පොලිසියෙන් ගුටි කා දිවියෙන් සමුගත් ඇඹිලිපිටියේ සුමිත් සැමගෙන්ම සමුගනී මගේ මහත්තයා මරපු එවුන්ට ශාපවේවා! බිරිඳ අඳෝනා දෙයි
Posted on January 10th, 2016

කුට්‌ටිගල – සේන වි. ගමගේ – ඕමල්පේ ප්‍රගීත් ජනක උපුටා ගැන්ම දිවයින

කුරා කූහුඹියකුටවත් වරදක්‌ නැති අහිංසක මගේ වස්‌තුවට පොලිසිය මේ විදියට ගහල මරන්න කරපු වරද මොකක්‌ද? මගේ රත්තරංට පොලිසිය මම ඉදිරිපිටදී පොලුවලින් ගහලා උඩ තට්‌ටුවට ඇදගෙන ගිහිල්ලා බිමට තල්ලු කළා. ඒ වෙලාවේ මම මගේ දරු පැටියා සමඟ හිටියේ. එපා කියලා කෑ ගහද්දී මගේ වස්‌තුව බිමට තල්ලු කරදාලා මැරුවා. උඩ ඉන්න දෙවියෝ මේ විපත කළඑවුන්ට ශාප කරන්න ඕන දෙවියනේ යනුවෙන් පවසමින් තම සැමියාගේ නිසල දේහය අසල වැළපෙන බිරිඳක්‌ නගන අඳෝනාවෙන් සිත් පිත් නැති හැම හදවතක්‌ම කම්පාවට පත්වනු ඇත.

කේ. එස්‌. බිල්ඩින් නව නගරය පාර ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිව සිටි ජයවර්ධන සුබසිංහලාගේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) අවිහිංසාවාදී සමාජශීලී චරිතයකින් හෙබි කා අතරත් හොඳ හිත දිනාගෙන සිටි තරුණයෙකි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උ.පෙළ දක්‌වා උගත් සුමිත් පාසල් හැර ගිය පසු ඔහුට අයත් වාහනය කුලී ගමන් සඳහා යොදවාගෙන සිටි අතර එයද අතහැර දමා 2011 වසරේ ඉරාකයේ රැකියාවකට ගොස්‌ වසර 2 කින් පසු පැමිණ ඇත. තම ආදරණීය බිරිඳ සෂිකා නිෂාමනි (28) හා එකම දියණිය ටෙශානී (8) සමඟ නිවසේ කාලය ගතකරමින් අසල් වැසියන් හා සමාජයේ සියලු පොදු කටයුතුවලට සහභාගී වෙමින් නගරයේ පමණක්‌ නොව ඇසුරේ කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ බවට පත්ව සිටියේය. සුමිත් කවුරුත් හඳුන්වනු ලබන ආදරණීය නම (පොඩි වෙදා යනුවෙනි)

දිනය ඉකුත් 4 වැනි දිනය. නිවස ඉදිරිපිට තෙමහල් නිවසේ පැවැති කොටහළු මංගල්‍යයට පෙරවරුවේ සිට සුමිතුත් බිරිඳක්‌ උදව් උපකාර කර ඇති අතර රාත්‍රි කාලයේ මිතුරන් කිහිප දෙනකු සමඟ එම නිවසේ පැවැති සාදයටද සහභාගිවී සිටින අතර පොලිසියෙන් පැමිණ පිරිසට පහරදී ඇත. සුමිත්ටද පොලු මුගුරුවලින් පහරදී උඩුමහලෙන් බිමට දැමූ බව සියෑසින් දුටු සිය බිරිඳ ද කියා සිටී. බරපතල තුවාල ලබා සිටි සුමිත් ඇඹිලිපිටිය මූලික රෝහලටත් අනතුරුව රත්නපුර මහ රෝහලටත් මාරු කිරීමෙන් පසු ඉකුත් 8 දින උදැසන මරණයට පත්විණි.

රත්නපුර මහ රෝහලේ සිට ඉකුත් 8 වන දින සවස සුමිත්ගේ නිසල දේහය ඇඹිලිපිටියේ පිහිටි ඔහුගේ දෙමහල් නිවසට රැගෙන එන විටත් දහසකට වැඩි පිරිසක්‌ එහි රැඳී සිටියහ. 10 වැනි ඉරු දින සවස මළ හිරු බැස යන සැඳෑ සමයේ තම ආදරණීය බිරිඳ, දියණියද පමණක්‌ නොව සිය නෑ හිත මිතුරන්ගෙන්ද වෙන්වී ඇඹිලිපිටිය නගර සභා සුසාන භූමියේ මිහිදන් කෙරිණි.

One Response to “පොලිසියෙන් ගුටි කා දිවියෙන් සමුගත් ඇඹිලිපිටියේ සුමිත් සැමගෙන්ම සමුගනී මගේ මහත්තයා මරපු එවුන්ට ශාපවේවා! බිරිඳ අඳෝනා දෙයි”

  1. Christie Says:

    We are the majority but in fact with a minority complex and minority rights. That is why killings, robberies and corruptions are rampant among us. Recently an Indian colonial parasite in the North said there is no crimes among them.

    These are the characters between different people, take for example the Blacks, Hispanics and Natives in the US,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress