හිරුණිකා පැයෙන් නිදහස් කරන බව කී ගම්මන්පිලගේ ටක්කෙටම හරියන ඊළඟ සාස්තය මෙන්න..Hirunika sets world record: Gammanpila
Posted on January 11th, 2016

අරවින්ද අතුකෝරල lanka C news

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

UNP MP Hirunika Premachandra has created a world record by being the world’s first person to be bailed out within the shortest time ever after being arrested, UPFA MP Udaya Gammanpila said today. He said that if it was an ordinary citizen who was arrested on Friday, he or she would have to wait till Monday to be bailed out but the MP who was arrested on Saturday had been released within a few hours on the same day. It seems even the registrar’s office had been kept open on Saturday in anticipation of the court order,” Mr. Gammanpila said. He said former Securities and Exchange Commission chairman Dr. Nalaka Godahewa was arrested and is being detained on baseless allegations but the MP was released when there was evidence against her. 

උදයගේ කළු සිකුරාදා සාර්ථකද ?

පසුගිය මාධ්‍ය හමුවලදී අප ජනතාවගෙන් ඉල්ලා සිටියා යහපාලන ආණ්ඩුවට එරෙහිව කළු කොඩි ඔසවන ලෙසට. එතනදි අපි දැක්කා ආණ්ඩුවේ සමහර ඇමතිවරුනම්  ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළු කොඩි වෙනුවට ජාතික කොඩිය ඔසවන ලෙසට  ඉල්ලා සිටියා.

හැබැයි රාජිත ඇමතිතුමන් කිව්වේ කළු කොඩි ඔසවන්න ආවොත් අපිත් ඒකට ප්‍රථික්‍රියා කරනවයි කියල. ඒ වගේම තලතා ඇමතිතුමිය කිව්වා අපේ ජනාධිපතිතුමන් පත්වුනු දවසේ අපි කාටවත් කළු කොඩි ඔසවන්න දෙන්නෙ නෑ කියල.  හරීන් ප්‍රනාන්දු ඇමතිතුමන් කියනවා කළු කොඩි ඔසවන අයට සුදු කොඩිත් ඔසවගන්න සිදුවේවි කියලා. සුදු කොඩි ඔසවන්නේ අතක් පයක් කඩා දැම්මම නෙවෙයි මරා දැම්මම. ඒ නිසා අපිට පැහැදිලි ඇමතිතුමන් සුදු කොඩිය හරහා කියන්නේ මොකක්ද කියලා.

හිරුණිකා පැයෙන් නිදහස් කරන බව කී ගම්මන්පිලගේ ටක්කෙටම හරියන ඊළඟ සාස්තය මෙන්න..

ඒ වගේම ජනවාරි 7වනදා රාත්‍රියේ පොලීසියට උපදෙස් ලැබී තිබුනා කළු කොඩි ඔසවා තිබෙන ඒවා ඉවත් කරන්න කියල.  කවදත් ආණ්ඩුවිරෝධී වැඩකටයුතු වල මූලස්ථානය වෙලා තියෙන අභයාරාමයට 8 වෙනිදා උදෑසනම පොලිසියෙන් ඇවිල්ල.   මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ එතනට පැමිණි පොලිසියෙන් මේ ගැන කරුණු විමසුවාම ඔවුන් සදහන් කරල තියෙනවා ඔබවහන්සේ කළු කොඩි ඔසවන බවට ආරංචි වුණා ඒ නිසයි ආවේ කියල.

අපි මෙවැනි තත්වයක් කලින්ම බලාපොරොත්තු වූ නිසා අපි ජනතාවට කිව්ව ඔබ කළු කොඩියක් එසවූ නිසා කළු ඩිෆෙන්ඩරයකින් පැහැරගනීවි යැයි බියක් පවතිනවනම් ඔබේ මුහුණු පොතේ හැදුනුම් ඡායාරූපය ලෙස කළු කොඩියක්  යොදන්න කියලා.  ඇතැමුන් කිව්වා කළු කොඩි එසවීම සදහා අපේ ඒකාබද්ධ විපක්ෂයේ මිත්‍රයන් එකතුවුනේ නෑ නේද කියල. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගාවට සංධානයේ වැඩිම මනාප ගත්තු ප්‍රසන්න රණතුංග මැතිතුමන්, විමල් වීරවංශ මැතිතුමන්, මුහුණු පොතේ හැදුනුම් පින්තූරය කළු කොඩියක් බවට පත්කරල මේ සටනට දායක වුනා.  මීට අමතරව අතිවිශාල ජනතාවක් මුහුණු පොතේ කළු කොඩි එසෙව්වා.

ආණ්ඩුව සූදානම් උනේ ජනවාරි 2 දා සිට ජනවාරි 8 දක්වා සතිය පුරාම ජනපතිතුමන්ව පුලතිසි දෙවියන්ට අන්දවමින් ජනපතිතුමන්ට ප්‍රෂස්ති ගයන සතියක් බවට මේ සතිය පත්කරනයි.  ජනපතිතුමන්ව පුලතිසි  දෙවියන් කරන්නට උත්සහ දරමින් නිර්මානය කල ගීතය පවා  අවසානයේ ජනතා විරෝධය නිසා  අන්තර් ජාලයෙන් ඉවත්කර ගත්තා.

අපේ කළු කොඩි ව්‍යාපාරය නිසා ආණ්ඩුවේ ගුණ දොස් දෙකම සමාජගත කරන්න අපිට පුළුවන් වුණා. ජනවාරි 08 කළු කොඩි එසවිය යුත්තේ ඇයි කියා මුහුණු පොත පුරාවට විවිධ අය විවිධ කරුණු ඉදිරිපත් කර තිබුණා. ඒවා සියල්ල එකතුකල විට කාරණා 67 තිබුණා. සමහර ඒවා නම් ඉතින් මාධ්‍ය හමුවක කියන්නත් අමාරුයි.  ඉතින් මගේ මුහුණු පොතෙත් කරුණු 38 ක් මේ සම්බන්ධව මා ඉදිරිපත් කලා. මේ සියලු කරුණු කාරනා එකතු කරල    මේ ආණ්ඩුවට සිය පළමු  වසර තුලම ජනතා විරෝධය එල්ලවූ ආකාරය  පිළිබදව  යම පාලනයේ පළමු වසර   ලෙස පොතක් එළි දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා.

හිරුනිකාගේ ගිනස් වාර්ථාව

මේ දිනවල ජනපියතම මාතෘකාව තමයි හිරුනිකා පේමචන්ද්‍ර මැතිණිය.  ජනවාරි 04 වෙනිදා මම තමුන්නාසේලට අනාවැකියක් කිව්ව.  හිරුණිකා මැතිණිය අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කර සැනෙකින් නිදහස් කරනවා කියල. මගේම අනාවැකියක් විදිහට ඕක කිව්ව නම් මේ වන විට ලංකාවෙ නොම්මර එකේ සාත්තර කාරයා වෙන්න මටත් පුළුවන්.  මොකද මහින් මහත්තය පරදිනව කියල මුලින්ම කිව්වෙ මමයි කියන අය අද කෝටිපති පේනකරුවන් බවට පත්වෙලා.  නමුත් මේ අනාවැකියේ ගෞරවය මට තියාගන්නැතිව මම කිව්ව උසස් පොළිස් නිලධාරීන් මට දැනුම් දුන් කරුණු වලට අනුව මෙසේ සිදුවෙනවා කියලයි මම ප්‍රකාශ කලේ.  ජනවාරි 04 දා එය එසේ සිදු නොවුනත් ඇතැම් විට අප එය රටට අණාවරනය කළ නිසා වෙන්නත් පුළුවන් එදා එය සිදු වුනෙ නෑ.  නමුත් අපි කිව්ව ආකාරයෙන්ම වෙනත් දිනකදී එය සිදු වුණා.

ආචාර්ය නාලක ගොඩ හේවා මැතිතුමන් පදනම් විරහිත චෝදනා නගමින් ඇප ලබානොදී රක්ෂිත බන්ධනාගාරය තුළ රදවා තිබෙනව.  නමුත් ඔහුට ඇප ලබානොදීමට කිසිදු හේතුවක් නෑ.  මොකද ඔහු ඇප ලබා පැමිණියා කියා ඔහුට හැකියාවක් නෑ විමර්ෂණ වලට බලපෑමක් කරන්න.  සාක්ෂිකරුවන් බියවැද්දීම සාක්ෂි විනාශ කිරීම වැනි කටයුත්තක නියලෙන්නට ඔහු සමාජයේ බලවත් පුද්ගලයෙක් වෙන්න ඕන.  නාලක ගොඩ හේවා වැනි බුද්ධිමතුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබියදී සාක්ෂිකරුවන්ට   සාක්ෂිවලට විමර්ෂන නිලධාරීන්ට බලපෑම් කල හැකි සමාජ තත්වයක සිටින හිරුනිකා පේමචන්ද්‍ර මැතිණිය අපේ අනාවැකි සබෑ කරමින් කෙටිම කලක් තුල ලොව ඇප ලැබූ තැනැත්තිය බවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා.  එතුමිය අන් අයගේ ගිනස් වාර්ථා කඩා දමමින් ඉතාම කෙටිකලක් තුල ඇප ලබාගත් පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ විතරක් නෙමේ සාමාන්‍යෙයන් සිකුරාදා දිනවල පොලීසිටය යන්නත් මිනිස්සු බයයි. මොකද හවස තුන පැන්නොත් නිලධාරීන් ගෙදර ගිහින් ඇප ලියවිලි සකසන්න විදිහක් නෑ ඒ නිසා මහේස්ත්‍රාත් තුමා කියනව සදුද අරන් එන්න කියල. ඒ නිසා ඇප ලැබිය හැකි වරදකට උනත් දින තුනක් පමන අනිවාර්යෙන්ම රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න වෙනවා.  නමුත් හිරුනිකා අත්අඩංගුවට ගැනීම වෙන්නේ සෙනසුරාදා දවසක.  නමුත් ආස්චර්ය කියන්නේ සෙනසුරා දවසේත් රෙජිස්ට්‍රාල් කාර්යාලය වැඩ.  ඇප ලබාදෙන්න කට්ටිය දත කට මැදගෙන පෑන් පැන්සල් උල් කරගෙන බලා සිටියා.  එහෙන් ඇප කියද්දි මෙහෙන් ලියල එළියට දානවා.  මේ වෙනසද ජනතාව ඉල්ලුවේ කියන ප්‍රශ්නය අද පැන නැගිල තියෙනවා.

අරක්කු බෝතල් දෙක දෙනවාද තුන්වෙනි තට්ටුවෙන් පනිනවාද ?

ස්වාධීන කොමිෂන් සභා කියන්නේ මිත්‍යාවක් කියල මම 2001 වර්ෂයේ ඉදන් ලිව්ව කිව්ව. මම ලංකාදීපයට ලියන ප්‍රදීපය තීරු ලිපිය බැළුවොත් මේ ස්වාධීන කොමිෂන් සභා කියන්නෙ බොරුවක් මේකෙන් බලාපොරොත්තු ඉටුනොවන බව මම අඛන්ඩවම කියල තියෙනවා.

අද මහා ජයග්‍රහණ ලෙස ගෙනා ස්වාධීන පොලිස් කොමිසමට අධිකරණ කොමිසමට අද මොකද වෙලා තියෙන්නේ.  පොලිස මාධ්‍ය ප්‍රකාෂක නෙවෙයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාෂක තමයි මීලගට අත්අඩංගුවට ගන්නා පුද්ගලයා නම් කරන්නේ.   නැත්නම් ආණ්ඩුවේ සිටින දේශපාලන හෙන්චයියලා විසිනුයි ඒක කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා බව කිව්වේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමන් හා වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමනුයි.  රාජපක්ෂ පවුලේ ප්‍රභලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා කියල මාධ්‍ය හමුවට ඇවිත් කියන්නේ පොළිස් මාධ්‍ය ප්‍රකාෂක නෙවෙයි.   ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාෂක රාජිත සේනාරත්න මැතිතුමන්.

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දැඩි පීඩනයකට ලක්වෙලා. හිටිපු නීතිපතිතුමන් යුවැන්ජන් විජේතිලක මැතිතුමන් තමන් විශ්‍රාම යන දවසේ තමන්ගේ අවසන් රාජකාරියක්  විදිහටයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ උපදේශයට අත්සන් තැබුවේ.  ඇයි නීතිපතිතුමන්ට සිය රාජකාරි ජීවිතයේ අවසන් දිනය දක්වා හිරුනිකා පේමචන්ද්‍ර මැතිනිය අත්අඩංගුවට ගතයුතු බවට උපදේෂයක් දීමට බැරිවුනේ.  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියනවා නීතිපතිතුමන් විශ්‍රාම ගත් වහාම අත්අඩංගුවට ගත යුතුයි කියල.  මෙවැනි පීඩන මැද තමයි නීතිපතිතුමන් සිය රාජකාරිය ඉටුකලේ.

වරක් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමන් කියනවා යුධ හමුදාවයි පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි අතර එක්ණැළිගොඩ විමර්ෂණය පිළිබද ගැටුමක් ඇතිවුනා. සොලිසිටර් ජෙනරල්වරයාව මැදිහත් කරල ඒ ප්‍රශ්නය විසදුවා කියල.  එවිට සොලිසිටර් ජෙනරල්වරයා ඉංග්‍රීසි පුවත්පතකට කියනවා රාජිත සේනාරත්න ඇමතිතුමන් පවසන්නේ ද්වේෂ සහගතව ගෙතූ මුසාවකී කියල.  මීලගට නීතිපති බවට පත්විය යුත්තේ මේ සොලිසිටර් ජෙනරල්වරයායි.   නමුත් අද එතනටත් දේෂපාන පත්වීමක් කරන්න යන බවයි දැනගන්නට ඇත්තේ.  ඔන්න අද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කොමිෂන් සභා බිහිවුනාට පස්සෙත් දේශපාලණ ග්‍රහණයට පත්වී තියෙන අන්දම.

ඒ නිසා අරක්කු බෝතල් දෙක දෙන අයටනම් එලියට එන්න ලැබෙනව.  අරක්කු බෝතල් නොදෙන අයට තුන්වෙනි තට්ටුවෙන් බිමට පැන්නාය කියන කතා ගෙතෙනව කියන එකයි අපිට කියන්න තියෙන්නේ.

අලුත් ව්‍යවස්ථාවේ තිත්ත ඇත්ත

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්ප්‍රධනය කරන්න පසුගිය සෙනසුරාදා යෝජනාවක් අගමැතිතුමා පාර්ලිමේන්තුවට සිදුකලා. මේ යෝජනාව එන්නත් කලින් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් තියලා ගරු පා.ච රණවක ගරු ඇමතිතුමන් කියුවා අලුත් ව්‍යවස්ථාවක් ගෙන්නේ නෑ තියෙන ව්‍යවස්ථාව සංශෝදනය කිරීමක් කරන්නේ කියලා. අලුත් ව්‍යවස්ථාවක් ගෙමු කියපු අගමැතිතුමාගේ යෝජනාවට තව සමයෝජකයින් හත් දෙනෙක් ඉන්නවා. ඒ හත් දෙනාගෙන් කෙනෙක් තමයි ගරු පා.ච රණවක ඇමතිතුමන්. මාධ්‍ය ඉදිරියේදී කියනවා අලුත් ව්‍යවස්ථාවක් නෑ කියලා පාර්ලිමේන්තුවේ දී අලුත් ව්‍යවස්ථාවක් ඔනේ කියන යෝජකයන් අට දෙනා අතරේ ඉන්නවා. එතුමා මෙතරම් කල් කියුවේ මා දන්නා තරමින් රටට කියුවේ විධායක ජනාධිපතික්‍රමය සුරැකිය යුතුය කියලා. නමුත් එතුමා ගෙනාව යෝජනාවේ තියෙන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කල යුතුය කියලයි. එතුමා මෙතෙක් කල් කියුවේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැත. ඉංග්‍රිසින්ගේ බෙදා වෙන් කිරීමේ උපාය මාර්ගය ඔස්සේ සුළු ජාතින්ට වැඩි වරප්‍රසාද ලබා දිලා තිබුණා තමන්ට හිමිවු වැඩි වරප්‍රසාද අහිමි විමෙන් ඇතිවුණු අසහනයක් තමයි අද මේ රටේ තියෙන්නේ නැතුව ජනවර්ගික ප්‍රශ්නයක් නැත කියලා. එතුමා ඉදිරිපත්කරන යෝජනාවේ කියනවා ජනවර්ගික ප්‍රශ්නයට තිරසාර විසදුමක් සෙවීමට ද කියලා. අද විවාදයක් තිබ්බොත් තියන්න වෙන්නේ පා.ච රණවක ඇමතිතුමන්ට එරෙහිව පා.ච රණවක ඇමතිතුමන්මයි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා.

අද විවාදයක් ඇතිවෙලා තියෙනවා විපක්ෂයේ අපි කියනවා ගෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථවක්ය කියලා. 1987 දී අපි දැක්කා බලය බෙදන්න පුළුවන් උපරිමේටම බලය බෙදුවා. විපක්ෂයේ අපි කියනවා මේ ගෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථවක්ය කියලා ආණ්ඩුව කියනවා නෑ නෑ අපි ඒකිය භාවයට අත තියන්නේ නෑ කියලා. මගේ අවංක හැගිම නම් ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයකි කියන දෙවැනි වගන්තිය අල්ලන්නේ නැතුව ගෙඩිය පිටින් ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම තියලා අනෙක් පැත්තෙන් ෆෙඩරල් ව්‍යවස්ථවකට ආදල විධිවිධානත් එකට දානවා. සමාන්‍යයයෙන් ශ්‍රේඨාදීකරනයකට කරන්න පුළුවන් එකම එක දෙයක් විතරයි. කවුරු හරි ශ්‍රේඨාදීකරනයකට ගිහිල්ලා කියුවොත් අලුත් ව්‍යවස්ථාවෙන් එකීය භාවයට හානියක් වෙනවා. බුද්ධාගමට ලබා දීලා තියෙන ප්‍රමුඛස්තානයට හනියක් සුදු වෙනවා. වගන්ති 11ක් තියෙනවා මේ වගන්ති වලට මොනවා හරි බලපෑමක් වෙනවා නම් ජනමත විචාරණයක දී ජනතාව අනුමත කල යුතුයි කියලා ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ආණ්ඩු දැනටමත් කියලා ඉවරයි ජනමත විචාරණයකට යනවා කියලා එක නිසා  ශ්‍රේඨාදීකරනයට ගිහිල්ලා මේක ඒකීය ද ෆෙඩරල් ද කියලා අහන්න බැරිවෙනවා. අපි කියනවා ෆෙඩරල් කියලා ආණ්ඩුව කියනවා ඒකීය කියලා කවුද දැන් මේක ඒකීය ද ෆෙඩරල් ද කියලා කියන්නේ නීති විශාරදයින් ද , ශ්‍රේඨාදීකරනයේ විනිසිරුවන්ද නෑ මේ රටේ සාමන්‍ය ජනතාව. මේක සධාරණද නෑ දෙවැනි වගන්තිය ඒකීය භාවය පිළිබද වගන්තිය අලුත් ව්‍යවස්ථාවේ තිබේනව නම් අනිවාරයෙන්ම ශ්‍රේඨාදීකරනයේ මතය විමසීම ආණ්ඩුව මේ රටේ ජනතාවට සධාරන තින්දුවක් ගන්න දෙන අවස්ථාවක් බවට පත් වෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ව්‍යවස්ථා ප්‍රතිපාදන කෙසේ වෙතත් ජනාධිපතිවරයාට මතය විමසීමට ඇති අයිතිය පාවිච්ච් කරලා නව ව්‍යවස්ථාව ඒකීය ද  ෆෙඩරල් ද   යන්න ශ්‍රේඨාදීකරනයෙන් විමසා සිටිය යුතුය.

අපි දන්නවා මේ රටේ මානාප ක්‍රමයට කවුරුවත් පක්ෂව කතා කරන්නේ නෑ. මාධ්‍යෙව්දීන් විශේෂයෙන්ම කාටුන් ශිල්පීන් එය හදුන්වන්නේ මානාප බලු පොරය කියලා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයට හැමදාවත් පක්ෂව හිටියත් 78 ව්‍යවස්ථාවේ ඇති වැරදි පෙන්වමින් බිල්ලෙක් මවලා තියෙනවා. ෆෙඩරල් ක්‍රමය ආණ්ඩුව කතා කරන්නේ නෑ. දැන් ජනතාවට කියන්නේ ඔබ මනාප බලු පොරයට විරුද්ධනම් පක්ෂව ජන්ද දෙන්න. ඔබ ඒකාධිපතියයි කියන විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම් ව්‍යවස්ථාවට ජන්දය දෙන්න. එක එතකොට තිත්ත බෙහෙත් වලට සීනි තවරලා දෙනවා වගේ ෆෙඩරල් ව්‍යවස්ථා දෙන්න හදන්නේ ජනතාව ආසකරන සටන් පාඨ වලින් වසන් කරලා. ෆෙඩරල් කියන පුස් කේක් එක ජනතාවට කවන්න හදන්නේ විධායක ජනාධිපතික්‍රමය නැති කරනවා කියන සුවද කවලා ඒ වගේම මානාප බලු පොරය අවසන් කරනවා කියන අයිසින් ටික දාලා. අපි ජනතාවට කියනවා ලස්නයි සුවදයි රහයි හැබැයි කැවොත් විස වෙයි කියලා. අපි ජනමත විචාරනයේ දී ජනතාව දැනුවත් කරන එක තමයි මේකට විසදුම ලෙස දකින්නේ.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress