“මව්බිම අනතුරේ – මහ සඟරුවන පෙරමුණේ – සත්‍යග්‍රයහ ජන 08 – ඔබත් එන්න” – පැවිදි හඬ [Video]
Posted on January 6th, 2016

යටියන ප්‍රදීප් කුමාර -යුතුකම සංවාද කවය

ජනවාරි 9 මෙරට ඉතිහාසයේ අඳුරුතම දිනය වන බවට සැක නැත.

නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරන්නේ එදාටය. විධායක ජනාධිපතිධූර අහෝසිය නැමති ඇම දමා නව ව්‍යවස්ථාවක් සැකසෙන්නේ දෙමළ බෙදුම්වාදය පිනවීමට මිස වෙනකකට නොවන බව දැන් තවදුරටත් සැඟවිය හැකි නොවේ. ජනවාරි 8 මැතිවරණ ජයග්‍රහණයට සහය දුන් දෙමළ බෙදුම්වාදීනුත් මෙරට දුර්වල කැඩී බිඳී ගිය රාජ්‍යක් වීම තමන්ගේ භූ දේශපාලන අභිලාෂයන්ට සෙතක් යැයි සිතන ඉන්දියාව සහ බටහිර රාජ්‍යන්ගේ ඒකායන අරමුණ මෙරට බෙදා වෙන්කරගැනීමයි. එහි මුල් පියවර ඒකීයභාවය අහෝසි කර බිහි කරන ෆෙඩරල් රාජ්‍යයයි. රනිල් වික්‍රමසිංහයගේ දේශපාලන අභිලාශයන්ට අනුකූල ලෙස අනාගතයේ නිර්මාණය වන බෙදුම්වාදී නව ව්‍යවස්ථාවට පසුගිය ද්‍රෝහී අයවැයට අත ඉස්සූ ලෙස අත උස්සා සහය දීම හැර මෛත්‍රීපාල හරහා හීළෑ කරගත් ශ්‍රීලනිපයට වෙනත් විකල්පයක් ඉතිරිව නැත.

අතීතයේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ඉස්මතුවූ අවස්ථාවලදී විපක්ෂය විසින් නැගූ විරෝධය හේතුවෙන් ඒවා එලෙසම ඉටු කරගැනීමට බෙදුම්වාදින් අසමත් විය.සිරිසේනට ජනාධිපතිධූරය පුදා ශ්‍රීලනිපය හීලෑ කරවා මෙදා ඒ බාධකය මග හරවා ගැනීමට බෙදුම්වාදීන් සමත්වී තිබේ.

අප මුහුණ දී සිටින්නේ අපගේ මාතභූමිය ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකය අබියසය. මේ ද්‍රෝහී පාවාදීම වලක්වා ගත නොහැකි වුවහොත් අපගේ අනාගත දූ දරුවන්ට හිමිවන්නේ දේශ සීමාවලට මරාගන්නා කාලකණ්නි අඳුරු දේශයකි. බටහිරයන් පය ගැසූ ලොව පුරා උදාහරණ අපට උගන්වන පාඩම එයයි. බලලෝභය උදෙසා රට පාවාදීමට පෙළගැසීමට පෙලගැසී සිටින සකල විධ දෝහී බලවේග පරාජය කළ හැක්කේ ජන බලයට පමණි.ඒ යොධ ජනබලවේගය පෙළගැස්වීමේ අරමුණින් පැවිදි හඬ භික්ෂු සංවිධානය විසින් සංවිධානය කර ඇති සත්‍යග්‍රහයක් ජනවාරි 08 සවස 2.00 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිටදී පැවැත්වේ.
එයට සහභාගි වන ලෙස දේශප්‍රේමී භික්ෂි සංවිධාන සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

මේ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය  හමුවේදී ගෞරවනීය භික්ෂූන් වහන්සේලා දැක්වූ අදහස්..

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි.
පැවිදි හඬ මාධ්‍ය හමුව :2016_01_04


‘6 පාලන ආණ්ඩුවේ’ බෙදුම්වාදී න්‍යායපත්‍රය :පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි



ජනවාරි 8 රට පාවාදුන් දිනට විරෝධය පා ජාතික කොඩිය අඩකුඹු කරමු – මැදගොඩ අභයතිස්ස නාහිමි

මව්බිම අනතුරේ – මහ සඟරුවණ පෙරමුණේ – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
රණවිරුවන් පාවා දෙමින් රට පාවාදෙන හවුල –
රාවණා බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස  හිමි
 
යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

3 Responses to ““මව්බිම අනතුරේ – මහ සඟරුවන පෙරමුණේ – සත්‍යග්‍රයහ ජන 08 – ඔබත් එන්න” – පැවිදි හඬ [Video]”

  1. ranjit Says:

    We need to save our Motherland from the three ass holes Ranil, Sira, CBK who are the agents of India, Norway and America. Join the Maha Sanga and the Sinhala patriots. They uttered tons of lies to get our vote and now they enjoy more than previous rulers. They dpend millions for Govt Tamashas. One by one going around the world and enjoy with the public money.Told us only 30-35 ministers but now they have more than hundred.Prices of essential food has risen sky high.two thousand plus suicide for 2015 only. They cheat the public in whole sale by promising sun and the moon.These liars, cowards and traitors must be kicked out soon if you need real democracy and freedom.

  2. Leela Says:

    මම නම් හෙට අඳින්නෙ තනිකරම කලුපාටින්.

  3. Kumari Says:

    Same here, It is a blackday in our household.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress