නව යුගයක උදාව
Posted on February 12th, 2016

Chandrasena Pandithage

අද දිනය විශේෂිත දිනයකි බත්තරමුල්ල නෙළුම් මාවතේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීම සිදුකරන ලද්දේ අද උදෑසන වීම මේ විශේෂත්වයට  හේතුවයි. දැන් න්යෂ්ඨිය බිහිව ඇත. ඒ න්යෂ්ඨිය කේන්ද්රය කර ගනිමින් වහ වහා ජාතික විමුක්ති අරගලයේ මීලග පියවර සදහා ඒ වටා පෙල ගැසීමට මෙරට ජනතාව සූදානම් විය යුතුය.

මෙරට ජනතාව මේ සූදානම් වන‌්නේ, නිදහසින් පසු මේ රටතුල ස්ථාපිතවූ දේශද්රෝහී රජය පලවා හැරීමේ මහා පින් කමට සහභාගී වීමටය. මේ රජය පලවා හැරීමට නම් මේ රජය පවත්වා ගෙනයෑමට ඉවහල් වෙන දේ සැපයීම, අප විසින් නවතාලිය යුතුය. අප මේ රජය පවත්වාගෙය යෑමට උදව් කරමින්, උපකාර කරමින්, මුදල් සපයමින්, මේ රජය මේ රටට හා ජාතියට එරෙහිව සිදුකරන පාපී කාර්යයන් දකිමින්, අනේ මේ දුෂ්ඨ රජය පලවා හරින්නේ කෙසේදැයි සිතන්නෝ වෙමු.

අප සපයන දර වලින් අපව පුලුස්සමින් සිටින මේ රජයට, දර සැපයීම නවතාලීම තුලින් පිලිස්සීමේ ක්රියාවලිය නවතා ලිය හැකිය. අප රජය පවත්වා ගැනීමට ඇවැසි ධනයෙන් හරි අඩක් සපයන ලක්ෂ 58 ක ජනතාව වෙමු. අප මේ ධනය,

1. ජීවත් වීමට ඇවැසි එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමෙන්
2.ලයිට් බිල් වතුර බිල්, ටෙලිෆෝන් බිල් නිසි ලෙස ගෙවීමෙන්.
3.බැංකුවල මුදල් ස්ථාවරව, , ඉතිරි කිරීම් හා වෙනත් ගිණුම් තුල තැන්පත් කිරීමෙන්,
4. දෙෙනිකව ලොතරැයි පත් මිලදී ගැනීමෙන්.
5. මත් ද්රව්ය මිලදී ගැනීමෙන්.
6.සිගරට් පාවිච්චි කිරීම තුලින්ය.
7.58 ලක්ෂයේ විදේශගත ඥතීන් විසින් එවන විදේශ මුදල්.ආදියෙන්
8. ETF, EPF ගිණුම් වල අපගේ මුදල් පවත්වාගෙන යාමෙන්ය.

ආරම්භක පියවරක් වශයෙන්, ලොතරැයිපත් මිලදී ගැනීම මාස 3කට සීමාවූ කාලයක් සදහා  නවතාලන්න. ඒකාබද්ධ 58 ලක්ෂයේ ශක්තිය උරගා බලන්න.

අපට කල හැකි දෑ අපමණය පලමුව ගෙදර සිට කල හැකි සටන් හදුනා ගනිමු. සතුරාට අනුකම්පා විරහිතව පහර දෙනු. නෙළුම් මාවතින් පටන් ගන්නා ජය මාවත ඇත්තේ එතනයි.

3 Responses to “නව යුගයක උදාව”

  1. Christie Says:

    1951 දී සිරි ලන්කා නිදහස් පක්සය පිහිටවනු ලැබුවේ ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් විසිනි. නේරු ඇතුලු ඉන්දියානු අදිරදයෙනුත්, සින්හලයෙන් හයිඩ්රමනිලා, කැප්ටන්ලා, ඥානම්, ලලාලා, බෝයිස්ලා, තොන්ඩා, …. වැනි නොයෙකුත් ඉන්දියානු පරපෝසිතයන්ගේත් හවුල් වීමෙනි. රාජපක්සල එයට එකතුවූ අපි වැනි අහින්සකයන්ය. එයට පෙර රටේ එක්සත් ජාතික පක්සය හැරුනුවිට අනෙක් පක්සවලට වියදම් කලේ මුන්ය. මුන් එකතුවී 2015දී මහින්දට කලාමෙන් 1956දී ජෝන් කොතලාවලට එරෙහිව මහා බොරු ප්රචාර ගෙනගියේය
    2005දී මුන් රටේ පරපෝසිත චන්ද වලකා මහින්දව පත්කලේය. එය ඉන්දියානු අදිරදයට නූතනයේ සිදුවූ ලොකුම වැරදීමකි. 2010 දී පොන්සේක ගෙනාවේත් මුන්ය. 2015දී ඉන්දියානු ගැති බන්ඩගේ දුව ලවා වැඩේ දුන්නේ සින්හල චන්ද කෑලිකර පරපෝසිත චන්ද කුට්ටියෙනි.

    I wish good luck.

  2. Sarath W Says:

    It is time for Mahinda to form a new SLFP. He must tell those who joined the UNP and the “THREE TRAITORS” government to join him and if they refuse, he will never take them to his party. Those selfish traitors like Nimai Siripala and others will have no chance of ever being elected again without the support of Mahinda and his party. Mahinda should be bold and nominate Gota as the next President or PM candidate. Basil should take a back seat other than in his electoral district. The party can form an alliance with such patriots like Wimal, Vasu, Dinesh and Udaya to contest the up coming elections. The main aim of the campaign should be to protect the country from our enemies like India, US, England and the Tamil diaspora, protect the unitary state of Sri Lanka and our war heroes, continue with the mass development projects and relief to the struggling masses.

  3. cwije Says:

    Will this new party

    1. Remove 13-A
    2. Give up Interfaith joke
    3. Give up multi-ethnic junk
    4. Remove discrimination against Buddhists that began in 1505

    Or as Nalin de Silva said recently will the new party say it is the party of the Sinhala Buddhists.

    If these questions are answered in a positive manner, then how to prevent a corruption regime again could be discussed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress