන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බව ඉල්ලීමක් කළේය.

ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් කරුණු හරි හැටි නොදැන කතා කරමින් බොහෝ දෙනෙකු චෝදනා එල්ල කළ බවත්, මෙම ව්‍යාපාරයෙන් දැනට 6754 දෙනෙකුට රැකියා අහිමිවී ඇති බවත්, එහි කැඳවුම්කරු කමල් ගමගේ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඇවන්ට්ගාඩ් සමාගමෙන් ලාබ ප්‍රයෝජන ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක මහතා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකථන සබඳතා පවත්වමින් ආධාර උපකාර ලබාගත් බව හෙතෙම පැවසීය.

ඔහුට ඇවන්ට්ගාඩ් සමාගමෙන් මාසයකට රුපියල් ලක්ෂ 15 බැගින් වැටුප් ගෙවා ඇති බවද එහිදී ඔහු අනාවරණය කළේය.

ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ කුලිය ගෙවීමට මුදල් ද, වාහනයක් ද ඉල්ලා ඔහුගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක විසින් එවන ලද බව කියන එස්.එම්.එස් පණිවිඩ ඇතුළත් කර මුද්‍රණය කළ පත්‍රිකාද, හඬ පට කිහිපයක්ද මෙහිදී මාධ්‍ය ආයතන වෙත ලබාදීමට එම සංගමය කටයුතු කරන ලදී.

එසේම ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා කරන වත්මන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ඔහුගේ පිරිසකට රැකියා ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා එවන ලද ලිපිද සමාගම සතුව ඇතැයි හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු ඇවන්ට්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකරු නිලුපුල් ද කොස්තා මහතා කියා සිටියේ ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ද විවිධ ප්‍රකාශ කර ඇති බවයි.

එහි කරුණු හරි හැටි දැන කතා කිරීම සුදුසු බවත්, ඒ නිසා ඇවන්ට්ගාඩ් සමාගමෙන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට අනුර දිසානායක මහතාට හැකි නම් කාර්යාලයට පැමිණෙන ලෙසත්, ඒමට නොහැකි නම් නියෝජිතයෙකු හෝ එවන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

මාධ්‍ය අමතා කතා කළ ඇවන්ට්ගාඩ් සමාගමේ වාණිජ කළමනාකරු නිලන්ත ජයවීර මහතා පැවසුවේ රණවිරුන්ගේ මාර්ගයෙන් ඉදිරියට පැමිණි කෙනෙක් ඇවන්ට්ගාඩ් හි සේවය කරන රණවිරුවන්ට අපහාස කර ඇති බවයි.

ඔහුගේම වචනවලින් කිවහොත් ඇවන්ට්ගාඩ් සමාගමේ වැඩ කරන්නේ සියයට 50ක් කලවැද්දෝ බවත්, එසේ වුවද අපි කලවැද්දන් නොව හමුදාවේ විශ්‍රාමිකයින් බවත්, හෙතෙම එහිදී කියා සිටියේය.

ඇවන්ට්ගාඩ් සමාගම මගින් විශ්‍රාමික හමුදා සෙබළුන්ට විශ්‍රාම ජීවිතය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් වැටුපක් ලබා ගැනීමට හැකි වාතාවරණය සැකසූ බවද එසේ තිබියදී මෙම සමාගමෙන් වූ සේවය අගයනවාට වඩා එය විනාශ කරන තැනට පිරිසක් කටයුතු කළ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මාධ්‍යයවල පළවු වාර්තා සත්‍ය නැති බවත්, එම සමාගමේ කටයුතුවල ඇත්ත නැත්ත සොයා නොබලා කටයුතු කිරීමෙන් අසරණ වී ඇත්තේ රැකියා අහිමි වූ අප යැයි ද හෙතෙම පැවසීය.

එම සමාගම තුළ තවදුරටත් සේවකයින් හතලිස් ගණනක් හෝ රැකියා කරනු ඇතැයි විශ්වාස නොකරන බවත්, රැකියා අහිමි වූවන් සම්බන්ධයෙන් ජනපතිගේ හා අගමැතිගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙහිදී ප්‍රකාශ විය.

වාර්ෂික සුහද හමුවට එක්වූ පිරිස අනතුරුව එහි දී නිහඬු විරෝධතාවයක ද නිරත විය.

එහිදී මාධ්‍ය වෙත ලබාදුන් එස්.එම්.එස් පණිවුඩ ඇතුළත් කර මුද්‍රණය කරන ලද පත්‍රිකාව පහත පරිදිය.

2 Responses to “Exposing Sarath Fonseka වෙලේ විදානගේ නිර්වත.. හඩ පටිය සහිතයි”

  1. Nanda Says:

    After the knowledge of the shameless contract with a 40 billion US dollar surety, I have no doubt now on Avant Garde., it’s boss and his friends. All are naked in public with some brains.

  2. Indrajith Says:

    Some interesting comments copied from “Lanka C News”:

    ——————————————————————–

    Power says:

    අනුර- අනේ..අනේ..රනිල් අයියේ..මට පිහිට වෙන්ඩ.

    රනිල් අයියා – මොකෝ..මොකෝ..මලයෝ මේ හති දාගෙන..

    අනුර මල්ලී – බලන්ඩකෝ..විජේ මගේ යට ඇඳුමත් ගලවලා දාලා උපන් ඇඳුමෙන් ඉන්න තත්ත්වයට මාව පත් කරානේ..

    රනිල් අයියා – අයියෝ..ඕක සුලු දෙයක්නේ මලයෝ..විජේ ඔයාගේ ගලවපු එකට හරියන්ඩ.අපේ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එකක් දැනට ණයට ඉල්ලා ගමු.

    මෛත්‍රීපාල සිරිසෙන් මැතිතුමා – මේ..මේ..මේ..මම බලය අතහැරලා නිවන් දකින්න යන චාම් මනුස්සයා කියලා දන්නවනේ..මම ඕවා අදින්නෙ නෑ..ඕනම නම් අමුඩයක් දෙන්නම්.

    රනිල් අයියා – මොකද මලයෝ කියන්නෙ..අමුඩයක් කමක් නැද්ද..?

    අනුර මල්ලී – පිස්සුද..අමුඩ ගහගෙන මම ආය කටක් ඇරලා ඇවන්ගාඩ් ගැන සමාජය ඉදිරියේ කියන්නෙ කොහොමද..

    රනිල් අයියා – එහෙනං ඉතින් මගේ එකක්වත් ණයට දෙන්ඩද..?

    අනුර මල්ලී – ඔයාගේ ගේ ඒවා ඇදගෙන ඉදලනේ මට මෙච්චර හරියක් උනේ..මොනවා කියනවද මන් දන්නෑ..පිස්සුද..

    රනිල් අයියා – අපේ සොපි අක්කගෙ එකක් වත් ණයට ඇරන් ඇදලා බැලුවොත්..?

    අනුර මල්ලී – ඔය කිව්වෙ..ඔය හුචක්කුවගේ ඒවා ඇදලා මට අඟහරු ලෝකෙවත් නැති ලෙඩ හැදෙයි.

    රනිල් අයියා – එහෙනං ඉතින් පෙරලුණු පිට හොඳයි කියලා ඔය ගලවගත්ත විදිහටම හිටපං මලයෝ..

    ————————————————————————————————–

    yahapala says:

    Naga Viharaye thibuna Roti Thatiya Athurudahan. ” Roti plate is missing from nagaviharaya” Understnds Ranil & Ravi has snatched it and given to Chandrika to bake Christmas Cakes.

    —————————————————————————————————-
    barak da obama says:

    Okage yata anduma galavala madi. Eka oluve othala para dige yavanna one.

    Siyalu denama beliya yuthu veda satahanak. Wijedasa mona pakshe hitiyath kiyapu katha valata SF Kalaveddata, Gon Ranajata, Kumu dath Dostharayata, Anura Kumara Lapayata….kata uththara nehe.

    ——————————————————————————————————

    sampath D says:

    මම පොඩි කාලේ ගෙදරට ඔය JVP කාරයෝ පැනල අපිට ගහලා අපේ කුප්පි ලාම්පුවටත් පයින් ගහලා පාඩම් කරපු පොත් ටිකත් ගිනි ගොඩට දාලයි ගියේ .අපිට ඒවා තවත් ආත්ම 7කට මතකයේ තියෙයි රටේ තිබුණු හැම සම්පතක්ම ගිනි තියපු ඔය කාලකන්නි JVP කාරයෙක් දකිනකොටත් මටනම් පේන්න බැහැ ජාතියක් ආපස්සට යවපු අලි ,සීනු කාරයොන්ට අපේ මෝඩ සිංහලයෝ චන්දෙ දීලා මේ රට කොටියටම දීපන්කො!

    ——————————————————————————————————–

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress