ප්‍රභාකරන්ගේ සීයලා 2
Posted on March 5th, 2016

නලින් ද සිල්වා මේ 1995 දී පළකළ පොතකිනුයි 

x දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම පිළිබඳ ව ඇති සාක්ෂි මොනවාද ?

කලින් සඳහන් කළ ආකාරයට දෙමළ නායකයන්ට සිංහලයන් බහුතරය බව නොපිළිගැනීමට ප‍්‍රධාන ම හේතුව වූයේ ඔවුන්ගේ වරප‍්‍රසාද රැුක ගැනීමයි. සිංහලයන් බහුතරය බව පිළිගතහොත් ජන අනුපාතයට වඩා රැුකියා හා වෘත්තීන්හි තමන් යෙදී සිටීම ගැටලූවක් වන බව ඔවුන් දුටුවා. ඒ වගේ ම ඔවුන් ගේ වෙනත් බලතලත් නැති වන බව ඔවුන්ට පෙනී ගියා. 1885 දී එවකට තිබූ ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිම් නියෝජිතයකු පත් කෙරීම පිළිබඳ ප‍්‍රශ්නය පැන නැගුණා. එහි දී පොන්නම්බලම් රාමනාදන් මහතා කියා සිටියේ මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙස ගත් කල දෙමළ බවත්, දෙමළ ජනයා නියෝජනය කෙරීම සඳහා තමන් සිටින බවත් එබැවින් මුස්ලිම් නියෝජිතයකු අනවශ්‍ය බවත් ය. ඔහු ගේ තර්කය වූයේ දෙමළ ජනවර්ගය ආගම ලෙස ගත් කල දෙමළ හින්දු, දෙමළ ක‍්‍රිස්තියානි, දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියත් ඒ සියල්ල ම ජනවාර්ගික ව දෙමළ බවයි. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට රාමනාදන් මහතා ලියූ ලිපියකත් ඔහු ඒ තර්කය මතු කළා. එහෙත් එකලත් මුස්ලිම් නායකයන් රාමනාදන් මහතා ගේ ඒ තර්කයට විරුද්ධ වුණා. සිද්ධි ලෙබ්බේ මහතාත් Ethnography of the Muslims of Ceylon මැයෙන් ලිපියක් පළ කළ එම්. අයි. අබ්දුල් අසීස් මහතාත් එහි දී

 විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔවුන් කියා සිටියේ ලංකාවෙ 

මුස්ලිම්වරුන්ට වෙන ම අනන්‍යතාවක් ඇති බවයි. අවුරුදු 100කට පසු වත් මේ ප‍්‍රශ්නය පවා හරිහැටි නිරාකරණය වී නැහැ. අද නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් ගේ ප‍්‍රශ්නය මෙම අනන්‍යතාව පිළිබඳ  ප‍්‍රශ්නයක්. 

x නමුත් දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගත් බවක් එයින් කියැවෙනවා ද ?

ඉන් මූලික වශයෙන් ම කියැවෙන්නේ දෙමළ ආධිපත්‍යයක් මුස්ලිම් ජනතාව මත පැටවීමයි. එහෙත් එහි එයට වඩා තවත් දෙයක් තිබුණා. දෙමළ නායකයන්ට දෙමළ ගොඩ වැඩි කරගැනීමටත් අවශ්‍ය වුණා. අද පවා දෙමළ කතා කරන ජනතාව යනුවෙන් ඔවුන් වර්ගීකරණයක් කරනවා. මේ දෙමළ ගොඩ යම් ප‍්‍රමාණයකින් හෝ වැඩි කරගැනීම මගින් සිංහල බහුතරයේ සංඛ්‍යාත්මක අගය ඒ ප‍්‍රමාණයෙන් හෝ අඩුකර ගැනීමට දැරූ උත්සාහයකුත් එහි තිබුණා. තමන් හා සිංහලයන් අතර ඇති සංඛ්‍යාත්මක වෙනස අඩු කර ගැනීම තුළ සිංහලයන් බහුතරය බව හදවතින් විඳීමට තිබූ අකැමැත්ත බුද්ධියෙනුත් තරමක් හෝ යුක්ති යුක්ත කරගත හැකියි. 

x ඒත් ඔය කාලයේ දෙමළ නායකයන් හා සිංහල නායකයන් එකට වැඩ කළා නොවේ ද ?

ඔව්. බිරිතානින් ගෙන් යම් යම් ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීමේ දී ඔවුන් එකට වැඩ කළා. ඒත් ප‍්‍රශ්නය වූයේ දෙමළ ජනයා ගේ වරප‍්‍රසාද රැුකගැනීමේ දී, මේ වරප‍්‍රසාදත් එක්ක බලය පිළිබඳ ප‍්‍රශ්නයත් ඈඳුණා. එය ව්‍යවස්ථාදායක සභාව තුළින් ආ දෙයක්. 1885 දී රාමනාදන් මහතා මුස්ලිම් නියෝජනයකට විරුද්ධ වුණා. 1912 දී ව්‍යවස්ථාදායක සභාවට පළමු වරට නිල නොලත් මන්ත‍්‍රීන් ඡුන්දයෙන් තෝරාගනු ලැබූවා. එහි දී උගත් ලාංකිකයන් වෙනුවෙන් තෝරා යැවුණේ රාමනාදන් මහතායි. මේ කාලයේ ඡුන්ද බලය තිබුණේ ඉංගිරිසි යම් ප‍්‍රමාණයකට උගත් අයට, දේපළ හිමියන්ට හා ව්‍යාපාරිකයන්ටයි. ඒ සීමිත ඡුන්ද බලය තිබූ කාලයේ සිට දෙමළ උගතුන් සිංහල බහුතරය බව පිළිගත්තේ නැහැ. බලය පිළිබඳ ප‍්‍රශ්නය විවෘත ව ම කරළියට ආවේ 1918 පමණ කාලයේ දී යි. 

x ඔය කාලයේ ලංකා ජාතික කොන්ග‍්‍රසය පිහිටුවාගෙන තිබුණා නේ ද ? එහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලූ දෙනා ම හිටියා නේ ද?

මුල දී එහෙම එකට හිටිය බව ඇත්ත. ලංකා ජාතික කොන්ග‍්‍රසය පිහිටුවූයේ 1917 දීයි. එහි පළමු සභාපති වූයේ රාමනාදන් මහතා ගේ මල්ලි වූ පොන්නම්බලම් අරුණාචලම් මහතායි. ප‍්‍රශ්නය මුලින් ම මතු කෙළේ යාපන සංගමය විසිනුයි. ව්‍යවස්ථාදායක සභාවට ජනවර්ග පදනමක් මත මන්ත‍්‍රීවරුන් තේරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ජාතික කොන්ග‍්‍රසය 1918 දී තීරණය කෙළේ භූමිය මත පදනම් වී මන්ත‍්‍රීවරුන් තෝරාගැනීමටයි. යාපන සංගමය ලංකා ජාතික කොන්ග‍්‍රසයට ඇතුළු වීමේ දී කොන්ග‍්‍රසයෙහි නායකයන් දෙදෙනෙකු වූ ජේම්ස් පීරිස් හා ඊ. ජේ. සමරවික‍්‍රම මහත්වරු යාපන සංගමයට පොරොන්දුවක් දෙමින් කොන්ග‍්‍රසයෙහි ප‍්‍රතිපත්තියට අනුකූල ව යාපන සංගමයෙහි ඉල්ලීම්වලට ඉඩ දිය හැකි බව පවසා තිබෙනවා. එහෙත් 1920 වන විට යාපන සංගමය කියා ඇත්තේ ජේම්ස් පීරිස් හා ඊ. ජේ. සමරවික‍්‍රම මහත්වරුන් ජනවර්ගය මත මන්ත‍්‍රීන් තේරීමට එකඟ වූ බවයි. මේ වන විට දෙමළ නායකයන් කොළඹ දිස්ත‍්‍රික්කයේ උගත් දෙමළ ජනයා සඳහා වෙන ම මන්ත‍්‍රී ධූරයක් ඉල්ලා සිටියා. කොන්ග‍්‍රසයේ තීරණය භූමිය මත මන්ත‍්‍රීන් තෝරා ගත යුතු ය යන්න බැවින් සිංහල නායකයන් එයට විරුද්ධ වුණා. මේ තත්ත්වය උඩ 1921 දී අරුණාචලම් මහතා කොන්ග‍්‍රසයෙන් අස් වී තමිල් මහජන සබෙයි හෙවත් දෙමළ මහජන සභාව පිහිටෙව්වා. එය තමයි ලංකාවේ පිහිටුවනු ලැබු ප‍්‍රථම ජාතිවාදී සංවිධානය. 

x ජේම්ස් පීරිස් හා සමරවික‍්‍රම යන මහත්වරු තමන් දුන් පොරොන්දුවක් කැඩුවේ නැද්ද ?

නැහැ. පොරොන්දු තිබුණේ කොන්ග‍්‍රසයේ ප‍්‍රතිපත්තියට අනුකූල ව යාපන සංගමයේ ඉල්ලීම්වලට එකඟ වන බවයි. කොන්ග‍්‍රස් ප‍්‍රතිපත්තිය වූයේ භූමිය මත මන්ත‍්‍රීවරුන් තෝරා ගත යුතු බවයි. 

x ඒ මහත්වරු එවැනි පොරොන්දුවක් හෝ දුන්නේ දෙමළ නායකයන් ගේ ඉල්ලීමෙහි යම්කිසි සාධාරණකමක් තිබූ නිසා නොවේ ද?

නැහැ. ඇත්තට ම අද වන තුරු ක‍්‍රියාත්මක වී තිබෙන දෙමළ ජාතිවාදී දේශපාලනයෙහි බීජ අවස්ථාවක් මෙහි තිබෙනවා. යාපන සංගමය ඉල්ලා සිටියේ ජනවර්ගය මත මන්ත‍්‍රීවරුන් තෝරන ලෙසයි. බිරිතානින් ගෙන් යම් යම් ප‍්‍රතිසංස්කරණ ලබාගැනීම සඳහා බලවත් කොන්ග‍්‍රසයක් තිබීම අවශ්‍ය යැයි කල්පනා කළ සිංහල නායකයන් ඒ සංගමය කොන්ග‍්‍රසයට ඇතුළත් කරගැනීම සඳහා ඔවුන්ට යම්කිසි සහනයක් සැලසුවා. උගත් දෙමළ ජනයා ඉන් පසු ක‍්‍රියා කළේ එම සහනය මත පදනම් වෙමිනුයි. කොන්ග‍්‍රසයේ ප‍්‍රතිපත්තියට අනුකූල ව යාපන සංගමයේ ඉල්ලීම්වලට එකඟවිය යුතු ය යන්න දෙමළ නායකයන් විවරණය කෙළේ අනෙක් පෙදෙස්වල භූමිය මත පදනම් ව මන්ත‍්‍රීන් තෝරන අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ උගත් දෙමළ ජනයා සඳහා මන්ත‍්‍රී ආසනයක් ලබා දිය යුතු ලෙසයි.  

x ඔබ කියන්නේ දෙමළ ජනයාගේ ඉල්ලීමේ සාධාරණ බවක් නැති ය කියා ද ?

එහි කිසි ම සාධාරණ බවක් නැහැ. ඒ ඉල්ලීමේ එක ම අරමුණ වූයේ තමන් එතෙක් දැරූ මන්ත‍්‍රී සංඛ්‍යාවෙහි අනුපාතය කෙසේ හෝ පවත්වාගෙන යෑමයි. වරප‍්‍රසාද රැුකගැනීම, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ බලය ජන අනුපාතයට කිසිසේත් ම නොසරිලන අයුරකින් පවත්වාගත යුතු ය යන්න හා එහි දී සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම ආදිය ඒ ඉල්ලීමෙහි අඩංගු වුණා. 

x ව්‍යවස්ථාදායක සභාවේ බලය ජන අනුපාතයට නොසරිලන ආකාරයකින් පවත්වාගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද ?

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවූයේ 1833 දී යි. මුල දී එහි නිල ලත් මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු හා නිල නොලත් මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු සිටියා. නිලලත් මන්ත‍්‍රීවරු 10 දෙනා ගෙන් හය දෙනෙක් විධායක සභාවේ සාමාජිකයෝ, අනිත් හතර දෙනා ආණ්ඩුකාරයා විසින් පත් කරපු නිලධාරීන්, නිල නොලත් මන්ත‍්‍රීවරුන් පත් කෙරුවෙත් ආණ්ඩුකාරයා යි. ඒ හය දෙනාගෙන් තුන් දෙනෙක් යුරෝපීය. එක් කෙනෙක් සිංහල . එක් කෙනෙක් දෙමළ. අනෙක් තැනැත්තා බර්ගර්. මේ පළමු ව්‍යවස්ථාදායක සභාවේ සිංහල දෙමළ අනුපාතය 1 : 1 යි. මෙය ඉංගිරිසින් විසින් වුවමනාවෙන් ම කරපු දෙයක්. යුරෝපීයයන් තුන්දෙනා හා බර්ගර් මන්ත‍්‍රීවරයා පත් කෙරීම හිතාගන්න පුළුවන්. එය අධිරාජ්‍යවාදීන් තමන් ගේ වර්ගයට හා සුදු හමට සැලකූ ආකාරයයි. සිංහලයන් හා දෙමළ අනුපාතය සාමාන්‍යයෙන් 6 : 1 අනුපාතයෙන් තිබුණත් මන්ත‍්‍රීවරුන් පත් කෙළේ 1 : 1 අනුපාතය අනුවයි. මේ ව්‍යවස්ථාදායක සභාවේ පනත් ඉදිරිපත් කෙරීමේ බලය තිබුණේ ආණ්ඩුකාරයාටයි. ඒ වුණත් එහි සාමාජිකයන් වීම නිසා ම යම් කිසි දේශපාලන බලයක් මන්ත‍්‍රීවරුන්ට තිබුණා. 1833 දී ඒ බලය සිංහල හා දෙමළ අතර බෙදී ගියේ 1 : 1 අනුපාතයටයි. 1 : 1 හා වැඩි ම වුවහොත් 2 : 1 බලය බෙදා හදාගැනීමේ අනුපාතයක් ලෙස එදා පමණක් නොව පසු වත් දෙමළ ජනයා කල්පනා කළා. බලයට හවුල් වීම බලය බෙදා ගැනීම යනුවෙන් දෙමළ ජනයා කල්පනා කෙළේ එයයි. 

x ආණ්ඩුකාරයා මෙයට අමතර ව ක‍්‍රිස්තියානි, බෞද්ධ, හින්දු ආදී වශයෙන් මන්ත‍්‍රීවරුන් පත් කෙළේ නැද්ද ?

නැහැ. වාසනාවකට එය එසේ සිදුවූයේ නැහැ. එහෙම වුණා නම් අර මා කලින් කිවු දෙය එනම් කිතුනුවන්ට හා කතෝලිකයන්ට රටේ ඉතිහාසය සමග බද්ධ වීමට තිබූ හැකියාව නැතිවෙන්නත් තිබුණා. රැුකියා හා වෘත්තීන්වල තිබූ වරප‍්‍රසාදවලටත් වඩා එක් අතකින් ගත් කල දේශපාලන බලය පිළිබඳ ව ඉංගිරිසින් විසින් දෙමළ ජනතාව ගේ හිත්වලට දමන ලද අනුපාතය මෙහි දී ප‍්‍රධාන වශයෙන් බලපා තිබෙන බවක් පේනවා. දෙමළ නායකයන්ට මේ මානසිකත්වයෙන් තවමත් ගොඩ ඒමට හැකි වී නැහැ.  

x මේ ව්‍යවස්ථාදායක සභාවට අණපනත් ඉදිරිපත් කෙරීමට නොහැකි වූවා නම් එයට තිබූ බලතල මොනවා ද ?

අණපනත් ඉදිරිපත් කෙරීමට නොහැකි වුවත් සාකච්ඡුාවලට සහභාගීවීමෙන් පණත් සම්මත වීමේ දී යම් බලපෑමක් කෙරීමට පුළුවන් වුණා. ඒ වගේ ම 1870 දී මුදල් කටයුතු පිළිබඳ සාකච්ඡුා කෙරීමට ව්‍යවස්ථාදායක සභාවට බලතල දුන්නා.

x ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිම් මන්ත‍්‍රීවරයකු පත් කෙරීමක් ගැන ඔබ කලින් සඳහන් කළා. එය ඉටු වුණා ද ? 

ඔව්. රාමනාදන් මහතා ගේ විරුද්ධත්වය උඩ වුවත් 1889 දී ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිම්වරුන් වෙනුවෙන් මන්ත‍්‍රීවරයකු පත් කළා. ඒ සමග එහි සංයුතියත් වෙනස් වුණා. නිල නොලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 8 ක් දක්වා වැඩි වුණා. ආණ්ඩුකාරයා යුරෝපීයන් 3 දෙනකු පහතරට සිංහල, උඩරට සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් එක්කෙනා බැගිනුත් ව්‍යවස්ථාදායක සභාවට පත් කළා. 1889 දී සිංහල දෙමළ අනුපාතය 2:1 වූවා. 

x උඩරට සිංහලයන් වෙනුවෙන් මන්ත‍්‍රීවරයකු පත් කෙරීම නිසා සිංහලයන් බෙදී ගියා ද ? 

මෙය ඉංගිරිසීන් ගේ පාලනයේ තවත් උපක‍්‍රමයක්. සිංහලයන්ව බෙදන්නට ඔවුන් උත්සාහ කළා. පහතරට සිංහලයන්ට වැඩි වරප‍්‍රසාද ලැබීම හේතු කොට ගෙන උඩරට සිංහලයන්ට සාධාරණයක් ඉටුකෙරීම ලෙසයි එය පෙනෙන්න සැලැස්සුවේ. පසු කාලයෙක උඩරට ප‍්‍රදේශවලට වෙන ම පෙඩරල් ප‍්‍රාන්තයක් ඉල්ලීමට සිංහලයන් යැයි හඳුන්වනු ලැබූ පිරිස යොමු වූයේ ඉංගිරිසින් ගේ එවැනි ප‍්‍රතිපත්ති නිසායි. 1926 වන විට බණ්ඩාරනායක මහතා ද උඩරට සිංහලයන් වෙන ම කොටසක් ලෙස දැක්කා. රට පිළිබඳ ඉංගිරිසින් ඇති කළ ඒ තත්ත්වය වැරදි බව වටහාගැනීමට බණ්ඩාරනායක මහතාට මෙන් ම පොදුවේ සිංහලයන්ට ද වැඩි කල් නොගොස් ම පුළුවන් වුණා.  

x 1889 දිත් නිල නොලත් මන්ත‍්‍රීවරුන් ද පත් කෙරුවේ ආණ්ඩුකාරයා විසිනුයි. සිංහල දෙමළ අනුපාතය කුමක් වුවත් එහි එතරම් වැදගත්කමක් නෑ නේ ද ? ඡුන්දයෙන් මන්ත‍්‍රීවරුන් පත් කර ගත්තේ කවදා ද ?  

මෙහි දී වැදගත් වන්නේ බලය පිළිබඳ අදහසයි. බලය බෙදා හදා ගැනීමේ දී දෙමළ නායකයන්ට තමන් ගේ වටිනාකම පිළිබඳ අදහසක් බිරිතානීන් විසින් දී තිබුණා. 1912 දී නිල නොලත් මන්ත‍්‍රීවරුන් හතර දෙනකු ඡුන්දයෙන් පත් කරගැනීමට ඉඩ සැලැස්සුවා. ඉන් එක් අයකු පමණක් උගත් ලාංකිකයන් වෙනුවෙන් පත්කර ගැනීමට හැකි වූවා. මෙහි දී ඡුන්ද බලය හිමි වූයේ සීමිත පිරිසකට බව මතක තබා ගත යුතුයි. 

1920 ප‍්‍රතිසංස්කරණයත් සමග නිල නොලත් මන්ත‍්‍රී සංඛ්‍යාව නිල ලත් මන්ත‍්‍රී සංඛ්‍යාවට වඩා වැඩි වුණා. නිල ලත් 14 දෙනාට නිල නොලත් 23 දෙනකු පත් කර ගත්තා. ඒ 23 දෙනා ගෙන් 16 දෙනකු ඡුන්දයෙන් පත් වූවා. අනිත් 7 දෙනා ආණ්ඩුකාරයා පත් කළා. 

x මේ අය පත් වුණේ ජනවර්ග පදනමකින් ද ? 

එය මිශ‍්‍ර ව සිදු වූවක්, නිල නොලත් මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු සීමිත ඡුන්දයෙන් පත් කෙරුණා. ඉන් 11 දෙනෙකු ඡුන්ද කොට්ඨාස නැත්නම් භූමිය මත පදනම් ව තෝරා ගැනුණා. යුරෝපීයන්ට දෙදෙනකුත් බර්ගර්වරුන්ට එක් අයකුත් වෙළඳ මණ්ඩලයට එක් අයකුත් පහත රට නිෂ්පාදකයන් ගේ සංගමයට එක් අයකුත් තෝරා ගත හැකි වුණා. බස්නාහිර පළාතේ උගත් දෙමළ අය සඳහා මන්ත‍්‍රීවරයකු පත් කරගැනීමට දෙමළ නායකයන් ඉල්ලූ නමුත් එය ලැබුණේ නැහැ. ඉතිරි නිල නොලත් මන්ත‍්‍රීවරු 7 දෙනා ආණ්ඩුකාරයා විසින් පත් කෙරුණා. ඒ අය පත් කරනු ලැබූයේ උඩරට සිංහලයන් සඳහා දෙදෙනකු ඉන්දීය දෙමළ ජනයා සඳහා එක් අයකු, මුස්ලිම් ජනයා සඳහා එක් අයකු හා වෙනත් නියෝජනය නොවූ අය වෙනුවෙන් තුන් දෙනකු යන ආකාරයටයි. 

x එහි දී ලාංකික දෙමළ ජනයා සඳහා එක් අයකු වත් ලැබුණේ නැහැ නොවේ ද ? එය දෙමළ ජනයාට කළ අසාධාරණයක් නොවේ ද ?

දෙමළ ජනයා සඳහා වෙන ම මන්ත‍්‍රීවරයකු ඡුන්දයෙන් තෝරා ගැනීමක් හෝ ආණ්ඩුකාරයා පත් කෙරීමක් හෝ නොකළ බව ඇත්ත. සිංහලයන් වෙනුවෙන් ද ඡුන්දයෙන් මන්ත‍්‍රීවරයකු තෝරාගැනීමකට ඉඩ සලසා තිබුණේ නැහැ. එහෙත් ඡුන්ද කොට්ඨාසවලින් සිංහල හා දෙමළ අය තේරී පත් වුණා. ඡුන්දයෙන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ඉන් කියැවෙන්නේ සිංහල හා දෙමළ ජන කොටස් අතර අසමානත්වයක් නොතිබූ බවයි. 

ආණ්ඩුකාරයා දෙමළ ජනයා වෙනුවෙන් කිසිවෙකු පත් නොකර උඩරට සිංහලයන් වෙනුවෙන් දෙදෙනකු පත් කෙරීම අසාධාරණයක් කියල කාට හරි කියන්න පුළුවන් බව ඇත්ත. එහෙත් එහි අරමුණ වූයේ ඡුන්ද කොට්ඨාසවලින් උඩරට සිංහලයන් ගෙන් මන්ත‍්‍රීවරුන් ඡුන්දයෙන් තේරීමට ඇති හැකියාව අඩු බැවින් ඔවුන් වෙනුවෙන් දෙදෙනෙකු ආණ්ඩුකාරයා විසින් පත් කෙරීමයි. ඉන්දීය දෙමළ ජනයා වෙනුවෙන් ද මන්ත‍්‍රීවරයකු පත් කෙරුණේ ඒ පදනමිනුයි. එහි දී උඩරට සිංහලයන් සංසන්දනය වන්නේ ඉන්දීය දෙමළ ජනයාටයි. ඉන්දීය දෙමළ ජනයා වෙනුවෙන් එක් මන්ත‍්‍රීවරයකු පත් කරන විට උඩරට සිංහලයන් වෙනුවෙන් මන්ත‍්‍රීවරු දෙදෙනකු පත් කෙරුණා. 

සමස්තයක් ලෙස ගත් කල ලාංකික දෙමළ හා සිංහල ජනයා ජන අනුපාතය කුමක් වුවත් සමාන තත්ත්වයක ලා සැලකුණා.  

x දෙමළ නායකයන් ව්‍යවස්ථාදායක සභාවේ මන්ත‍්‍රී ආසන සිංහල හා දෙමළ අනුපාත 3 : 2 වශයෙන් විය යුතු යැයි ඉල්ලා සිටියේ මේ කාලයේ ද ? 

ඔව්. එය දිගින් දිගට ම කරගෙන ගියා. 1921 දී දෙමළ මහජන සභාව පිහිටුවීමෙන් පසු අනුපාත ප‍්‍රශ්නය තව තවත් අවධාරණය කෙරුණා.

මතු සම්බන්ධයි

මේ 1995 දී පළකළ පොතකිනුයි

2 Responses to “ප්‍රභාකරන්ගේ සීයලා 2”

  1. Christie Says:

    Tamils are Indian colonial parasites like all Indian colonial parasites in Indian colones.

  2. stanley perera Says:

    Tamils are a global menace. Fiji, Canada and the UK and USA Tamils are involvedin politics. In time to come the world will see Tamils are only a nuisance likein Fiji. Fortunately the writer will not be there to see the upheavel of the Seperatist and racist Tamils.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress