‘මේ මිනිස්‌සුන්ට කරදර කළොත් උඹව උස්‌සනවා’ හිරුණිකා තර්ජනය කළා දෙමටගොඩදී පැහැර ගත් තරුණයා පොලිසියට පවසයි
Posted on December 23rd, 2015

හේමන්ත රන්දුණු උපුටා ගැන්ම දිවයින

“උඹ මේ මිනිස්‌සුන්ට කරදර කළොත් ලංකාවෙ කොහේ හිටියත් මම උඹව උස්‌සනවා. දැන ගනින් මම නීතිsඥවරියක්‌” යෑයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට තර්ජනය කළ බව දෙමටගොඩදී පැහැර ගැනීමට ලක්‌වූ අමිල ප්‍රසංග අමරසිංහ මහතා පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදෙමින් කියා සිටියේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෙµන්ඩර් රථයකින් ගිය ඇගේ ආරක්‍ෂක නිලධාරින් යෑයි කියා ගන්නා පිරිසක්‌ මෙම තරුණයා පැහැර ගනු ලැබුවේ ඉකුත් 21 වැනිදා සවස 2.15 ට පමණය.

පැහැරගැනීමට ලක්‌වූ තරුණයා දෙමටගොඩ පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදෙමින් මෙසේද කියා සිටියේය.

මම පදිංචිවෙලා ඉන්නේ මල්වත්ත ගොතටුවේ. මගේ බිරිඳ විදේශගතව රැකියාවක්‌ කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙමටගොඩ ලකීස්‌ටාර් වෙළෙඳසැලේ මම රැකියාවක්‌ කරනවා.

මීට මාස 6 කට විතර උඩදී තමයි මට චමිලව මුණ ගැහුණේ. ඒ ටවුන්හෝල් එකේදි. චමිලා මට ටෙලිෆෝන් නම්බර් එක දුන්නා. එයත් විවාහකයි. දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. අපි දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක්‌ ගොඩනැඟුණා.

එය මට නිතරම දුරකථනයෙන් කථා කරනවා. මමත් එහෙමයි.

මීට මාස දෙකතුනකට විතර උඩදී අපේ සම්බන්ධය චමිලගෙ මහත්තයට ආරංචි වුණා.

චමිලට නිතර නිතරම ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා. බැරිම තැන මම පහුගිය 19 වැනිදා එයාව මගේ ළඟට ගෙන්න ගත්තා. 20 වැනිදාත් එයා මාත් එක්‌ක හිටියා.

චමිලගෙ මහත්තයා හිරුණිකා මන්ත්‍රීතුමිය එක්‌ක බොහොම සමීපයි. එයාගෙ මැතිවරණ වැඩවලට ගොඩක්‌ උදව් කළා. මට ආරංචි වුණා චමිලාගෙ මහත්තයා මේ ප්‍රශ්නය හිරුණිකා මන්ත්‍රීතුමියට කිව්වා කියලා.

21 වැනිදා මම කඩේ වැඩකර කර සිටියා. ඒ වෙලාවේ තුන්දෙනෙක්‌ කඩේ ඇතුළට ආවා. ඇවිත් පොඩි ප්‍රශ්නයක්‌ කථා කරන්න තියනවා කියලා මාව කඩෙන් එළියට අරගෙන ගියා.

ඒ වෙලාවෙ චමිලගෙ මහත්තයත් එතනට ආවා. එතන හයදෙනෙක්‌ හිටියා ඒ අය එකපාරටම මාව ඇදගෙන ගිහින් කළුපාට ජීප් එකකට දා ගත්තා. ජීප් එකේදී ඒ අය මට හොඳටම ගැහුවා. මාව අරගෙන ගියේ කොළොන්නාවේ තියෙන හිරුණිකාගේ කාර්යාලයට. හිරුණිකා මන්ත්‍රිතුමිය ඒ කාර්යාලයේ මේසයක්‌ උඩ ඉඳගෙන හිටියා.

මාව දැක්‌ක ගමන් එයා ඇහුවා මූද මිනිහා කියලා. චමිලයි එයාගෙ මහත්තයයි එතන සිටියා. මන්ත්‍රි තුමිය එතනදී නඩු ඇහුවා. මට තර්ජනය කළා.

ආයෙත් ප්‍රශ්න ඇති කළොත් උඹව උස්‌සනවා කිව්වා. මට මේ පැත්ත පළාතේ ඉන්න එපා කියලා මාව පන්නලා දැම්මා.

මම දෙමටගොඩට ආවා. ඒ වෙනකොට කඩේ අයිතිකරු මාව පැහැරගෙන ගිය එක ගැන දෙමටගොඩ පොලිසියේ පැමිණිල්ලක්‌ කරලා තිබුණා. පස්‌සේ මම පොලිසියට ආවා යෑයි පැහැරගැනීමට ලක්‌වූ තරුණයා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

7 Responses to “‘මේ මිනිස්‌සුන්ට කරදර කළොත් උඹව උස්‌සනවා’ හිරුණිකා තර්ජනය කළා දෙමටගොඩදී පැහැර ගත් තරුණයා පොලිසියට පවසයි”

  1. Nanda Says:

    හිරුනිකාට උපරිම දන්ඩුව්ම් දිය යුතුය​. පහරගෙන් යන්නන් සඳහා දඬුවම් වැඩි කොට​, වාහන දීම නැවැත්විය යුතුය​.

    එහෙත් මේ ගෑනු හොරා චූටිබබා කර හුරතල් කරන මෙවැනි ලිපි ද අපි හෙලාදැකිය යුතුය​. මොහුට​ ලමයින් දෙදෙනෙකු සිටියදී, අසරණ බිරිඳ පිටරට් ගොස් දුක් විඳිද්දී මේ තිරිසනා ලමයින්ට ආදර්ශයක් ලෙස හිඳට හැසිරී ඇත​. සවුදි වලනම් ගල්ගසා මරණ අපරාධයකි.මෙවැන්නන්ට තදබල දන්ඩුවම් සඳහා නීති පැනවියයුතුයි. අපේ බුදුදහම අනුව මේ පුද්ගලයා කාමමිච්චාචාරයේ හැසිරී ඇත​.

  2. chandrasena Pandithage Says:

    මේ සිදුවීම, හොදට කියවා බලා අවබෝධ කරගෙන; එහි ඇති හිරුණිකාගේ චරිතයට, අප නොදන්නා කාන්තාවකගේ නමක් ආදේශකර සිතා බලන්න. එවිට අප තුල ගොඩනැංවෙන්නේ එතන හිරුණිකා සිටින විට ඇතිවන සිතුවිලි පරම්පරාව නොවේ නම් වරද ඇත්තේ අප තුලය. මේ සිද්ධිය සම්බන්ධව නිවැරදිව සිතන්න.

  3. Nanda Says:

    පඬිතගේ මත්මයානෙනි,
    වෙන නම් දාන්න ගියොත් තවත් අමාරුවේ. එහෙම නොවේ, පුද්ගලයින් ඉවත් කරන්න​. සිදුවීම් පමනක් ගන්න​.

    1. තමන් ගේ ගෑනී රට ගියවිට දරුදෙදෙනා බලාගැනීම් පැත්තක දමා ඉහවහ ගිය ආශාව​.
    2. තවත් දරුදෙදෙනෙකුගේත් , සැමියෙකුගේත් දුක නොදැනෙන කුරිරු කම​
    3. තම දරුදෙදෙනා නොතකා අනුන්ගේ ගෑනු ගෙදරගෙන ඒමේ ලිංගික ආශාව​​

    4. පොලිසියට නොගොස් නීතිය අතටගෙන අනාචාරයේ යෙදෙන එකෙක් පැහැරගෙන​ යාම​

    මේවා අපට පෙනෙන Facts. ගහපු ඒවා , තර්ජන​, මේස උඩ තර්ජන – විය හෝ නොවිය හැක​. ඒවා අනුව ඉහත සඳහන් FACTS වෙනස් වේ ද ?

  4. chandrasena Pandithage Says:

    Nanda, මම ඔබ සදහන් කරන සියලුම කරුණු නිවැරදි බව විශ්වාස කරමි. යුක්ති ගරුක, නීතිය රජයන සමාජයක සිදුවිය යුතු දෙය ඔබ මනාව සටහන් කර ඇත. සමාජයක සිදුවිය යුත්තේ එයයි.

  5. Asanga Says:

    I think the poor misguided thing was trying to be a ‘Hitha Honda Chandiya’ (tough guy with a tender heart) and it sort of backfired on her.

    On the other hand, she went to bat for one of her sub-ordinates, which will win more respect and loyalty from her followers. And she had the guts to publicly admit her fault, which sadly seems to be lacking in most of the senior politicians whom she follows. Both of which will help her future political career somewhat.

    Maybe with a bit more maturity, and much clearer vision of the imminent danger posed to our land by the trainwreck called ‘Yahapalanya’, she might become a half-way decent politican one day, there is always hope.

  6. Christie Says:

    Oh what has happened to the Old Sinhala ways. Men and a women were free to go on their own ways. Legally it is the same today. The third Percept is not about adultery or marriage, it is about intercourse and prohibits other sex acts like buggery.

  7. Christie Says:

    අපි සින්හලයන්ට අපේ හැදියාව අමතක වෙලා වගේ. පිරිමින්ටත් ගෑනුන්ටත් සන්වාසයට තහන්චි නැහැ. තුන්වෙනි සිල්පදය තහනම් කරන්නේ විවාහයෙන් පිට සෙල්ලම් නෙමේ, ගෑනු පිරිමි ලින්ගික සෙල්ලම්වලින් පිට සෙල්ලම්ය. හිරුනික පෙරකදෝරුවට නීතිය අමතකවෙලා වගෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress