ජාතිවාදය “යැංකි ඩිකී” සහ බෑනා
Posted on January 29th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි  ලීඩ්ස් – එක්සත් රාජධාණිය

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන වලට ප්‍රසිද්ධියේ තර්ජනය කලේය. ඒ නිකම්ම නොවේ සමහර මාධ්‍යවේදීන්ගේ නම්ද සඳහන් කරමිනි. ඒ ඔවුන් ජාතිවාදීන් කියමිනි. ඔවුන් ජාතිවාදීන්වූයේ පුවත් පල කිරීමෙනි. එහෙත් ඔහුට අමතකවූ දෙයක් ඇත.

ඉතා කටුක පාරිසරික තත්වයන් යටතේ කෘෂිකාර්මික කටයුතු වලින් ජීවිතය සරිකර ගත් දැහැමි සාමකාමී දිරිමත් ජනතාවක් විසූ උතුරුකරය ලේ කඳුලුවලින් උතුරා යන්නට පටන් ගන්නේ ජේ ආර් හඳුන්වාදුන් අවිචාරවත් ආර්ථික, සමාජ හා දේශපාලන ක්‍රමයට පින්සිදු වන්නටය. ඔවුන්ගේ ප්‍රශ්න විසඳනු වෙනුවට බලහත්කාරයෙන් ආයුධ බලයෙන් ද්‍රවිඩ ජනයා යටපත් කිරීම අරම්භ වන්නේ ඔහුගේ යුගයේය. ඒ අමාත්‍ය මන්ඩලයේ වත්මන් අගමැති රනිල් වික්‍රසිංහද සිටියේය. විශේෂයෙන් 1981 සංවර්ධන සභා මැතිවරණයේදී එවකට එජාප රජයේ ප්‍රභල මැති ඇමතිවරුන් මැරවර කල්ලි පිරිවරා ඉතා සංවිධානාත්මකව දුම්රිය සහ බස් මගින් උතුරට ගොස් බලහත්කාරයෙන් ඡන්ද මධ්‍යස්ථාන ආක්‍රමනය කර නිලධාරීන් පලවා හැර ද්‍රවිඩ ජනයාගේ ඡන්දය තිරස්චීන ලෙස මංකොල්ල කෑම ඉතිහාස ගතවූවකි.  දින තුනක් තිස්සේ රාජ්‍ය මැර කල්ලි යාපන නගරයේ කාර්යාල, කඩ සාප්පු, ගෙවල් දොරවල්, යාන වාහන ගිනිතබා විනාශ කලේය. එම සිදුවීමට කලින් මිය ගිය පොලිස් නිලධාරීන් තුන් දෙනා වෙනුවෙන් ලෙයට ලෙයින් පලි ගන්නේය. ඒ අහඹුලෙස නිවෙස් තුනකින් පැහැරගත් ද්‍රවිඩ ජාතිකයින් තිදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ අතර ද්‍රවිඩ ජනයාගේ හදවත බඳු එෙතිහාසික සංස්කෘතික වටිනාකම් සහිත ග්‍රන්ථ රාශියකට උරුමකම් තිබු අග්නිදිග අසියාවේ විශ්වකෝශය ලෙස සැලකූ  යාපනය මහජන පුස්ථකාලය ගිනි තබා සම්පුර්නයෙන් අලු කරන්නේය. විනාශ කල දේපල අතර යාපනයේ ඊලනාදු පුවත්පත් කාර්යාලයද අයත් වන්නේය. යාපනය නියෝජනය කල යෝගේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නිවසද ගිනිතබා විනාශ කලේය. එපමනක් නොවේ. 1983 දී එජාපයේ පූර්න අනුග්‍රහය ඇතිව ඉතා සංවිධානාත්මකව කොළඹ නගරය ප්‍රධානවත් මුලු දිවයින පුරාත් අහිංසක නිරායුද දෙමල ජනයා ඉතා තිරස්චීන ලෙස ඝාතනය කලේය. එම ක්‍රියාව සමස්ත සිංහල ජනයා විශේෂයෙන් බෞද්ධ ජනයා ලෝකයේ ම්ලේච්ඡ ජනවර්ගයක් ලෙස බෞතීස්ම කලේය. එම සාහසික අපරාධය ඉදිරි අවුරුදු 20ක පමන කාලයක් ප්‍රධාන වශයෙන් සිංහල ජනයා ඉලක්ක කරගත් දස දහස් ගණන් ජීවිත සහ දේපල අහිමිකල සහ තවත් දහස් ගණනකට තම උපන් බිමේ වාසය අහිමිකල භයංකර යුද්ධයකට මඟපෑදුවේය. වරෙක ඉතා ඉතා සාමකාමී අාගමානුකූල වටපිටාවක් සහිතව ජීවත්වූ ජාතීන් දෙකක් සදාකාලික සතුරන් බවට පත් කලේය.

ජේ අාර් විසින් ඇතිකල ජඩ සමාජ ක්‍රමයේ  රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් නොවූ කල එය උතුරේදී සිංහල ජනයාට එරෙහි සටනක් ලෙසත් දකුනේ දී එම අර්බුදය ඊට වෙනස් ලෙසත් අර්ථ දක්වා හුදෙක් මනුෂ්‍ය ඝාතනයෙන්ම ප්‍රශ්නයට පිලියම් යෙදීම අරමුන විය.

සිංහල ජාතිවාදීන් ගැන පාර්ලිමේන්තුවේ ගෝරනාඩු කරන අගමැතිවරයා සිංහල සහ ද්‍රවිඩ ජනයා සදාකාලික සතුරන් කල තම මාමාගේ ක්‍රියාකලාපයත් එයට තමුන්ගේ අනුග්‍රහයත් අමතක කර ඇතිසේය. ඔහුට අනූව ජාතික සමගිය නැතිවන්නේ පුවත්පතක පලවෙන ලිපියකිනි. නැතහොත් තවකෙකු වෙනුවෙන් කඩේ යාම හේතුවෙනි. ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද? තමන්ට පක්ෂපාතී මාධ්‍ය අායතන පමනක් පවත්වා ගැනීමද? මැතිවරණයට කලින් නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් ඔහු කල සපථයන් බලාපොරොත්තු වූවාටත් කලින්ම අමතකවූ සෙයකි. ප්‍රශ්නයට මුල්වු කරුනු කාරණා පසෙක තිබියදී හුදෙක් තම ලාබ දේශපාලන ප්‍රසිද්ධිය තකා කරුනු ලබන බොලඳ ප්‍රකාශ කරනු වෙනුවට පලමුව ඔහුකල යුතුව ඇත්තේ අදීන ජාතියක් නැවත කිසි දිනක නොනැගිටින ලෙස බේද බින්න කර අකර්මන්‍ය කල ඒ අවිචාරවත් සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය ජනතාව පිට බලහත්කාරයෙන් පැටවීමේ හේතුවෙන් එම ක්‍රමයට අභියෝග කල දසදහස් ගනන් මිනිසුන්ගේ අහිමිවූ ජීවිත වෙනුවෙන් සහ වදකාගාරවල දහදුක් විඳි මිනිසුන් වෙනුවෙන් සහ හුදෙක්ම ආත්මය සිඳගත් මුදල් පසුපස පමණක් හඹායන ජාතියක් නිර්මානය කිරීමේ පාපය වෙනුවෙන් තම මාමා වෙනුවෙන් (ඔහුද එම ඇමති මණ්ඩලයේ සිටි සාමාජිකයෙකි) සමස්ත ජාතියෙන්ම සමාව ගැනීමය.

මාධ්‍ය නිදහස ගැන තව දෙයක් කිව යුතුව ඇත.  ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ මෙන්ම රිචඩ් ද සොයිසා ඔහුගේ නිවසටම පැමිණි පිරිස් පැහැර ගන්නේත් පසුවදා ඔහුගේ සිරුර මුහුදු වෙරලේ තිබී හමුවන්නේත් ප්‍රේමදාස ජනපති සමයේය. එවකට රනිල් වික්‍රමසිංහ එම රජයේ කැබිනට් ඇමතිවරයෙකි.1999 වර්ෂයේදී සටන ප්‍රවෘත්ති පත්‍ර කතෘ වෙඩිතබා ඝතනය කරන්නේ චන්ද්‍රිකා ජනපතිනියගේ කාලයේය.මේ මාධ්‍ය නිදහස දිවි හිමියෙන් ප්‍රතිඥාදී රාජ්‍යබලය ලබාගත් අයගේ පැටිිකිරියෙන් අංශු මාත්‍රයකි.

දැන් සිටිනා බොහෝ තරුණ තරුණියන් දන්නේ මෑත ඉතිහාසයයි. ඒ එල් ටී ටී ය කල යුද්ධයත් මහින්ද රාජපක්ෂ ගේ ක්‍රියා කලාපයත් පමණකි. එබැවින් ඔවුන් දෙපිලකට බෙදී තම තමන්ගේ විශ්වකෝෂයේ දිග පලල අනූව වාද විවාද කර ගනිති. තවත් අවුරුදු කීපයක ඇවෑමෙන් සත්‍ය පැහැදිලි වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කීපයක් වෙනස් කිරීමෙන් , ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීමෙන්, කෝවිලක පූජාවකට සහභාගිවී නලලේ තින්නූර් ගා ගැනීමෙන්  හෝ  පලාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල දීමෙන් (ද්‍රවිඩ දේශපාලකයින් සිතන පරිදි) සියලු ප්‍රශ්න විසඳේයයි බොහෝ අය සිතති. එහෙත් දකුණේ සිංහල ජනයාට මේ සියලු වරප්‍රසාද ලැබී  තිබේ. එහෙත් ගොවියෝ සෑම කන්නයකම පොහොර ඉල්ලා වීදි බසිති. අස්වැන්න විකුනාගත නොහැකිව උද්ඝෝෂනය කරති.සියදිවි නසා ගනිති. රට පුරා කුඩා ලමයින් අපයෝජනයට ලක්කර මරා දැමෙති. බුරුතු පිටින් වකුගඩු නරක් වීමෙන් මිය යති. රැකියා ඉල්ලා තරුණ තරුණියන් උද්ඝෝෂනයේ යෙදෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරේ අයිනේ අටවාගත් අට්ටාලයකටවී තමන්ගේ ඉල්ලීම් ලැබෙන තුරු කල් ගෙවති. දෙමව්පියෝ පාසලකට තම දරුවා ඇතුලත් කරගත නොහැකිව බෝඩ් ලෑල්ලක් එල්ලාගෙන  පාරේ වාඩිවී  සිටිති. ඒ අතර සමහරු පාසැල මායිමේ පදිංචි ලෙස සියලු ලිපිගොනු සකසාගෙන තම දරුවා පාසැලට ඇතුලත්කර ගනිති. දේශපාලකයෝ සිතුමතයේ ජාතික සම්පත් සුරාකති. ප්‍රාදේශීය දේශපාලකයෝ ජනතාවගේ කෝටි ගණන් මුදල් වියදම්කර පිටරට සවාරි යති. එසේ ගොස් කාන්තාවන්ට ලිංගික හිංසා කිරීම යටතේ සිරබත් කති.

මෙයින් පෙනී යන්නේ ජේ ආර් හඳුන්වා දුන් මේ අලජ්ජි දේශපාලන ක්‍රමයට කෝටි දෙකහමාරක් ශ්‍රී ලාංකික ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට පිලිතුරු නැති බවය.  එසේම හුදෙක් තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාම අටවාගත් ගර්හිත ආණ්ඩුවකට කොහෙත්ම හැකියාවක් නොමැති බවය. කනගාටුවෙන් වුවද කිව යුත්තේ මෑත කාලයේ පහලවූ සියලු නායකයින්  ජේ අාර් යුගයේ අතුරු පල වු නිසාවෙන් ඔවුන් කිසිවකට නව දර්ශනයක් නොමැති බවය. අප පිලිගත යුත්තේ ඒ තරම්ම ජේ ආර් එන්නත ප්‍රබල බවයි.

8 Responses to “ජාතිවාදය “යැංකි ඩිකී” සහ බෑනා”

  1. sarathk Says:

    JR යනු මෙතෙක් සිංහල ඉතිහාසයේ පහලවූ ජඩ පාදඩ තුප්පහි පාලකයාය. ඌ හොඳයි කියන පජතියොත් තවම සිටිති. ඔවුන් ගෙන් බොහෝ එවුන් නම් කොළඹ පාසැල් වලින් මූලික අධ්‍යාපනය ලබා මොළ සෝදාගත් ජාතියක් ජන්මයක් නැති එවුන්ය.

  2. NAK Says:

    The fault is not with Ranil Wickremasinghe. He knew he never could come to power on his own.The fault is with duplicitous, born to lie Sirisena with out whom RW would have been political history by now.

    What theja claims are true and people still know who Ranil is but Pacha Sira managed to shadow all that and unconstitutionally and illegally appointed Batalanda murderer as PM. Not only tht he appointed ponna avamangalaya as FM too.
    In my book there are three people who are responsible for destroying this country and first place goes to JRJ without contest. Second goes to stupid Wijeweera for his idiotic revolutions cost many lives and opend the way for a murder society. Prabhakaran comes third because he was a result of the other two.

  3. Nanda Says:

    නිමල්ගේ ප්‍රකාශයට සරත් ඔරවලා – Divayina

    අඟහරුවාදා දහවල් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභාවේ විශේෂ රැස්‌වීමක්‌ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පිලේත්, මෛත්‍රී පිලේත් දෙකේම සාමාජික මන්ත්‍රීවරු හා නියෝජිතයෝ පැමිණ සිටීම විශේෂත්වයකි. දුමින්ද දිසානායක සභාව පිළිගැනීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල කතා කරන්නට පටන් ගත්තේය.

    පළාත් පාලන මැතිවරණය ලබන ජූනි මාසයේදී කොට්‌ඨාස මට්‌ටමින් පවත්වනවා. ඒකට තම තමන්ගේ ආසන සූදානම් කරන්න. අනිත් එක මේ ව්‍යවස්‌ථා සංශෝධනය ගැන ගමේ කියන බොරු මනස්‌ගාත බය නැති කරන්න මහන්සි වෙන්න. බොරු බිල්ලෙක්‌ පෙන්නලා කරන අනවශ්‍ය ප්‍රචාර නතර කරන්න වැඩ කරන්න ඕන.

    අනිත් එක අලුත් පක්‍ෂයක්‌ හදනවා කියල සමහරු තැන තැන කිය කියා යනවා. මම ඕවා ගැන කතා කරන්න සතුටු නෑ. ඒත් ඔයාලා රටේ ජනතාවට, අපේ පාක්‍ෂිකයන්ට කියල දෙන්න ඕන පක්‍ෂය දෙකට කැඩුවොත් අපේ පරාජය ස්‌ථිරයි කියන එක.

    සමහර අය නව ව්‍යවස්‌ථාව ගැන බොරු බිල්ලෝ පෙන්න පෙන්න රටේ ඇවිදිනවා.

    වැරැදි මත පතුරවනවා. ඒක හරියට බබා හම්බ වෙන්න කලින් බබාගේ හැඩරුව කියනවා වගේ වැඩක්‌. නිමල් සිරිපාල ද සිල්වා මහත් උනන්දුවෙන් කියාගෙන කියාගෙන ගියේය. ඒ අතර පිටුපසින් හූ හඬක්‌ද නැගිනි.

    ඔය ඇමැතිතුමා දන්නේ නෑ දැන් බබා හම්බ වෙන්න කලින් ස්‌කෑන් කරල බලලා බබාගේ හැඩරුව කියනවා තමයි… පියල් නිශාන්ත කීවේය.

    ඒ විතරක්‌ නොවෙයි. ගෑණුද පිරිමිද කියලත් කියනවා. දොස්‌තරවරු
    ප්‍රසන්න රණතුංග කීවේය.
    එසේ කිව්වත් නිමල් සිරිපාල නතර කළේ නැත. වෙන වෙන කතා නෑසුණා සේ ඔහු නව ව්‍යවස්‌ථාව වර්ණනා කරන්නට ගත්තේය. සංශෝධන යෝජනා එළියට ආවාම බලන්නකෝ… ඔහු කීවේය.

    ජනාධිපතිතුමනි… ඔබතුමයි රටේ සේනාධිනායක. හමුදා අංශ දැන් දැඩි අසීරුවට පත්වෙලයි ඉන්නේ. බුද්ධි අංශ සාමාජිකයන් මේ විදියට අත්අඩංගුවට ගැනීම වැරැදියි. ඔබතුමා මේවාට ඉඩ දෙන්න එපා. අනිත් කාරණාව තමයි ලෝකේ කිසිම රටක්‌ තම රටේ ආරක්‌ෂාව පිණිස වැඩ කරපු “විශේෂ බළකායන්” වල තොරතුරු පිටට දෙන්නේ නැහැ. අපි ඇයි මේවා එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ නියෝජිතයන්ට දෙන්නේ. විශේෂ ඒකක ගැන බලාගන්න ඕන. අපේ බුද්ධි අංශ අත්අඩංගුවට ගන්න එක නවත්තන්න. අපි සම්මුතිවාදී ආණ්‌ඩුවක ඉන්න නිසා අපටත් සිද්ධ වෙනවා මේ පාප කර්මයට වගකියන්න…. සරත් වීරසේකර දිග කතාවක්‌ කළේ ආවේගයෙනි. එහෙත් ඊට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා පැන පැන කතා කරන්නට පටන් ගත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා හා වත්මන් ආණ්‌ඩුව වෙනුවෙන් පෙනී සිටින “හොඳම නියෝජිතයා” තමන් බව විදහා පාන්නට මෙනි.

    එහෙත් සරත් වීරසේකර අතහැරියේ නැත. නිමල්ට හොඳ හැටි විෂය කරුණු වලින් රටේ ආරක්‌ෂාව කියා දෙන්නට සරත්ට හැකිවිය.

    අනතුරුව ජනාධිපතිවරයා මැදිහත්ව බුද්ධි අංශ ප්‍රශ්නය ගැන බලන්නටත්. ආරක්‌ෂක අංශ තොරතුරු නොදෙන්නටත් තමා ක්‍රියා කරන බව කියා පෑවේය.

    මේ අතර ලලිත් දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාද නැගිට ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණකදම්භය ගැන ලොකු වර්ණනාවක්‌ කියවන්නට පටන් ගත්තේaය. අපි අද නායකයා ඉදිරියේත් බය නැතිව අදහස්‌ පළකරනවා. ඒකම මදිද… ඔහු ඇසුවේය. ඊට පසුපස සිටි මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්‌වූවේ දිග හූවකිනි. ඔහු වෙනුවෙන් ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඉදිරිපත් වූ අතර ඔහුටද හූ සංග්‍රහය විඳින්නට සිදුවිය. අන්තිමේ සභාව සන්සුන් කරන්නට ජනාධිපතිවරයාට මැදිහත් වන්නට සිදුවිය.

    මේ අතරතුර විමලවීර දිසානායක නැගිට වේගයෙන් කතා කරමින් “ආවඩන්නන්” ප්‍රතික්‌ෂේප කරමින් කතා කළේය. පක්‍ෂයේ සමගිය ගැන, චමල් රාජපක්‌ෂද සභාව සන්සුන් කරමින් අදහස්‌ කීපයක්‌ පළකළේ මේ වෙලාවේ දීය.

    “ජනාධිපතිතුමනි, එµa.සී.අයි.ඩී. එකෙන් ඇමැතිවරු මන්ත්‍රීවරු ගැනත් පරීක්‍ෂණ කරනවා. ඒ වුණාට පරීක්‍ෂණ ශ්‍රී ලංකා එකේ අය ගැන විතරයි. තාම කිසිම යූ.ඇන්.පී. කාරයෙක්‌ව පරීක්‍ෂණවලට කැඳවල නෑ…” බන්දුල කීවේය.

    ඉන්පසුව බන්දුල තවත් ඉල්ලීමක්‌ කළේ ස්‌වාධීන වෙනම කණ්‌ඩායමක්‌ ලෙස විපක්‍ෂයේ වැඩ කරන්නට ඒකාබද්ධ විපක්‍ෂයට අවසර දෙන ලෙස ඉල්ලමිනි.

    මේ සියල්ල තරමක චකිතයකින් යුතුව අසා සිටි ජනාධිපති මෛත්‍රී ඉදිරියේදී මේ ගැන කටයුතු කරන බව කියා මෙම රැස්‌වීම අවසන් කළේය.

  4. Ancient Sinhalaya Says:

    Thambi mudiyanse started killing Buddhists to please the west. Then lk premadasa took the brutality aganst
    Buddhists to new heights. Then pol pot ponil took it to even greater heights. These are out and out traitors
    to the Sinhalese, Sri Lanka and Buddhism.

    UNPatriotic party always look after the 3 enemies of Sinhalese, Buddhism and Sri Lanka to please the west.
    There is an added advantage to the UNPatrioics since those 3 groups always vote for them. With the 3 groups support
    plus some Sinhala modayas votes they can win all the time. The UNPatrioitcs know that. So they don’t give a damn about the Sinhalese. But some Sinhala modayas fall their diabolical lies.

    Catholic traitor chief pol ponil is ruling Sri Lanka for the first time. So they want to use this opportunity to the max
    to destroy Buddhism, Sri Lanka and the Sinhalese race this time. That’s why they want rein-in Buddhist monks who
    always come forward to protect Sri Lanka, Buddhism and the Sinhalese while toothless Sinhalese politicians look away
    while Sri Lanka is burning.

    Hirunika and wilpattu burner mussie bada udin go home. Gnanasara Thero goes to prison! Mussies who have the most bedroom accidents (never heard the word condom ever) want more and more space for ever multiplying mussie off springs. Nobody says a word against the
    rampaging mussies. But a Buddhist monk is in prison for just protesting. UNPatriotics have killed Buddhists and burnt them in tyres. They let catholic tigers of tamil drealam to kill Buddhist monks. So this is nothing for the YAMA PALLAN.
    We shouldn’t be suprised by YAMA PALLANGE MURDEROUS ACTIONS. That’s how they have ruled the country since thambi mudiyansege time when they are in power.

    Just google Sri Lanka’s under world gangsters. UNPatriotics patalaying top the list. UNPatrioics get Buddhist policemen to kill Buddhists. How clever of them to do that. It may be proving the old saying Sinhala modaya!

  5. Nanda Says:

    අගමැතිගේ ප‍්‍රකාශය සියළු මහ සඟරුවනට බරපතල අවමානයක්.. බරපතල අභියෝගයක්..

    January 30, 2016 at 1:20 pm | lanka C news

    අගමැතිගේ ප‍්‍රකාශය සියළු මහ සඟරුවනට බරපතල අවමානයක්.. බරපතල අභියෝගයක්..
    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රකාශය මෙරට සියළු මහ සඟරුවනට කළ බරපතල අභියෝගයක් හා බරපතල අවමානයක් බව සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ශාන්ති පදනමේ ගරු සභාපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියෝ පවසති.

    මේ බව සඳහන් කරමින් උන් වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    අගමැතිතුමාගේ ඒ ප‍්‍රකාශය වැරදියි

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනවාරි 26 දා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් ‘‘මේ රටේ බුද්ධරක්‍ඛිත, සෝමරාමලාට ඉඩක් නැතැයි’’ ප‍්‍රකාශ කළේ ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් රිමාන්ඞ් බන්‍ධනාගාරයට නියම කිරීමෙන් පසුවය.

    බුද්ධරක්‍ඛිත, සෝමරාමලාට ඇත්තේ ඉතා අප‍්‍රසන්න අතීතයකි. රටේ අගමැතිවරයා ඝාතනය කිරීමේ මහා පාප කර්මයට ඒ දෙදෙනා බන්‍ධනාගාර ගත කරන ලදි. ‘තමා නිදහස් කරන්නේ නැත්තම් බණ්ඩාරනායක ඝාතනයේ සැබෑ අහුමුලූ හෙලි කරන බවට’ බුද්ධරක්‍ඛිත එදා සිටි ප‍්‍රබලයන්ට ලිඛිතව දැනුම් දෙන ලදී. ඒ දැනුම් දීමත් සමගම සතියක් ඇතුලත නොදන්නා හේතුවකින් අබිරහස් ලෙස බුද්ධ රක්‍ඛිතගේ මරණය බන්‍ධනාගාරය තුළදීම සිදුවිය. ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් බුද්ධරක්‍ඛිත, සෝමාරාම පරපුරේ කෙනෙකු නොවේ. උන් වහන්සේ රිමාන්ඞ් බන්‍ධනාගාර ගත කළේ ඇයි.

    එදා හෝමාගම උසාවියට ගියේ රට බේරාගත් රණවිරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමටය. මිනිසුන් දහස් ගණනකට මරණය කැඳවු කොටි ත‍්‍රස්තවාදීන්ට නිදහස ලබාදීමත්, රට වැසියන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවන් බන්‍ධනාගාරගත කිරීමත් මේ රජයේ ප‍්‍රතිපත්තිය වී ඇත. දෑහිතකාමී ඕනෑම කෙනෙකු මේ කරුනේදී රජයට එරෙහි වනු ඇත. යුක්තිය අයුක්තිය බවට පත්වන වේලාවක ඕනෑම කෙනෙකුගේ හිතේ ඇති වන්නේ අසීමිත වේදනාවකි. ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ටද ඒ වේදනාව සාධාරණය. උසාවියේ නිළධාරීන්ට බාධා කිරීම, දෝෂාරෝපණය කිරීම වැනි සරළ කරුණු කීපයක් මුල් කරගෙන උන් වහන්සේ දින 14 කට බන්‍ධනාගාර ගත කරන ලදී. උසාවියට ගල් ගහපු රිෂාඞ් බද්යුඞීන් ඇමතිතුමා නිදොස් කොට නිදහස් කරන ලදී. ඒත් මේ ශ‍්‍රී ලංකාවේමය.

    දෑහිතකාමී වේදනාවෙන් කෑ ගසන කෙනෙකුත්, රටේ අගමැතිවරයා ඝාතනය කළ කෙනෙකුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් මහා පරතරයකි. එහෙත් අපේ අගමැතිතුමා මේ දෙක පටලවාගෙන ඇත.

    එදා හෙළ උරුමය ‘‘දුස්සීල සමාගමක්’’ හැටියට හංවඩු ගැසීමට එතුමා ඉදිරිපත් විය. එහෙත් අද එතුමා දුස්සීල සමාගම සමග එකට එක්වී ඇත. ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ගේ ඇතැම් ක‍්‍රියාකාරකම් අපි අනුමත නොකරමු. එහෙත් මෙහිදි සිදු වූ දේ කණපිට පෙරලීමට අගමැතිතුමා ඉදිරිපත් වීම යහ පාලනයේ කොටසක් විය නොහැකිය. එතුමාගේ එම ප‍්‍රකාශය සියළු මහ සඟරුවනට කළ බරපතල අභියෝගයකි. බරපතල අවමානයකි. රටේ ප‍්‍රශ්න වෙනුවෙන් කථා කරන සියළුම දෙනා බුද්ධරක්‍ඛිතලා වන්නේ ද ? එතුමාගේ එම ප‍්‍රකාශය කිනම් ගමනාන්තයක් දක්වා බලපවත් වන්නේ ද ? යනු ප‍්‍රශ්නයකි.

    මේ කරුණු සියල්ලම ගෙන සළකා බැලීමේදී මේ වචනය අගමැතිතුමා නොකිවානම් ඉතා හොඳය. වගකිව යුතු තනතුරක් දරණ කෙනෙකු ප‍්‍රවේශමෙන් කථා කළ යුතුය. ඒ නිසා එතුමාගේ ප‍්‍රකාශය පාර්ලීමේන්තුව තුළදීම ඉල්ලා අස්කර ගන්නේ නම් මැනවී. උන්වහන්සේගේ හිතේ මතුව ආ වේගය නිකම් පහළ වූයේ නොවේ. දිගින් දිගටම මහජාතියට සිදුවන කෙනහිලිකම් කාලයක් තිස්සේ ඉවසීමෙන් බලා සිට මතුව ආ වේදනාවකි. මහජාතියට සිදුවන අසාධාරනකම් පැමිණිලි කිරීමට නිශ්චිත තැනක් නැත. රජයද එවැනි ප‍්‍රශ්න තුට්ටුවකට මායිම් නොකරන බව බොහෝ දෙනා දනිති. මේ සියල්ල ඉදිරියේ ගලගොඩ අත්තේ ඤාණසාර වැනි හිමිවරුන්ගේ පහළවීම නොවැළක්විය හැකි කරුණකි.

    ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් තවදුරටත් බුද්ධරක්‍ඛිත, සෝමරාම පරපුරට අයත් නොවන බව රටේ ජනතාව දැනගත යුතුය. උන් වහන්සේ එදා ගියේ යුක්තිය ඉල්ලා කෑ ගැසීමටය. උන් වහන්සේට වැටහුනේ එපමනය.

    මෙයට –

    ශාසන දයාවෙන්

    පූජ්‍ය කොටපොල අමරකිත්ති මහා ස්ථවිර
    සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ශාන්ති පදනමේ ගරු සභාපති

  6. Nanda Says:

    We must defeat Ranil.
    Only way is to support Maru Sira for the time being. Maru Sira is aiming to become next MR.

  7. Christie Says:

    “ඔවුන්ගේ ප්‍රශ්න විසඳනු වෙනුවට බලහත්කාරයෙන් ආයුධ බලයෙන් ද්‍රවිඩ ජනයා යටපත් කිරීම අරම්භ වන්නේ ඔහුගේ යුගයේය. ඒ අමාත්‍ය මන්ඩලයේ වත්මන් අගමැති රනිල් වික්‍රසිංහද සිටියේය. විශේෂයෙන් 1981 සංවර්ධන සභා මැතිවරණයේදී එවකට එජාප රජයේ ප්‍රභල මැති ඇමතිවරුන් මැරවර කල්ලි පිරිවරා ඉතා සංවිධානාත්මකව දුම්රිය සහ බස් මගින් උතුරට ගොස් බලහත්කාරයෙන් ඡන්ද මධ්‍යස්ථාන ආක්‍රමනය කර නිලධාරීන් පලවා හැර ද්‍රවිඩ ජනයාගේ ඡන්දය තිරස්චීන ලෙස මංකොල්ල කෑම ඉතිහාස ගතවූවකි. දින තුනක් තිස්සේ රාජ්‍ය මැර කල්ලි යාපන නගරයේ කාර්යාල, කඩ සාප්පු, ගෙවල් දොරවල්, යාන වාහන ගිනිතබා විනාශ කලේය. එම සිදුවීමට කලින් මිය ගිය පොලිස් නිලධාරීන් තුන් දෙනා වෙනුවෙන් ලෙයට ලෙයින් පලි ගන්නේය. ඒ අහඹුලෙස නිවෙස් තුනකින් පැහැරගත් ද්‍රවිඩ ජාතිකයින් තිදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ අතර ද්‍රවිඩ ජනයාගේ හදවත බඳු එෙතිහාසික සංස්කෘතික වටිනාකම් සහිත ග්‍රන්ථ රාශියකට උරුමකම් තිබු අග්නිදිග අසියාවේ විශ්වකෝශය ලෙස සැලකූ යාපනය මහජන පුස්ථකාලය ගිනි තබා සම්පුර්නයෙන් අලු කරන්නේය. විනාශ කල දේපල අතර යාපනයේ ඊලනාදු පුවත්පත් කාර්යාලයද අයත් වන්නේය. යාපනය නියෝජනය කල යෝගේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නිවසද ගිනිතබා විනාශ කලේය. එපමනක් නොවේ. 1983 දී එජාපයේ පූර්න අනුග්‍රහය ඇතිව ඉතා සංවිධානාත්මකව කොළඹ නගරය ප්‍රධානවත් මුලු දිවයින පුරාත් අහිංසක නිරායුද දෙමල ජනයා ඉතා තිරස්චීන ලෙස ඝාතනය කලේය. එම ක්‍රියාව සමස්ත සිංහල ජනයා විශේෂයෙන් බෞද්ධ ජනයා ලෝකයේ ම්ලේච්ඡ ජනවර්ගයක් ලෙස බෞතීස්ම කලේය. එම සාහසික අපරාධය ඉදිරි අවුරුදු 20ක පමන කාලයක් ප්‍රධාන වශයෙන් සිංහල ජනයා ඉලක්ක කරගත් දස දහස් ගණන් ජීවිත සහ දේපල අහිමිකල සහ තවත් දහස් ගණනකට තම උපන් බිමේ වාසය අහිමිකල භයංකර යුද්ධයකට මඟපෑදුවේය. වරෙක ඉතා ඉතා සාමකාමී අාගමානුකූල වටපිටාවක් සහිතව ජීවත්වූ ජාතීන් දෙකක් සදාකාලික සතුරන් බවට පත් කලේය.”

    Theja, why don’t you write about the plight of East European Migrans in the UK.

    Eelam Revolutionary Organisation of Students started long before 1981 in the UK. It was backed up by the Indian intelligence service. The purpose was to fight against the erosion of the privileges enjoyed by the Indian colonial parasites in Ceylon as well as in other Indian colonies.

    If you live in Leeds, UK you know very well how the poor Sinhalese live in the UK as Dalits of Indian colonial parasites who are much better off than yourself and others.

  8. Christie Says:

    I was in Colombo in July 1983 and I saw how the Indian merchants burned the shops from inside. Photos were taken and send to news papers and media in the West.

    About the Library, you better read the Sansoni Report.

    Indian Sepoy killing Sinhalese goes back to 1796 when the British took over the Dutch Possession of Ceylon.

    You ever heard or read about the killing of Sinhalese who lived in Jaffna in 1958?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress