ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව 
Posted on December 31st, 2015

නලින් ද සිල්වා

 පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. මෙය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. අප සෑමවිටමත් කියා ඇත්තේ ඉන්දියාව හා එංගලන්තය අවුල් ආණ්ඩුව පත්කරගත්තේ දෙමළ ජාතිවාදයට අවශ්‍ය දොළපිදේනි දීමට බව ය. එ ජා පක්‍ෂය හා ශී්‍ර ල නි ප වෙන ම සිටින විට එක් පක්‍ෂයක් ආණ්ඩු බලය ගෙන දෙමළ ජාතිවාදයට යමක් දීමට ගිය කළ අනෙක් පක්‍ෂය විරුද්ධ වන බව ඉන්දියාව දැනගෙන බොහෝ කල් ය. 2005 දී පමණ සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ පැවති රැස්වීමක දී අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂ දෙක එකතුකර ඊනියා දෙමළ ප්‍රශ්නයට (මේ ප්‍රශ්නය කුමක් දැයි තවමත් කිසිවකු කියා නැත) විසඳුමක් දිය යුතු බව ය. ඊනියා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය  උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුව ඇතිවිණි.
පක්‍ෂ දෙක එකතුකිරීමේ ඉන්දියානු සිහිනය පළගැන්වූයේ මෛත්‍රිපාල සිරිසේනගේ අගමැති සිහිනය බොඳ වීමෙන් පසුව ය. අද ඔහු වෑයම් කරන්නේ නව ව්‍යවස්ථාවක් ඇතිකර විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති ධුරයක් ඇතිකර මීළඟ මැතිවරණයෙන් විධායක අගමැති වීමට ය. ඒ අතර ඔහුටත් රනිල් වික්‍රමසිංහටත් බටහිරයන් හා ඉන්දියාව කියන ආකාරයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට දොළපිදේනි දීමට සිදුවෙයි. ඊනියා ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකර ඒ සාක්‍ෂාත් කරගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාව වෙයි.
 
එහෙත් පාර්ලිමේන්තුව එසේ ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කළ හැකි නො වේ. ඒ සඳහා ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. මෙරට ඉතිහාසයේ එසේ වී ඇත්තේ එකම එක අවස්ථාවක දී පමණ ය. ඒ 1972 පළමු ජනරජ  ව්‍යවස්ථාව සම්පාදනය කළ අවස්ථවේ දී ය. එහි දී අප අමතක නොකළ යුතු කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම එතෙක් අපට තිබුණේ එංගලන්ත (ඊනියා බිරිතානි) පාර්ලිමේන්තුව විසින් සකස් කෙරුණු ව්‍යවස්ථාවකි. අවශ්‍ය වූයේ ඒ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව මුළුමනින් ම ඉවත දැමීම ය. එය කළ හැකිව තිබුණේ එවකට පැවති ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවට පිටින් ගොස් ය. මෙහි දී වැදගත්වන දෙවැනි කරුණ නම් එසේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමට බණ්ඩාරනායක මැතිණිය ජනතාවගෙන් වරමක් ලබාගැනීම ය. 1970 මැතිවරණයේ දී ඒ බව ජනතාවට ප්‍රකාශ කර ඒ සඳහා වරමක් ලබාගෙන තිබිණි.
 
අද තත්ත්වය එයට වඩා වෙනස් ය. දැන් පවතින්නේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ය. එය මෙරට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා ලද්දකි. 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය වූයේ එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව අප වෙත එංගලන්තයෙන් පැටවූ එකක් බැවිනි. දැන් ව්‍යවස්ථාදායක සභා පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එමෙන් ම 2015 අගොස්තු මැතිවරණයේ දී රනිල් මෛත්‍රිපාල යුවළ ඒ සඳහා ජනතාවගෙන් වරමක් ද ලබා ගත්තේ නැත. ඔවුන් කතා කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පමණ ය.
 
පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව මුළුමනින් ම නීති විරෝධි ය. ඒකාබද්ධ විපක්‍ෂය එයට විරුද්ධව දේශපාලන අරගලයකට නායකත්වය දිය යුතු ය. ඒ සඳහා අනෙක් සංවිධාන පසුපස නොගොස් ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරියට පැමිණිය යුතු ය. ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතත් ජනවරමක් ලැබී නැතත් ඇතැම් විට ජනමත විචාරණයකින් ඒ සඳහා කැමැත්ත අකමැත්ත විමසිය හැකි ද යන්න සොයා බැලිය යුතු ය. එසේ කළහැකි නම්් අඩුම තරමෙන් ජනමත විචාරණයක්වත් නොපවත්වා ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන් ද විරුද්ධ විය යුතු ය. ශ්‍රී ල නි ප මරාදමා ඇති නමුත් තමන් ශ්‍රී ල නි ප නියෝජනය කරන්නේ යැයි කියන ඇමතිවරුන්ට ද සිතන්නට පුළුවන් නම් සිතන්නට ප්‍රශ්නයක් ලැබී ඇත. යම්කිසි ආකාරයකින් අවුල් ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාවක් නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව ඇතිකළත් එය වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය නායකත්වය දීය යුතු ය.
 
නලින් ද සිල්වා
 
2015 දෙසැම්බර් 27

2 Responses to “ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව ”

  1. ranjit Says:

    As long as dirty unpatriotic, power hungry, money hungry politicians are there in my country nothing good will come to us the people.Jarapalanaya led by three traitors Sira, Ranil, Cbk will bribe their members to raise their hands in the Parliament for anything whether right or wrong. Proffessor you and I are different than these scoundrels.They don’t have any love to their own country or to its people except money and power. I pray and hope atleast Mahinda’s group will stand unitedly against this evil rulers and the evil Government. We need a strong opposition with genuine people participating in it. We will not have a country to call home if we allow these traitors to go on like this. Systematically they are destroying Sinhala race and our religion Buddhism. They are dividing everybody.India andAmerica is helping these traitors with money and advise.Proffessor stay healthy to fight against these Sinhala cowards and to save our Motherland.

  2. Nanda Says:

    රජුන් තැනූ රන් බිමේ සිට පැමිණ කුලියට ත්‍රීවිල් එළවන කොළඹ හිටපු නගරාධිපතිතුමා

    * ඉන්නෙ කුලී නිවසක…
    * ජීවත් වෙන්න විදිහක්‌ නෑ…
    * හරි රස්‌සාවක්‌ නෑ…

    කොළඹ මහ නගර සභාව සිය 150 වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා රජ, මැති, ඇමැතිවරු, නගරාධිපතිවරු පමණක්‌ නොව හිටපු නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක්‌ සහභාගි වූහ. ආරාධනා ලැබූවන් අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු (2006-2009) උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ ද වූ අතර ඔහු ඒ සඳහා පිටත්ව යන්නේ කොළඹ – මාතර සාමාන්‍ය ගාස්‌තු බස්‌ රථයකින්ය. එතැන් සිට පුරහල වෙත ඔහු පැමිණ ඇත්තේ කුලියට ගත් ත්‍රිරෝද රථයකින්ය. ඔහු කියන ආකාරයට එම ගමන සඳහා පිටත්ව යන්නේ වෙන කරන්නට දෙයක්‌ නැති කමට බිරිඳගේ අරුංගල් දෙක උකස්‌ කොට ලබාගත් අත්තිකාරමේ පිහිටෙනි. උත්සවය පැවැත්වීමෙන් අනතුරුව හිටපු නගරාධිපතිවරයා නැවත තම කුලී නිවස වෙත පැමිණෙන්නේ හිස්‌ අතකින් නොව හිටපු නගරාධිපතිවරුන් වෙත කොළඹ මහ නගර සභාවෙන් පිරිනමන ලද ස්‌වර්ණ වර්ණ සමරු තිළිණයක්‌ ද සමගින්ය.

    ඉහත සඳහන් සිදුවීම පුදුමය උපදවන සුළු කරුණක්‌ වන්නේ අපේ රටේ දේශපාලනයට අදාළව එවැනි දේ සිදුනොවන තරමේ “විරල” සිදුවීමක්‌ හේතුවෙන්ය. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයකු වීම යනු එසේ මෙසේ කරුණක්‌ නොවන නිසාය. එතැන් සිට දියවන්නා තරණයට ඇත්තේ එක්‌ පියවරක්‌ පමණය. කොළඹ මහනගර සභාවෙන් තම දේශපාලනය ආරම්භ කළ බොහෝ දෙනකුගේ අවසන් නවාතැන්පළ වූයේ ජයවර්ධනපුර පාර්ලිමේන්තුවය. කෙසේ වෙතත් බහුවාර්ගික බහු ආගමික භූමි භාගයක්‌ වන කොළඹ ප්‍රධාන පුරවැසියා හෙවත් නගරාධිපතිවරයකු වීම ලෙහෙසියෙන් සැබෑ කරගත හැකි “සිහිනයක්‌” ද නොවන්නේය.

    කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ගේ හිස මතට නගරාධිපති කිරුළ කඩාපාත් වෙන්නේ ඒ සඳහා ඔහු විසින් කළ උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙසින් නොව වෙනත් දේශපාලන අත්වැරැද්දක අතුරු ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.

    2000 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභා එ.ජා.ප. නාමයෝජනා ලැයිස්‌තුව ප්‍රතික්‍ෂේප වීමත් සමඟ ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වන්නේ “ඇස්‌ කණ්‌ණාඩිය” යටතේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙසින්ය. එහි එක්‌ අපේක්‍ෂකයකු වන්නේ උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ය. කොළඹ දේශපාලන බලකණු කීපයක්‌ පරාජය කරමින් මනාප ඡන්ද තිස්‌දෙදහසක්‌ ගන්නා මොහොමඩ් ඉමිතියාස්‌ රටේ නීතියට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයේ කිරුළ හිස පළඳින්නේ දෙවියන් දුන් ත්‍යාගයක්‌ ලෙසින්ය.

    කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ගේ වත්මන් තොරතුරු අසා දැක බලා ගැනීමේ අවස්‌ථාවක්‌ පසුගිය දිනක උදාවූ අතර එම හමුවීම සිදුවන්නේ කොළඹට සැතපුම් තිහ හතළිහක්‌ එපිටින් පිහිටි එක්‌තරා නගරයකදීය.

    එය නත්තලට දින දෙකකට එපිටින් උදා වූ එක්‌තරා හැන්දැවක්‌ය. මා ඉදිරියේ නතර වූ ත්‍රීවිල් රථයක රියෑදුරු අසුනේ වූ හිටපු නගරාධිපතිවරයා හයර් එකක්‌ ගියා ඒකයි පොඩ්ඩක්‌ පරක්‌කු වුණේ අපි යං ගෙදරට ගිහින් කතා කරමු නගින්න…. යෑයි ඔහු කළ ආරාධනයෙන් මා ත්‍රීවිල් රථයට ගොඩවූ අතර ඉන් මඳ වේලාවකින් පසු මාවතක කෙළවර හමු වූ නිවසක්‌ වෙත අප ගොඩවිය.

    හිටපු නගරාධිපතිවරයකු විදියට ආපහු කොළඹ ත්‍රීවිල් රස්‌සාව කරන්න බෑ. ඒක ඒ තනතුරට කරන අවනම්බුවක්‌. ඒකයි මේ පළාතට වෙලා කුලී ගෙයක්‌ අරගෙන පුරුදු රස්‌සාව කරන්නෙ. මුලින් නම් මේ පළාතෙ හුඟ දෙනෙක්‌ මම කොළඹ හිටපු නගරාධිපති කියල විශ්වාස කළේ නෑ. පස්‌සෙ තමයි ඒ අය ඇත්ත දැනගත්තෙ. ඒ හින්ද පාක්‌ එකේ මට ත්‍රීවිල් රස්‌සාව කරන්න ඉඩ ලැබුණා. දැන් අවුරුද්දක්‌ විතර ඇති. කොහොම හරි පරණ රස්‌සාවම ආයෙමත් කරනවා.

    හැබැයි නගරාධිපති වෙන්න ඉස්‌සර මම දිව්වෙ මගේම ත්‍රීවිල් එකක්‌. මේක මම දුවන්නේ දවසෙ කුලියට අරන්. නිවස ඉදිරිපසට වන්නට නවතා තිබූ ත්‍රිරෝද රථය දෙසට අත දිගු කරමින් එසේ පැවසූ හිටපු නගරාධිපතිවරයා එතැන් සිට තමන් පිළිබඳව පුවත මුල සිටම පවසන්නට විය. මේ අපට ඔහු කියන ඔහුගේ කතාවය.

    මං ඉපදුණේ මට්‌ටක්‌කුලිය කදිරාන වත්තෙ. තාත්ත කොළඹ මහ නගර සභාවෙ සේවකයෙක්‌. දුප්පත්කම මම උපතින්ම අරන් ආපු දෙයක්‌. මම උපන් පරිසරයත් එක්‌ක වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි වුණා. ඊට පස්‌සෙ ජීවත් වෙන්න තෝරගත්තෙ ත්‍රීවිල් රස්‌සාව. මට්‌ටක්‌කුලිය කාක දූපතේ ත්‍රීවිල් පාක්‌ එකේ තමයි මුලින්ම රස්‌සාව පටන් ගත්තෙ. ඔහොම කාලයක්‌ ඉන්නකොට තමයි 2006 පළාත් පාලන ඡන්දෙ එන්නෙ. ඔය වෙද්දී ගමේ මිනිස්‌සු හුඟදෙනෙක්‌ මගේ හිතවත්තු. ඔය අතරෙ පොඩි පොඩි දේශපාලන හිතවත්කම් කීපයකුත් තිබුණා. මහරෆ් මහත්තය තමයි මට ඡන්දෙ ඉල්ලන්න කියල යෝජනා කරන්නෙ. එහෙම තමයි 2006 දී මම ඡන්දයට එන්නෙ. ඒ ඇවිත් මම මනාප ඡන්ද තිස්‌දෙදහසක්‌ ගන්නවා. කොහොම හරි අන්තිමට නගරාධිපති වුණේ මම.

    උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ හෙවත් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා තමන් පැමිණි කෙටි දේශපාලන ගමන් මඟක්‌ එහි කූටප්‍රාප්තිය බදු නගරාධිපති ධුරය තමන් වෙත ලැබුණු ආකාරයත් පිළිබඳ කෙටි හැඳින්වීමකින් අනතුරුව මඳක්‌ නිහඬ විය. අනතුරුව යළිත් හඬ අවදි කළේය.

    එතකොට රටේ විපක්‍ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා. එ.ජා. පක්‍ෂය තමයි මාව එතනට ගෙනාවේ. නගරාධිපති වුණාට පස්‌සෙත් මගේ හයියට හිටියෙ එ.ජා. පක්‍ෂය.

    මට මතකයි නගරාධිපති ධුරය දෙනව කියන ආරංචිය දැනගත්තට පස්‌සෙ මම සතියක්‌ විතර හැංගිලා හිටියා. ඒ මම මේ තනතුර දරන්න පුළුවන්ද කියල විශාල බියක්‌ දැනුණු නිසා. විවිධ බලපෑම් ආවා. අපේ පරම්පරාවක කවුරුවත් දේශපාලනයට ගෑවිලත් නැති හින්ද මේක මට මහ හිසරදයක්‌ විදියට දැනෙන්න ගත්තා. පස්‌සෙ එ.ජා. පක්‍ෂයේ අය කිව්ව මේ තනතුර බාරගන්න අපි ඔයාට උදව් කරන්නම් කියලා.

    ඔහොම ටික දවසක්‌ ගියාට පස්‌සෙ තමයි මම නගරාධිපති තනතුරේ දිවුරුම් දුන්නෙ. එදා 2006.06.02 වැනිදා. දිවුරුම් දෙන තැනට මම ආවේ මගේ ත්‍රීවිල් එකෙන්. දිව්රුම් දීම සිදු කළේ කොළඹ නාගරික කොමසාරිස්‌ ජයන්ත ලියනගේ මහත්තය ඉදිරිපිට. එතනට මගේ අම්මයි තාත්තයි නංගියි ආවා. එහෙම දිවුරුම් දීලත් සතියකට විතර පස්‌සෙ තමයි පළමු සභාවාරයට මම සහභාගි වෙන්නෙ. එදා මට උපදෙස්‌ ලැබුණ විනාඩි දහයක විතර ස්‌තුති කතාවක්‌ කරල සභාව කල් දාන්න කියල. මම එහෙම ස්‌තුතියක්‌ කළාට පස්‌සෙ සභාවට සහභාගි වෙලා. හිටපු මන්ත්‍රීවරුන් තමන්ගේ අදහස්‌ ඉදිරිපත් කළා. ඊට පස්‌සෙ මම සභාව කල් තිබ්බා.

    එදා තවත් වැදගත් දෙයක්‌ සිද්ධ වුණා. ඒ තමයි මට නිල නිවසක්‌, නිල රථයක්‌ ඇතුළු රියෑදුරෙක්‌ ලබාදීම. අවුඩි වර්ගයේ කාර් එක මට ඉස්‌සර හිටපු නගරාධිපතිවරු තුන්දෙනෙක්‌ පාවිච්චි කළ එකක්‌. මම හතරවෙනියා. ඊට අමතරව කැබ් රථයක්‌. මේ හැම දෙයක්‌ම නාගරික කොමසාරිස්‌තුමා විසින් ලිතව බාරදුන්නා. ඒ හැම දෙයක්‌ම මට්‌ටක්‌කුලියෙ මං වගේ පොඩි මිනිහෙකුට ලැබෙන කොට මට දැනුණේ සතුටට වඩා බයක්‌.

    මුලින්ම නිල නිවසට ගිය දවස මට අද වගේ මතකයි. ඒක විශාල මන්දිරයක්‌. කෝල් එකක්‌ දීල අම්මයි තාත්තයි නංගිටයි එන්න කිව්වා. එදා රෑ වාසුදේව නානායක්‌කාර මහත්තය ටයිටස්‌ මහත්තය හා එජාප මන්ත්‍රීවරු පිරිසකුත් නිල නිවසට ආවා. ඒ ආපු හැම කෙනෙක්‌ම කිව්වෙ බය නැතුව නගරාධිපති තනතුරේ වැඩ කරන්න අපි උදව් කරන්නම් කියල. මම ඒ උපදෙස්‌ අනුගමනය කළා. නීති අංශයෙන් දැනුම ලබාගත්තා. එහෙම තමයි රාජකාරිය කරගෙන ගියේ. ඔය වෙද්දී මට ලේකම්වරු දෙන්නෙක්‌ හිටියා. පුද්ගලික ලේකම් ශාන් නවාස්‌ මහත්තය. නගර සභාවේ ලේකම් වෙලා හිටියේ ශර්¨ලි කියල මහත්තයෙක්‌. කොළඹ එකේ ඉඳල පහළොව වෙනකම් අයිතිවෙලා තිබුණෙ මට. ඒ හැම තැනකම මට පුළුවන් අයුරින් සේවය කිරීම තමයි මගේ වගකීම වුණේ. ඔය වෙද්දි කවදාවත් හිටියෙ නැති යාළු මිත්‍රයන් මාව හොයාගෙන එන්න ගත්තා. ලොකු ව්‍යාපාරිකයෝ එන්න යන්න ගත්තා. මට ඒව වැදගත් වුණේ නෑ. මම හිටියේ මගේ පරණ පුරුදු මිනිස්‌සු එක්‌ක විතරයි.

    නගරාධිපති වෙලා ඉඳිද්දි සතියකට දවස්‌ දෙකක්‌ නොවරදවාම මම කදිරානවත්තට යනවා. ඔය වෙද්දි එම්. එස්‌. ඩී. එකෙන් අටදෙනකුයි නගර සභාවෙ හයදෙනකුයි මගේ ආරක්‍ෂාවට දුන්නා. මට ආරක්‍ෂාව අවශ්‍ය වුණේ නෑ. සතියේ දවස්‌ පහේම ජනතාවට මාව මුණගැහෙන්න පුළුවන්කම තිබුණා. මම රාජකාරිය හරියට කළා කියල මම අදත් තෘප්තිමත්. මං ඒකට උදාහරණයක්‌ කියන්නම්. මම නගරාධිපති වෙද්දි මගේ තාත්ත කොළඹ මහ නගර සභාවේ සුළු සේවකයෙක්‌. මම තාත්තටවත් අනවශ්‍ය විදියට උසස්‌වීමක්‌වත් නොදුන්න පුතෙක්‌. නිල නිවසෙදි අපි කෑවෙ බිව්වෙ පවා සාමාH විදියට. මටයි කියල කිසි දෙයක්‌ හම්බ කරගත්ත මිනිහෙක්‌ නෙවෙයි මම.

    මම නගරාධිපති වෙලා ඉඳිද්දි පිටරට සංචාර දාහතක්‌ ගියා. විවිධ උත්සව ආදියට. ඒ හැම සැරේකම තවත් මන්ත්‍රීවරු දෙන්නෙක්‌ තුන්දෙනෙක්‌ අරන් යන්නෙ. මොකද මම එහෙම කළේ ඒa වර්‍රසාද තනියම භුක්‌ති විඳින්න බැරිකමට. ලේකම්වරු දෙන්නෙක්‌ යනවා. මොකද මට ඉංග්‍රීසි බැහැනෙ. ඒ කොයි රටේ ගියත් මම කතා කළේ සිංහලෙන්. ලන්ඩන්වලදි මම සිංහලෙන් කරපු කතාවට පුදුම ප්‍රතිචාරයක්‌ ලැබුණා. මම අදහන ආගමේ අය මට විරුද්ධ වෙද්දි නගරාධිපති නිල නිවසේ මම බුද්ධ ප්‍රතිමාවක්‌ පවා හැදුවා. මගේ ආරක්‍ෂකයන් මට ආචාර කරන එක පවා මම නතර කළා. වාහනය පවා පාවිච්චි කළේ රාජකාරියට විතරයි. හැම දෙයක්‌ම සිද්ධ වුණේ නිත්‍යානුකූලව විතරයි. මගේ දුප්පත්කම තුරන් කරගන්න තනතුරේ තිබුණ බලපුළුවන්කාරකම කවදාවත් පාවිච්චි නොකළ මිනිහෙක්‌ කියල මං අදත් කියන්නෙ ඒකයි.

    ඒ දවස්‌වල එක දෙයක්‌ මම රජයෙන් ඉල්ලා හිටියා. ඒ තමයි මටම කියල ගෙයක්‌ හරි ගෙයක්‌ හදාගන්න පුංචි ඉඩම් කෑල්ලක්‌ හරි දෙන්න කියලා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය මගේ ඉල්ලීමට කන්දීල මහින්ද මහත්තය කිව්ව හොයල බලල මට නිවසක්‌ දෙන්න කියල. හැබැයි ඒක වදාවත් හැබෑවක්‌ වුණේ නෑ. මම විමල් වීරවංශ ඇමැතිතුමා ළඟට හය පාරක්‌ ගිහින් පොඩි ගෙයක්‌ හරි ඉඩමක්‌ හරි දෙන්න කිව්ව. එතුමගේ උත්තර වුණේ “හදනකොට දෙන්නම්” කියන එක විතරයි. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ළඟට තුන්පාරක්‌ ගියා ඒත් උත්තරය වුණේ අර ටිකම විතරයි. මම ඉල්ලුවේ අඩු ආදායම්ලාභී ගෙයක්‌ හරි පර්චස්‌ දෙකක්‌ හරි විතරයි.

    එහෙම කාලයක්‌ යද්දි තමයි 2009 දි එකපාරටම නගර සභාව සස්‌පෙන් කරන්නෙ. එහෙම කළත් මම නිල නිවසෙ තව ටික කාලයක්‌ ඉන්නවා. මට එහෙම ඉන්න කියල උපදෙස්‌ ආපු හින්දයි එහෙම හිටියෙත්. එහෙම ඉන්න අතරෙ මම කිව්ව මට ජීවත් වෙන්න මාර්ගයක්‌ ඕන හින්ද මාව පිටරටක රස්‌සාවට යවන්න කියලා. ඒ පාර තමයි කොරියානු තානාපති කාර්යාලයේ රියෑදුරු රස්‌සාවක්‌ ලැබෙන්නෙ. කොරියානු තානාපති කාර්යාලයේ රියෑදුරෙක්‌ විදියට සේවය කළත් ඉන්න තැනක්‌ කෑම බීම ගන්න ඕන තමන්ගේ මුදලින්. ඒකට ලොකු වියදමක්‌ යනවා. ඔය අතරේ මගේ අම්මාගේ අසනීප තත්ත්වය අසාධ්‍ය වෙනව. ඒ පාර තමයි මම ආපහු ලංකාවට එන්නේ. කොහොම හරි අන්තිමට මම ආපසු මහ පාරට වැටෙනවා. අද මම ඉන්නේ කුලී නිවසක. මේ පැත්තෙ කොළඹ වගේ හයර් නෑ. දවසකට ත්‍රීවිල් එකට හාරසීයක්‌ ගෙවන්න ඕන.

    මම ත්‍රීවිල් එකෙන් ගිහින් නගරාධිපති ධුරයේ දිවුරුම් දීල ආපසු ත්‍රීවිල් එකෙන්ම ගෙදර ගිය ත්‍රීවිල් ඉමිතියාස්‌ම තමයි. මම ගෙනාපු දේ අරගෙන ආපහු ගෙදර ගියා මිසක්‌ අමතර දේවල් අරගත්ත මිනිහෙක්‌ නෙවෙයි. කොහොම හරි මේ පසුගිය දවස්‌වල තිබුණ 150 වැනි සමරු උත්සවයට එන්න කියල එවල තිබුණ ආරාධනා පත්‍රය පවා මට ලැබුණේ මගේ තාත්තගෙ මාර්ගයෙන්. මොකද මම ඉන්නෙ කොහෙද? මොනවද කරන්න්නේ කියල හුඟදෙනෙක්‌ දන්නෙ නෑ. එදා මම ඒ උත්සවයට ගියහම දන්න කියන හුඟදෙනෙක්‌ මුණගැහුණා. ඒ අය අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න විදියක්‌ නෑ. මම පාරේ ත්‍රීවිල් රස්‌සාව කරනව කිව්වම කවුරුත් පිළිගන්නෙ නෑ. හිටපු නගරාධිපතිවරයකු විදියට මට ලැබුණ සමරු තිළිණය එදා මම ගත්තෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින්. එදා මම මගේ දුක්‌ගැනවිල්ල ගැන ලියල එතුමට ලිපියක්‌ දීල මට මොකක්‌ හරි සහනයක්‌ ලබාදෙන්න කියල ඉල්ලා සිටියා. මම විශ්වාස කරනව එතුමගෙන් මට සහනයක්‌ සහයෝගයක්‌ ලැබෙයි කියලා.

    ඒ උත්සවයට ගිය වෙලාවෙ මං දැක්‌ක තව දෙයක්‌ තමයි නගර සභා ශාලාවේ හිටපු නගරාධිපතිතුමාගේ ලොකු පින්තූර රාමු කරල තිබීම. ඒත් ඒ පින්තූර අතරේ මගේ පින්තූරය තිබුණේ නෑ. ඒකට හේතුව මොකක්‌ද කියල මම දන්නෙ නෑ. එහෙම නොතිබුණා කියල මගේ අමනාපයක්‌ තරහක්‌ නෑ මහත්තය. ජීවත්වෙන්න හරි හමන් ආදායම් මාර්ගයවක්‌වත් නැති මං වගේ මිනිහෙකුට මොන නම්බු නාමද කියල මට හිතෙනවා. මේ ඊයෙ පෙරේදා මගේ දරුවෙක්‌ අසනීප වෙලා දවස්‌ ගානක්‌ ඉස්‌පිරිතාලෙ තියන් හිටියා. විශ්වාස කරන්න µdමසියෙන් ගන්න දෙන බෙහෙත් ටික ගන්න අතේ සතයක්‌ නැති දවසුත් තිබුණා. නෝනගේ රත්තරන් බඩු උකස්‌ කරල අනුන්ගේ ත්‍රීවිල් එකක්‌ හයර් කරල මේ දඟලන්නෙ ආපහු නගරාධිපතිවරයෙක්‌ වෙන්න නෙවෙයි. යන්තං හරි ජීවත් වෙන්න විතරයි.

    මම මේ රජයෙන් බොහොම අහිංසක ඉල්ලීමක්‌ කරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා මට පිහිටක්‌ වේවි කියල විශ්වාසයක්‌ තියෙනවා. මගේ ඉල්ලීම තමයි පසුගිය ආණ්‌ඩුවෙන් මට ලැබුණේ නැති සහනය මේ ආණ්‌ඩුවෙන් ලබාදෙන්න කියන එක. අඩු ආදායම්ලාභී නිවසක්‌ හරි ජීවත්වෙන්න පුළුවන් මට්‌ටමේ රස්‌සාවක්‌ හරි මට ලබාදෙන්න කියල විතරයි මම ඉල්ලා සිටින්නේ.

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කිරුළ උවයිස්‌ මොහොමඩ් ඉහිතියාස්‌ වෙත හිමිවන්නේ හිසකට කිරුළක්‌ ගැලපීමේ න්‍යාය මත නොව කිරුළකට හිසක්‌ ගැලපීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්ය. වසර තුනකට පසුව එය ඔහුට අහිමිව යන්නේ ද දෛවයේ සරදමක්‌ ලෙසින්ය. මේ වන විට ජීවිතයේ අගහිඟකම් සමඟ පොරබදන හිටපු නගරාධිපතිවරයාට කුමන හෝ සරණක්‌ ලබාදීම ඔහු විසින් දරන ලද තනතුරට කරන ගෞරවයක්‌ වන්නේ එබැවින්ය.

    රුවන් ජයවර්ධන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress