ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව පිලිබඳ විශ්ව විද්‍යාල සහයෙන්  අධ්‍යනයක්.  ගැටළුවට තිරසාර විසඳුමක් සඳහා ආකල්පමය වෙනසකට මුල් පියවර තබනවා.-දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමා අවධාරණය කරයි.-
Posted on March 4th, 2016

අයේෂ් රණවක ගරු අමාත්‍යතුමාගේ උපදේශක / මාධ්‍ය ලේකම්

තිස් වසරක් තිස්සේ නොවිසිඳි දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ඉන්දු ලංකා ධීවර ගැටළුවට විසඳුම් ලබා දීමේදී නව මංපෙත් මෙන්ම ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පියවර ගතයුතු කාලය උදාවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සඳහන් කළේය.

අමාත්‍යතුමා පෙන්වා දුන්නේ විවිධ රජයන්සේම එම රජයන්හි ධීවර විෂය භාරව සිටි ඇමතිවරු ගණනාවක්ම මෙම ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුවට විසඳුම් සෙවීමට උත්සහ කළද එම සියලු උත්සහයන්හි අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවය.

මෙම ගැටළුවට ප්‍රධාන හේතුව ධනවත් ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට යට වු ධීවර කාර්මිකයන්ට සිය වෘත්තිය කර ගෙන යාමට හේතු වු බැවිනි. මෙම මුදාලාලිකරණය යටතේ සේවය කරණ අසරණ අහිංසක ධීවර සේවකයින් සිය දරු පවුල් නඩත්තු කිරීම සඳහා මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට පෙළඹී සිටින බව පැහැදිලිය.

එබැවින් නීති විරෝධී ක්‍රියාවල නිරත වන ඉන්දියානු ධීවරයින්ට එහි අනිටු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයක් ලබා දී සිය වෘත්තීය නිවැරදිව හා වඩාත් අදායම් උපයාගත හැකි ක්‍රමවේදයන් හඳුන්වා දීම මඟින් එම් ධීවරයින් මෙම ගැටළු වලට මැදිවීමෙන් වළක්වා ගත හැකිය යන්න විශ්වාසයයි.

මෙහිදී නීති විරෝධී ක්‍රියාවලට ලක්ව දඬුවම් විඳීමට සිදුවීම මඟින් තමන්ටත් තම දරු පවුල් වලටත් විඳීමට සිදුවන දුක්ඛිත තත්වය අඹුදරුවන්ගේ ජිවනෝපාය හා ආරක්ෂාව මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනයට වන හානිය පිළිබඳවත් නිවැරදි අවබෝධයක් මෙන්ම නිවැරදි පන්න ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ බලාත්මක නීති පිළිබඳ අවබෝධයක් ලබාදීම මඟින් මෙම ඉන්දු ලංකා ධීවර ගැටළු වලට තිරසාර විසඳුමක් ලබා දීම පහසුවනු ඇතැයි දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

මේ සඳහා තමිල්නාඩු ධීවරයන්ගේ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සැලසුම් කළ යුතුය. ගැටළුව නිවැරදිව අවබෝධ කරගෙන ඒ පිළිබඳව ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීමේ ප්‍රයෝගික වැඩ පිළිවෙල නිශ්චිතව  හඳුනා ගනිමින් එවැනි දැනුවත් කිරීමේ ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන්න සැලසුම් කිරිම සඳහා සමීක්ෂණයක් කිරීමට සිංගප්පුරුවේ විශ්ව විද්‍යාලයක සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කර ඇති අතර එවැනි සමීක්ෂණයක් මඟින් මෙම නීති විරෝධී ක්‍රියාවන්හි නියමිත රටාව හඳුනාගෙන එයට සමගාමීව තමිල් නාඩුව තුළ සංකල්ප ප්‍රවර්ධනයක් (Concept Building) සිඳුකිරිම මඟින් ඵලදායීතාව ඉහල අගයක රඳවා ගත හැකි බව තම විශ්වාසය යැයිද රාජ්‍ය අමාත්‍ය දිලිප්  වෙදආරච්චි මැතිතුමා තවදුරටත් පැවසිය.

මෙම දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය හා ශ්‍රී ලංකා ධීවරයගේ ආකර්ශනය දිනාගත හැකි තැනැත්තන් සන්නාම තානාපතිවරුන්සේ පත්කර ඔවුන්ගේ උපරිම දායකත්වය මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ලබා ගැනීම අපේක්ෂාව බවද අමාත්‍යතුමා තවදුරටත් කියා සිටියේය.

අයේෂ් රණවක

ගරු අමාත්‍යතුමාගේ උපදේශක / මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress