උපන් රටේ අනාථයන් බවට පත්වූ අහිංසකයන් පිරිසක්‌
Posted on January 10th, 2016

උපුටා ගැන්ම දිවයින

නැවත පදිංචි කිරීම යන වාක්‍ය අපට මාධ්‍යයන් හරහා නිතර ඇසෙන්නකි. යුද්ධය නිසා ගම්බිම් හැර යන්නට සිදු වූයේ ද්‍රවිඩ මුස්‌ලිම් මිනිසුන්ට පමණක්‌ නොවේ. සිංහල ජනයාද රාශියකට සිය ගම්බිම් හැර දමා යන්නට සිදු විය. දෙමළ වැසියන් ගම්බිම් හැරදා ගියේ කොටි සහ හමුදාව අතර යුද්ධයට මැදිව සිටිය හොත් මරු මුවට පත් වන්නට ඉඩ ඇතැයි ඔවුන් සිතු බැවිනි.

නමුත් සිංහල සහ මුස්‌ලිම් වැසියන් ගම්බිම්වලින් පලා ගියේ ඔවුන්ගේ දෑස්‌ ඉදිරිපිටදී ඔවුන්ගේ සහෝදර වැසියන් ද්‍රවිඩ කොටි විසින් මරා දැමූ හෙයිනි. එදා සිංහලයන් පලා ගියේ ඇඳිවත පමණක්‌ ඉතිරිවූ දිළින්දන් වශයෙනි.

යුද්ධය නිසා පලාගිය දෙමළ වැසියන් කෙරෙහි දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අනුකම්පාව හිමි විය. ඔවුන් නැවත පදිංචි කරවන ලෙස ජාත්‍යන්තරයෙන් පවා රජයට දැඩි බලපෑම් එල්ල විය. යුද්ධයේදී විනාශ වූ ගෙවල් නිවාස වෙනුවට අලුතින් නිවෙස්‌ ඉදිකර ගන්නට විදේශ රටවල් පවා දෙමළ ජනයාට මුදලින් උපකාර කළහ.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයක්‌ පවා අලුතින් ඇති කරන ලදී. ඒ අනුව දෙමළ ජනයාට තමන් කලින් පදිංචිව සිටි ඉඩකඩම් නැවත ලැබුණු අතර ඔවුන්ට නව නිවාසද ලැබිණි.

ඉරක්‌කණ්‌ඩිය ගමේ ෙ€දවාචකය කියන්නට සිදුවන්නේ මේ පසුබිම මතය.

ඉරක්‌කණ්‌ඩිය යනු ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ නිලාවේලියට ආසන්නයේම පිහිටි ගම්මානයකි. මෙම ගම්මානය ආරම්භ කරනු ලැබූයේ ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණි ගැමියන්ගේ මහන්සියෙනි. නවසිය ගණන් වල ඉරක්‌කණ්‌ඩිය යනු වනාන්තරයකි. ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් ජාතීන් තුනේම වැසියෝ එකතුවී ඉරක්‌කණ්‌ඩිය කැලෑව කපා කොටා පැල්පත් තනාගෙන එය වාසභූමි බවට පත්කර ගත්හ. වැදගත්ම කාරණය වූයේ මේ සිටින දෙමළ මුස්‌ලිම් වැසියන් එකම පවුලක්‌ සේ සාමයෙන් සමගියෙන් වාසය කිරීමය. එකිනෙකාගේ මරණයට මගුලට සහභාගි වන්නට වර්ගයා ගේ වෙනස ඔවුන් බාධාවක්‌ කර ගත්තේ නැත. සිංහලයා දෙමළ දැන සිටි අතර ද්‍රවිඩ මුස්‌ලිම්වරු සිංහල ඉගෙන ගත්හ.

සැබවින්ම ඉරක්‌කණ්‌ඩිය මිනිස්‌ පවුලක අසිරිමත් බව විදහා පාන ගම්මානයක්‌ සේ බැබළෙමින් තිබිණි. 50 දශකයේ මුල්භාගයේ ඇරඹුණු මේ ගම්මාන අසූව දශකයේa මුල් දක්‌වා පරම්පරා තුනක සිංහල දෙමළ මුස්‌ලිම් වැසියෝ සහජීවනයෙන් කල් ගෙවූ නිස්‌කලංක ගමක්‌ විය.

zzප්‍ර්‍රශ්නෙ පටන් ගත්තෙ 1985 දී. එතකොට යුද්දෙ පටන් අරං. සිංහල, දෙමළ නෑකම දුරස්‌ වෙන්න පටන් ගත්තා මං. වැඩිහිටි දෙමළ මිනිස්‌සු අපට වරදක්‌ කළේ නෑ. නමුත් දෙමළ තරුණයො අපි දිහා බැලුවෙ වෛර ඇහින්.

වින්නැහිය විස්‌තර කළේ ඩබ්. මර්සි ප්‍රනාන්දුය. ඇය උපන්නේත් ඉරක්‌කණ්‌ඩියෙහිමය. අවු 50. ක්‌ යනතුරු ජීවත් වූයේද ඒ ගමෙහිය.

රටේ යුද්ධය වැඩි වෙද්දී දෙමළ තරුණයො අපට තර්ජනය කරන්න පටන් ගත්තා. හිටපු ගමන් සිංහල පවුල්වල අය අතුරුදන් වෙන්න පටන් ගත්තා. එයාලගෙ මළ කඳන්වත් හමු වුණේ නෑ. ඒත් අපි ගමදාල ගියේ නෑ. ඒ වුණාට දෙමළ අය අපට කිව්ව ගමෙන් පිට වෙන්න කියල. නොගිය නම් මැරුම් කරන්න වෙන බව අපට තේරුම් ගියා. අපි නම්බුකාර විදියට සල්ලිය බාගෙ හරි හම්බ කරගෙන හිටිය මිනිස්‌සු. අපි ගමෙන් පිට වුණේ ඇඳන් හිටිය වස්‌තරේ පිටින්. ගෙදර තිබිච්ච ලුණු කැටයක්‌වත් අරන් යන්න අපට ඉඩ ලැබුණේ නෑ. අහුවෙච්ච වාහනවල එල්ලිල එහෙම නැත්නම් හැතැප්ම ගණන් පයින් ඇවිදගෙන අපි ගමෙන් පිට වුණේ මරණ බයට.

මෙසේ අසරණව ඉරක්‌කණ්‌ඩිය ගමෙන් පිටවූ සිංහල පවුල් සංඛ්‍යාව 67 කි. ඉනික්‌බිති කබලෙන් ලිපට වැටුණු සැටි සුසන්තිකා දේවිකා විස්‌තර කරන්නේ මෙලෙසයි.

zzමම එතකොට ළමයෙක්‌. මගේ අම්මයි තාත්තයි දෙන්නම කොටි මැරුව. අම්මගෙ මළ කඳවත් අපට දකින්න ලැබුණෙ නෑ. අපි ගමදාල ගිහින් ඈත පළාත්වල ඉන්න නෑදැයන්ගෙ ගෙවල්වල ජීවත් වුණේ. මගේ ළමා කාලය හරිම දුක්‌තයි. අපි තැන් තැන්වල ජීවත් වුණේ. මම වැඩිහිටියෙක්‌ වුණේ අනාථයෙක්‌ විදියටයි. ජීවත් වෙන්න අපි නොයෙක්‌ විදියේ රස්‌සාවක්‌ කළා. සුළු සුළු රැකියා කළේ. 2009 දී ඒ කියන්නෙ අවු( 24 කට පස්‌සෙ ආණ්‌ඩුවෙන් අපට ආපහු එන්න කිව්ව ගමේ පදිංචි වෙන්න. අපි හරිම සංතෝසෙන් අපේ උපන් ගමට ආපසු ආවෙ. ඒත් අපට සිද්ධ වුණේ කබලෙන් ලිපට නෙමෙයි. ලිපෙනුත් පහළට වැටෙන්නයි.ZZ

සිංහල වැසියන්ගේ ජීවිතවල බරපතළ ෙ€දවාචකය සිදු වන්නේ නැවත පදිංචියට ඔවුන් ආ පසුවයි. නැවත පදිංචි වූවන්ගේ සුබ සාධක සංගමයේ සභාපති එම්. ජී. ප්‍රියන්ත වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්නේ මෙලෙසයි.

2009 සැප්තැම්බර් වල ඉරක්‌කණ්‌aඩිය ගමට අපි ආවේ. අපි ආපහු ආවෙ හරිම සතුටකින්. සිංහල පවුල් ටික රට පුරා තැන් තැන්වල විසිරිල හිටියෙ. තැන් තැන්වල පොඩි රස්‌සා කරමින් ජීවිත ගැට ගහගෙන හිටියෙ. ඉතින් අපි අපේ ගම්වල නැවත පදිංචි කරනවයි කියල ආණ්‌ඩුව කිව්වහම අපිට ලොකු සතුටක්‌ දැනුණා.

ඉස්‌සෙල්ලාම අපි නැවතුනේ අපි ගියපු ඉගෙන ගත්තු සිංහල ඉස්‌කෝලෙ. ඉස්‌කෝලෙ බෝඩ් එක තිබුණේ නෑ. අපි අඟුරු කෑල්ලකින් සිංහල විද්‍යාලය කියල ලොකු අකුරින් ලිව්වා.

අපි එනකොට අපේ ඉඩම්වල දෙමළ මිනිස්‌සු පදිංචි වෙල ඉන්නව. නැවත පදිංචි කරන තුරු ඉන්න කියල ආණ්‌ඩුව අපිව තාවකාලික අනාථ කඳවුරකට දැම්මා. ඒවා ගෙවල් නෙමෙයි. ටකරන් මඩු. ඒව හදල දුන්නෙ සේවා ලංකා ආයතන විසින්.

ඉතින් අපි ආපහු අපි පදිංචි වෙලා හිටපු ඉඩම් ලැබෙන කං බලා හිටියා. ජීවත්වෙන්න ළඟ පාත හෝටල්වල අතුගාන වැඩ කළා. පිඟන් හේදුවා. ඒත් අපට ඉඩම් ලැබෙන වගක්‌වත් නැවත පදිංචි කරන පාටක්‌වත් පේන්න නෑ.

අපි කට්‌ටිය කොළඹ ගියා. ඉඩම් කොමසාරිස්‌තුමා හම්බු වෙන්න. ඉඩම් කොමසාරිස්‌තුමා කරුණු තේරුම් අරන් වහාම ලිත නියෝගයක්‌ කළා මේ මිනිස්‌සුන්ට ඉඩම් නිදහස්‌ කරන්න කියල. ඉඩම් නිදහස්‌ කිරීම කරන්න ඕන නිලාවෙලි ප්‍රාදේශීය ලේකම්වරයා. නමුත් ඔහු ඒක කළේ නෑ. අතුරුදන් වූවන්ගේ කොමිසම නිර්දේශ කළා මේ ඉඩම් නිදහස්‌ කරන්න කියල.

වෙනකක්‌ තියා 1989 ඔක්‌( 27 ගැසට්‌ පත්‍රයකින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා මෙලෙස ඉඩම් අන්සතු කළ නොහැකි බවට නියෝගයකුත් නිකුත් කරල තියෙනවා. එහෙම ගැසට්‌ නිවේදනයක්‌ තිsයෙද්දි අපේ ඉඩම් දෙමළ මිනිස්‌සුන්ට පැවරුවෙ කොහොමද?

සිංහල පවුල් 27 ක්‌ තවමත් ගමේ තම ඉඩම් දෙස බල බලා අනාථ කඳවුරු වල ජීවත්වේ. වඩාත් පැහැදිලිව කිවහොත් ඉරක්‌කණ්‌ඩිය සිංහල වැසියෝ උපන් බිමේ උපන් රටේ උපන් ගමේ අනාථයන් බවට පත්ව සිටී.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයක්‌ තිබේ. එහෙත් ඇමැති ස්‌වාමිනාදන් මහතා සිංහලයන්ගේ මේ ඉඩම් ප්‍රශ්නය දෙස තවමත් බලා නැත.

නැවත පදිංචි කිරීම යනු දෙමළ ජනයාට පමණක්‌ ඔවුන්ගේ ඉඩම් යළි පවරාදීමද? ඔවුන් හා සමානව යුද්ධය නිසා ගම්බිම් අතහැර පලා යන්නට සිදුවූ සිංහල ජනයාට ඒ සාධාරණය ඉටු නොවන්නේ ඇයි? සංහිඳියාව යනු මෙය දැයි අපට ප්‍රශ්න කරන්නට සිදුවේ.

මේ සිංහලයන්ගේ ප්‍රශ්නය අන්තිමට නතරවී ඇත්තේ නිලාවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ළඟය. මෙම ඉඩම් යළි ඉරක්‌කණ්‌ඩිය ගම්වැසියන්ටම පවරා දෙන ලෙස ඉඩම් කොමසාරිස්‌වරයාද ත්‍රිකුණාමල දිසාපතිවරයාද ඇතුළු කොමිෂන් සභා කිහිපයකින්ම නිර්දේශ කර තිබියදී නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් නිහඬව සිටින්නේ ඇයි?

නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලේකම්වරු ඇතුළු අනෙකුත් සියලු නිලධාරීන් ද්‍රවිඩයන්ය. සිංහලයන්ට අයත් මේ අනාථ ප්‍රශ්නය දෙස ඔවුන් නොබලන්නේ ඒ නිසා දැයි ඉරක්‌කණ්‌ඩිය සිංහලයන් නගන ප්‍රශ්නය සාධාරණය. ප්‍රශ්නය සිංහලෙන් කතා කළ විට නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් ලේකම් කාර්යාලය අහක බලන්නේ ඇයි?

මෙය උපන් ගමේ අනාථයන් බවට පත්වූ පිරිසකගේ හද පාරවන ප්‍රශ්නයකි. සාමය සංහිඳියාව යන්න රජයේ ප්‍රමුඛ තලයේ තේමා පාඨයකි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ එක්‌ ජාතියකට පමණක්‌ද?

බොදුබල සේනා, රාවණා බලය ආදී වශයෙන් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නෝ සිටිති. එහෙත් ඉරක්‌කණ්‌ඩිය ගමේ සිංහල වැසියන් 9 වසරක්‌ තිස්‌සේ තවමත් වෙසෙන්නේ තම උපන් ගමේම අනාථ කඳවුරකය. ඔවුන් වෙනුවෙන් කවුරු හෝ හඬ නැගිය යුතු නොවේද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ඡායාරූප සමන් රණවීර

One Response to “උපන් රටේ අනාථයන් බවට පත්වූ අහිංසකයන් පිරිසක්‌”

  1. Jag Says:

    This is absolutely pathetic. Our own people have become refugees in our own country. Why?

    Isn’t this because the rulers don’t care for our own people?

    Doesn’t this justify bringing in a leader like Gotabhaya Rajapakse along with the respected Admiral Sarath Weerasekera and deliver justice to all?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress