අරක්කු නැති නිසා ඝාතනය කල තරුණයාගේ මරණ් පරික්ෂණය පොලිස්පති ලියයි
Posted on January 11th, 2016

 LNW SPY January 8, 2016

 මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ පොලිසියේ අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා හරහා අද එම තරුණයාගේ මරණ පරික්ෂණය කල රත්නපුර අධිකරණ වෛද්‍යවරයාට බලපෑම් කල බව ඔහු විසින් අප විශේෂ වාර්තාකරුට අනාවරණය කර තිබේ.

අදාළ තරුණයාගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වුවහොත් එය පොලිසියේ ක්‍රියාකාරකම් වලට දැඩිව බලපෑම කලහැකි බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට ජාත්‍යන්තරව ගෙනයන මෙහෙයුමට බලපෑම් වනු ඇති බවද රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා අධිකරණ වෛද්‍යවරයාට තර්ජනාත්මක අයුරින් පවසා තිබේ.

කොටහළු උත්සවය පැවැති අවස්ථාවේ එම් ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අඩෝ…අපිට බොන්න අරක්කු දිපන්…හුත්තෝ” යනුවෙන් කෑ ගස තිබේ.”පසු ඝාතනයට ලක්වු අදාළ තරුණයා මහත්තයෝ…අරක්කු නෑ යනුවෙන් පවසා ඇති අතර ..ඒ සමගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුනුහරූප වැලක් කියමින් අදාළ තරුණයාට පහරදි ඇති අතර පසුව ඔහුව ඔසවා විදුරුව කඩාගෙන යන අයුරින් එලියට විසිකර තිබේ.

ඔනෑම දෙයකට යහපාලන ආණ්ඩුවේ  අමු කෙප්ප කියන  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  මාධ්‍ය හා රටේ ජනතාව ගොනාට අන්දමින් කියා සිටියේ අදාල තරුණයා ඉහල මාලයෙන් පැන සියදිවි නසාගත් බවයි,නමුත් හිරුණිකා අම්මණ්ඩි වැරදිකරුවෙකු තියා ඔහු සම්බන්ධයෙන් පැහැර ගැනිමට ලක්වු පාර්ශවය ලබාදුන් සාක්ෂිවත් කීමට තරමේ කොන්දක් නැත.

මේ අතර යහපාලන  චරිතයට පණ පොවන මෛත්‍රීපාල සිරිසේන අද 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා වන වසර 10ක සිර දඬුවමකට නියම වී සිටි සිවරාජා ජෙනීෆන් නිදහස් කළේ .

පොලිස් බල්ලන් බැද තබනු

 විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.

බල්ලාගේ ස්වරූපය නම් බුරා ගෙන විත් හපා කෑමයි. පිස්සු බල්ලකු හපා කෑවොත් තත්වය දරුණුය. ස්වාමියාගෙන් කෑම බීම යහමින් ලැබුනත් දහපාදුරාවේ ගොස් ජරාව කෑම බල්ලාගේ සිරිතය. ජරාවට ඇත්තේ පුදුම ඉවකි. වැට කඩොලු අතරින් රිංගා ජරාව සොයා යාම ඌට ගේමක් නැත. හොරා කෑමද උගේ සිරිතකි. බැල්ලියක් දු‍ටු විට උන්හිටි තැන් අමතක වෙයි. කකුලක් උස්සා ඕනෑම තැනකට හුජ්ජ කරන්නේ ඒ වැයික්‍යය උගේ බවත් ඌ එහි චන්ඩියා බවත් පෙන්වීමටය. ජරාව කා හත් පොලේ රීම බල්ලාගේ ගතියයි. ලංකාවේ පොලීසිය සුනඛ නාමය ලබා ගැනීමට අවශ්‍ය මේ සියලු සුදුසුකම් සපුරා ඇත.

රත්නපුර නගරයේ බට්ටි නම් ගනිකාවට නොමිලේ කොටන්ට අවසර නොලැබීම නිසා පොලිස් කාරයෙකු ඇයට පහරදුන්නේ දෙනෝදාහක් මැදය. මහ දවල් නගරය මැද අසරණ ගෑනියෙකුට බිම දමාගෙන පහර දුන්නේ නිල ඇදුම්ලා ගත් පොලිස් කාරයෙකි. දින කිහිපයක් වැඩ තහනම් කල පොලිස්කාරයා යලි සේවයේ පිහි‍ටුවීය. පොලිස් කාරයන්ට ගනිකා මඩම් වැටලීමට ඇති උනන්දුව යුද්ධ කිරීමට තිබුනේ නම් ප්‍රභකරන් කුදලාගෙන විත් බොහෝ කල්ය. ගනිකාවන් අල්ලා පොලීසියට ‍රැගෙන එන්නේ සදාචාරය සු‍රැකීමට නොවන බව කුඩා ලමයෙකු වුවද දනී. ‍රැගෙන ආ ගනිකාවන් පසු දින හෝටලයට උස්සා අනිනවා පමනක් නොව එතැන් පටන් ඩීල් කිරීම සිදුවන්නේද පොලිස්කාරයා අතින්මය.

තම ප්‍රදේශයේ අරක්කු, කසිප්පු , ගංජා පොලිස්කාරයන්ට ඉල්ලමකි. තමන්ගේ වැයික්කියේ කසිප්පු සහ ගංජා පොට් වලින් මාස් පතා කුට්ටියක් පොලීසියට ගෙවිය යුතුය. නැතහොත් ඌ කූඩුවේය. තම වැයික්කියේ තමන්ට නිසි පරිදි කප්පම් ගෙවන ජාවාරම්කාරයන් ආරක්ෂා කිරීමට පොලීසිය දිවා රෑ වෙහෙසෙයි. පොලිස්කාරයට ඇති එකම තර්ජනය නම් වෙනත් බල ප්‍රදේශයක පොලිස්කාරයන් තම ප්‍රදේශයට කඩා පැන බිස්නස් එක අවුල් කිරීමය. වෙනත් වැයික්කියක පොලිස්කාරයන්ගෙන් තම වැයික්කියේ ගොන් පොට්, බඩු පොට් ආරක්ෂා කරගැනීම පොලිස්කාරයාට ඇති ලොකුම අභියෝගයයි.

සමාන්‍ය මිනිසෙකුට සිදුවන අකරතැබ්බයක්දී පොලිසියෙන් කිසිදු පිලිසරනක් නැත. මෑතකදී හිරුනිකා නඩුවක් විසදුවේ පොලිසි ගොස් වැඩක් නැති නිසාය. ඒ අතින් හිරුනිකාගේ ඩිෆෙන්ඩර් ගේම අගේකල යුතුය.. නිවසක් සොරු කැඩීම පිලිබද පැමිණිලි කිරීමට ගෙහිමියා පොලිසි ගිය හොත් වදින්ඩ ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි. විමර්ශනයට එන්ඩනම් ජීප් එකේ ටයර් මාරු කරන්ඩ වෙනවා කියල සල්ලි ඉල්ලයි ,නැත්නම් පෙට්‍රල් ගහගන්ඩ සල්ලි ඉල්ලයි, එහෙමත් නැත්නම් ගේ කැඩුවෙ කවුද කියල අපෙන් අහයි. පොලිස්කාරයන් ගෙවල් හදන විට වැලි කැටේ සිට උලු කැටය දක්වා ගසා කෑම උගේ සිරිතය. කන බොන දේවලුත් ගෙදරට ගේන්නේ ලාවට ගසා කාල. ටැ‍ෆික් පොලීසිය කියන්නේ බල්ලන්ටත් නිගා දෙන ජාතියකි.

මෑතකදී එච් එන් ඩී ඒ සිසුන් පිරිසකට පොලීසිය පහර දුන්නෙ සත්තුන්ට වගෙ. ඒ පහරදීමේ උනුසුම යන්ඩත් කලින් ඇඹිලිපිටියේ කොටහලු ගෙදරකට ගිහිල්ල අහිංසක මිනිහෙක් මරලා දැම්ම. පොලීසියට බොන්ඩ අරක්කු නොදීම තමා සිද්ධියට මුල. මියගිය මනුස්සයට පොඩි ලමයෙක් ඉන්නවා, බිරිද බඩ දරු අම්ම කෙනෙක්. එච්චර හරියක් කරල පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනව, එතන අයිතු ජනරාශියක් තිබුනලු. මාධ්‍ය සාකච්ඡාවෙදී ඒ ගැන උගෙන් නැවත නැවත ප්‍රශ්න කරනකොට ඌ අපිට කියනව දන්ඩ නීති සංග්‍රහය කියවල එන්ඩ කියල. මෙහෙව් කාලකන්නි හැදුවට වඩා හොදා ………

ගෝඨාභයගෙ කාලේ නම් පොලිස් බල්ලො හිටියේ බැදල දාලා. බල්ල හිටියේ බල්ලගෙ තැන. දැං කොහෙද, දංවැල් කඩාගෙන ඉබාගාතේ යනවා. ජරාව කාල හත් පොලේ රෙනව .CID එකෙ ඉන්න බල්ලටයි FCIDඑකේ ඉන්න බල්ලටයි පිස්සු හැදිල. PSD එකෙ ඉන්න බල්ලගෙ ‍රැලේ යන කාලේ ඇවිල්ල. ඌ ‍රැලේ යන්නේ නිකන් නෙවේ සිරිසේනයත් එක්ක.. අනේ කාලේ වනේ වාසේ , බල්ලට ගිය රට.

ඇඹිලිපිටිය – මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසියට අරක්කු ලබා නොදිම නිසා පහරදි උඩුමහලකින් එලියට විසීකර ඝාතනය කරන ලද සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලනොකරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ  පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍ය ආයතන ප්‍රධානින්ට බලපෑම් කරමින් සිටින බව අප කොළඹ වාර්තාකරු අනවරණය කර සිටි.

ඒ අනුව ඊයේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසුව ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දහවල් ප්‍රවෘත්ති විකාශය සදහා එකතුකර තිබු ඇඹිලිපිටිය ඝාතනය සම්බන්ධයෙන් වු පුවත ගලවා දැමිමට මාධ්‍ය ආයතන කිහිපයක්ම කටයුතු කර ඇති බව එම ආයතන වල සේවය කරන වාර්තාකරුවන් අප කොළඹ වාර්තාකරුට පවසා තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් පුවත් විකාශය භාරව සිටි සංස්කාරක වරයාගෙන් විමසිමේදි ඔහු මේ බව අනාවරණය කර ඇති බවද සදහන්.

මේ අතර ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පාහර ASP ඇතුලු ඝාතනයට සම්බන්ධ සියලුම පොලිස් මැරයන් අත් අඩංගුවට ගන්නා තුරු අඛණ්ඩව සටන් කිරිමට ඇඹිලිපිටිය ජනතාව මේ වනවිටත් සුදානම් වෙමින් සිටින අතර එම සටන සදහා දේශපාලන වශයෙන්ද සහය ලැබිමෙන් තිබේන බව අප ඇඹිලිපිටිය වාර්තාකරු අනාවරණය කළා.

 

2 Responses to “අරක්කු නැති නිසා ඝාතනය කල තරුණයාගේ මරණ් පරික්ෂණය පොලිස්පති ලියයි”

  1. Christie Says:

    For those who are concerned about all these the real cause behind this murder and all these is Indian Empire. People think I am a fool including majority of the contributors here.

    Do you know the current Boss of the Police Commission was directly appointed by Indians?

    Please read all my contributions over the years.

  2. Christie Says:

    පොලීසිය කරන වැරදි ගැන බලන්න පොලිස් කොමිසම තියෙනව. මේකේ බොසා පත්කෙරුවේ ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress