නොදන්නා බෲනායි සුල්තාන් ගැන කියා රන්ජන් ඇදගෙන නායි.. මහින්දගෙන් නිවේදනයක්..
Posted on February 26th, 2016

lanka C news

නොදන්නා බෲනායි සුල්තාන් ගැන කියා රන්ජන් ඇදගෙන නායි.. මහින්දගෙන් නිවේදනයක්..හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුඛෝපභෝගී ගුවන්යානයක් භාවිතා කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කල ප‍්‍රකාශයට හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ෂෙරොන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුඛෝපභෝගී ගුවන්යානා කුටිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ නව ගුවන්යානා සමඟ එතුමාගේ භාවිතය සඳහා සුඛෝපභෝගී නානකමර, වැසිකිලි, ඇදන් සහිත කුටියක් නිර්මාණය කළ හැකි විශේෂ පරිවර්තන කට්ටලයක් ඇමරිකානු ඩොලර් මිලියන හතරක වියදමින් ඇණවුම් කර තිබූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ඇණවුම අවලංගු  කිරීමට උත්සාහ දැරුවත් ගිවිසුමේ කොන්දේසි නිසා එසේ කළ නොහැකි බවත් එම නිසා ඒ පාඩුව රටට දරා ගැනීමට සිදු වන බවත් ඊයේ එ.ජ.ප පක්‍ෂ මූලස්ථානයේ පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබුණි. හිටපු ජනාධිපතිතුමාට අද කොමිසම් හා හිරගෙවල් ගානේ යෑමට සිදු වී ඇත්තේ මෙවැනි දේවල් නිසා යැයි රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පුද්ගලික ගුවන් යානයක් ඇණවුම් කර තිබෙනවා යැයි සාවද්‍ය ප්‍රචාරයක් ගෙනයන ලදී. දැන් මේ කතාව සාමාන්‍ය ගුවන් යානයකට සවි කරන සුඛෝපභෝගී කුටියක් හැටියට ඔවුන්ම වෙනස් කරගෙන තිබේ. මේවා සත්‍ය වශයෙන්ම සාමාන්‍ය වාණිජ ගුවන්යානා වල ආසන කීපයක් ගලවා තාවකාලිකව සවිකල හැකි ප්‍රභූ පරිවර්තන කට්ටල වේ. එයාර්බස් සමාගමෙන් ගුවන්යානා ඇණවුම් කරන විට මේ කට්ටලය නොමිලේ ලබාදෙන තිළිණයක් හැටියට ඇතුලත් කොට තිබේ. මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සඳහා එයාර්බස් සමාගම විසින් මිලක් සඳහන් කරනු බලන්නේ ගැණුම්කරුවාට තිළිණයේ වටිනාකම පිළිබඳ අදහසක් දීමට පමණි. තිළිණය වෙනුවට ඒ සඳහන් කරන මුදල ගැණුම්කරුවාට ලබා ගැනීමට නොහැක .

රාජපක්‍ෂ මහතා ඇණවුම් කර තිබෙනවා යැයි කී පරිවර්තන කට්ටල ඇමරිකාවේ ජනාධිපතිවරයා හා බෲනායිහි සුල්තාන්වරයාත් පාවිච්චි කරන බව රාමනායක මහතා කියා සිටියද එය අමූලික බොරුවකි. ඇමරිකාවේ ජනාධිපතිවරයාට වෙනම නිළ ගුවන්යානයක් තිබෙන අතර බෲනායිහි සුල්තාන්වරයාට පුද්ගලික ගුවන්යානා ගණනාවක්ම තිබේ. ඔවුන් ගමන් කරන්නේ පරිවර්තන කට්ටල අටවාගෙන නොවේ.

ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන්යානා සමඟ නොමිලේ ලැබෙන මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සදහා කර ඇති ඇණවුම අවලංගු කිරීමට නොහැකි යැයි කීම බොරුවකි. ඕනෑම ගැණුම් කරුවෙකුට නොමිලේ ලැබෙන තිළිණයක් අවශ්‍ය නැතිනම් එය ප්‍රතික්‍ෂේප කිරීමට අයිතියක් ඇත. මෙතන සැබවින්ම සිදු වී ඇත්තේ වර්තමාන බලවතුන්ට මේ පරිවර්තන කට්ටලය ලබා ගැනීමට අශාවක් පහල වී තිබීම විය හැක. ගිවිසුමේ වගන්ති නිසා මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකි යැයි කියා එය යහපාලන බලවතුන්ගේ භාවිතයට යෙදවීමට දැන් නිදහසට කරුණු නිර්මාණය කරමින් සිටින බවක් අපට පෙනේ. වර්තමාන ආණ්ඩුව විසින් මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්‍ෂේප කරන බවටත් එය අලුත් ගුවන්යානා සමඟ ලංකාවට එවා තිබුණත් එය වහාම එයාර්බස් සමාගමට හරවා යවන බවටත් වගබලා ගැනීම සියළු යහපාලනප්‍රේමීන්ගේ වගකීම වේ.

හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාගේ
මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා වෙනුවට
ෂෙරොන් සමරනායක

2 Responses to “නොදන්නා බෲනායි සුල්තාන් ගැන කියා රන්ජන් ඇදගෙන නායි.. මහින්දගෙන් නිවේදනයක්..”

  1. NAK Says:

    Ramanayake the parliament joker must be thinking that others are too like a frog like himself. What I would really like to hear in one of his media briefings is that what he has done sofar as a Dy.minister.
    On the other hand if these are the crimes that takes President Mahinda Rajapakse to prisons and jails,what about the mega robberies that the Ramanayake clan clamoured about before the elections.

    Ramanayake and his clan still doesn’t seem to have realised what happens to those who try to shine on lies.

  2. Ancient Sinhalaya Says:

    Gonja is toeing the party line. Gonja is a catholic and he is doing the barking for the catholic-run UNPatriotic party.
    When are these traitor Sinhalese who support UNPatriotics going to understand this simple truth?

    UNPatriotic party wants to stay away from China on the orders of catholic west whose agenda is to make Sri Lanka a catholic country. That’s why they want to destroy Rajapaskha clan. They used and helped catholic pira(mala)paharan’s
    catholic tigers to kill more than 100,000 Buddhists. But they failed to establish a catholic country in the north and the east since MR destroyed them. Now the west wants to punish him for scuppering the plan.

    Look at the countries clamouring for MR to be skinned alive. Norway, us, brasil, uk, france, argentina, macedonia, italy, etc. etc. Even archbishop two three of south africa making a lot of noise. Why because pira(mala)paharan, tamil selvan, anton balasinham, kasippu joseph, soosei, em manure etc. etc. all are/were catholics. Do you get the picture now?

    Gonja also a catholic. So he is saying these diabolical lies to destroy Rajapaksha clan. Some Sinhalese donkeys are really really dumb and believe these pathalyin!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress