ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී උපරිම ආයෝජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම උදෙසා යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම
Posted on February 6th, 2016

a group of professionals

2016 ජනවාරි 18

කොළඹ දී.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

ර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම දී උපරිම ජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම උදෙසා යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම

2015 ජනවාරි 8 දින පැවැති ජනපතිවරණය හමුවේ යහපාලනයක් සඳහා වෙනසක් ඇති කිරීම පිළිබඳ ඔබතුමන් විසින් දෙන ලද ප්‍රතිඥාවන් අතර ප්‍රධාන ස්ථානයක් ගත් එක් ගැටලුවක් වූයේ මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එවක පැවති බව පැවසුණු දූෂණ හා අක්‍රමිකතා බව ඔබතුමන්ට අමතක වී ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. එහෙත් මෑතදී අපගේ නිරීක්ෂණයන්ට භාජනය වූ විවිධ පියවර නිසා මෙම ඉල්ලීම ඔබතුමන් වෙත ඉදිරිපත් කරන අති මහත් බහුතරයක් එම ජනවාරි 8 අරගලයේදී ඔබතුමන් සමඟ සිටගත් අයවලුන් ද ඇතුළත් වෘත්තිකයන් හා අවධානවත් පුරවැසියන් වන අපි නැවත වතාවක් විපිලිසර තත්වයකට පත් වී සිටිමු. අප ගේ එම විපිලිසරත්වය, ඊට පාදක වූ කරුණු හා ඒ සමබන්ධ අපගේ අදහස්, උදහස් හා යෝජනා ඔබතුමන් හමුවේ තැබීම මේ ලිපියේ අරමුණයි.

ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී උපරිම ආයෝජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම ප්‍රාග්ධන සම්පත් ඌනතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථීකයන්ට දැඩිව බලපාන අවශ්‍යතාවකි. විශේෂයෙන්ම, සැලකිය යුතු විදේශ ණය බරකින්, ගෙවුම් ශේෂ ගැටලුවකින් හා විදේශ විනිමය පීඩනයකින් මේ වන විටත් මිරිකෙමින් සිටින ආර්ථීකයකට මෙ වැනි ඉදි කිරීම් සඳහා තව දුරටත් විදේශයන්ට ණය වීමේ දී මෙම ආයෝජන කාර්යක්ෂමතාව තහවුරු කිරීමේ අවශ්‍යතාව වඩාත් ඉස්මතු වෙයි.

ව්‍යාපෘති අවශ්‍යතා හැකි උපරිම ගුණාත්මකත්වයෙන් යුතුව සහ හැකි අවම ආයෝජන පිරිවැයකින් ඉටුකර ගැනීම මේ සඳහා අත්‍යවශ්‍ය වන මූලික ප්‍රවේශයයි. එ විට ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ආකර්ෂණීයත්වය ඉහළ යන අතර ආයෝජන කාර්යක්ෂමතාව ද තහවුරු වෙයි. මේ වෙනුවෙන් අනුගමනය කළ යුතු ප්‍රධාන උපායමාර්ග දෙකක් ඇත. පළමුව, එවැනි ව්‍යාපෘති හැකි උපරිම මට්ටමින් දේශීයව ඉටු කර ගත යුතු ය. සෑම ක්ෂේත්‍රයකම උදා වන්නා වූ සංවර්ධන අවශ්‍යතා අදාළ දෙපාර්තමේන්තු හා ආයතන තුළින් හෝ, එසේ නොහැකි නම් ක්ෂේත්‍රයේ වෙනත් රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසායයන්ට එම අවස්ථා ලබා දීම තුළින් හෝ, දේශීය යන්ත්‍රණයන් හරහා ඉටු කර ගන්නේ නම් ජාතික ආර්ථිකයට ගුණාකාර වර්ධනයක් ඇතිකළ හැකි අතර එය ආයෝජන කාර්යක්ෂමතාවට ද ඉවහල් වෙයි. රට තුළ දිගු කාලීන තාක්ෂණ සංවර්ධනයක් හා රජය අරමුණු කරන නවෝත්පාදන ආර්ථිකයක් උදා තරගත හැක්කේ මෙතුවක් රට තුළ කළ නොහැකිව තිබූ නිෂ්පාදනයන් හා ඉදි කිරීම් සඳහා ද ක්‍රමයෙන් අවතීර්ණ වීමෙනි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟින බවට කුමාරතුංග මුනිදාස කිවිඳුන් මීට දශක අටකට පමණ ඉහතදී පැවසුවේ ද මේ යථාර්ථයයි. දෙවනුව, මෙම ව්‍යාපෘති නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමේ දී තව දුරටත් රට විදේශයන්ට ණයවීම අවම කර ගත හැකි පරිදි ඒවා ගොඩනඟා ගැනීම ද ඉතා වැදගත් ය. දේශීය වශයෙන් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම ඒවා සඳහා අරමුදල් සම්පාදනයේ දී විවෘත තරගකාරී මිල කැඳවුම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් ද මෙම අරමුණ ඉටු කර ගත හැකි ය. ණය සැපයුම්කාර රටෙන් එක් භාණ්ඩ හෝ සේවා සැපයුම් සමාගමක් පමණක් ඉදිරිපත් කෙරෙන්නේ නම් එය විනිවිද පෙනෙන සුළු තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට පටහැනි වනවාට අමතරව මිල දී ගැනීමේ දී දූෂණ – වංචා ඇතිවීමට, ජාතික සම්පත් නාස්ති වීමට හා ප්‍රසම්පාදනයේ ගුණාත්මක බවට හානි සිදුවීමට ඉඩ කඩ විවර කරයි. පසු ගිය කාලය තුළ උද්ගතව තිබූ බව පැවසුණු මෙවැනි තත්වයන්ට නැවත ඉඩ නො තැබිය යුතු ය.

ගත යුතු මාවත මෙසේ වෙද්දී අප ඉතා අන්දමන්දව අසමින් පවතින්නේ මීට හාත්පසින් වෙනස් වූ දිශාවක රජයේ පියවර දිග හැරෙන බවයි. මෑතදී යළි පටන් ගැනුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු විදේශීය සමාගම් වලට පැවරෙනු ඇති බවද, එසේ කිරීමේ දී විනිවිද පෙනෙන සුළු විවෘත ටෙන්ඩර් පටිපාටිය උපයෝගී නොකෙරෙන බවද, වාර්තා වෙයි. එසේම, සාම්පූර් විදුලි බලාගාරය ඉදි කිරීමේදී ද මෙ වැනි තත්වයක් උද්ගතව ඇතැයි පැවසෙන අතර ඊට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති වල විරෝධය ප්‍රකාශ වී ඇතැයි දැන ගන්නට ඇත. ජල සම්පාදන යෝජනා ක්‍රම කීපයක් ද මෙසේ ටෙන්ඩර් රහිතව ප්‍රදානය කිරීමට උත්සාහයක් පවතීදැයි අදාළ අංශ සැක පළ කරන බව ද දැනගන්නට තිබේ. සති කීපයකට පෙර අසන්නට ලැබුණේ නැගෙනහිර දුම්රිය මාර්ග අලුත්වැඩියාව සඳහා ශක්‍යතා විග්‍රහයකට චීන සමාගමකට සංසන්දනාත්මක විශ්ලේෂණයකින් තොරව පැවරීමට යන වගකි.  මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග හා සංඥා පුනරුත්ථාපනය මෙන්ම දුම්රිය එංජින් හා මැදිරි සැපයීම එවැනිම විවෘත නො වන ක්‍රියාවලියක් හරහා ඉන්දීය සමාගම් වලට පැවරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇති බව ද වාර්තා විය. 2005 දී සුනාමියෙන් විනාශ වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය සති අටක් වැනි ඉතා සුළු කාලයක් තුළ පුනරුත්ථාපනය කර අවසන් කිරීම තුළින් සහ ඉතා මෑත දී තාණ්ඩිකුලම් සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස ඉදි කරමින් ශ්‍රී ලංකාවේදුම්රිය මාර්ග පුනරුත්ථාපනය දේශීය වශයෙන් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ඉටු කර ගත හැකි බව සැකයකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඔප්පු කර පෙන්වා දී තිබියදී මෙතෙක් සියවස් එකහමාරක පමණ කාලයක් දේශීයව ඉටු කර ගන්නා ලද දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීම හා අලුත්වැඩියාව උදෙසා විදේශ ඉංජිනේරු හා නිර්මාණ සමාගම් වලට කොන්ත්‍රාත් දීමට යත්න දැරෙන්නේ නම් එය ජාතික ආර්ථික ඉදිරි ගමනට ඉතා හානිකර තත්වයකි.මෙවැනි තොරතුරු නිසා අප අතර අතිමහත් බහුතරයක් වන යහපාලනයක් අරමුණු කර පාර සැකසූවන් ඇතුළු ශ්‍රී ලාංකීය ජාතික ආර්ථික සංවර්ධනයට කැප වී සිටින වෘත්තික ප්‍රජාව අපේක්ෂා භංගත්වයටත් කලකිරීමටත් පත්වීම පුදුමයක් නො වන බව ඔබතුමන්ට වැටහෙන බව අපට සැකයක් නැත.

මෙම ප්‍රවණතාවට තිත තැබීම අපගේ මෙන්ම ඔබතුමන් ගේ ද වගකීමකි. වෘත්තිකයන් ගෙන් සහ වෘත්තීය සමිති වලින් එල්ල වූ දැඩි විවේචනයන් හා විරෝධයන් මත ගොඩ නැඟුණු බලවේග වල ආධාරයෙන් යහපාලන ප්‍රතිඥාව මත බලයට පැමිණි ඔබතුමන් ගෙන් හා වර්තමාන රජයෙන් එම අගතිගාමී ක්‍රමවේදයන් හා තත්වයන්ම යළි උදා කිරීමට ඉඩ තැබීමක් අපි කිසි ලෙසකත් බලාපොරොත්තු නො වෙමු.

එබැවින්, ඉදිකිරීම් හා ඉංජිනේරුමය කර්මාන්තවල පමණක් නොව ආර්ථිකයේ හැකි සෑම ක්ෂේත්‍රයකම උදා වන්නා වූ අවශ්‍යතා ජාතික ආර්ථිකයට ගුණාකාර වර්ධනයක් ඇතිකළ හැකි පරිදි අදාළ දෙපාර්තමේන්තු හා ආයතන තුළින් හෝ, එ සේ නො හැකි නම් ක්ෂේත්‍රයේ වෙනත් රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසායයන්ට එම අවස්ථා ලබා දීම තුළින් හෝ, දේශීය යන්ත්‍රණයන් හරහා ඉටු කර ගැනීමට ද, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ නො හැකි නිසා යම් භාණ්ඩ සේවා හෝ කොන්ත්‍රාත් කටයුතු විදේශයන්ගෙන් සපයා ගැනීම හැර වෙන විකල්පයක් නොමැති විටදී ඒවා පූර්ණ වශයෙන් විනිවිද පෙනෙන සුළු අයුරු ජාත්‍යන්තර තරගකාරී මිල කැඳවුම් මඟින්ම ප්‍රසම්පාදනය කර  ගැනීමට ද, ප්‍රතිපත්ති තීරණයන් ගන්නා මෙන් යහපාලනයේ නාමයෙන් ඔබතුමන් ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

ආචාර්ය ලලිතසිරි ගුණරුවන්                                                                 ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොළඹ විශ්ව විද්‍යාලය                                                                         කොළඹ විශ්ව විද්‍යාලය

(හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සහ හිටපු ප්‍රවාහන ලේකම්)

 

මහාචාර්ය (ඉංජිනේරු) අමල් කුමාරගේ                                                  මහාචාර්ය සරත් විජේසූරිය

මොරටුව විශ්ව විද්‍යාලය                                                                        කොළඹ විශ්ව විද්‍යාලය

(ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති)                                        (සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු)

ආර්ථිකයේ දේශීයත්වය සහ සැබෑ සංවර්ධනය උදෙසා මෙම ඉල්ලීමට එකඟ වන පහත නම් සඳහන් සියලු වෘත්තිකයන් වෙනුවෙන්.

චන්ද්‍රා ජයරත්න (ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති)

නිරාල් කඩවතආරච්චි (ශ්‍රී ලංකා වරලත් කාර්යෝපාය හා ප්‍රවාහන ආයතනයේ සභාපති)

ආචාර්ය (ඉංජිනේරු) තිලක් සියඹලාපිටිය  (ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති)

ඉංජිනේරු ප්‍රියාල් ද සිල්වා  (ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති  සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී)

මහාචාර්ය සුමනසිරි ලියනගේ  (සණස විශ්ව විද්‍යාලය)

මහාචාර්ය අසංග තිලකරත්න (කොළඹ විශ්ව විද්‍යාලය)

ඉංජිනේරු ඒ මනම්පේරි  (ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටු සභාපති)

සුභාෂිණී අබේසිංහ (වෙරිතේ රිසර්ච් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ)

ආචාර්ය අමින්ද මෙත්සීල පෙරේරා (වයඹ විශ්ව විද්‍යාලය)

ක්‍රිස් තිලක ධර්මකීර්ති (ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික සභාවේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී)

ආචාර්ය වසන්ත අතුකෝරළ (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථී සංසදයේ හිටපු සම්බන්ධිකාරක)

හරිනි අමරසිංහ (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථී සංසදයේ සම්බන්ධිකාරක)

ඉංජිනේරු නාමලී සියඹලාපිටිය (ශ්‍රී ලංකා වරලත් කාර්යෝපාය හා ප්‍රවාහන ආයතනයේ නියෝජ්‍ය සභාපති)

ජයන්ත රත්නායක (කාර්යෝපායඥ සහ කොළඹ, සිනෙක් හා සාගර විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය)

ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)

ආචාර්ය ඩී එච් එස් මෛත්‍රීපාල (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)

ආචාර්ය රංගික හල්වතුර (මොරටුව විශ්ව විද්‍යාලය)

ආචාර්ය ජානකී ජයවර්ධන (කොළඹ විශ්ව විද්‍යාලය)

ආචාර්ය ඒ ඩබ්ලිව් විජේරත්න (සබරගමුව විශ්ව විද්‍යාලය)

සිතුමිණි රත්නමලල (මොරටුව විශ්ව විද්‍යාලය)

ආචාර්ය ප්‍රභාත් ජයසිංහ (කොළඹ විශ්ව විද්‍යාලය)

ආචාර්ය මාධව මීගස්කුඹුර  (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

සිසිර ජයමහ (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය)

One Response to “ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී උපරිම ආයෝජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම උදෙසා යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම”

  1. NAK Says:

    Why can’t these socalled proffessori’s realise that the costs of constructon of highways is almost the same or more today than then. If there was any money pilferred then today it has to be at a higher rate.
    Then,What these proffessors have to do first is stop any malpracrices taking place now before trying to punish previous rogues.
    It was reported that Prof. Wijesuriya was instrumental in the arrest of Yoshitha claiming that he must be arrested as they are unable to face the people without keeping the election promises.
    Is that justice the Jahaplana way?
    The question that these academics needs to answer is that,if there was a fraud as claimed by them, why couldn’t the FCID file a case first and get arrest warrents from the court.
    You people supposed to being the most intelliget and knowledgable in the country,why is it that you do not question the inability of the FCID to find out from where these questionable money came to be, instead of blaming them for not revealing the source. After all money just do not materialize from thin air,it has to have a trail,if the claim is true.
    The other issue is that Yoshitha got involved in business while in uniform.
    Is that a fare charge? Is it ethical to single him out?
    Almost all the public servants including ministers and MP’s are involved in some sort of a business out side their occupation.
    Some engage in Coconut,Tea or other cash crop plantaions,some have hotels and factories.
    Doctors,Teachers,Technical staff and many others do private practice.

    If Yoshitha, or any one else for that matter has done wrong, they have to face justice, No argument.
    But it has to be done in a manner that justice is being served and seen to be served, not just to satisfy the ego of some people.
    We the people are watching all these developments very carefully and the they will not care for your Phd’s if you have acted with illintentions.
    The same applies to your silence about the treatment of Hirunika and we also note that all of you are mum on the great
    central bank robbery and various gimmics that Ravi K plays to cheat the treasury.
    Latest being the Prado case.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress