ඩෙන්ගු රෝගයත්, වකුගඩු රෝගයත් දේශීත්වයත් බල්ලට ගියා  ලු!
Posted on January 24th, 2016

බෝධි ධනපාල,  කිබෙක්, කැනඩාව

ධර්මසිරි සෙනෙවිරත්න මයා “දේශීයත්වය බල්ලට :ඉන්දියානු වෝ ඉහලට  ” යන මාතෘකාවක් යටතේ  (23-01-2016)  ලිපියක් ලියමින් 
    “අම්බලන්ගොඩ    තරංගා කුමාරි  වික්‍රමසුරිය නම්වූ තරුණ සිංහල  වයිද්‍ය  වරිය  ගස්ලබු ගසේ අදාල 
      දෙවල් යොදා ගෙන ඩෙංගු  සුවකරන බෙහෙතක් සොයා ගෙන මේ වෙන විටත් රෝගීන් හත් 
      අටදාහක් සුව පත් කර ඇත . එහෙත්  පසුගිය රජයෙන් ද අවශ්‍ය තරම් සහයෝගයක්  ලැබුනේ
      නැත”.   

වකුගඩු රෝගය ගැන ද සඳහන් කරමින් ඔහු තවත් චෝදනාවක් කරන්නේ 

    “දැන් ලංකාවේ  ඩෙංගු රෝගය සන්දහ්හා  ඉන්දියාවේ  ගස්ලබුවලින් හැදු  බෙහෙතක් කරල්
      වශයෙන් වෙළඳ පලට ඇවිත් ඇත . ඉන්දියානුවා ගොඩය.  මේ පටන් ගත්තා විතරය . වකුගඩු
       රෝගයට  සිංහල වෙදකම් කර සුවකිරීමට නලින්ද සිල්වා ප්‍රමුඛ ය ගත උත්සාහයටත් ද්‍රෝහීන්
      විරුධ්ධවු”
බව කියමින් ය. එපමනක් නොව  ධර්මසිරි මයා  අනුව
    “මම  ඇ යට දුරකතනයෙන් කතා  කර   සුබපතු වෙමි, ඇ ය අගය කර  දී රි මත් කලෙමි .බටහිර විද්‍යා
   වරු පවා තම නෑසියන්ට  හොරෙන් හොරෙන් ඇගෙන් බෙහෙත් ගත බව මම දනිමි”.

ඉතින්, රෝගීන් හත් අට දාහක් සුව කලා නම්, එම කීර්තිය පිටරට ටත් ගියා නම්, ඒ නිසා ලෙඩ්ඩු  ‘හෝ හෝ  ගාලා’ වෙදකම් හොයාගෙන වෛද්‍යවරයා ලංගට එනු ඇත. ලෙඩ්ඩු සතුටු වී හොංදට තෑගි බෝග දෙනු ඇත.  එහෙනම් මොනවටද  රජයේ උදව්? රජයටත් උදව් කල හැකි ඔසු සැලක් සහ වාට්ටුවක් උනත් පිහිටන්න පුලුවන් නේද? රජයට අල්ල දික් කරගෙන ඉන්න ඔනෑ වෙන්නෙ මොකද?

බෙහෙත ප්‍රත්‍යක්ෂ බව ධර්මසිරි මහතා දුර කතනයෙන් ම දැන තේරුම් ගත්තේ ඔහුත් නලින්ද සිල්වා මහතා මෙන්ම, බටහිර විද්‍යාවට නොතේරන, නොබටහිර වූ, සිල්වා මහතාගෙන් සමහර විට උගත්තා වූ ප්‍රතිභා ක්‍රමයකින් ම  විය යුතුය. ධර්මසිරි මයා ද නලින්ද සිල්වා මහතා ගේ අනුගාමිකයෙකු බව ඔහු ලිපි කීපයකින්ම දක්වා ඇත.   නාථ දෙවියන් සමග මිත්‍ර  වී සිටින පේන කියන්නියක් පවා සිල්වා මතා දන්නා හෙයින්ද, සිල්වා මහතා “ඒහිපස්සිකෝ” වෙනුවට “දේවපස්සිකෝ” ධර්මය වැලඳගෙන සිටින බව ද,  ධරමසිරි මහතා දන්නවා ඇත.

ඩෙංගු රෝගය වැලඳුන අයගෙන් 80% ක්ම සුලු රෝග ලක්ෂණ දක්වා ඉබේම සුවවන බවද, 10-15% තරමක් අමාරු තත්වයක් දක්වන මුත් නිරායාශයෙන් සුව වන අතර, සුළු කොටසකට අසාධ්‍ය වන බව ද බටහිර විද්‍යාවෙන් කියන නමුත් එය පට්ට පල් බොරුවක් බව සිල්වා මහතාගෙන් අසා දැනගත හැක.
අම්බලන්ගොඩ වෛද්‍යවරිය ගේ බෙහෙතෙන් සුව වූවේ කොයි ගනයේ අය දැයි අසන්නේ දේශීයත්වය බල්ලාට දැමීමට තැත් කරන පරයෝ මිස ධර්මසිරි මහතා වැනි දේශ මාමකයෝ නොවෙති.

 ලෙඩය සුව වූවේ බෙහෙතෙන්ම බව දරම්සිරි මහතා දුරකථනයෙන්ම දැනගත්තේ ඔහුට ඇති දේශීය ඥාණය යොදා ගැනීමෙනි. ලංකාවේ නොයෙක් අන්දමේ කෝකටත් තෙල්    වෙදුන්ද, ගස්ලබු පමනක් නොව අනෝදා ගෙඩියෙන් හෝ මුරුංගා කරලින් හෝ මංඥොක්කා මුලෙන්   පිලිකා සුව කිරීමටත් හැකැයි කියන වෙදුන්ද  ඕනෑතරම් ඇත. නිවන් සුව ලැබුවා යැයි කියන  ශ්‍රමණයන් ද ඇත.  ධර්මසිරි මහතා වැනි දේශීයත්වයට ගරු කරන අයගේ දිරි ගැන්වීම් සහ දුරකථන ඇමතීම්  නොමැති නිසා මෙවනි බොහෝ දේශීය පිලියම් එතනම එරී තිබේ.   ප්‍රබල බටහිර බෙහෙත් කොම්පැනි (නලින් ද සිල්වා මහතා, ජයසුමන මහතා හැර අනෙක්) අපේ  විද්‍යාඥයන්ට සල්ලි දී මේවා යට ගසා ඇති බව ජයසුමන මහතා වැන්නෝ ප්‍රකාශ කොට ඇත. “දේශීත්වය බල්ලට” යැතැයි ධර්මසිරි මහතා මෙහිදී කියන්නේ එය මිස ඔහු ඉන්න රටේ සැපෙන් ඉන්නා පූඩ්ල් වරගෙයේ සුරතල් බල්ලන් ගැන නොව බැව පාඨකය දත යුතුය.

ධර්ම්සිරි මහතා ඩෙංගු රෝගය ගැන පමණක් නොව, ගුප්ත හේතුක වකුගඩු රෝගය ගැන ද සඳහන් කොට ඇත. එම රෝගය මැඩීමේ කාර්ය මණ්ඩලයේ මූලිකයා ලෙස පත් කොට තිබෙන්නේ නලින් ද සිල්වා මහතා ගේ ගෝලයෙක් වන දොස්තර ජයසුමනය. ඉතින් රෝගයට දේශීය බෙහෙත් දීම පමනක් නොව, කොල කැඳ බෙදා හැරීමද, ලෙඩුන් බටහිර බෙහෙතින් අයින් කිරීමට ද ප්‍රචාරය ගෙන යන හෙයින්, ධර්මසිරි මහත මෙම අංදෝනාව කරන්නේ කුමක් නිසා දෑයි අපි නොදනිමු! පිලිවෙත බල්ලා ට ගියා යැයි ධර්මසිරි මහතා ජයසුමන මතාට පරිභව කරන්නේ ද?

රෝගයක් මැඩීමට නම් එයට හේතුව සොයා ගත යුතුය. “ඒහිපස්සිකෝ”  වෙනුවට “දේවපස්සිකෝ” පිලිවෙත ඉදිරිපත් කරන සිල්වා මතා  ඔහුගේ  පේන කියන්නිය ගෙන් මෙය සොයාගෙන ඇත. එනම්, නාථ දේය්යන් අනුව,  වකුගඩු රෝගය රජරට ඇතිවෙන්නේ එම පසෙහි සහ ජලයෙහි අධික ලෙස ඇති ආසෙනික් වලින් ලු. එම විෂ පොලවට එන්නේ රටින් ගෙන්නන විෂ පෝර වලින් ලු. හැබැයි, පොලොවේ සහ ජලයෙහි ඇති ද්‍රව්‍ය රසායනික ක්‍රම වලින් විශ්ලේශන කොට බැලූ විට එහි එම ආසෙනික් විෂ නොමැති බව විද්‍යාඥයෝ කන්ඩායම් තුනක්ම එකිනෙකා ගෙන් නිදහස්ව පෙන්වා දී ඇත. ග්ලයිෆ්සේට් නැමති වලපැලෑටි නාශකය ද මෙයට හේතු විය හැකියයි කියා එයද තහනම් කොට ඇත. ගොවියා මහා අකරතැබ්බකට යට කොට ඇතැයි බටහිර මුදල් ගත්තො කියති යයි රාවයක් ද ඇත

ග්ලයිෆ්සේට් ද රජරට ජලයෙහි හෝ පසෙහි නැතැයි විද්‍යාඥ්යෝ කියයි. දිනකට ග්‍රෑම් 39 යක් සෞඛ්‍යයට හානියක් නොමැතිව ශරීර ගත විය  හැකි යයි WHO සංවිධානය කියන අතර , රජරට ජලයෙහි ග්ලයිෆොසේට් තිබෙන්නේ නම් ඒ ඇත්තේ බිලියනයකින් කොටස් දහයකටත් අඩු ප්‍රමානයක් බව “බටහිර” විද්යාඥයන් කියයි.

ඉතින්, නාථ දෙවියන් ගෙන් ලැබුනු පේනය වැරදි යැයි සිතන්නේ දේශීයත්වය බල්ලන්ට දෙන්න ඉන්න අය බව දර්ම්සිරි මහතා පමනක් නොව, බලු මැක්කොද  දනී. මෙහිදී පේන කියන්නියට වැරදී නැත. බටහිර විද්‍යාව ම පට්ට පල් බොරුවක්  විය  යුතු බව පෙන්නා දී ඇත්තේ අවුරුදු එකහමාරකට සීමිත වූ කාලයක්  තුලදී එක්ස්ප්‍රස් කරමයට එංගලන්තයේ දී  විද්‍යාව උගත්, ගුර්ත්වාකර්ෂණයක් පවා නතැයි කියන, රබර් ගස් වල කොල සැබැවින් හැලෙන්නේ නැතැයි කියන, ආලෝකයට ස්කන්ධයක් ඇතැයි කියන, අයින්ස්ටයින් පට්ට-පල් බොරු කාරයෙක් යයි කියන,  දේශීයත්වය තමාගේ චින්තනයයක් යැයි සලකන,  ඉතා ප්‍රතිභා ශීලී  නලින් ද සිල්වා මහතා විසිනි.

විද්‍යාව පට්ට පල් බොරුවක් වූවත් එය ඔහුට  ප්‍රයෝජනවත් යැයි සිල්වා මහතා කියයි. බොරුවෙන් ප්‍රයෝජන ගන්නේ තක්කඩි ය. බොරුවක් නොවන දේශීය චින්තනය බොරුවකට වඩා ප්‍රයෝජනවත් විය යුතුය. එහෙයින් “බටහිර විද්‍යාව” ට අදාල විදුලි උපකරන, කර්මාන්ත, ඉස්පිරිතාල, කොම්පියුටර්, කඩදාසි, මෝටර් රථ, ආදී පට්ට පල් බොරු සියල්ල ගලවා දමා දර්මසිරි මහතා වැන්නෝ ලංකාවට පැමින දේශීයත්වය මූලික , බටහිර විද්‍යාවෙන් තොර සමාජයක් නලින් ද සිල්වා මහතා වැන්නන්ගේ පුරෝගාමීත්වයෙන් ස්තාපනය කරන ලෙස බැගෑපත්ව ඉල්ලමු. එපමනක් නොව, ඔවුන්ට දිරි ගැන්වීමට දුර කථනයෙන් ඇමතීමට අපට හැකිවනු ඇත. නුමුත්, බටහිර විද්‍යාව තොර කරන විට දුර කථන ද ගැලවීමට වෙනු ඇත. එවිට පේන කියන්නිය ගේ ආධාරයෙන් පණිවුඩ හුවමාරු කර ගැනීමට හැකි කරන ලෙස ද බැගෑපත්ව ඉල්ල සිටිමි.

ධර්මසිරි මහතාට පිලිවදනක් ලියන ක්‍රිස්ටි මහතා මෙසේ ලියයි:

      සින්හලයේ 1956 වනතුරු CSIRO (Ceylon Scientific and Industrial Research Organisation) කියාල   
      ආයතනයක් තිබුනා. තවමත් ඒ බිල්ඩිම තියෙනවා. එය තිබුනේ සින්හලයේ නිපදවීම් හා
      සොයාගැනීම් දියුනු කරන්නයි ඒවාට අතඩෙන්නයි. 56යේ ඊනියා විප්ලවයෙන් පසු ඒවා
      ඔක්කොටම කෙලවුනා.

එදා තුබුනු CISIR දැනට ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටුට් (ITI) යන නමෙන් තවමත් තිබෙන බව ද, එකල ට වඩා හොඳින් වැඩ කරන බව ද කිව හැක. නුමුත් මෙම ආයතනය බටහිර විද්‍යාව අනුව වැඩකරන්නක් හෙයින් එයෙන් පිට වෙන්නේ පට්ටපල් බොරු බව සිල්වා මතා  අවුරුදු තිහක කාලයක් සිට කියා දක්වා ඇත. දේශීත්වයේ නාමයෙන් CISIR, ITI ගලවා දැමීමට කැමති අය ඇත. අන්න, නියම, බල්ලට නොගිය  දේශීත්වය.

11 Responses to “ඩෙන්ගු රෝගයත්, වකුගඩු රෝගයත් දේශීත්වයත් බල්ලට ගියා  ලු!”

  1. Christie Says:

    “ග්ලයිෆ්සේට් ද රජරට ජලයෙහි හෝ පසෙහි නැතැයි විද්‍යාඥ්යෝ කියයි. දිනකට ග්‍රෑම් 39 යක් සෞඛ්‍යයට හානියක් නොමැතිව ශරීර ගත විය හැකි යයි ”

    I hope the writer will not take 39 grams of this stuff daily.

    There is a big difference between Industrial Technology and Scientific Research.

    Changing the name does not make an institution better.

    I was only stating facts.

  2. aloy Says:

    The CKDu belt is Anuradhapura, Polonnaruwa area which is known as Rajarata. Farmers in ancient times made our country the granary of the east. No where it is recorded that the people in that area suffered kidney ailments; they only suffered attacks from invaders. Present day invaders are the agricultural input companies. The current government should banish all these companies and promote local agricultural inputs.
    Bodhi,
    Please do not complicate the issue by bringing in Natha devio (Nalin ) into the picture.

  3. Dham Says:

    ග්ලයිෆ්සේට් ද රජරට ජලයෙහි හෝ පසෙහි නැතැයි විද්‍යාඥ්යෝ කියයි. දිනකට ග්‍රෑම් 39 යක් සෞඛ්‍යයට හානියක් නොමැතිව ශරීර ගත විය හැකි යයි WHO සංවිධානය කියන අතර , රජරට ජලයෙහි ග්ලයිෆොසේට් තිබෙන්නේ නම් ඒ ඇත්තේ බිලියනයකින් කොටස් දහයකටත් අඩු ප්‍රමානයක් බව “බටහිර” විද්යාඥයන් කියයි.

    This proves how powerful are the producers of this poison. They have bribed any big Professors but poor Dhanapala , the science teacher is providing free advertisement.

    I challenge Mr. Dhanapala to drink 39 grams of Roundup everyday. You do it for 1 year and report back if you are still alive.

    Read the warnings given on the label first. Why do the spraying man need to wear all the safety gear if 39 grams is OK.

  4. Jag Says:

    Bodhi, why not take up the challenge and swallow 39 grams of Glyphosphate for at least a month, and return to tell us how you feel ?

  5. Dr.K Says:

    දෙවියන්ගෙන් ඇහෙන පේන ආරංචි වලට වඩා විද්‍යාත්මක පදනමක් යටතේ කටයුතු කරණ බෝධි ධනපාල මහතාට තම මතය තහවුරු කිරීමට කදිම අවස්ථාවක් එළඹී ඇත .

    ඔහු කියන පරිද “ග්ලයිෆ්සේට් රජරට ජලයෙහි හෝ පසෙහි නැතැයි විද්‍යාඥ්යෝ කියයි. දිනකට ග්‍රෑම් 39 යක් සෞඛ්‍යයට හානියක් නොමැතිව ශරීර ගත විය හැකි යයි WHO සංවිධානය කියන අතර , රජරට ජලයෙහි ග්ලයිෆොසේට් තිබෙන්නේ නම් ඒ ඇත්තේ බිලියනයකින් කොටස් දහයකටත් අඩු ප්‍රමානයක් බව “බටහිර” විද්යාඥයන් කියයි.”

    දිනකට 39g බැගින් ග්ලයිෆොසේට් දින පතා වසරක කාලයක් බී තමාගේ සරිරික සෞක්‍ය වෙනස්වී නැතිබව පෙන්වුවහොත් ඔහු කියන පරිදි නුතන විද්‍යාව සොයාගන්න කරුණු පිළිබඳව 100% විස්වාශය තබියහැකි බව කාටත් ඔප්පුකර පෙන්විය හැකිය. එසේ නොකරන්නේනම් ඔහු සිය ප්‍රසිද්දිය වෙනුවෙන් කෙලෙස කිවුවත් නලින් සිල්වා මහතා කියන පරිදි සිංහල දේශීය සිරිත් විරිත් වලට අනුව චිරාත් කාලයක් තිස්සේ ජනතාව අතරේ ඇති විස්වාසයන් ඔහු හිත යටින් පිළිගන්න බව අපට පිළිගැනීමට සිදුවනු ඇත.

  6. NAK Says:

    Mr.Dhanapala is blaring like a dog barking at the moon and there is a lot of scorn against Dr.Nalin with whom he seem unable to keep up the argument.

    In Dr.Tharanga’s case,Mr.Dhanapala seems ignorant that she is not given the due recognition and that prevents people from seeking her help. She is handicapped due to this and it is a million dollar question why she is denied due recognition for her pioneering work.

    Mr.Dhanapla should now come forward to take the challange to defend ‘Mosanto’

  7. Raj Says:

    මේ කතෟවරයා මා විශ්ව විද්‍යාලේ සිටි කාලේ සිටම මතකයි. මෙයාබටහිර සයන්ස් එකටම ආවඩන පුද්ගලයෙක්එදා සිටම. එතුමා තවමත් විශ්වාසකරන්නේ පංචේන්ද්‍රියට හසු නූනා නම් එසේ දෙයක් නැත යනුයි. බොලඳයි.

  8. Fran Diaz Says:

    *. The WHO has already issued warnings on Glyphosate links to cancer.
    *. The EU calls for total ban on Glyphosate and a large number of countries in Europe have already done so.

    Why question further ?

    More ….

    – Crop rotation helps eliminate weeds. This method is suitable for vegetable gardens (Upcountry especially).
    – Tea plantations do not need weedicides such as Glyphosate as the tea plants have dense leaf growth and are planted close together preventing sunlight for weed growth. Are weedicides needed in tea plantations ?
    – Rubber plantations usually have ground cover plants (legumes) that prevent weeds.
    – Coconut plantations usually have cattle that eat up weeds. Weeds tend to grow in channels cut for water drainage. Hand weeding may have to be done.
    – Paddy lands may be getting Upcountry tea plantation/vegetable areas with weedicides via waterways and drainage systems. Japan etc. rice farmers use some type of foot covers to prevent absorption of poisons through the skin exposed to contaminated water.
    – Qualified Agricultural Officers needed in Lanka. They were removed and SSC qualified youth with scant knowledge of agricultural practices were put in by Pres Premadasa (job creation ?). I do not know the present day position on this.

    At the end of the day, the solution lies in clean drinking water. Every Province will have to have Reverse Osmosis plants put in for good, clean water. Entire American smaller cities have this system.

    These are the matters Lanka politicos have to attend to today – not infighting, pocket stuffing, globe trotting in large numbers, false accusations of the past govt, installing Fascism, ignoring real problems of Lankans, over dependence on global money market, dividing the country on language/ethnicity, attempts at building a deadly bridge to Tamil Nadu, etc.

  9. Christie Says:

    In relation to paw paw cures issue the the important question is Indians have made some shit and sending it here claiming as a cure for Dengu.

  10. Fran Diaz Says:

    We are thankful to Pres Sirisena for banning Glyphosate in Lanka. Past Pres Mahinda Rajapaske had banned Glyphosate in affected areas.

    One wonders where Killi Mahendran’s container loads of Glyphosate are ? Is it in Sri Lanka ? If so, where ? Readers would like to know – can someone supply the information to us ?

    ———–

    There are many Homeopathy remedies for Dengue fever. I hear there are preventive medicines as well in Homeopathy for Dengue fever.

  11. sarathk Says:

    බෝධි ධනපාල යනු බටහිර දැනුම් ආධිපත්‍ය රැකීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්ව බටහිරයන්ගේ සීමාවේ සිට බුරන සත්ත්වයෙකි. බටහිරයෝ මේ සත්වයා ඔවුන් වෙනුවෙන් කරන ( වි )සද් කාරිය ගැන දන්නේයැයි සිතීම තරමක් උගහටය. තමා උපන් දේශයේ දැනුම හා හැකියාවන් නිසා බටහිරයන්ට නින්දාවක් සිදුවියහැකි යැයි මේ සත්ත්වය තුල ඇත්තේ ඇඟ කිලිපොල යන බියකි. ඒ නිසා මෙම සත්ත්වය බටහිරයන්ගේ දේශසීමාවේ එහා මෙහා දුවමින් බුරන් කඩා පනින හැටි අපට මැනවින් සිත්හි මව ගත හැක. ආචාර්ය නලින් ද සිල්වා වරක් මොහුට ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද ප්‍රදානය කරමින් මවු රටට පැමිණ ප්‍රසිද්ද විවාදයකට ආරාධනය කළේය (එය තවමත් විවුර්තය.). බෙහෙවින් බියවූ හෙතෙම එම අභියෝගය බර ගත්තේ නැත. සිදුවූ මදි පුංචිකම නිසා හෙතෙම ධර්මසිරි ගේ ලිපි හරහා හෝ නලින්ට දොස් පවරයි. නියම විද්‍යාඥයෝ යනු තමන් ගේ දැනුම නිවැරදි කර ගැනීමටත් අලුත් අදහස් තුල පර්යේෂණ කිරීමටත් අධික කුතුහලයක් ඇත්තෝ වෙති. ඔවුන්ගේ දැනුමේ අඩුපාඩු ඇති බව ඔවුන් දනිති. තම අහුලා ගත්තේ මුහුදු වෙරළේ බෙලිකටුවක් පමණක් බව අයිසෙක් නිව්ටන් කීවේ එබවිනි. ඔහුන් විශාල ලෙස කාලය හා ධනය යොදවන්නේ ද එබෙවිනි. වරින් වර දැනුම නිවැරදි කරති. සමහර බටහිර බෙහෙත් වර්ග වරින් වර වෙළඳ පොලේ තහනම් කොට ඉවත් කිරීම එක උදාහරණයකි. බටහිරයෝ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍ය ලොවට බලපැවැත් වුවද ඔවුන්ගේ දැනුම අභිබවා හෝ එම දැනුමට එරෙහි වන්නන්ට (ඔවුන්ගේ දැනුමට එරෙහි වුවෝ ඔවුන් අතරම වුහ) බලවත්ව එරෙහිව බුරන්නට දිවිහිමියෙන් ඇපකැප වූ දාසයින් සිටින බව ඔවුන් නොදන්නවා වියහැක. මහින්ද හිමිගේ පැනය මදක් වෙනස් කර අසනු කැමැත්තෙමි. “ලොව පිලිබඳ සැඟවුණු කරුණු හෝ රහස් විමසා බැලීමට බටහිරයන්ගේ ක්‍රමය හැර වෙනත් ක්‍රම ලොව තිබිය හැකිද?”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress