විනය පිඨකයක් තියෙද්දී භික්ෂූන්ට නීති දාන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ-අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ
Posted on January 14th, 2016

උපුටාගැණීම අදදෙරණ

ආණ්ඩුව කිසිදු ආගමකට නීති පැනවීමට නොයන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’  පනත් කෙටුම්පත ගැන  සංඝ සමාජයෙන් ලැබී ඇති ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා අද (14) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ආණ්ඩුව කිසිවිටෙකත් සංඝයා වහන්සේ උදෙසා නීති පැනවීමට නොයන බවත්,  ‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’  යන පනතේ ඇති කරුණු වැරදි ලෙස වටහා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත්, ඇමතිවරයා පෙන්වාදුන්නේය.

එම පනත සැකසීම සඳහා ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ද උපදෙස් ලබාගෙන ඇති බවත්, බුදුන් වහන්සේගේ ධර්මයට අනූව භික්ෂු විනය සම්බන්ධයෙන් ත්‍රිපිඨකයේ කරුණු දක්වා ඇත්තේ
විනය පිඨකයේ බවත්, ඒ අනූව භික්ෂූන්ට නීතිපැනවීමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉදිරිපත් නොවන බවත්, අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී සිදුවන්නේ අදාළ භික්ෂු නිකායේ හෝ පාර්ශවයේ ප්‍රධාන හිමිවරුන් විසින් සම්මත කර ගන්නා නීති වලට නෛතික භාවයක් ලබාදීම පමණක් බව ඇමතිවරයා කීවේය.

ඒ අනූව එක් එක් නිකායන් විසින් නිර්මාණය කරගන්නා කතිකාවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපංදිචි කරන බව ද ඔහු පැවසීය.
නෛතික බලය යනුවෙන් අදහස් වන්නේ යම් නිකායක හෝ පාර්ශවයක ස්වාමින් වහන්සේ  නමක් අතින් සිදුවන විනය උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ලබාදිය හැකි දඬුවම එම නිකායේ හෝ පාර්ශවයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට ලැබීම බව ඔහු පෙන්වාදුන්නේය.

තම නිකායේ හෝ පාර්ශවයේ භික්ෂු සංඝයා අතින් සිදුවන විනය විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට එමඟින් එක් එක් නිකාය වල හෝ පාර්ශව වල ප්‍රධාන සංඝයා
වහන්සේලාට බලය ලැබෙද්දී  ආණ්ඩුව කිසිවිටෙකත් භික්ෂු සංඝයාට එරෙහිව නීති පැනවීමට අවශ්‍යතාවයක් නැති බව අමාත්‍යවරයා පැවසුවේය.

භික්ෂු කතිකාවත් සැකසීමේදී එක් එක් නිකායවලට හෝ පාර්ශවවලට අවශ්‍ය  නම් රියදුරු බලපත්‍ර, හදි හූනියම් කටයුතු වැනි දෑ  ඇතුළත් කිරීමටත්, අනවශ්‍ය නම් ඉවත් කිරීමටත්, හැකි බවද ඊට රජයේ කිසිදු මැදිහත්වීමක් නැති බවද ඔහු කියා සිටියේය.

භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක්‌ රජයට නැතැයි  රාමඤ්ඤ නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පුවත්පතකට  කර ඇති ප්‍රකාශය ගැනද
ඇමතිවරයා එහිදී අදහස් පළ කළේය.

භික්‍ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට අවශ්‍ය නොමැති බවත්, සිදුකළ යුත්තේ භික්‍ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබාදීම බවත් ඕමල්පේ හිමියන් කර ඇති ප්‍රකාශයට අනූව ආණ්ඩුව
කරන්නේ ද එයම  බවත්, භික්ෂූන්ට නීති පැනවීමක් ආණ්ඩුව කිසිවිටෙකත් නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

2 Responses to “විනය පිඨකයක් තියෙද්දී භික්ෂූන්ට නීති දාන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ-අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ”

  1. Christie Says:

    Another piece of sacred bull dust coming out of the Indian colonial outfit. Are they going to bring in legislation, where to keep the Shiwa Lingam?

  2. NAK Says:

    If that is so who said about no driving licenses, no employment other than teaching and no occult practices for monks?
    I too prefer if monks do not indulge in these practices but who the hell is Wijedasa to pass laws on these!It should be resolved among the monks themselves.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress