මෛත්‍රී-රනිල් දෙදෙනාටම ඕන වුණේ මාව පරදවන්න ඒත් දෙදෙනාට එකට රට කරන්න බැහැ – මහින්ද අකුරැස්‌සේ දී කියයි
Posted on December 28th, 2015

සමන් උපුල් පිනිදිය උපුටා ගැන්ම දිවයින

මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාගේ අදහස්‌ හා සිතුම් පැතුම් පරස්‌පර බවත් ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වී තිබුණේ තමාව පරාජය කිරීමට බවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිsමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය.

පසුගිය 27 වැනිදා අකුරැස්‌ස ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක්‌ විවෘත කිරීමේ

උත්සවයකදී මේ බව සඳහන් කළ රාජපක්‌ෂ මහතා තවදුරටත් මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කියන්නේ අපේ පක්‌ෂයක්‌. ඒක කාටවත් දෙන්න බෑ. මම හැමදාම කියනව වගේ නායකයන් දෙන්නෙකුට රට කරන්න බෑ. එක්‌කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රට කරන්න ඕනෑ. එක්‌කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට කරන්න ඕනෑ.

දෙන්නෙක්‌ දෙපැත්තට අදින කොට ආණ්‌ඩුවක්‌ කරන්න රටක්‌ පාලනය කරන්න අමාරුයි. දෙන්නගෙ සිතුම් පැතුම් වෙනස්‌. මතවාද වෙනස්‌. එක මතයකට එන්න අමාරුයි. ඔවුන්ට ඕන වුණේ මාව පරාජය කරන්න විතරයි. අනිත් හැම එකම වෙනස්‌. මාව පරාජය කිරීම තමයි ඒ අය එකම සාධකය කරගෙන ඉන්නේ. මේ විදියට රටක්‌ කරන්න බැහැ.

2 Responses to “මෛත්‍රී-රනිල් දෙදෙනාටම ඕන වුණේ මාව පරදවන්න ඒත් දෙදෙනාට එකට රට කරන්න බැහැ – මහින්ද අකුරැස්‌සේ දී කියයි”

  1. Kumari Says:

    5.8 million people knew Sirisena was used by Ranil/Chandrika with the help of the west only to defeat you. You were/are undefeatable. Sirisena was never to make any decisions other than breaking the SLFP so that separation of the country is that much easier.

  2. jay-ran Says:

    Gods above will see this revengefull attitude of BATALANDA CHAMBERS KILLER RANIL & THE UNGREATFULL ILLETERATE WAIRAPALA WEARING A WHITE JATHIKA ENDUMA TO HARASS THE GREAT,THE ONLY GREAT PRESIDENT WHO DEFEATED AND CHASED OUT THE TAMIL LTTE TERRORISTS FROM OUR MOTHERLAND!!! IF THE FACT THAT “ITS HON PRESIDENT MAHINDA RAJAPAKSES LEADERSHIP WHO BROUGHT PEACEFUL LIFE TO LIVE IN ANY PART OF SRI LANKA BY ERADICATING THE MURDERERS TAMIL LTTE TERRORISTS,HE AND HIS FAMILY,TRI FORCES AND HIS PARTY LOYALISTS WILL BE SAFE GUARDE BY THE BLESSINGS OF THE TRIPPLE GEM!!!”
    AT THE SAME TIME,”DHITTA DHAMMA VEDANEEYA KARMA WILL BEFALL ON THESE RANIL_WAIRAPALA MURDERERS FOR TRYING TO HARASS< MR & FAMILY,GREAT HEROIC MEMBERS OF THE TRI FORCES & THE HOUNEST MR SUPPORTERS!!!"

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress