ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතට පෙරවදනක්
Posted on February 4th, 2016

ආචාර්ය ගොඩගම මංගල ස්ථවිර,  අස්ගිරි මහා විහාරය, මහනුවර  උපුටා ගැන්ම රිවිර

මෙම ලිපිය ලියන මම යෝජිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත හා යෝජිත භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත යෝග්‍ය ආකාරයට සකස් කිරීම පිළිබඳව වූ රැස්වීම්වලට සහභාගි වූයෙමි. ඒ එකදු අවස්ථාවක හෝ විවාදාපන්නව ඇති භික්ෂූන් වහන්සේට දණ්ඩනය පැනවීම සඳහා වූ කතිකාවත සාකච්ඡාවට බඳුන් නොකළ අතර අප දැඩි සේ කියා සිටියේ භික්ෂූත්වය අවභාවිත කරන්නන් ශාසනයෙන් බැහැර කිරීමේ නියමයන් බුදුන් අනුදැන වදාළ භික්ෂු විනය තුළ ඇති බවත්, එයට අනුගතව ධර්මයට හා විනයට පටහැණි නොවෙමින් කටයුතු කිරීමට හැකිවන අයුරින් විහාර හා දේවාලගම් පනත සකස් කර ගත යුතු බවත් මේ නියමයන්ට අනුව කටයුතු කරන සංඝ සභාවලින් ගන්නා තීරණ බලාත්මක කිරීම සඳහා අධිකරණයක් අවශ්‍ය බවය.

ඒ අනුව ෙතේ‍රනිකායික වූ භික්ෂු සමූහයාටම අදාළ වන ආකාරයෙන් සකස් වූ මෙය අවසාන මොහොතේ පාර්ශ්ව තුළ හා ‍පොදුවේ භික්ෂූන් තුළ ඇති විය යුතු ඒකීයත්වය බිඳෙන හා ප්‍රාදේශීය සංඝයා අමනාපයට පත් කරවන ආකාරයෙන් ‘සංඝ සභාවන්ගෙන් ගන්නා තීරණවලට අභියෝග කළ නොහැකිය.’ යන්නත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදය ‘මහා විහාර දෙකේ සංඝ සභාවලට පමණක්’ හිමිකර දෙමින් සංශෝධනය කර ඇත. එය අවසන් මොහොතේ සිදුකර ඇත්තේ මහා විහාර දෙක හිතාමතාම දෝෂාරෝපණයකට ලක් කිරීමට යැයි සිතේ.
ලංකාව සර්වාගමික රටක්ය යන මතය දරන පාර්ශ්වයක මහා යතිවරුන්ගේ ඉල්ලීම අනුව දෝ විහාර දේවාලගම් පනත පසෙක තබා භික්ෂූන් හට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක එය විසඳා ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්මයට හා විනයට අනුගතව ගැටලු විසඳා ගැනීමේ උත්තරීතර ක්‍රමවේදය වෙනුවට බෞද්ධ අබෞද්ධ ගිහි පිරිසකගෙන් සැදුම්ලත් උත්තරීතර යැයි සම්මත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් නීති මාලාවකින් තමන් පාලනයවීමට යම් භික්ෂුවක් උත්සාහ දරන්නේ නම් පසුගිය රජයේ එක් අමාත්‍යවරයකු විසින් ගස් බැඳි සමෘද්ධි නිලධාරියා තමන්ගේ ආරක්ෂාවට එය තමන් විසින්ම කර ගත්තා යැයි ප්‍රකාශ කළාක් මෙන් භික්ෂූන් විසින්ද ඒ හා සමාන ප්‍රකාශයක් තමන්ටම කරගත යුතු වේ.

භික්ෂූන්ගේ විෂමාචාරී හැසිරීම් රටාව පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍යව ඇත. එය ශාසන භාරධාරී මහා යතිවරයින්ගේ ‍පොදු එකඟතාවකින් සිදුවිය යුත්තකි. මේ අදහස වරෙක යටපත් වෙමින්ද තව වරක ඉස්මතු වෙමින්ද පැවතුණි. මෙහි ප්‍රථම ඉස්මතු වීම ඇතිවූයේ හක්ගෙඩිය කරපින්නාගෙන නිර්මල ශාසනයේ ආරක්ෂාව පතා යැයි කියමින් ද වාරිය‍පොළ භික්ෂු පරපුරේ උරුමය රැකීමට යැයි කියමින්ද පාර්ලිමේන්තුවට පාවඩ නොමැතිව වැඩම කළ භික්ෂු පිරිස් නිසාය. එසේ වුවත් නව කතිකාවත් පනතේ භික්ෂුව මහජන නියෝජිතයකු වශයෙන් පාර්ලිමේන්තුවට යාම දණ්ඩනයට යටත් වන්නක් බව සනිටුහන් කර ඇත. ඉන්පසු මේ පිළිබඳ කතා වූයේ බොදුබල වැනි සේනාවන්ගේ සහ රාවණාබලය වැනි සේනාවන්ගේ ආගමනයත් සමගය. දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කරමින් හෝ මේ බලයන්හි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට නොහැකි වූ තැන මේ භික්ෂු පනත සම්මත කිරීමෙන් හෝ ජාතිකත්වය හා ආගමිකත්වය ප්‍රකට කරන තරුණ යතිවරුන් වහන්සේලා නිහඬ කිරීමට හෝ යම් දණ්ඩනයට ලක් කිරීමට අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ මහා නාහිමි ‍පොලඹවා ගැනීමට කරනු ලබන යම් උත්සාහයක් යැයි සිතේ. සංඝ සභාවෙන් විමසා හෝ නොවිමසා යම් යම් තීරණ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට දැනුම් දීමේ හැකියාවක් මහා නාහිමිට ඇත. මේ ජනරාල්වරයා එය ෙනෙතිකව තමන්ට ලබාදී ඇති බලය අනුව ක්‍රියා කරනු ඇත. මේ ක්‍රියාවන්හි විනිවිද භාවය පිළිබඳව ඇති අවිනිශ්චිතතාව නිසා භික්ෂූන්ට යම් අසාධාරණයක් සිදුවනු ඇත.

සංඝ සංස්ථාවේ උන්නතිය හා අවනතිය රඳා පවතින්නේ ශාසන භාරධාරි මහානායක මාහිමිවරුන්ගේ විශිෂ්ට වූ පෞරුෂය මත පදනම් වූ දුරදර්ශී ක්‍රියා කලාපය තුළය. මේ රටේ එවැනි උදාරවූ නායකත්වයක් ඇතිව තිබූ කාල වකවානුව වූයේ 80 හා 90 දශකයේ යැයි මට සිතේ. ඒ කාල වකවානුවේ මහා යතිවරයාණන් වහන්සේලා වූයේ සිරිමල්වත්තේ ආනන්ද නාහිමි, පළිපාන ශ්‍රී චන්ද්‍රානන්ද නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකර නාහිමි සහ ලබුගම ලංකානන්ද නාහිමි වැනි නාහිමිවරුන්ය. මේ නාහිමිවරු මසකට වරක් දෙකක් හමුවී උද්ගත ජාතික හා ආගමික ප්‍රශ්න හා ඊට අදාළ විසඳුම් සාකච්ඡා කළහ. සංඝ සභාවලද සහයෝගය ඇතිව ඒවා විසඳීමට ක්‍රියා කළහ. උන්වහන්සේලාට නොමඳ සහායක් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, මාදුළුවාවේ සෝභිත, නියංගොඩ විජිතසිරි පළිපාන සිරිනිවාස වැනි හිමිවරුන්ගෙන් ලැබුණි.

අද ශාසන භාරධාරීත්වය උසුලන හිමිවරුන්ගේ කාර්යභාරය යාවත්කාලීන කරගත යුතුව ඇත. දේශපාලනමය කෝණයකින් ජාතික හා ආගමික ප්‍රශ්න කෙරේ නොබැලිය යුතුය. ඇතැම් මහා යතිවරයන් වහන්සේලා තම ගන්ධ කුටියෙන් එළියට වඩින බවක්ද නොපෙනේ. ඒ නිසා රට තුළ පැන නැගී ඇති ජාතික හා ආගමික වූ විවිධ ප්‍රශ්නයන්ට අවධානය යොමු කිරීමට හෝ අවබෝධයෙන් යුතුව ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමට හෝ උන්වහන්සේලාට ශක්තියක් නැතැයිදෝ සිතා ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයක් තෝරාගෙන ශාසනික ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර ඇති බව පුවත්පත් හා රූපවාහිනී යන ජනමාධ්‍ය මගින් දුටුවෙමි.

අද තත්ත්වය වී ඇත්තේ ජාතිකත්වයෙන් හා ආගමිකත්වයෙන් ඇති වන හැඟීම් පාලනය කරගත නොහැකි ජවයෙන් හෙබි තරුණ භික්ෂු පිරිස් මේ වන විට උද්ගතව ඇති ප්‍රශ්න තම දැනුමට අනුව තක්සේරු කරගෙන ඒවා විෂයෙහි ජව සම්පන්නව ක්‍රියාකාරී වීමය. ඔවුන්ගේ ජවයන් බලගැන්වීමට මහානාහිමිවරු ආරම්භයේදී විවිධ ආධාර උපකාර ද සැපයුවත් අද වචනයෙන්වත් ඔවුන් දිරිමත් නොකරති. ඔවුන් ඉදිරියේ ඔවුන්ට දෙන අනුශාසනය රටට හෙළි නොවන තත්ත්වයක් ඇති නිසාත් ඔවුන් ජනමාධ්‍යයට කරන සුබවාදී ප්‍රකාශ නිසාත් මහා යතිවරයන් වහන්සේලාගේ නිහඬත්වය නිසාත් ජනතාව තුළ උන්වහන්සේලා කෙරේ ඇති ප්‍රසාදය ක්‍රමයෙන් තුනීවන බවක් පෙනේ. ඒ ඒ සංඝ සභාවන්වත් මේ බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතු කාලයක් එළැඹ ඇත. මහානායක හිමිවරුන්ගේ සහ සංඝ සභාවල අරමුණ විය යුත්තේ බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අවශ්‍ය කටයුතු යෙදීමත් භික්ෂු පාරිශුද්ධියත් විහාරගත සම්ප්‍රදායයන් ඉදිරියට ගෙන යාමත්ය. මේ අරමුණ මත කටයුතු කරන විට තමන්ටම යැයි කිව යුතු දේශපාලන අරමුණක් නැත. දේශපාලකයින් කරන යහපත් කාර්යයන් අගය කිරීමත්, රට ජාතියට අහිතකර ක්‍රියාවන් හෙළා දැකීමත් කළ යුතු වේ. මේ තත්ත්වය මැනවින් කළ මහා යතිවරයෙකි යක්කඩුවේ නාහිමි. උන්වහන්සේ එවක ලංකාව පාලනය කළ නිදහසේ පියා වශයෙන් විරුදාවලි ලත් මහාමාන්‍ය ඩී,ඇස්. සේනානායක මැතිඳුන්ගේ පාලනයේ අයහපත් ක්‍රියාවන් විවේචනය කළ විට මේ නාහිමියන් හමුවට පැමිණි සේනානායක මැතිඳුන් ඔබ වහන්සේලා අපේ වරිගේ නහන්නට කුමන්ත්‍රණය කළත් ඒක කරන්න බැහැ. හැබැයි මට තියෙන දුක ඔය වැඩවලින් බුද්ධ ශාසනය විනාශ වීම ගැනයි.” මෙයට නාහිමියන් පිළිතුරු දෙන්නේ උන්නැහේ උන්නැහේගේ වරිගේ බලාගන්න. මහානායක හාමුදුරුවොයි අපියි බුද්ධ ශාසනය බලා ගන්නම්.” කියාය. අදත් අපට අවශ්‍යව ඇත්තේ දේශපාලනීකරණය නොවූ මනා පෞරුෂමත් මහා යතිවරයන් වහන්සේලාය.

පසුගිය දිනක මුස්ලිම් ජාතික පිරිසක් මහ යතිවරුන්ට කුරාණය නම් වූ ඉස්ලාම් ශුද්ධ වූ ලියවිල්ල පිළිගන්වන විට අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශවල ඉඩම් අක්කර දහස් ගණනින් වංචාකර තම වර්ගයා පදිංචි කිරීම වරදක් නොවන බව මේ ‍පොතේ සඳහන්ව තියෙනවා දැයි අසා දැන ගැනීමටවත් උන්වහන්සේලාට කල්පනාවක් නොවුණත් එක්තරා තරුණ යතිවරයාණන් කෙනෙකුට ආත්ම ශක්තියක් තිබුණා ජනමාධ්‍ය ඉදිරියේ තමන් සත්‍යයක් මිස අසත්‍යයක් නොකියන බවට දිවුරන ලෙස අදාළ අමාත්‍යවරයාට අභියෝග කරන්නට.

මෙවන් තත්ත්වයක් යටතේ සර්වාගමික මතවාදයෙන් පෙළෙන පාර්ශ්වයන් තමන්ට නැති ශාසන භාරධාරීත්වයක් ලබාගැනීමේ අරමුණින් කඩිමුඩියේ භික්ෂු කතිකාවක් ගෙන ඒමට රජයට බලකරන බවක් පෙනේ. මේ බල කිරීම් මත කතිකාවත් පනත් සම්මත වුවහොත් සංඝ සභාවන්ට නාමිකව හිමිවන බලයේ අධිකාරිමය බලය මහ නාහිමිට පමණක් හිමි වන අතර උන්වහන්සේගේ නියමයන් ක්‍රියාවේ යෙදීමේ කටයුත්ත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට හිමි වේ. මේ ජනරාල්වරයාගේ පත්වීම දේශපාලන අධිකාරියේ පත්වීමක් වන අතර ඔහු රජයේ නියමයන්ට අනුව ක්‍රියා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ නිසා මහානායක පදවියේ ශාසනික හා ජාතික ප්‍රශ්න විෂයෙහි ක්‍රියා කිරීමට ආත්ම ශක්තියක් නැති හෝ තම නිකාය හෝ පාර්ශ්වය ශක්තිමත් කර ගැනීමට අවශ්‍යම නම් හෝ මේ නීති කෙටුම්පත ගෙන ආ යුත්තේ පහත කොන්දේසි කීපයට හෝ යටත් කිරීමෙන් පසුව බව අවධාරණය කරමි.

1. අනාදිමත් කාලයක සිටි ලංකාවේ ස්ථාපිත සම්ප්‍රදාය තම ව්‍යවස්ථාව කරගත් මහාවිහාර සංඝ සභාවලට අභියෝගයක් නොවිය යුතුය.

2. තම සංඝ සභාවේ මත නොවිමසා අත්තනෝමතිකව තම නිකායේ හෝ පාර්ශ්වයේ මහානාහිමි කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට එම බලයක් සංඝ සභාවලට හිමිවිය යුතුය.

3. සංඝ සභා සම්මතයෙන් බෞද්ධ කටයුතු ජනරාල්වරයා ඔහු වෙත එවන නිර්දේශයන් ඔහු හිතාමතාම ක්‍රියාත්මක නොකරන්නේ යැයි සංඝ සභාවලට ඒත්තු යන්නේ නම් ඒවා ක්‍රියාත්මක කර ගැනීමට ෙනෙතික බලයක් සංඝ සභාවලට තිබිය යුතුය.
4. අන්‍යාගමික මැති ඇමැතිවරුන්ගේ ඡන්දය මේ පනත් සම්මත කිරීමට අදාළ නොකර ගත යුතුය.

5. එයට යම් දිනක සංශෝධන ගෙන එන්නේ නම් සංඝ සභා සාමාජිකයන්ගේ පූර්ව අනුමැතිය ලබාගැනීමට පාර්ලිමේන්තුව බැඳිය යුතුය.

 

4 Responses to “ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතට පෙරවදනක්”

  1. Leela Says:

    අස්ගිරි මහා විහාරයේ ආචාර්ය ගොඩගම මංගල අපේ හාමුදුරැවන් ඉදිරිපත් කර අැති තර්ක සහ අදහස් ඉතා අගනේය. අනෙක් විහාර වාසි ස්ථවිරයන් වහන්සේද එසේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නේ නම් ඉතා වටින බව නොකිවමනාය.

  2. Dham Says:

    “මේ ජනරාල්වරයා එය ෙනෙතිකව තමන්ට ලබාදී ඇති බලය අනුව ක්‍රියා කරනු ඇත.”

    – No. We don’t need a Director General with legal powers to act on behalf of Maha Sangha. Why can’t the Adhikarana Sangha Nayaka Theros can be empowered to do it ?

    We have no trust on the Buddha Sasana Minister who said ” Sri Lanka is not a Sinhala Buddhist Country”. why can’t the Sangha demand removal of this man ?
    President/PM should be forced to request Sangha to nominate a Buddha Sasana Minister instead, even if the qualified person is outside the wining party.

  3. NAK Says:

    This is what is needed not what the scheming politicians want. Sangha ‘Kathikawatha’ should be amongst the mahasangha only when they need legitimacy through parliament, should they get involved.

  4. Ratanapala Says:

    The two Kapurala’s at Malwatte and Asgiriya who call themselves Mahanayakes have no interest in Buddhism in Sri Lanka. Malwatte Kapurala is maruwath UNP. The other is a nonagenarian over 90 years old. He doesn’t deserve to be in that post. They are stooges of the Christian UNP.

    What we require are younger and more educated Bhikku’s holding these posts whose only interest is Buddhism and not politics.

    Lankawe Budu Dahamata Jesu Pihitai!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress