ලෝකය හිනස්සන ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග
Posted on February 19th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

දේශපාලනය යනු බොහෝ දෙනෙක් අකමැති නමුත් කිසිවෙකුට ගැලවීමක් නැති විෂයකි. දේශපාලනයෙන් තොරව අද ඉතාම සරල මිනිසුන් කොටසක් වන ආදිවාසීන්ටවත් ජීවත් වීමට නාෙහැකි තත්වයක් තිබෙන බව පැහැදිලිය.

දේශපාලන පුවතක් ඇසෙන බොහෝ අවස්ථාවල ‘සංවර්ධනය’ යන වචනයද ඒ හා බැඳී පවතී. කතාවේදී කෙතරම් සංවර්ධනය ගැන කියැවුනත් ක්‍රියාව තුල ඒ වචනය අර්ථවත් නොවන්නේ ඇයි? එය එසේ වෙනවා නම් දිනපතා මිනිසුන් බෝඩ් ලෑලි ගෙන පාරට බසින්නේ නැත. මෙසේ උද්ඝෝෂණය කරන ජනතාව පාරක් සාදා දෙන මෙන් ඉල්ලති. බීමට සුදුසු ජලය ඉල්ලති. තම දරුවාට පාසලක් ඉල්ලති. ගමට බස් රියක් ඉල්ලති. මෙකී නොකී ඉල්ලීම් ! ඒ සියල්ල ඒ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා වෙනුවෙනි. එමෙන්ම සංවර්ධනයට ජාති කුළ භේද නොතිබිය යුතුය.

1948 දී අපි යටත් විජිතවාදී පාලනයෙන් මිදී නිදහස ලැබුවෙමු. 1965 දී සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ පැවසූයේ තමාට සිංගප්පූරුව ශ්‍රී ලංකාව හා සමාන තැනකට ගෙන ආ යුතු බවයි. නමුත් අද වන විට අප කොහිද? සිංගප්පූරුව කොහිද? මේ අයුරින් අපට පසුපසින් සිටි රටවල් කෙතරම් ප්‍රමානයක් අප රට පසුකර ඉදිරියට ගොස් ඇත්ද?

රටක සංවර්ධනයට ධනාත්මකව බලපාන සාධක කිහිපයක් ජාත්‍යන්තරව පිලිගෙන තිබේ. වරායක් තිබීම, බලශක්ති උත්පාදන හැකියාව, ස්වභාවික සම්පත් බහුල පරිසරය, කෘෂිකාර්මික හැකියාව, වෙළඳපොල අවස්ථාවන් යන කරුණු මීට ඇතුලත්ය. මේ සාධක සියල්ලම පාහේ අප රටට නොඅඩුව තිබෙද්දීත්, අප මුහුණ දී සිටින අවාසනාව කුමක්ද? සංවර්ධන දර්ශකය මෙපමන යයි කියමින් මහ බැංකු ලොක්කන් ගණන් හිලව් පෙන්වූවත්, දිනපතා අප දකින යතාර්ථය අනුව කොතැනක හෝ වරදක් සිදුව ඇති බව පෙනේ.

සංවර්ධනය පිලිබඳ තීරණ ගැනීමට, යෝජනා කිරීමට තිබෙන ප්‍රධානම මූලස්ථානය පාර්ලිමේන්තුවයි. එහි සිටින්නේ තේරී පත්වූ මහජන නියෝජිතයන්ය. ‘සංවර්ධනයේ නියමුවා’ යන යෙදුම සහිතව පෝස්ටර් ගසා අර බෝඩ් ලෑලි දරාගෙන පාරවල් අවහිර කරන මහජනතාවගේ ඡන්දය සූරා කමින් පත්වූ ජනතා නියෝජිතයින්ය.

මේ නියෝජිතයින් බොහොමයකගේ තත්වය කුමක්ද? තත්වය යනු ඔවුන්ගේ අධ්‍යාපනය, සාමාන්‍ය දැනුම, කැපවීම ආදියයි. තම තමන්ගේ බඩ වඩා ගන්නට සැදුනක් මිස මහජනතාවගේ සුභසිද්ධිය සඳහා වූ න්‍යායපත්‍රයක් පැහැදිලිවම ඔවුන් ලඟ නැත.

අද බලයේ සිටින දේශපාලකයින් ආඩම්බරයෙන් පුන පුනා කියන දෙයක් නම්, පසුගිය රජය මෙන් නොව තමන් ජාත්‍යන්තර සහයෝගය ලබාගත් බවයි. වෙන්නට ඇති. අද ජනාධිපතිට ගමන් බිමන් බොහෝය. ඇමරිකාවට යයි. ඔබාමා සමග එක මේසයේ ඉඳගෙන කෑම කෑ බව කියයි. අවුරුදු 43ක ට පසු ජර්මනියට එන්නැයි ආරාධනා කල බව කියයි. තවත් කවුදෝ ඇමති කෙනෙක් කීවේ ඔවුන්ට ආධාර මලු ගනන් එන විට තව පිරිසක් ඒ සංවර්ධනය කරන්න නොදී කකුලෙන් අදින බවයි. 77න් පසු යුගයේද මෙසේ ඔලගුවත් පොල්කට්ටත් ගෙන ලොව වටා හිඟමනේ ගිය හැටි අමතකව ගිය පිරිසකුත් අප රටේ ඇත. මේ හිඟමන් ආධාර යුගය ඇරඹුනේ ඒ යුගයේය. සංවර්ධනයට අවශ්‍ය කරන සම්පත් බොහොමයක් තිබෙද්දීත් අද අප යලි පා නගන්නේ ඒ යුගයටය.

ඇමරිකාවේ හෝ යුරෝපයේ මිත්‍රත්වය ගැන පාරම්බාන මේ ජනාධිපති, අගමැති සහ රජය ඔවුන්ගෙන් ගත හැකි වෙනත් ආදර්ශ ලබා ගනිත්ද? එවන් රටක පාර්ලිමේන්තුවේ නියෝජිත ධුරයක් සඳහා ඉල්ලුම් කිරීමට සැපිරිය යුතු අධ්‍යාපන හා පලපුරුද්ද පිලිබඳ සුදුසුකම්? ඒ රටවල මැති ඇමතිවරුන්ට ලැබෙන වැටුප්, දීමනාවන්? මැතිවරණ පවත්වන පිලිවෙල; මාධ්‍ය හසුරුවන පිලිවෙල; ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව; ඇමති ධූරයක් ලබාදෙන විට සැලකිලිමත් වන කරුණු; මැති ඇමතිවරුන්ගේ සේවා ප්‍රගතිය; විනිවිදභාවය; මේවා තබා අඩු තරමින් යුරෝපා රටක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දිග පලල වත් ආදර්ශයට ගන්නා හැඩක් පෙනෙන්නට නැත. නමුත් ජාත්‍යන්තරයේ හිත මිතුරුකම් හා මුදල් මලු ගැන නම් ලොකුවට කියනු ඇසේ. මේ ප්‍රදර්ශනය වන්නේ වීදි යාචක සංස්කෘතියේම වර්ධනය වූ චිත්‍රයකි. ඇති හැකි යයි පෙනෙන අයෙකුට අතපාන යාචකයා මුදල් ලැබුන විට පින් දෙයි. ඒ මුදල දුන් තැනැත්තාට ඒ හැකියාව ලැබුනේ කෙසේද, තමාටත් එසේ අතනොපා සිටිය නොහැකිද යන කරුණ ඔහුට අදාල නොවේ. ඉතින් මේ සිදුවීම් දෙක අතර වෙනස කුමක්ද?

එක්තරා යුගයක අපට උගත්, වියත් මැති ඇමතිවරු සිටියහ. 1977 දී දුරදිග නොදුටු අඳබාල ජනතාව ඉන් කොටසක් ස්ථිරවම ගෙදර යැවූහ. ජවිපෙ සහ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ අවි හරඹ තුල තවත් කොටසක් වැලලී ගියහ.

ඊ ලඟට අප රටේ නිතර සිදුවන කැබිනට් ප්‍රතිසංවිධාන යනු තවත් හෙනයකි.

එක උදාහරණයක් ගනිමු. ලලිත් ඇතුලත්මුදලි ප්‍රථමයෙන්ම වෙළඳ ඇමති ධූරය දරන යුගයේ නිතර පැවසුවේ රටක වෙළඳපල දියුණු වීමට නම් නවීකරණය වූ මාර්ග පද්ධතියක් අවශ්‍ය බවයි. එදා එය එසේ වූවා නම්, යාපනය, මඩකලපුව හා රටේ අනිකුත් ප්‍රදේශ සංවර්ධනය වීමට හා ජනතාව එකිනෙකාට විවෘත වීමට ඉඩ තිබිනි. නමුත් ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුල ඔහුට ඒ ඉලක්කය සපුරාලීම පසෙක තබා වෙනත් ඇමති ධූරයක් භාර ගැනීමට සිදුවිය. මාර්ග පද්ධති සෑදීම කෙසේ වෙතත් ඒකාධිපති විධායකය විසින් වැපුරූ භේද බින්නකම් තුල තිබුන මාර්ගද බාධක යොදා වසනු ලැබීය. එය හරියට ඉඳුරුවේ ආචාරියාට රට භාර දීමක් වැනිවිය. එයින් පසු ඇතුලත්මුදලි මහතාට ලැබුනු ආරක්ෂක ඇමතිකම හරියට කරන්නටත් ඉඩ ලැබුනිද?

අප රටේ දේශපාලනයේ ස්වභාවය එයයි. එක ඇමති කෙනෙක් අමාත්‍යංශයක් භාරගෙන වැඩ කරගෙන යනවිට අමාත්‍ය මණ්ඩල ප්‍රතිසංවිධානයක් මගින් ඔහු වෙනත් තැනකට ඇද දමයි. කෙසේ වුවද අද තම විෂය සම්බන්ධව කථා කරන ඇමතිවරු සිටිනුයේ එක අතක ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක් පමනි. විශේෂයෙන් සම්මුතිවාදී ආණ්ඩුවට එකතු වූ සන්ධාන ඇමතිවරුන්ගේ විෂයයන් නම් මොනවාද කියාවත් සිතාගත නොහැක. සරත් අමුණුගමට දී ඇති විශේෂ ව්‍යාපෘතිය රාජපක්ෂවරුන්ට දමා ගැසීමට මඩ ඇනීමදැයි සැක සිතේ.ඒ හැර අනිත් අය මොන මොන ඇමතිලාදැයි ජනතාවටත් මතක තිබේද යන්න ගැටලුවකි.

ඇමති මණ්ඩලයේ 90ක ට වැඩි සංඛ්‍යාවක් සිටියත් ජනතාව සැමදා සිටින්නේ පාරේය. ඇමති හා නියෝජ්‍ය ඇමති පක්ෂ දෙකකින් සිටින විට සම්මුතිවාදී ආණ්ඩුවේ සම්මුතිය කෙසේ වෙතත් හරස් වචන කියා ගැනීම් හා මතභේද කිසිම හිරිකිතයක් නැතිව ප්‍රදර්ශනය කරති.

ඒ අතර රජය පැත්තෙන් මේ තරම් වුවමනාවෙන් – පෙනෙන්නට ඇති අන්දමට – සාමදානයේ හස්තය දිගු කරද්දීත් විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කලාය. බොරු ප්‍රවෘත්ති පල කරනවායැයි සමහරු මාධ්‍යවලට බැන්නත් පෙබරවාරි 4-7 දක්වා කාලය තුල උතුරේ සංචාරයක යෙදුනු ඉතාම මධ්‍යස්ථ මතධාරිනියක් කීවේ ඒ දින කිහිපය තුල උතුරේ කිසිදු තැනක තමා ජාතික කොඩියක් නොදුටු බවයි.

විපක්ෂය කතා කරන්නේ සෑම විටම ‘අපේ ජනතාව’ යන පදය යොදාගෙනය. ජාතිවාදය තිබෙන්නේ සිංහල ජනතාව අතර පමණක් නොවේ. මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ට ‘අපේ ජනතාව, ඔයගොල්ලන්ගෙ ජනතාව’ කියා කිව හැකිද? එතැනින් ගම්‍ය වනුයේ රජයට ඡන්දය නොදුන් ජනතාව වෙනුවෙන් කතා කරන්නට විපක්ෂයක් නැති බව නොවේද? මේ මහා අවුල් ජාලය මැදින් පෙනෙන දෙය නම් සම්මුතිවාදී රජයේ සම්මුතියක් නැති බවත්, ඊට රිංගාගෙන සිටින සංධාන පාර්ශවකරුවෝ තම වර්තමානය හා අනාගතය පිලිබඳ බියකින් යුතුව එජාපය අතේ නැටවෙන රූකඩ බවට පත්ව සිටින බවත්ය.

මහින්ද රාජපක්ෂ රජය යුද්ධය අවසන් කලේය. තමා නිසා මහින්ද විදුලි පුටුවෙන් බේරුනේ යයි වත්මන් ජනාධිපති කීවේය. නමුත් තමන් සියලු දෙනාම අද හිතේ හැටියට බඩ පිණුම් ගසමින් උතුරු නැගෙනහිර පවා කරක් ගසන්නේ මහින්ද විසින් යුද්ධය අවසන් කල හේතුවෙන් තම මරබිය නැති වීම බව ඔහුටත්, රජයේ අනිත් පිරිසටත් අමතක වීම කණගාටුදායකය.

ත්‍රස්දවාදය යුධමය වශයෙන් පරාජය කල රාජපක්ෂ රජය, නිවැරදි සැලැස්මකට අනුව රට සංවර්ධනය කලා නම් මේ ප්‍රශ්ණ බොහොමයක් ඇති නොවන්නට ඉඩ තිබිනි. නමුත් ඒ වෙනුවට සිදු වූයේ ප්‍රමුඛතාවයක් නොමැති සුඛෝපභෝගී සංවර්ධන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමයි. ඉන් සිදුවූයේ ජනතාව මත පැටවුන බර තව වැඩිවීමත්, සුලු පිරිසකගේ මඩි තර වීමත්ය. එදා ඔවුන් සමග එක්ව රටේ රුහිරු උරා බිව් රාක්ෂයින්ගෙන් පිරිසක් දැන් සම්මුතිවාදී ලේබලය යටතේ රජයේ තනතුරු දරති. රජයේ සිටින අනිත් අයගෙන් කොටසක් 77-94 පාලන සමයේදී එම පැටිකිරියම සහිත වූ පිරිසමය. නොඑසේ නම් එසේ ඉපයූ දූෂිත ධනයෙන් පෝෂණය වූ ඊළඟ පරපුරය.

දැන් මේ කඹ ඇදීමේ අලුත්ම ප්‍රතිඵලය වී ඇත්තේ පලාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමය. පලාත් පාලන ආයතන යනු රටේ සංවර්ධනයේදී ජනතාවට ඉතාමත්ම සමීප පරිපාලන ව්‍යුහයයි. අපේ මහතැන්ලා හරි අධ්‍යයනයක යෙදෙනවානම් ඔය ආධාර මලු ඉල්ලන්නට යන ගමන් වලදී, දියුණු රටවල ඇති ක්‍රමවත් පලාත් පාලන ව්‍යුහයන් වෙතින් ගතහැකි පාඩම් එමටය. අද තිබෙන ව්‍යුහයත් අවුල් වියවුල් මැද අඩපණ වී යත්දී අසරණ වනුයේ ජනතාවම නොවේද?

වර්තමානයේ අප රටේ මධ්‍යම රජය, පලාත් සභා සහ පලාත් පාලන ආතන යනුවෙන් පරිපාලන ව්‍යුහයන් තුනක් පවතී. පලාත්සභා යනු 1987 දී ඉන්දියාවේ වුවමනාවට ශ්‍රී ලංකාව මත බලෙන් පටවන ලද්දකි. මේ පාලන ව්‍යූහයන් වැඩිවූ තරමට සංවර්ධන කටයුතු පිලිබඳ වගකීම් දැරීම සහ මුදල් ප්‍රතිපාදන පිලිබඳව ඇත්තේ යම් අපැහැදිලි බවකි. එබැවින් රට සංවර්ධනය වීම කෙසේ වෙතත් පලාත් සභා නම් නිකම්ම මහජන මුදල් කා දමන පලාත් මට්ටමින් තවත් දේශපාලන තක්කඩීන් පිරිසක් පෝෂනය කරන සුදු අලින් බවට පත්ව ඇත.

මේ සියලු අලකලංචි මැද්දේ තව තවත් වල පල්ලට තල්ලු වී යන්නේ රටේ සංවර්ධනයි. ආර්ථික විශේෂඥයින් සංඛ්‍යා ලේඛණ ගෙන හැර පාමින් මෙහි බර අඩු කරන්නට හැදුවත්, රටේ සෑම ප්‍රදේශයකම ගොස් ලැබුනු අත්දැකීම් අනුව අප රට තුල වැඩී විහිද යන ඇති නැති පරතරය ලඝු කොට සැලකීමට අපට නොහැකිය. මෙසේ දිනෙන් දින සංවර්ධන ඌණතා තුල කිඳී යන ජනතා ප්‍රශ්ණ වලට මේ ආත්මාර්ථකාමී, කුහක දේශපාලකයින් දෙන පිලිතුර කුමක්ද?

මේ කරුණු ගැන සිතන විට සිහියට නැගෙනුයේ මුහුදට පා වී ගිය අලියාගේ මළකුණේ වසා බුදිමින් යන කපුටන් පිලිබඳ කථාවය.

තේජා ගොඩකන්දෙආරච්චි

6 Responses to “ලෝකය හිනස්සන ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග”

  1. Dham Says:

    Current President has no right to blame MR for nepotism. he himself is guilty of appointing a unqualified brother to high position using his powers. There is nothing wrong in saying that he is extremely corrupt because nepotism is a way of changeling illicit money to oneself.

    Current PM has no right to blame MR for corruption. he is protecting the Central Bank Chief who misused his position to profit is son in law in a colossal amount which cannot be even estimated. he himself has appointed many officials of his choice who are not qualified for the jobs.

    There is no point talking of others since the two leaders are extremely corrupt.

    One only need collecting few video clips to prove the wold that the two so called leaders of government are the two clowns of good governance drama.

    If we go back two years , it is the same.

    “ත්‍රස්දවාදය යුධමය වශයෙන් පරාජය කල රාජපක්ෂ රජය, නිවැරදි සැලැස්මකට අනුව රට සංවර්ධනය කලා නම් මේ ප්‍රශ්ණ බොහොමයක් ඇති නොවන්නට ඉඩ තිබිනි. නමුත් ඒ වෙනුවට සිදු වූයේ ප්‍රමුඛතාවයක් නොමැති සුඛෝපභෝගී සංවර්ධන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමයි. ඉන් සිදුවූයේ ජනතාව මත පැටවුන බර තව වැඩිවීමත්, සුලු පිරිසකගේ මඩි තර වීමත්ය. එදා ඔවුන් සමග එක්ව රටේ රුහිරු උරා බිව් රාක්ෂයින්ගෙන් පිරිසක් දැන් සම්මුතිවාදී ලේබලය යටතේ රජයේ තනතුරු දරති.”

    Above statement demonstrates it in a nutshell.

    As the writer says, make note that terrorism was defeated militarily, and military solution solved the terrorism problem. Problem solved with great loss of life and wealth oif the nation.

    LLRC was nothing but completely false acknowledgment of wrongdoing by the government. If Tamils , among Tamils reconciliation was initiated, then, that is fine. All they had to do was to confess their brutal crime against unarmed Sinhala race , and beg for mercy and reconciliation.
    Instead victorious government implicitly begged for mercy and wasted money to build back infrastructure destroyed by the terrorist with the aid of so called innocent Tamils. This was the mother of all betrayals.

  2. aloy Says:

    There is a government which won two elections. People have given them a clear mandate to rule. Let them rule for the time given. However they should not be allowed to do things detrimental to our existence. It appears the average person in the country has no problem. A close relative of mine who lives in a housing scheme where he built a house fifteen years ago tells me tat there are about fifteen houses being built at the moment around his house. People somehow find money. Some get it from overseas others self finance or from loans.
    Why is India and other countries trying hard to get involved with us. That is because they see the future for our country. It only the media that is painting a gloomy picture. At this moment almost all countries are facing difficulties. Please let this government to rule for some more time.

  3. Dilrook Says:

    Sadly all this government’s plans crash like the Google Loon. But they have not even started to do the things they promised. Grants and loans Sri Lanka gets from Europe, USA and Japan are nothing compared to what is needed.

    Blunders of the previous government have been well documented. This government follows it to the same end.

  4. aloy Says:

    Dham,
    I do not think MS is doing it with no limits. This Kumarasinghe was working in the same organisation with me as an accountant in late 80s. He and the other guy working as adviser were managing the account section of the firm having a work force of over 4000 spread across the country and they did a fine job. No any corruptions heard then. At that time MS was just an MP and I heard he was often inquiring about him. So I believe in terms of managerial experience Mr. K should be ok. More over he was sacked by MR when MS became the common candidate. In my view if these guys do not rob the place and allow the technical people do the job, then I believe there is no problem.

  5. aloy Says:

    It is necessary to clarify a bit about my last sentence in my above post. SLT is a highly technical organisation. Therefore the board and CEO of that organisation should reflect its functions. It is in the telecom company by the name Bell Labs (which later became AT&T) that the computer technology started developing in the US. The development of the earliest operating system and programming languages happened there. The programming language called C++ which is the forerunner to all major languages was developed by a CEO of that company. Our leaders must be mindful of the need to appoint proper technical people to institutions such as SLT. If not they will definitely become a laughing stock.

  6. Lorenzo Says:

    Run-nil and family and Maru Sira and family are the MOST CORRUPT in SL politics TODAY. They don’t directly involve in corruption but they let their close relatives to do it. CBK is also using BOTH of them to fatten her supports.

    MR is SQEAKY CLEAN compared to these 2 CROOKS. PB Jayasundara and Cabraal are SQEAKY CLEAN compared to Paskaralingam and Mahendran.

    Between Run-nil and Maru Sira, the MOST CORRUPT is Run-nil. Maru Sira is the LEAST CORRUPT of the two.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress