සංඛ අමරජිත් වෙනුවට ලක්ෂ්මන් කිරිඇල්ල
Posted on March 2nd, 2016

BY MALINDA SENEVIRATNE

 “කැකිරිලන්තයේ මීළඟ පුවත්” ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද ‘ප්‍රවෘති’ එකතුවකි මෙලෙස ඉදිරිපත් කරන්නේ 

“කිරිඇල්ල ගේ දේශපාලන විද්‍යාව” කෘතිය විශ්ව විද්‍යාල සඳහා නිර්දේශ වේ 

උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කැළණි විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා ට ලියා ඇත්තේ එම අංශයේ ‘තාවකාලික කථිකාචාර්ය’ තනතුරක් ඔහුගේ හිතවතෙකුට ලබා දෙන ලෙසයි. මේ වනාහී කිරිඇල්ල මහතා දන්නා දේශපාලනය ද නැතහොත් දේශපාලන විද්‍යාව දැයි පැහැදිලි නැති මුත් ඔහු හොර රහසේ රචනා කල “කිරිඇල්ල ගේ දේශපාලන විද්‍යාව” කෘතිය විශ්ව විද්‍යාල සඳහා නිර්දේශ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇත.

බළල් කතා වක් කියූ සංඛ ට බල්ලා කියමින් යහපාලනය බලුපාලනයක් සේ රනිල් අර්ථකථනය කරද්දී ‘ගොන් කතා’ ඇද බාන කිරිඇල්ල නාගන්න එක අහන්නත් දෙයක් ද?

සංඛ වෙනුවට කිරිඇල්ල 

දෙරණ රූපවාහිනී සමාගම සංඛ ඉවත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුව ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පිරවීමට නියමිතයි. මාධ්‍යය භාවිතය පිලිබඳ හසල දැනුමක් ඇති කිරිඇල්ල මහතා සංඛ ට නොදෙවෙනි කාර්යභාරයක් ඉටු කරතැයි දෙරණ පාලකයෝ විශ්වාස කරන බව වාර්තා වේ. විශේෂයෙන් ම කිරිඇල්ල මහතා බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙක් වීම මෙම තනතුර ඔහුට ම පිරිනැමීමට ඉවහල් වී ඇත. ඒ සඳහා වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක ඇමති හරහා දිලිත් ජයවීරට ‘සුදුසුකම් ඇතොත්, වයස නොසලකා සේවයට ගන්න’ කියා ලිපියක් එව්වේ ද නැද්ද යන්න තවමත් එලි වී නැත.

රටකට අපමණ අගයක් ඕනෑ වුනත් විසම්මුතියට දෙන අගය බිංදුවයි 
ඩී.ජේ (ඩිෆෝල්ට් ජනපති) වෛරී සිරිසේන ඒ දවස්වල ‘රටකට ඕනෑ අපමණ අගයක්,’ සහ ‘මෛත්‍රී යුගයක්’ ගැන කතා කලත් තමන්ගේ මතයට එරෙහි වෙන සියලු දෙනා ගෙන් පලිගන්න පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ අප්පො සහ ඔහුගේ අනුගාමිකයින් මේවා ගැන මීක් නැත්තේ ‘යහපාලනය’, ‘මෛත්‍රිය’ වගේ වචන වල තේරුම් නොදන්නා නිසා නොව, අදාළ නැති නිසාය.
තිලංගගේ සදාචාර ඌනතාවය පියවන්න ග්‍රැහැම් ෆෝඩ් ඉවතට!
මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දීම සදාචාර විරෝධී බව පවසා මහේල ගෙන් කනේ පාරක් කෑ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් එම තනතුරෙන් ඉවත් කිරීමට කටයතු කරන බව ආරංචි වී ඇත. 
තමා එංගලන්ත කණ්ඩායමට උපදෙස් දීම වැරදි නම් ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ කෙසේද යන්න මහේල අසා තිබිණ. 
ලැජ්ජාවට පත් තිලංග තමා ගේ සදාචාරාත්මකභාවය ඔප්පු කිරීම සඳහා ග්‍රැහැම් ෆෝඩ් ඉවත් කිරීමට යන බව ක්විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරති.
විශ්‍රාමිකයින්ට සහ පරාජිතයින්ට ‘සීතල සමයක්’
ඉදිරියට කෙනෙක් කාන් රැකියාවෙන් විශ්‍රාම යන්නට සිදුවුවහොත් එසේත් නැත්නම් රැකියාවෙන් නෙරපා දමන ලද්දේනම්, වසර 2 ක අනිවාර්ය ‘සීතල සමයක්’ ගතකරන්නට සිදුවනු ඇත. මීට අදාල පනත් කෙටුම්පත් සූදානම් කරමින් පවතී. මෙම සීතල කාලය තුල එතෙක් සේවය කල සංවිධානයට කුමන හෝ ආකාරයකින් විරුද්ධ කිසිම සංවිධානයට අදාළ පුද්ගලයාට සේවය කල නොහැකි බව ඉහත පනත වෙනුවෙන් කටයුතු කරන අයගේ මතය වේ. 
මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණ වන්නේ තිලංග සුමතිපාල පහුගියදා මහේල ජයවර්ධන පිලිබඳ කළ ප්‍රකාශය වේ. තිලංග පවසන්නේ මහේල එංගලන්තය ට ගොස් එම රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණු කිරීම වැරදි බවයි. ඔහුගේ මතය වුයේ, “ක්රෙදකයෙක් කණ්ඩායමෙන් ඉවත් වී වෙන කණ්ඩායමකට උදව් කිරීමට පෙර’සීතල සමයක්’ ගත කල යුතු බවයි.’
මෙම පනත මගින් පාර්ලිමේන්තුවේ පිල් මාරු සීමා වනු ඇති විද්වතුන් පවසති. එවන් පනතක් එවකට තිබුනේ නම් මෛත්‍රිපාල සිරිසේන කිසිදා ජනපති නොවනු ඇත. මහින්ද ප්‍රධාන ‘ඒකාබද්ධ විපක්ෂය ට.’ මේ තරම් රඟන්න වන්නේද නැත.
ලෝකයේ පරිත්‍යාගශීලිම රට ඉන්දියාව 
ලෝකයේ පරිත්‍යාගශීලිම රට ඉන්දියාව බව විමල් වීරවංශ ඔප්පු කර ඇත. ඉන්දියාවේ වෙසෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමටද, එම රෝගීන් රෝහලකට ගෙන යාමට හැකියාවක් නොමැති තත්ත්වයක පසුවුවත් ශ්‍රී ලංකාවට ගිලන් රථ සේවාවක් පරිත්‍යාග කිරීම ට ඉන්දියාවේ ඇති සූදානම පුදුමසහගත බව ඔහු පවසයි.
අත්හැර දැමූ සියලු ‘මඩ ඉඩම්’ වල මහින්දලා නිධන් සඟවා ඇත 
විවිධ හේතු මත වගා නොකරන කුඹුරු ඉඩම් වල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ලඟම ඥාතීන් ඉතා රහසිගතව නිධන් සඟවා ඇති බව ඉතා රහසිගත පරීක්ෂණයකින් හෙළි වී ඇත. රට පුරා විහිද ඇති මෙවැනි ඉඩම් සියල්ලකම භාණ්ඩාගාරයෙන් හොරකම් කල මුදල් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විවිධාකාරයෙන් රැස් කරගත් රත්තරන් ඇතුළු මහා ධනස්කන්ධයක් සඟවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා ඇත. ඒ සියලු ඉඩම් හාරා ජනතාව සතු විය යුතු මෙම ධනය මතු කර ගැනීමට ඉන්දියාවෙන් ශ්‍රමය ගෙන්වා ගැනීමට සිදුවන බව ද වාර්තා වේ. එම කාරණයද විවාදයට තුඩු දී ඇති ‘ඉක්කා ගිවිසුමට’ ඇතුලත් කිරීමට අදාළ පාර්ශවයන් දැන් දැන් සූදානම් වෙමින් සිටිති.
දින (හාර)සීයක් ගෙවිලත් පිළිතුරු නොමැති ප්‍රශ්ණ ඇත 
දින 100″ මතකද? දින සීයේ කයිවාරුවේ වයස අදට දින 400 ත් පැනලා, 

කෝ ඉතින් මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කෙරුවද? තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත කෝ? (දින 100 ට නොවුනත්) පුංචි ඡන්දයට ඇයි ඔච්චර බය? (දින 100 ට නොවුනත්) ඉක්කා ගිවිසුමේ කෙටුම්පත හදන්නේ කවුද, එලි දක්වන්නේ කවද්ද?

රනිල්ගෙන් හර්ෂට ටොක්කක් 

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ‘ඉක්කා ගිවිසුම’ ට එරෙහි වෙන අයට බැන වදිමින් බලුපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ එම ගිවිසුමේ කෙටුම්පත වත් තවම සකස්කොට නැති බවයි. නැති ඉක්කාවකට විරුද්ද වන්නේ කෙසේද යනුවෙන් ඉතා සාධාරණ ප්‍රශ්නයක් ඔහු මතු කරයි. එහෙත් නැති ඉක්කාව සාධාරණය කරන්නේ කෙසේද යන පැනය රනිල් තමන් ගෙන් අසන්නේ ද නැත. නැති ඉක්කාව වෙනුවෙන් එඩිතරව පෙනී සිටින හර්ෂ ද සිල්වා ට රනිල් ටොකු අනින තෙක් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියි.

2 Responses to “සංඛ අමරජිත් වෙනුවට ලක්ෂ්මන් කිරිඇල්ල”

  1. Dham Says:

    This man has proved he is Mervyn Silva of Rani’ls LTTE government.

  2. jay-ran Says:

    Lakshman Kiriella is a SHAMELESS,BONELESS,GONG WAHANSE!!!
    Because, his real name is not KIRIELLA,BUT PERERA.He shamelesly changed his name to his WIFES WHO IA A KIRIELLA!!!
    SO HE WILL NEVER BE AN “APPO” but A “HUPPO”!!!!!! for insulting PERERAS!!!!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress