සිරිසේන ගේ දෙමළ මෛත්‍රිය පිටිපස සිටින්නේ කවුරුද
Posted on December 22nd, 2015

මතුගම සෙනෙවිරුවන්

පසුගිය සතියේ ජනාධිපති සිරිසේන වතිකානුවට ගියේ පාප් ගේ නියෝගය මතයි. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යන්නට කලියෙන් පාප්ගමනයට ගාලු මුවදොර අල්තාරයක් ඉඳි කළේය.ඒ අල්තාරය උඩ සිංහල බෞද්ධයා  බාවා හරාම් කළ පසු එහි ශාපය නිසාදේ මහින්ද චන්දයෙන් පැරදී ආපසු මැදමුලනටම ගිය බව කවුරුත් දනිති. සිරිසේන වතිකානුවට ගිය පසු කී දේ කොහොම වුවත් ලංකාවට පැමිණි සැණින් යාපනයට ගොස් දෙමල ජනතාව හමු වී නත්තල් සමරා කොටින් ගේ සුරතල් විඳිමින් දකුණේ සිංහළයාව විවේචනය කලේය. වසර විසිපහක් අවතැන් ව සිටින දෙමලා ගැන බලාපල්ලා යාපනයට විත් ඔවුන් විඳින දුක බලාපල්ලා කියා කීවේ හුදෙක් චන්දය පමණක් බලාගෙන නොවේ.එම ප්‍රකාශ පිටිපස සිටින්නේ පාප් ඇතුළු පල්ලි සංස්ථාවයි. වසර විසි පහක් නොව දහනව වන සියවසේ සිට යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහලයන් වන්නියට අනුරාධපුරයට මෙන්ම ගාල්ල මාතරට පන්නා දැමුවේ ඉංග්‍රීසීන්ය. යාපනයේ පල්ලි ටික හදා දෙමල ක්‍රිසතියානි රටක් හදා ගන්නට නම් සිංහල බෞද්ධයා යාපනයෙන් එළවිය යුතු බව සුද්දා දැන සිටියේය. දෙමල වහලුන් ගැන හැදූ තේසවලමෙයි නීතිය සුද්දා විසින් 1806 දී ගැසට් පත්‍රයේ පළකොට පණතකින් තහවුරු කලේ එබැවිනි. වසර සියයකට  පසු තවත් සිංහලයන් යාපනයේ බේකරි රස්සාවත් ගරාජ කර්මාන්තයත් කරනු දුටු ඉංග්‍රීසීන්  දෙමළ ජතිවාදය අවුස්සා පොහොර දමමින් ප්‍රභකරන් වැනි ත්‍රස්තවාදීන් බිහි කර සිංහලයාට ගසා ඝාතනය කොට පන්නා දැමීය. මේ අවතැන් වූ යාපන නිජභූමි උරුමක්කාරයන් ගැන සිරිසේනට වගේ වගක් නැත. මෙලෙස අවතැන් වූ සිංහලයන් ගණනින් විසදහසක් පමණ වූ බව සංගණන වාර්තා දක්වයි. යාපනය හ වන්නිය ගත් කළ එය හතලිස් පන්දහසකට අධිකය.

          මොවුන් උතුරේ මේ වන තෙක් දිවි ගෙවූවානම් ජනගහනය ලක්ෂය ඉක්මවා යන්නට හොඳටම ඉඩකඩ තිබුණි. නමුත් වාර්ගික පවිත්‍රකරණය යටතේ සුද්දන් ගේ සහ පල්ලියේ අවශ්‍යතාවය සපිරූ කොටි සංවිධානය ඇතුළු දෙමළ බෙදුම් වාදීන් උතුර සිංහළයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කලහ. මහින්ද රාජපක්ෂ රජය යුද්ධය නිමා කොට අනාථ කඳවුරු වල සිටි දෙමල ජනතාව පදිංචි කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළද සිංහලයන් පදිංචි කිරීමේ දී දැක්වූයේ මන්දගාමී පිළිවෙතකි.සිංහල රාවය සංවිධානය විසින් යාපන අර්ධද්වීපයේ නාවක්කුලිය ගම්මානය තුළ සිංහලයන් පදිචි කිරීමට අවශ්‍ය කටයුතු සහ පහසු කම් සලසන විට එවකට සිටි උතුරු ආණ්ඩුකාරවරයා සහ ආඥාධිපතිවරයා දිගින් දිගටම එයට බාධා කළේය. එවකට සිටි රජයේ අභිප්‍රාය වූයේ ප්‍රශ්ණ නොමැති වවුනියා කලාපයේ කැලෑ බෝගස් වැව ආසන්නයේ සිංහලයන් පදිංචි කොට ජනගහනය සම්පූර්ණ කිරීම පමණකි. එයින්අදහස් වන්නේ යාපන අර්ධ ද්වීපය තුළ සිංහල ජනපද පවත්වා ගෙන යෑම තහනම් බවයි. මෙම තහනම පිටිපස්සේ ඉන්දියාව සිටි බවට සහතිකය.දැන් සිරසේන ජනාධිපතිවරයා උතුරුට ගොස්  දෙමලා වෙනුවෙන් පමණක් කිඹුල් කඳුළු හෙලීම අපට වටහා ගත හැකිය. ඉන්දියාවේ රහස් ඔත්තු සේවා වල සරණනින් බලයට පත් වූ ඔහුට යම් කාර්ය නියමයක් ඇත. ඒ නම් යාපනය සහ නැගෙනහිර පළාත තුළ ස්වයංපාලනකට ඉඩකඩ සැලසීමයි.හමුදා කඳවුරු පිහිටා තිබූ ඉඩම් ආපසු ලබා දීම‚ කොටි සැකකරුවන් නිදහස් කිරීම‚දෙමල සංවිදින වලට තිබූ තහනමු ඉවත් කිරීම‚ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා දෙමල භාෂාව රටපුරා තහවුරු කරලීමට අවශ්‍ය පහසුකම් සැලසීම. ඒ තුළින් දෙමළ බසට බ්‍රාහ්මී මූලයක් ඇති බව පෙන්වීම වැනි දේ එකින් එක සිදු වෙමින් පවතී. ඒ අතර මහින්ද රාජපක්ෂ නම් සාධකය පෙරට දමා සිංහලයන් ඒ පිල්ලිය වෙතින් ඉවත් නොකර තබා ගැනීමටද වෑයමක් පවතී. එයට හේතුව සැබෑ සිංහල නායකයෙක් පෙරට පැමිණීම බෙදුම් වාදයට තර්ජනයක් බැවිනි. සිරිසේන ජනාධිපතිවරයාගේ යාපන කතාවෙන් ගම්‍ය වන්නේද එයයි. දැන් මෙරට සිංහල සංවිධාන විසින් කල යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත යාපනයට ගොස්  නාවක්කුලි ගම්මානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමයි. ඒ මගින් උතුරෙන් අවතැන් වූ සිංහලයන් ගැන රට අවදි කළ හැකිය.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “සිරිසේන ගේ දෙමළ මෛත්‍රිය පිටිපස සිටින්නේ කවුරුද”

  1. Nanda Says:

    දෙමළ මෛත්‍රිය ගැන ප්‍රශ්න කල යුතුය​. මේ ලිවුමේ සත්‍යය කියා ඇත​. ස්තූතියි.
    දෙමලාට පමණක් නොව මුලු ලොවටම අපි මයිත්‍රී කරමු. එහෙත් සිංහලයාට​, අන්ත අසරණ සිහලයාට​, පිහිටවන්නේ කවුද ?
    සත්‍යය ඒ සැටියෙන්ම කතා කල යුතුය​. මූලිකම ප්‍රශ්නය වන දෙමලාගෙන් සිංහලයාට අදත් සිදුවෙමින් පවතින අසාධාරණය කතාකරන්නට සුදුස්සෝ අද පාර්ලිමේන්තුවේ නැත​.

  2. Piyadigama Says:

    සිරිසේනගේ හඳහන අනුව 2016 අප්‍රියෙල් මස 4 වනදා හෙනහුරු මහා දසාව තුල චන්ද්‍ර උදු දසාව ලබයි. ඔහුගේ හඳහනේ චන්ද්‍ර 12 වැන්නේ සිටීමෙන් නැතිවීම, විනාශය සහ නොලැබීම පිළිඹිඹු කරයි. 2016 අප්‍රියෙල් සිට 2017 අප්‍රියෙල් දක්වා මෙම නරක කාලය පවතී.

    අප්‍රියෙල් මස ශුක්‍ර ග්‍රහයා සිරිසේනගේ 6 වන ස්ථානයේ ගමන් කරන බැවින් සතුරු උවදුරු වලට ගොදුරු වේ. ශරීර ආපදා සුලබ වේ. රනිල්ටද මහා නරක කාලයක් මාර්තු සිට ලබයි. මෙම අපල නායකයන් තබා ගැනීමෙන් රටටම හෙනහුරු ලබයි.

    සිරිසේන ජනපති වන විට ඔහු හෙනහුරු මහා දසාව ගෙවමින් සිටියේ 2014-2015 තුල හෙනහුරු උච්ච වීමෙන් ලබූ මහා බලයෙනි.

    උපුල් ජෝසප් නොකියන්නේ, UNP නායකයන් 2014 සිරිසේන තෝරා ගත්තේ මෙම මහාර්ඝ ග්‍රහ පිහිටීම නිසා. එය හරිගියා.

    දැන් එහි විපාක ගෙවීමට ඇති කාලයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress