කෝපායි සිට කොළඹට මාරු කළ 51 වැනි බළසේනාවේ සෙන්පතියා
Posted on February 28th, 2016

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

2015 සැප්තැම්බර් 15 දා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි පිටුq 251 ක ඒකපාක්‍ෂික පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ වාර්තාවේ 26 වැනි පිටුවේ 54 වැනි සේනාංකය භාරව සිටි එවකට බ්‍රිගේඩියර්-වරයකු වූ චාගි ගාල්ලගේ ඇතුළු වන්නි හමුදා නායකයන්ගේ නම් කූට ලෙස සඳහන් කර තිබුණි. ඊට පෙර 2010 දෙසැම්බර් 1 දා ලන්ඩන් නුවර ඊළාම් ජාලය මධ්‍යම ලන්ඩනයේ හෝස්‌පෙරි මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් ඔහු යුද අපරාධ සිදු කර ඇති බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරනු ලැබීය. මෙම පෙත්සමින් චාගි ගාල්ලගේ අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලීමක්‌ කෙරුණි. මෙම පෙත්සම ගොනු කළ සමයේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩන් නුවර සංචාරයක යෙදුණු අතර ඔහුගේ ආරක්‍ෂාව බාරව සිටියේ චාගි ගාල්ලගේයි. චාගි ගාල්ලගේ අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්‌ත්‍රාත් අධිකරණයට පෙත්සම ගොනු කිරීමේ පසුබිමේ සිටියේ ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැතියා සහ එහි ප්‍රකාශක සුqරෙන් සුqරෙන්ද්‍රන්ය. විශ්ව අධිකරණ ප්‍රඥප්තිය යටතේ මෙම හමුදා නායකයාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කර ඇති බව වාර්තා වූ විට 2010 දෙසැම්බර් 2 දා ඔහු ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණියේය. ගෝලීය ද්‍රවිඩ සංසදය චාගි ගාල්ලගේට එරෙහිව එල්ල කළ ප්‍රධානතම චෝදනාව වූයේ 53 සහ 59 වැනි සේනාංක මෙහෙයවමින් පුදුකුඩිඉරිප්පු රෝහලට ප්‍රහාර එල්ල කළ බවයි.

gallegeමේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

ලන්ඩන් අධිකරණය විසින් වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කිරීමට පෙර චාගි ගාල්ලගේ මෙරටට පැමිණියේය. ඒ වනවිට යුරෝපයේ කොටි ක්‍රියාකාරිනියක්‌ වූ ජානි ජනනායගම් නමැත්තිය ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය අමතමින් ශ්‍රී ලංකා හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත්තා දැයි විමසනු ලැබීය. ඇගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූ ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය පැවසුවේ චාගි ගාල්ලගේ බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ලන්ඩන් නුවරින් පිටව ගිය බවයි. මේ නිසා කෝපයට පත් ඇය හමුදා නිලධාරියාට නඩු පැවරූ බව කල්තියාම ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ බුද්ධි නිලධාරියාට තොරතුරු ලබාදී ඇති බවට චෝදනා කළාය. මේ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයේ දීන ක්‍රියාමාර්ගය අසාර්ථක විය. එහෙත් ඒ සංසදය ප්‍රමුඛ කොටි ඊළම් ජාලය සාවද්‍ය ප්‍රකාශ මගින් චාගි ගාල්ලගේ ඇතුළු වන්නි හමුදා නායකයන්ගේ නම් ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් කිරීමට ක්‍රියා කළේය.

gallege2

එය සිදු කරන ලද්දේ වන්නි මෙහෙයුමේ හමුදා විධානයට සම්බන්ධ ප්‍රධානීන් යෑයි හඳුන්වමිනි. මෙය මුළුමනින්ම වංචනික ක්‍රියාවකි. මේ අතර වන්නි මෙහෙයුමේ ක්‍රියාකාරියකු වූ මේජර් ජනරාල් චාගි ගාල්ලගේ යළිත් කරළියට පැමිණියේ පසුගිය 12 දා විදේශ ඇමැති මංගල සමරවීර මහතා යාපනයට පැමිණි අවස්‌ථාවේයි. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා උතුරේ ජනතාවගේ අදහස්‌ ලබා ගැනීම සඳහා වෙබ් අඩවියක්‌ එළිදැක්‌වූ සමරවීර මහතා යාපනයේ විශේෂ කාර්ය බලකා මූලස්‌ථානයේදී ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් හමු විය. මේ අවස්‌ථාවට කෝපායිහි 51 වැනි බලසේනාවේ අණදෙන නිලධාරියා වූ චාගි ගාල්ලගේ ද සහභාගි විය. මෙහිදී කරුණු දැක්‌වූ චාගි ගාල්ලගේ ජිනීවා යෝජනාවලිය සම්බන්ධව කටයුතු කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායට ආරක්‍ෂක අංශ නියෝජිතයකු ද ඇතුළත් කිරීම සුදුසු යෑයි කියා සිටියේය. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වා ඇති විදේශ ඇමැති සමරවීර ඒ සඳහා ක්‍රියා කළ නොහැකි බව පවසමින් එකී ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

එහෙත් දින කීපයකට පසු එම සිද්ධිය චාගි ගාල්ලගේ නමැති හමුදා නිලධාරියාට පාරාවළල්ලක්‌ විය. හමුදාපතිගේ නියෝග මත චාගි ගාල්ලගේ කෝපායි 51 වැනි බලසේනාවෙන් ඉවත් කර කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අංශ අධ්‍යක්‍ෂක ලෙස පත් කෙරුණි. කෝපායි බල සේනාවේ නව ප්‍රධානියා ලෙස ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත් කිරීමට හමුදාපතිවරයා ක්‍රියා කළේය.

කෝපායි යනු උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. රිවිරැස මෙහෙයුමේදී ඒ බව තහවුරු විය. එසේනම් ඉංජිනේරු සේවා බලකායේ ප්‍රධානියකු කෝපායි බල සේනාවට පත් කිරීම ද මවිතයට කරුණක්‌ වේ.

මේ අතර ආරක්‍ෂක ලේකම්වරයා ද ප්‍රකාශයක්‌ කරමින් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ කොළඹට කැඳවා රාජකාරි කටයුත්තක්‌ පැවරීමට තීරණය කර තිබූ බවත් උතුරේ ඇති වූ සිද්ධිය සිදුවී අත්තේ එම කාලයේදී යෑයි පවසා ඇත.

මේ පසුබිම යටතේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ 11 කගෙන් යුත් කාර්ය සාධක බලකායේ ඇතැම් ක්‍රියාකාරීන්ගේ අතීතය අනාවරණය විය.

මේ ක්‍රියාකාරීන්ගෙන් දෙදෙනෙක්‌ නෝර්වෙහි නෝරාඩ් සංවිධානයෙන් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානීන් දෙදෙනෙකි. වන්නි මෙහෙයුම නතර කිරීමට මෙම රාජ්‍ය නොවන සංවිධානය දැඩි උත්සාහයක්‌ ගත්තේය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා පවා සපයනු ලැබුවේ එකී සංවිධානය යෑයි අනාවරණය විය. මේ රාජ්‍ය නොවන සංවිධානයට නෝරාඩ් සංවිධානය ක්‍රෝන මිලියන ගණනක්‌ සපයා තිබුණි. මෙකී කාර්ය සාධක බලකායේ කාන්තාවක්‌ අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ කළ යුතු යෑයි කියමින් ප්‍රකාශ පවා නිකුත් කරනු ලැබීය.

මේ අතර එකී කාර්ය සාධක බලකාය කොළඹ සහ යාපනයේ සිටින සේනාධිපතිවරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

2008 සිට වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් කොළඹ හා යාපනයේ හමුදා අණදෙන නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීම හමුදාවට එල්ලවූ සරදමක්‌ නොවේද? මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ ජර්මනියේ බර්ලින් නුවර සිටින ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් කීපදෙනකුට ලත් තොරතුරකින් වාර්තා වූයේ බර්ලින් නුවර මැරියට්‌ නමැති සුපිරි හෝටලයේ ආලින්දයේ ද්‍රවිඩයන් දෙදෙනකු සිටින බවයි.

ඒ වෙනින් කවුරුත් නොව ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය යුද අපරාධ සාක්‍ෂි ඉදිරිපත් කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවේල් දේවගැති හා ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ය. ජර්මානු බුද්ධි අංශයේ ද මොවුන් ගැන තැකීමක්‌ කර නොතිබිණි.

මොවුන් දෙදෙනා පැමිණියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නොව විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා කිරීමටය.

ශ්‍රී ලංකාවට එල්ලවු චෝදනා ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කරගන්නේ නැතැයි ජනාධිපතිවරයා බී. බී. සී. සේවාව අමතමින් කළ ප්‍රකාශයට එරෙහිව නිවේදනයක්‌ නිකුත් කළේද ගෝලීය ද්‍රවිඩ සංසදයයි.

2009 මැයි 19 දා කොටි සංවිධානය පරාජය වීමෙන් පසු එමානුවෙල් දේවගැති හා සුරේන් සුරේන්ද්‍රන් විදේශ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එක්‌ව ගෙන ගිය මෙහෙයුම් අපි සියෑසින් දුටුවෙමු. මානවහිමිකම් සැසිවාර පැවැත්වෙන අවස්‌ථාවේ එමානුවේල් දේවගැති හා චැනල් ෙµda අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වූ අයුරු අපි ජිනීවා සිට හෙළි කළෙමු. 1990 දී ජර්මනියට පැනගිය එමානුවෙල් දේවගැති දේශපාලන රැකවරණ ලැබීය. දෛවය එක්‌ දොරක්‌ නොවසා තවත් දොරක්‌ අරින්නේ නැතැයි පැවසුවේ වික්‌ටර් හියුගෝ නමැති ගත්කරුය.

2010 දෙසැම්බර් මස 1 දා ලන්ඩන් නුවරදී මේජර් ජනරාල් චාගි ගාල්ලගේ අත්අඩංගුවට ගැනීම සඳහා නඩුවක්‌ ගොනු කල ගෝලීය ද්‍රවිඩ සංසදයට මෙරට දොර වැසී තිබුණි. එහෙත් පසුගිය වසරේදී එමදොර විවෘත විය. රජය ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කරනු ලැබීය.

1995 දී ශ්‍රී ලංකා යුද හමුදාව රිවිරැස මෙහෙයුමින් යාපනය අර්ධද්වීපය කොටින්ගෙන් නිදහස්‌ කර ගත් පසු එමානුවෙල් ජර්මනියට ගොස්‌ තමා දෙවියන්ගේ මිනිසා යනුවෙන් පෙනී සිටියේය. 2009 දී ප්‍රභාකරන් පරාජය වීමත් සමගම ඔහු ගෝලීය ද්‍රවිඩ සංසදය පිහිටුවා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් සාවද්‍ය ප්‍රචාර දියත් කළේය.

ශ්‍රී ලංකාවේ පැවැති චෝගම් සමුළුවට පෙර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ව හය වතාවක්‌ හමුවූ ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවරක්‌ ගන්නැයි ඉල්ලීමක්‌ කළේය.

එමානුවෙල් පියතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවන්හල පිහිටි ප්‍රදේශයේ කොනකට වී චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සමග රහස්‌ සාකච්ඡාවක නිරත වන අයුරු පිළිබිඹු වන ඡායාරූපයක්‌ ආරක්‍ෂක විශේෂාංගයේ පළ විය. මේ නිසා අප වෙත පැවැති එමානුවෙල් පියනම ඔබ නරක වැඩක්‌ කර තිබෙනවා. ඇයි මම කැලම් මැක්‌රේ සමග සිටින ඡායාරූපය පළකළේ යෑයි ප්‍රශ්න කළේය. ඔබ මේ විදේශිකයා සමග එක්‌වී සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරනවා. ඔබට දෙවියන්ගෙන් සමාව ලැබෙන්නේ නැහැ යෑයි මම ප්‍රතිචාර දැක්‌වූයෙමි.

මේ අතර සංහිදියාව ගැන පත්කල කාර්ය සාධක බලකායේ අරමුණු කුමක්‌ද?

මේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියකු ආරක්‍ෂක සේනාධිපතිවරුන් හමුවී උතුරේ විපතට පත්වූ කණ්‌ඩායම් ගැන මෙන්ම සංහිඳියාවට සම්බන්ධ පිරිස ගැන නිරීක්‍ෂණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ඇත. එහෙත් එවන් උපදෙස්‌ ආරක්‍ෂක හමුදාවට දිය යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයයි. මේ පසුබිම මැද චාගි ගාල්ලගේ කෝපායි බලසේනාවෙන් ඉවත් කිරීම ගැන ඊළම් ජාලය අතිශයින් ප්‍රීතියට පත් විය. එහෙත් චාගි ගාල්ලගේ කළ සේවය අමතක කළ හැකිද?

තොප්පිගල මෙහෙයුම සමයේ ඔහු කර්නල්වරයෙකි. තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බළකාය හා පාබල හමුදා මෙහෙය වූයේ ඔහුයි. පසුව විශේෂ කාර්ය සාධක බළකාය මෙහෙය වූ චාගි ගාල්ලගේ හදිසියේ රෝගාතුර වී හමුදා කටයුතුවලින් විවේක ගෙන සිටියත් පසුව වන්නි මෙහෙයුමට යළිත් එක්‌ විය. ඔහු මුලතිව්හි ඒකරශි වී සිටි කොටි ත්‍රස්‌තයන්ව කොටු කිරීමට ක්‍රියා කළේය. ගාල්ලගේ මෙහෙය වූ කමාන්ඩෝ බලකාය කොටි ත්‍රස්‌තයන්ව කොටු නොකළේ නම් ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන්ට පැන යැමට හැකියාව තිබිණි. 2013 පෙබරවාරි මස ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන මඩ වෙබ් අඩවි මෙහෙයවන්නකු අවමන් සහගත ප්‍රචාර දියත් කරමින් ඉන්දීය මාධ්‍යවේදිනියකට තොරතුරු සපයන්නේ ගාල්ලගේ බවට චෝදනා කරනු ලැබීය.

එම වසරේම ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය ඔහුව යුද අපරාධකරුවකු ලෙසට නම් කරමින් සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කර එම තොරතුරු මානව හිමිකම් කවුන්සිලයට යවා ඇත.

මෙලෙස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ සාවද්‍ය තොරතුරු නිසා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවේ සඳහන් වූයේ අණ ලබා දුන් අයට මෙන්ම අණ ක්‍රියාත්මක කළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවයි. එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් සිවුදෙනකුට චෝදනා එල්ලවී ඇති බවයි.

මේ අතර ප්‍රභාකරන් උතුරේ කොටි කඳවුරු ස්‌ථාපිත කරන අවස්‌ථාවේ නිහඬව සිටි පිරිස්‌ මයිලඩ්ඩි සහ කන්කසන්තුරේ වරායන් ද ජනතාවට ලබාදිය යුතු බවට ඉල්ලීමක්‌ කර ඇත. පලාලි ගුවන් තොටුපළ ද කිලිනොච්චියට ගෙන යා යුතු බවට ඔවුන් පවසා තිබේ.

ආරක්‍ෂක ක්‍රමෝපායන් අතින් වැදගත් පලාලි ගුවන් තොටුපලේ ධාවන පථයට මීටර් 100 ක්‌ ඈතින් පිහිටි ප්‍රදේශය ද විවෘත කළ යුතු බව මේ පාර්ශ්ව සඳහන් කර ඇත.

මෙයට පෙරද වන්නි මෙහෙයුමට උරදුන් සෙන්පතිවරු කීපදෙනෙකුගෙන් හමුදාපතිගේ අවසර නොලබා ජනාධිපති හමුවී සාකච්ඡා කිරිමේ ප්‍රශ්නයක්‌ මතු විය.

මෙලෙස චාගි ගාල්ලගේ කෝපායි සිට කොළඹට මාරුවීම් ලබද්දී වන්නි මෙහෙයුමට කිසිසේත් දායක නොවූ එහෙත් යුද හමුදාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ හිටපු මේජර් ජනරාල්වරයකුට තානාපති සේවයේ උසස්‌ ම ධුරයක්‌ හිමි විය.

කොටි හමුදා නායකයන් මරණ ලෙස ඉහළින් නියෝග කළ බවට තමන්ට වාර්තා වූ බව මේ හිටපු මේජර් ජනරාල්වරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පවසා තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වැනි සංවත්සරය ද ලබන මාර්තු 2 දාට යෙදී තිබේ. එහෙත් 1998 රිවිරැස මෙහෙයුමේ සිට 2009 වන්නි මෙහෙයුම දක්‌වා අපට සේවාවක්‌ කළ එම් අයි 24 හෙවත් කොකර්ඩයිල් ප්‍රහාරක හෙලිකොප්ටර් සහ මිග් 27 ප්‍රහාරක යානා පියාසර කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. ඊට හේතුවූයේ එම යානා විදේශගත කර අලුත්වැඩියා නොකිරීමයි. ඒ ගැන වගකිවයුත්තෙක්‌ නැත. මේ පසුබිම මැද කµSර් යානාවක්‌ ගුවන් ගත විය. මේ යානාවල ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමට එම යානා ගුවන්ගත කළ යුතුය. එහෙත් එක්‌ කµSර් යානාවක්‌ යාපන අර්ධද්වීපය අහසේ පියාසර කිරීමද උතුරේ පිරිස විසින් වැරැද්දක්‌ ලෙස පෙන්නුම් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress