ලිංගික බලපෑම් පැමිණිල්ල ‘හොරාගේ නඩුව – හොරාගේ අප්පච්චි ඇසීම‘ සම්බන්ධයෙනි.
Posted on March 7th, 2016

විශාකා තිලකරත්න   සම කැදවුම්කරු   ප්‍රියදර්ශනී ආරියරත්න සම කැදවුම්කරු

2016 මාර්තු මස 07 වැනිදා
උපකුලපතිතුමා,
කොළඹ විශ්වවිද්‍යාලය,
කොළඹ 7.

උපකුලපතිතුමනි,

ලිංගික බලපෑම් පැමිණිල්ල ‘හොරාගේ නඩුව – හොරාගේ අප්පච්චි ඇසීම‘ සම්බන්ධයෙනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ  ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමධ්‍ය අංශයේ අංශ ප්‍රධානී ප්‍ර‍දීප් වීරසිංහ වෙත එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා විභාග කිරීම සම්බන්ධයෙන්මුලික පියවර ගැනීම හා තාවකාලික අංශ ප්‍රධාන ධූරයෙන් ඉවත් කිරීම පිළිබද සතුටුවෙමු.  එසේ වුවත්, මෙම පරීක්ෂණ සිදු වන ආකාරය පිළිබද අපට සතුටට පත් විය නොහැකිවා පමණක් නොව විශ්වාසය තැබීමට ද නොහැකි තත්වයක් මතුව ඇත.

ෆූටා හි හිටපු මාධ්‍ය ප්‍ර‍කාශක හා ශ්‍රීපාලි ෆුටා සභාපති වන චෝදනාවට ලක් වී ඇති වීරසිංහ සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කොට ඇත්තේ කොළඹ කලා පිඨයේ ෆුටා සභාපති ආචාර්ය මහේෂ් සේනානායක මහතා ය. මේ දෙනෙනා ගජ මිතුරන්ය.   උපකුලපතිවරයා ලෙස ඔබ මේ කරුණ නොදන්නවා විය නොහැකිය. ගජ මිතුරන් හරහා ලිංගික පැමිණිලි යට ගැසීම විශ්වවිද්‍යාල කේෂත්‍රයේ සුලභ ව්‍යවහාරයකි.  පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලීසියට යන අයෙකුට පොලීසියෙන් එළියට එන්නට සිදුවන්නේ හඩාගෙන නම් එතැනින් යුක්තිතයක් ඉටුවිය හැකිද?  යුක්තිය ඉටුවනවා පමණක් නොව එය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතුය.  2001 වසරේ ඔබ විශ්වවිද්‍යාලය විසින් ලිංගික හිංසනය සම්බන්ධයෙන් සම්මත කොට ගත් අනු නීති අනුව මෙම පරීක්ෂණය සිදු නොවන බව අපගේ නිරීක්ෂණයයි. ඉදිරි දින කිහිපයේ දී මේ සම්බන්ධ පරීක්ෂණ විධිමත් නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් ද, සිසුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයින් අප වෙත ලබා දී ඇති තොරතුරු ප්‍ර‍සිද්ධ කිරීමට  කටයුතු කිරීම හැර විකල්පයක් අප වෙත නොපවතී.  1995 දී සංශෝධනය වූ  සිවිල් නීතියේ 3.5 යටතේ වන වරදක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය විසින් අනුගමනය කරමින් තිබෙන  ‘ඕවා හැමදාම, හැමතැනම වෙන දේවල් නේ‘ ආකල්පයෙන් බැහැර වී සැබෑ පාරදුෂ්‍ය විනිවිද භාවයකින් යුතු විමර්ශනයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

මෙයට විශ්වාසී,

විශාකා තිලකරත්න                               ප්‍රියදර්ශනී ආරියරත්න
සම කැදවුම්කරු                                 සම කැදවුම්කරු

පිටපත 1. විශ්වවිද්‍යාල ප්‍ර‍ිපාදන කොමිෂන් සභාව

  1. මණ්ඩපාධිපති – ශ්‍රී පාලි මණ්ඩලය

  2. ලංකාවේ පමුඛ කාන්තා සංවිධාන – කාරුණික අවධානය සදහා

Ms: S.A.P. Ariyaratne

Freelance Social Activist & Human Rights Defender

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress